තවදුරත් PHONE එක CHARGE කරන්න අවශ්‍ය නෑ

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
තවදුරත් PHONE එක CHARGE කරන්න අවශ්‍ය නෑ

40a4e005c08fa33f0818d45d4589de43_XL.jpg

ලෝකයේ ජීවත්වෙන ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇති බව අනාවරණය වී අවසන්. ඒවගේම අපිට ජංගම දුරකථනය නැතිවම බැරි අංගයක් බවට පත්වෙලා.

මේ නිසාම ජංගම දුරකථන බැටරිය ඉක්මණින් බැස යාම අපි බොහෝදෙනෙක් මුහුණ දෙන බරපතලම ගැටළුවක් බවට පත්වෙලා. ඒ සඳහා විසඳුම් විවිධ තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට ලෝකය හැමවිටම උත්සහ ගනිමින් සිටිනවා.

මින් එක් ක්‍රමයක් වන්නේ රේඩියෝ තරංග හරහා බැටරියක් චාර්ජ් කළහැකි ක්‍රමයයි. Energous සහ Nikola Labs කියන ආයතන දෙකක එකතුවෙන් තමයි මේ විශේෂ උපකරණය නිර්මාණය වෙන්නෙ.

මෙම නව තාක්ෂණයට අනුව ජංගම දුරකථනයේ පිටුපස සවිකර තිබෙන කුඩා ඇන්ටනාවක් වැනි උපකරණයක් හරහා රේඩියෝ තරංග ලබාගෙන එය විදුලිය බවට පරිවර්තනය කරනු ලබනවා.

දැනටමත් ලෝකයට වයර් රහිත දුරකථන චාර්ජ් කිරීමේ උපකරණ හඳුන්වා දී අවසානයි.එම තාක්ෂණයට අනුව ඔබට විදුලි පරිපථයක සිට අඩි 20ක පමණ දුරකදී ඔබේ දුරකථනය චාර්ජ් කර ගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව ශරීරිය සෙලවිමේදී ජංගම දුරකථන බැටරිය චාර්ජ් කළ හැකි ක්‍රමයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒවගේම වයි ෆයි රවුටරයක් හරහා බැටරි චාර්ජ් කළ හැකි ක්‍රමයක්ද මීට ඇතුලත්.

නමුත් රේඩියෝ තරංග හරහා ජංගම දුරකථන චාර්ජ් කිරීමේ තාක්ෂණය මීට වඩා පහසු ක්‍රමයක් වෙනු ඇති බව පැවසේ.

ඒ කියන්නෙ අනාගතයේදී ඔබගේ සාක්කුව තුලදී හෝ බෑගය තුලදී උනත් දුරකථනය ඉබේම චාර්ජ් වෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබට බැටරිය බැසයාම හෝ චාර්ජ් කිරීම ගැන කිසිම දෙයක් හිතන්න අවශ්‍ය නෑ.
 
Last edited: