තවත්_වංචාවක්ද?

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තවත්_වංචාවක්ද?



dsc02189ao.jpg


සක්විති ලංකාවට ඉංග්‍රීසි මුවාවෙන් හොඳ පාඩමක් උගැන්වීය. තවත් එවැනි දෙයක පෙරමග සලකුණක් වැනි යමක් දුටු නිසා ඔබ දැනුවත් කිරීමට කල්පනා කලෙමි. ගිනි පෙලෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බය සේම සක්විතිගෙන් පාඩම් උගත් අපි රෑ වැටුණු වලේ දවල් නොවැටී සිටීමට උත්සහ ගන්නවුන් වෙමු. මුලින්ම, මා මේ දක්වන කරුණු වල යම් වරදක්, වැරදි අවබෝදයක් තිබේනම් සමාවන්න.

මේ ලිපියේ ඇමුණුම ඇති ලිපිය College of English ආයතනයෙන් මා සොයුරියට ලැබුනේ සති දෙකකට පෙරයි. රැකියාවක් සොයමින් සිටි ඈ ඉහත ලිපිය පරිදි 2011 ජුලි 12 දින කුරුණෑගල YMBA හි පැවති සමුඛපරීක්ෂණ වැඩමුළුවට උදේ 9 ට සහභාගී විය. 300 ක පමණ පිරිසක් එදින පැමිණ සිටියේය. එහිදී වැඩමුළුව ආරම්භයේදීම 9'' * 4'' ප්‍රමාණයේ ලියුම් කවර 4, රුපියල් 5/= මුද්දර 8 හා රුපියල් 200 ක මුදල සියලු දෙනාගෙන්ම සංවිධායකින් එකතු කරගන ඇති අතර කුරුණෑගල ශාඛාවේ ඉක්මන් පුරප්පාඩු 2 ක් පිරවීමට අවශ්‍ය බැවින් එතැනින් පළපුරුද්ද ඇති ගුරුවරියන් දෙදෙනෙකු ලෙස මා සොයුරිය හා තවත් ගුරුවරියක් තොරාගන ඇති අතර ඔවුනට මානව සම්පත කළමනාකාරිනියගේ යයි කියා අංකයක් ලබා දී ඇත. හදිසි පුරප්පාඩුව පිරවීම කී නමුත් මෙම කළමනාකාරිනියට කිසිදු හදිස්සියක් නොමැත බොහෝ වෙලාවට මෙම අංකය ක්‍රියා විරහිත වී ඇති අතර ක්‍රියා කරන විට දුරකථනයට පිළිතුරු නොදෙයි. එය කමක් නෑ යයි සලකමු කිමද එය දෙදෙනෙකුගේ කතාවක් පමණක් වන නිසා

නමුත් එදින සහභාගී වූ සියලු දෙනාටම පසුව දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ කුරුණෑගල වැඩමුළුවට සහභාගී වූ සියලු දෙනාටම රැකියා ලබා දෙන අතර ඒ සඳහා කුරුණෑගල College of English ශාඛාවේ පැවැත්වෙන මාස 3 ක පුහුණු පාඨමාලාවට සහභාගී වන ලෙසයි නමුත් මෙම පාඨමාලාවට තවත් රුපියල් 7500 ක් ගෙවිය යුතු වේ.

මේ ඇමුණුම් ලිපියේ ඇති ආකාරයට මොවුන් මේ ආකාරයට රට පුරා වැඩමුළු පවත්වමින් මිනිසුන්ගෙන් සල්ලි සූරාකන අතර ප්‍රෝඩාකාරීව රැකියා ලබාදෙනවා යයි කියමින් තවත් 7500 ක් අයකරගනියි

කුරුණෑගල වැඩමුළුවෙන් පමණක් දල වශයෙන් ලැබූ ආදායම

පැමිණි පිරිස = 300
මුද්දර සඳහා = 40/=
ලියුම් කවර = 24/=
ලිපිද්‍රව්‍ය ගාස්තු = 200/=

කුරුණෑගල වැඩමුළුවේ දල ආදායම = 300* (200+40+24)
= 79,200/=

ඔබ හට මෙය යොමු කරනුයේ අශ්වයා නික්මගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොවන නිසායි.
මෙය තවත් වංචාවක මුලක්ද?

 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පේන්නේ ඒවගේ ජීනා........නැත්තං මොන රෙද්දටද ආපු උන්ට කෝස් කරන්න කියන්නේ.......
    පේන විදියට "ලංකාවට ම ඉංගිරිසි උගන්නයි" වගේ............!!!!
     
    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පේන්නේ ඒවගේ ජීනා........නැත්තං මොන රෙද්දටද ආපු උන්ට කෝස් කරන්න කියන්නේ.......
    පේන විදියට "ලංකාවට ම ඉංගිරිසි උගන්නයි" වගේ............!!!!

    :yes::yes::angry::angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වගකිවයුතු පුද්ගලයින් අපිව දැනුවත් කරන්න කලින් උඹ මේක කරපු එක ගොඩක් වටිනවා.
    උන් ඉන්නේ මොනවා හරි උනාට පස්සේ පරීක්ෂණ පවත්වන්නනේ
     
    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    වගකිවයුතු පුද්ගලයින් අපිව දැනුවත් කරන්න කලින් උඹ මේක කරපු එක ගොඩක් වටිනවා.
    උන් ඉන්නේ මොනවා හරි උනාට පස්සේ පරීක්ෂණ පවත්වන්නනේ

    :yes::yes::yes:
     

    nalinsthome

    Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    ම‍චන් උඹ ඕක Facebook එකෙත් දාපන් JPEG photo එකක් විදිහට..එතකොට කට්ටියට ඉක්මනට දැනගන්න පුළුවන්නේ විස්තරේ.....
     
    Jul 19, 2011
    118
    11
    0
    ලංකාවෙ අපිට නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳම තැන බ්‍රිටිස්-කවුන්සිල් එක තමා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවාර්යයෙන්ම මුන් බොරු කරන්නේ , නැටුම් ගුරුවරු ගන්නවා කියල ටිකකලයකට ඉස්සෙල්ල ඔහොම රවට්ටලා සල්ලි එකතුකලා.....
    මේකෙන් වෙන්නේ අසරණ කොල්ලෝ කෙල්ලෝ තවත් අමාරුවේ වැටෙනෙක....:(:(
    දැනුවත් කලට ස්තුති .......... ++
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රැකියාවක් නැතුව ඉන්න අසරණයන්ගෙන් මංකොල්ල කන්න හදන තවත් කල්ලියක් වගේ....
    මේ වගෙ වැඩමුළු 10ක් කර ගත්ත නම් උන්ට කල්ල මරේ....
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මටත් ඔය ලියුමම ආවා...
    ( මම නම් බලපු ගමන් කුණු කූඩෙට දැම්මා ) :yes:
    ඒත් සමහර අය ඔය වගේ වංචාවන්ට අහුවෙන්න ඉඩ තියෙනවා...
    ඇත්තට​ම හොඳ thread එකක්....
    :yes: