තවමත් ගුලි කන මෝඩයන්ට මේක ලිව්වේ...
දේශපාලන කණ්ඩායම වෙනුවෙන් පෙනීසිටින සැමට
මම ශ්‍රී ලාංකික තරුණයෙක්... විදේශ රැකියාවක නිරත වෙන්නේ... ලංකාවේ කට්ට කාල කාල රට පැනල කියක් හරි හම්බ කරන මට ලංකාව ගොඩක් වටිනවා... ලංකාවට ගොඩක් ආදරෙයි... ලංකාවේ ඉන්න අයට ලංකාව ගැන කැක්කුමක් ඇති වෙන්නේ ගොඩක් කලාතුරකින්... යුරෝපය කොච්චර ආතල් කිව්වත් ගමේ හන්දියේ කඩේ ළඟ තරම් නම් මට ආතල් නැහැ...
දේශපාලකයෝ ඔක්කොම එකයි... ඔය ඔක්කොම කරන්නේ තමන්ගේ මඩිය තද කරගන්න එක විතරයි... පාර්ලිමේන්තුව කියන්නේ රටේ ප්‍රධානම මුලස්ථානය.... ඔතනට ගියා කියන්නේ රටේ වගකීම ඔවුන් සතුයි කියන එක... ඉතින් හැමෝම විපක්ෂ නායකයෝ වෙන්නයි.. ජනාධිපති වෙන්නයි දෑගලුවොත් රට ගැන හිතන්නේ කවුද... පිස්සු බල්ලෝ වගේ පුටු වලට රණ්ඩු වෙන එකද වෙන්න ඕනේ....
ඔය දේශපාලකයෝ වෙනුවෙන් කැ ගහන අයගෙන් මම අහන්නේ.... උඹලට කරදරයක් වුනොත් ඔය කොයි දේශ පාලකයාද උඹල වෙනුවෙන් කතා කරන්නේ.... කියපල්ලා බලන්න.... උඹට තුවාලයක් වුනොත් වේදනාව දැනෙන්නේ උඹටයි.. වදපු දෙමවුපියන්ටයි විතරයි...
අපි ඔක්කොම පක්ෂ භේදයකින් තොරව... ශ්‍රී ලාංකිකයෝ විදිහට පෙනී සිටින්නැයි ඕනේ... එකයි වෙන්න ඕනේ... පක්ෂය මොකක් වුනත් අපි ශ්‍රී ලාංකිකයෝ... තමන්ගේ මඩිය තද කරගන්න දගලන දේශපාලකයෝ වෙනුවෙන් කැ ගහනවට වඩා හොඳයි අපි සිංහලයෝ විදිහට එකතු වෙලා එකමුතු කමෙන් මේ රටේ ජිවත් වෙන එක....
Last edited:


true