තවමත් නොවිසඳුණු අභිරහස්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තවමත් නොවිසඳුණු අභිරහස් මෙගා ත්‍රෙඩ් 1

    නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම් කරනා සෙයකි. එම පණිවුඩ රහස් සංකේත ලෙස දක්වා ඇත්තේ ඇයි ?


    ඒවා තුළ බැරෑරුම් රහස් ඔවුන් සඟවා තැබුවාද ? බොහෝ උගත් ඉතිහාසඥයන්ගේ, ගුප්ත ලේඛන කියවන්නන් සහ අධිෂ්ඨානශීලී නිදන් හොරුන්ගේ උත්සාහයන් හැරුණුකොට , ඉතිහාසය ප්‍රහේලිකා වලින් පිරී ඇති නිසා අප මේ දක්වා ව්‍යාකූල වී ඇත. මෙවැනි සැබෑ ජීවිතයේ ප්‍රහේලිකා හා සසඳන විට, ප්‍රබන්ධ කතා පදනම් කරගත් "ඩාවින්සි කෝඩ්" සහ "නැෂනල් ට්‍රේෂර්" වැනි චිත්‍රපට වල කිසිවක් නැති තරම්ය. ලොව නොවිසඳුණු හොඳම ගුප්ත අභිරහස් සහ සංකේත දහය ලෙස අප විශ්වාස කරන ලැයිස්තුව මෙන්න


    1.වොනික් අත්පිටපත

    1912 දී පෝලන්ත-ඇමරිකන් සම්භවයක් ඇති පුරාවස්තු රැස් කරන්නෙකු වන විල්ෆ්‍රඩ් එම්. වොනික් අත්පත් කරගෙන ඇති සහ ඔහු නමින් නම් කර ඇති මෙම පිටු 240ක සවිස්තරාත්මක පොත ලියා ඇති භාෂාව අදටත් නොදනී. මෙම කෘතිය තුළ නාඳුනන දේ, අමුතු අවස්ථා සහ මෙතෙක් හඳුනා ගත කිසිදු ප්‍රභේදයකට අයත් නොවන ශාඛ පිළිබඳ වර්ණවත් චිත්‍ර වලින් පිරී ඇති නිසා එය කෘතිය පිළිබඳ කුතුහලට වඩාත් තීව්‍ර කරන අතර එය තේරුම ගැනීම තවත් අපහසු කරයි. තවමත් මෙහි නියම රචකයා කවුරුන්දැයි නොදනී. නමුත් කාබන් කාල නිර්ණයට අනුව මෙම පිටු ක්‍රි.ව. 1404 සහ 1438 අතර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇත. එය "ලෝකයේ වැඩිම අභිරහස් අත්පිටපත" ලෙස හඳුන්වනු ලබයි.


    අත්පිටපතෙහි ආරම්භය සහ ස්වභාවය පිළිබඳ න්‍යායාත්මකව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ, එය මධ්‍යතන හෝ නුතන යුගයේ මුල් කාලයට අයත් ඖෂධසංග්‍රහයක් බවයි. එය රසායනඥයන්(ඇල්කෙමියකන්) සඳහා වූ මුද්‍රිතයක් බව එහි ඇති බෙහෙත් පැළෑටි සහ පැල පිළිබඳ රූප ඉඟි සපයයි. බොහොමයක් චිත්‍ර තාරකාශාස්ත්‍රමය ආරම්භයක් සහිත වූ නිර්මාණය නිසා, ඒවාට පිටසක්වල ජීවීන් විසින් සකන්සන්නක් විය හැකි බව කාල්පනික න්‍යායාචාර්ය වරුන් යෝජනා කරයි.


    බොහෝ න්‍යායාචාර්ය වරුන් එකඟ වන කාරණය නම් එය අසම්භාව්‍ය වංචාවක් නොවිය හැකි බවයි. හේතුව එම නිර්මාණයට යම් කාලයක් සහ මුදලක් සහ විස්තර ප්‍රමාණයක් ගොනු වී තිබීමයි.


    2.ක්‍රිප්ටොස්

    ක්‍රිප්ටෝස් යනු චිත්‍ර ශිල්පී ජිම් සැන්බෝන් විසින් නිර්මාණය කරන ලද අභිරහස් මූර්තියකි. එය ඇමෙරිකාවේ ලැන්ග්ලි හී පිහිටා ඇති සී.අයි.ඒ. මුලස්ථානය එළිපත්තේ ස්ථාපනය කර ඇත. එය කෙතරම් අභිරහස්දයි කිවහොත් සී.අයි.ඒ. ආයතනය පවා එය මුළුමනින්ම සාමාන්‍ය බසට පරිවතනය කරන්නට සමත් වී නැත.


