තවත්_ගුරුවරයෙක් අත්අඩංගුවට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    තවත්_ගුරුවරයෙක් අත්අඩංගුවට

    සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ තවත් ඉංග්‍රීසි ගුරුවරයෙක් අත්අඩංගුවට


    පිරිවෙනක අධ්‍යාපනය ලබන පහළොස්‌ හැවිරිදි වියේ පසුවන බාලවයස්‌කාර සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කළ එම පිරිවෙනේ සේවය කරන ගුරුවරයකු අක්‌මීමන පොලිසිය විසින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පිරිවෙන් ගුරුවරයා උපකාරක පංති ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස කටයුතු කරන අයෙකු බවද පොලිසිය කියයි.

    අපයෝජනයට ලක්‌වූ පිරිමි දරුවා මෙකී උපකාරක පංති ගුරුවරයාගේ නිවසේ නතරවී පිරිවෙන් ගොස්‌ තිබේ. මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට උපකාරක පංති ගුරුවරයා විසින් මෙම සිසුවා වරින් වර ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බැව් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

    පිරිවෙන් යැමට නොහැකි බව සිසුවා හඬමින් තම පියාට පවසා තිබේ. පසුව සිසුවා සියල්ල පියාට පවසා ඇත.. සිසුවාගේ පියා මේ ගැන පෙරේදා (24 දා) අක්‌මිමන පොලිසියට පැමිණිලිකොට තිබේ. ඒ අනුව පොලිසිය විසින් උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (25 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


    neth news



     

    Similar threads