තවත්_වංචාවක්ද?
සක්විති ලංකාවට ඉංග්‍රීසි මුවාවෙන් හොඳ පාඩමක් උගැන්වීය. තවත් එවැනි දෙයක පෙරමග සලකුණක් වැනි යමක් දුටු නිසා ඔබ දැනුවත් කිරීමට කල්පනා කලෙමි. ගිනි පෙලෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බය සේම සක්විතිගෙන් පාඩම් උගත් අපි රෑ වැටුණු වලේ දවල් නොවැටී සිටීමට උත්සහ ගන්නවුන් වෙමු. මුලින්ම, මා මේ දක්වන කරුණු වල යම් වරදක්, වැරදි අවබෝදයක් තිබේනම් සමාවන්න.
මේ ලිපියේ ඇමුණුම ඇති ලිපිය College of English ආයතනයෙන් මා සොයුරියට ලැබුනේ සති දෙකකට පෙරයි. රැකියාවක් සොයමින් සිටි ඈ ඉහත ලිපිය පරිදි 2011 ජුලි 12 දින කුරුණෑගල YMBA හි පැවති සමුඛපරීක්ෂණ වැඩමුළුවට උදේ 9 ට සහභාගී විය. 300 ක පමණ පිරිසක් එදින පැමිණ සිටියේය. එහිදී වැඩමුළුව ආරම්භයේදීම 9'' * 4'' ප්‍රමාණයේ ලියුම් කවර 4, රුපියල් 5/= මුද්දර 8 හා රුපියල් 200 ක මුදල සියලු දෙනාගෙන්ම සංවිධායකින් එකතු කරගන ඇති අතර කුරුණෑගල ශාඛාවේ ඉක්මන් පුරප්පාඩු 2 ක් පිරවීමට අවශ්‍ය බැවින් එතැනින් පළපුරුද්ද ඇති ගුරුවරියන් දෙදෙනෙකු ලෙස මා සොයුරිය හා තවත් ගුරුවරියක් තොරාගන ඇති අතර ඔවුනට මානව සම්පත කළමනාකාරිනියගේ යයි කියා අංකයක් ලබා දී ඇත. හදිසි පුරප්පාඩුව පිරවීම කී නමුත් මෙම කළමනාකාරිනියට කිසිදු හදිස්සියක් නොමැත බොහෝ වෙලාවට මෙම අංකය ක්‍රියා විරහිත වී ඇති අතර ක්‍රියා කරන විට දුරකථනයට පිළිතුරු නොදෙයි. එය කමක් නෑ යයි සලකමු කිමද එය දෙදෙනෙකුගේ කතාවක් පමණක් වන නිසා
නමුත් එදින සහභාගී වූ සියලු දෙනාටම පසුව දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ කුරුණෑගල වැඩමුළුවට සහභාගී වූ සියලු දෙනාටම රැකියා ලබා දෙන අතර ඒ සඳහා කුරුණෑගල College of English ශාඛාවේ පැවැත්වෙන මාස 3 ක පුහුණු පාඨමාලාවට සහභාගී වන ලෙසයි නමුත් මෙම පාඨමාලාවට තවත් රුපියල් 7500 ක් ගෙවිය යුතු වේ.
මේ ඇමුණුම් ලිපියේ ඇති ආකාරයට මොවුන් මේ ආකාරයට රට පුරා වැඩමුළු පවත්වමින් මිනිසුන්ගෙන් සල්ලි සූරාකන අතර ප්‍රෝඩාකාරීව රැකියා ලබාදෙනවා යයි කියමින් තවත් 7500 ක් අයකරගනියි
කුරුණෑගල වැඩමුළුවෙන් පමණක් දල වශයෙන් ලැබූ ආදායම
පැමිණි පිරිස = 300
මුද්දර සඳහා = 40/=
ලියුම් කවර = 24/=
ලිපිද්‍රව්‍ය ගාස්තු = 200/=
කුරුණෑගල වැඩමුළුවේ දල ආදායම = 300* (200+40+24)
= 79,200/=
ඔබ හට මෙය යොමු කරනුයේ අශ්වයා නික්මගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොවන නිසායි.
මෙය තවත් වංචාවක මුලක්ද?