    මෙහි අන්තර්ලේඛන හතරක් අඩංගු වන අතර ඉන් තුනක් කඩන්නට දැනට සමත් වී ඇතත්, සිව් වන්න තවමත් අල්ලාගැනීමට නොහැකි වී ඇත. 2006 දී සැන්බෝන් විසින් පළමු අන්තර්ලේඛනය සහ අවසන් එක අතර තිබෙන ඉඟියක් ලබා දුන් අතර, 2010 දී තවත් ඉඟියක් ඵල කළේය: ඒ හතරවන අන්තර්ලේඛනයේ ඇති 64-69 දක්වා අක්ෂර NYPVTT වන අතර එය BERLIN බවය.


    ඔබට තවමත් එය විසඳීමට උත්සාහ කර බැලිය හැක.

    3.බෙල් සයිපර්ස්


    ඇමරිකානු ඉතිහාසයේ නිදන් කර ඇති විශාලම වස්තු සම්භාරයක් පිළිබඳ ස්ථානය කේතාංක මගින් සටහන් කල කේතාංක ලියවිලි තුනක් මෙනමින් හැඳින්වේ. එහි රාත්තල් දහස් ගණනක් රන්, රිදී සහ මැණික් තිබී ඇත. එම නිදානය මුලින්ම ලබාගෙන ඇත්තේ 1818 දී තෝමස් ජෙෆර්සන් බෙල් නමැති අරුම පුදුම පුද්ගලයාය.


    මෙම කේතාංක සටහන් වලින් දෙවෙනි සටහන පමණක් මේ දක්වා බේරුම් කර ගැනීමට සමත් වී ඇත. මේ සඳහා භාවිතා කර ඇති කේතාංක යතුර වී ඇත්තේ එක්සත් ජනපදයේ නිදහස ප්‍රකාශ කිරීමේ පාඨයයි. කුතුහලය දනවන කරුණ නම් නිදහස් පාඨය නිර්මාණය කල තැනැත්තාට බේල්ගේ නමම තිබීමයි.


    මෙහි තේරුම් ගත් කොටසේ වත් එම නිදානය වළලා තැබූ නියම ස්ථානය වූ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, බෙඩ්ෆොර්ඩ් ප්‍රදේශය සටහන්ව නැත නමුත් එය තවමත් තේරුම් නොගත් කේතාංක තුළ බොහෝවිට සැඟවී තිබෙන්නට පුළුවන්. අද දිනය දක්වාත්, නිදන් සොරු, බෙඩ්ෆෝර්ඩ්හී කඳුකර ප්‍රදේශ වල (බොහෝවිට අනවසරයෙන්) ගෙන සෝදා කොල්ලකනවා.

    4.ෆායිස්ටස් තැටිය.

    ෆායිස්ටස් තැටියේ අභිරහස ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේ එන කතාවක් වැනිය. ඉතාලි පුරාවිද්‍යාඥ ලුයිගි පර්නියර් විසින් 1908 දී ඵයිස්ටස්හී මිනොන් මාළිගා බිමෙන් සොයා ගන්නා ලද තැටිය මැටි වලින් සාදා ඇති අතර, එහි අඩංගු වන අභිරහස් සංකේත වලින් නොදන්නා රුපාක්ෂර වර්ගයකි. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සැලසුම් කලා යයි පිළිගැනේ.


    සමහර විද්‍යාර්ථීන් විශ්වාස කරන්නේ මෙම තැටියේ ඇති රූපාක්ෂර සමානතාවක් දක්වාන්නේ පෞරාණික "ක්රේට්" වල භාවිතා වන අක්ෂර ඇති රේඛීය ඒ සහ රේඛීය බී වලට බවයි.


    අදත් මෙම තැටිය පුරාවිද්‍යාව මගින් නොවිසඳූ ප්‍රහේලිකාවක් වශයෙන් පවතී.


    5.ශග්බරෝ (පිළිගැන්වීමේ) වාක්‍යය

    එංගලන්තයේ, ස්ටඵර්ඩ්ෂයර් හී 18 වන සියවසේ එඬේරාගේ සමාධියට පෙනෙන දුරින් ඇති එය නිකලස් පොසින්ගේ ප්‍රසිද්ධ චිත්‍රයක් වන "රමණීය දේවගැතියා" හී නැවත නිර්මාණය කරන ලද මූර්තියක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. ලංව බැලුවොත් ඔබට පෙනේවි අපූර්ව අකුරු පන්තියක්, "DOUOSVAVVM" ලෙස. එම කේතය අවුරුදු 250ක කියවා තේරුම් ගැනීමේ ප්‍රයත්නයන් ඉක්මවායන බව.

    මෙහි කැටයම්කරුවා කවුද යන්න තවමත් අභිරහසක් වුවද, සමහරුන් අනුමාන කරන්නේ ටෙම්ලර් හී ආදිපාදවරුන් ශුද්ධවූ බඳුන(යේසු තුමා අවසන් භෝජනය සඳහා භාවිතා කල) සඟවා ඇති ස්ථානය පිළිබඳ රහස මෙහි සඟවා තබන්නට ඇති බවයි.

    ලෝකයෙන් බිහි වූ විශිෂ්ඨතම චින්තකයන් යුගලක් වූ චාර්ල්ස් ඩාවින් සහ චාර්ල්ස් ඩිකන්ස් මෙම අභිරහස විසඳන්නට ඉදිරිපත් වුවද අසමත් වුහ.
    ________________________________


    6.තමාම් ෂුඩ් ගැටලුව



    තමාම් ෂුඩ් ගැටලුව ලෙසින් හඳුන්වන තවමත් මෙය නොවිසඳුණු අභිරහස් අතරින් ගැඹුරුතම එක් ලෙස සැලකේ. මෙය 1948දී ඇඩිලේඩ්හී සමර්ටන් මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළසිරුරක් වටා ගොනු වන්නකි. මළසිරුර කාගේදැයි හඳුනා ගැනීමට අමතරව, එම මිනිසාගේ කලිසමේ පසුව මසා තිබූ, සැඟවුණු සාක්කුවක තිබී හමු වූ, කුඩා කොළ කැබැල්ලක් නිසා ගැටලුව තවත් ගැඹුරු විය. එහි "තමාම් ෂුඩ්" යනුවෙන් සටහන් වී ඇත(එමනිසා එය තමාන් ෂුඩ් යනුවෙන්ද හැඳින්වේ).


    එහි තේරුම "අවසානය" ලෙස හෝ "නිමවිය" ලෙස ගත හැකි අතර, එය ඔමාර් කයියාම් නමැති කවියාගේ කවි එකතුවක අවසන් පිටුවේ ඇති "රුබයියාත්" නැමති කවි පේලියේ එන වදන් පෙළකි. අභිරහස තවත් තීව්ර කරන්නේ පසුව හමු වූ කයියාම් ගේ එකී කවි එකතුවේ පිටපතක් හමු වීමත් සමගමය. එහි සංකේත භාෂාවකින් එහෙත් කලබලයෙන් කුරුටු ගා ඇත්තේද මෙකී මිනිසා බව පිළිගැනේ.


    කයියාම්ගේ කවිවල කොටස් අඩංගු නිසා, බොහෝ දෙනා පිළිගන්නේ මෙය සියදිවි හානි කර ගැනීමට ප්‍රථම තැබූ සටහනක් හෝ එවැන්නක් විය හැකි බවයි. කෙසේ නමුත් එම පණිවුඩය සහ අභිරහස් ඝාතනයද තවමත් නොවිසඳුණු ඒවා ලෙස පවතී.


    (තමාම් ෂුඩ් යනු පර්සියානු වදන් පෙළකි)


    7.පිටසක්වලින් ලැබුණු "වාව්" (Wow) සංඥාව


    1977 ගිම්හාන සෘතුවේදී පිටසක්වල බුද්ධිය පිලිබඳ සෙවුම් ආයතනයේ (SETI - Search for Extraterrestrial Intelligence) ස්වේච්ඡා සේවකයකු වන ජෙරී එහ්මන්, හිතාමතාම පිටසක්වල ලෝකයකින් එවනු ලැබූ පළමු පණිවුඩය ලැබුණු ලොව පළමු තැනැත්තා විය යුතුය. එහ්මන් අභ්‍යාවකාශයේ ඉතා ගැඹුරින් ලැබෙන රේඩියෝ සංඥා අපේක්ෂාවෙන් පරීක්ෂාකරමින් සිටින අතරතුර, අහඹු ලෙස ලැබුණු තීව්‍ර සංඥාව අනිවාර්යෙන්ම බුද්ධිමත් ජීවියෙකු විසින් එවන ලද්දක් බව පැහැදිලි වුයේ, ඒවායේ මිනුම් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමගය.


    එම සංඥාව පැවතියේ තප්පර 72ක් පමණි. එහ්මන් විසින් යොදාගන්නා ලද මිනුම් වලට හසු වූ දිගුම සංඥා දාමය විය හැක. එය විශාල ශබ්දයක් වන අතර, එය කිසිදින මිනිසුන් පය නොතැබූ තැනකින් සම්ප්‍රේෂණය බව පෙනී ගියේය.


    එහ්මන් වාව් (Wow !) යනුවෙන් සංඥා වෙනුවෙන් එවෙලේ මුද්‍රණය වූ කඩදාසියයේම ලියා තැබිණි, එනිසා එයට වාව් සංඥාව යන නම පටබැඳිනි.


    සංඥාව නිකුත් වූ ස්ථානය සොයා ගැනීමට කල සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වුයේ, එය ජනිත කළ ස්ථානය සහ තේරුම පිලිබඳ මතභේදයක් සහ අභිරසක් ඉතිරි කරමිණි.


    (මෙහි තීව්‍රතාව මැනීම සඳහා 1 සිට 9 දක්වා ඉලක්කම්ද, ඉන් පසු A සිට Z දක්වා අක්ෂරද යොදාගෙන ඇත. මෙහි රතු පෑනෙන් සලකුණු කොට තිබෙන කොටසෙහි Q සහ U අකුරු තිබීමෙන් එහි තීව්‍රතාව වැඩි බව පැහැදිලි වේ)


    8. ග්‍රහචක්‍ර ලිපි.


    ග්‍රහචක්‍ර ලිපි යනු අකුරු මාරු කරමින් තේරුම සඟවා (Encrypted) ලියන අලද ලිපි හතරකින් යුත් ලිපි මාලාවකි. මේවා ලියන්නට ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක අසබඩ පෙදෙස හැට ගණන්වල අග භාගයේත්, හැත්තෑ ගණන් වල මුල් භාගයේත් භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා/මාරයා(Zodiac Killer) ලෙස හැඳින්වුණු නාඳුනන පුද්ගලයෙකි. මෙමෙ ලිපි ලියන්නට ඇත්තේ පොලීසිය සහ මාධ්‍යට සරදමක් වශයෙනි. මෙහි එක් ලිපියක තේරුම ලිහා ගන්නට සමත් වී ඇති මුත්, අනෙක් තුන තවමත් තේරුම කරගැනීමට සමත් වී නැත.


    මෙම පුද්ගලයා කවුද යන්නද තවමත් අභිරහසකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව මෙවැනි ග්‍රහචක්‍ර මිනීමැරුම් වාර්තා වී නැත.


    9. ජෝර්ජියාවේ මගපෙන්වීමේ ශිලාස්ථම්භ

    ජෝර්ජියානු මාර්ඝෝපදේශක ශිලාස්ථම්භ ඇමරිකානු ශිලාලම්භය ලෙසද හැඳින්වේ. එය කළුගල් වලින් තැනූ සමාධියක් වන අතර, පිහිටුවා ඇත්තේ ජෝර්ජියා හී ඇල්බට් ප්‍රාන්තයේ 1979 දී ය. මෙම මදින ලද කළුගලෙහි භාෂා අටකින් කැටයම් කර ඇත. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියන් එම භාෂාය. හැම එකකම "විචාර සමය" වෙනුවෙන් නව විධානයන් 10 බැගින් ඇත. මෙම ස්ථම්භ පිහිටුවා ඇත්තේද නක්ෂස්ත්‍රානුකූල පිළිවෙලකටය.


    මෙම සමාධීන් හී සැඟවුනු පණිවුඩයන් නොමැති වුවද, ඒවාගේ අර්ථය සහ මුලාරම්භය වැළලුනු අභිරහසකි. ඒවා පිහිටුවන ලද පුද්ගලයා තවමත් නිසි පරිදි හඳුනාගතයුතු අතර, තමන් හඳුන්වාදී ඇත්තේ ආර්. සී. ක්‍රිස්ටියන් යන ආරූඪ නාමයෙනි.


    එම විධානයන් දහය අතුරින් සමහරවිට වඩාත් මතභේදයට තුඩු දුන් එකක් වන්නේ "මනුෂ්‍ය ප්‍රජාවේ සංඛ්‍යාව සොබාදහම සමග සමතුලිත කර ගැනීම සඳහා එය නිරන්තරයෙන් 500,000,000 ට අඩුවෙන් පවත්වා ගත යුතුය". බොහෝ දෙනෙකු එය මානව සංහතියේ ජනගහනය එක්තරා අංකයක් දක්වා පාලනය කර ගත යුතු බවට මින් උපුටා ගත්තත්, එහි විවේචකයන් පවසන්නේ එය විනාශ කර දැමිය යුතු බවයි. සමහර උපක්‍රමශීලී න්‍යායවාදීන් මෙය නිර්මාණය කරන්නට ඇත්තේ "ලුසිෆේරියන් රහස් සමිතිය" බව විශ්වාස කරන අතර, එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙසය.


    10. රොන්ගොරෝන්ගෝ



    රෝන්ගොරෝන්ගෝ යනු අභිරහස් අක්ෂරමාලාවක් වන අතර එය පාස්කු දිවයිනෙන් සොයාගෙන ඇත. බොහෝ දෙනා අදහන්නේ එය අභාවයට ගිය ලිවීමේ පද්දතියක් හෝ මානව ඉතිහාසය ලියවීම සඳහා භාවිතා කල නිදහස්ව නිපදවූ මූල-ලියවීම් තුන හතරෙන් එකක් බවයි.


    මෙය තවමත් කියවන්නට සමත් වී නැති අතර, එහි සඳහන් සත්‍ය පණිවුඩය එම දුපතේ පැවතී පාස්කු කොදෙව් ශිෂ්ඨාචාරයට අයත් පිළිම කඩා වැටීම(සමහරවිට සදාකාලිකවම) පිලිබඳ රහස සඳහා ඉඟි පල කරන බවයි.

     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රන්මසු උයන



    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තිසා[/FONT] [FONT=&quot]වැවට[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ඉසුරුමුණි[/FONT] [FONT=&quot]රජමහා[/FONT] [FONT=&quot]විහාරයට[/FONT] [FONT=&quot]යාබදව[/FONT] [FONT=&quot]පිහිටි[/FONT] "[FONT=&quot]රන්මසු[/FONT] [FONT=&quot]උයන[/FONT]", [FONT=&quot]අතීත[/FONT] [FONT=&quot]හෙළයා[/FONT] [FONT=&quot]සතුවූ[/FONT] [FONT=&quot]ජල[/FONT] [FONT=&quot]ඉංජිනේරු[/FONT] [FONT=&quot]තාක්ෂණයේත්[/FONT], [FONT=&quot]නගර[/FONT] [FONT=&quot]නිර්මාණ[/FONT] [FONT=&quot]ශිල්පයේත්[/FONT] [FONT=&quot]නිපුණතාව[/FONT] [FONT=&quot]මැනවින්[/FONT] [FONT=&quot]විදහාපාන[/FONT] [FONT=&quot]අපූර්ව[/FONT] [FONT=&quot]නිර්මාණයකි[/FONT]. [FONT=&quot]කරවූ[/FONT] [FONT=&quot]රජ[/FONT] [FONT=&quot]කෙනෙකු[/FONT] [FONT=&quot]පිලිබදව[/FONT] [FONT=&quot]නිශ්චිත[/FONT] [FONT=&quot]සදහනක්[/FONT] [FONT=&quot]නොමැති[/FONT] [FONT=&quot]උවත්[/FONT], [FONT=&quot]සියලූම[/FONT] [FONT=&quot]අංගයන්ගෙන්[/FONT] [FONT=&quot]පරිපූර්ණවූ[/FONT] [FONT=&quot]මෙකී[/FONT] [FONT=&quot]උයන[/FONT], [FONT=&quot]සියවස්[/FONT] [FONT=&quot]ගනනාවක්[/FONT] [FONT=&quot]පුරා[/FONT] [FONT=&quot]අනුරාධපුරය[/FONT] [FONT=&quot]රාජධානිය[/FONT] [FONT=&quot]කොටගත්[/FONT] [FONT=&quot]නිරිදුන්ගේ[/FONT] "[FONT=&quot]මගුල්[/FONT] [FONT=&quot]උයන[/FONT]" [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]පවතින්නට[/FONT] [FONT=&quot]ඇතිබව[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]නිසැකවම[/FONT] [FONT=&quot]කිවහැක[/FONT].
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හතරවන[/FONT] [FONT=&quot]මිහිදු[/FONT] ([FONT=&quot]ක්‍රි[/FONT].[FONT=&quot]ව[/FONT]. 956-972) [FONT=&quot]රජතුමා[/FONT] [FONT=&quot]කරවන[/FONT] [FONT=&quot]ලද[/FONT] [FONT=&quot]වෙස්සගිරි[/FONT] [FONT=&quot]සෙල්ලිපියෙහිද[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]උයන[/FONT] "[FONT=&quot]රන්මසු[/FONT] [FONT=&quot]උයන[/FONT]" [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]සදහන්වේ[/FONT]. [FONT=&quot]රන්වන්[/FONT] [FONT=&quot]පැහැති[/FONT] [FONT=&quot]මසුන්ගෙන්[/FONT] [FONT=&quot]මෙහි[/FONT] [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]අගල්[/FONT] [FONT=&quot]පිරීපැවති[/FONT] [FONT=&quot]හෙයින්[/FONT] [FONT=&quot]එනම[/FONT], [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]මනරම්[/FONT] [FONT=&quot]උයනට[/FONT] [FONT=&quot]හිමිවූ[/FONT] [FONT=&quot]බවට[/FONT] [FONT=&quot]සැක[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]හැක[/FONT].
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ස්නානය[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]ඉදිකල[/FONT] [FONT=&quot]අංග[/FONT] [FONT=&quot]සම්පූර්ණ[/FONT] [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]දෙකක්[/FONT], [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]අගලකින්[/FONT] [FONT=&quot]වටවූ[/FONT] [FONT=&quot]ගෙඩනැගිල්ලක්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]ගොඩනැගිලි[/FONT] [FONT=&quot]කිහිපයක[/FONT] [FONT=&quot]නශ්ඨාවශේෂයන්[/FONT] [FONT=&quot]උයන්බිම[/FONT] [FONT=&quot]පුරා[/FONT] [FONT=&quot]විසිර[/FONT] [FONT=&quot]පවතී[/FONT].




    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජලක්‍රී[/FONT][FONT=&quot]ඩා[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]පැමිනි[/FONT] [FONT=&quot]රාජකීයන්ට[/FONT] [FONT=&quot]ඇදුම්[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]පොකුණට[/FONT] [FONT=&quot]යාබදව[/FONT] [FONT=&quot]ඉදිකල[/FONT] [FONT=&quot]කුටි[/FONT], [FONT=&quot]පොකුණට[/FONT] [FONT=&quot]බැසීමට[/FONT] [FONT=&quot]පෙර[/FONT] [FONT=&quot]අත්[/FONT]-[FONT=&quot]පා[/FONT] [FONT=&quot]සේදීමට[/FONT] [FONT=&quot]ඉදිකල[/FONT] "[FONT=&quot]පාදෝවනි[/FONT]" [FONT=&quot]ආදියෙන්[/FONT] [FONT=&quot]මෙකී[/FONT] [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]යුගල[/FONT] [FONT=&quot]සමන්විතවේ[/FONT].


    2.JPG
    [FONT=&quot]ඇදුම්[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]කුටි[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]පාදෝවනි[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]තවද[/FONT] [FONT=&quot]එක්[/FONT] [FONT=&quot]පොකුණක[/FONT] [FONT=&quot]දෙපසින්[/FONT], [FONT=&quot]පිහිටි[/FONT] [FONT=&quot]ගලෙහිම[/FONT] [FONT=&quot]දියකෙලිනා[/FONT] [FONT=&quot]ඇතුන්ගේ[/FONT] [FONT=&quot]සිතුවම්[/FONT] [FONT=&quot]කැටයම්[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]ඇත[/FONT].






    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රන්මසු[/FONT] [FONT=&quot]උයනෙහි[/FONT] [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]ජලය[/FONT] [FONT=&quot]සැපයූ[/FONT] [FONT=&quot]තාක්ෂණයද[/FONT], [FONT=&quot]පොකුණුවල[/FONT] [FONT=&quot]නිර්මාණශීලීත්වයට[/FONT] [FONT=&quot]නොදෙවෙනිය[/FONT]. [FONT=&quot]රන්මසු[/FONT] [FONT=&quot]උයනෙහි[/FONT] [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]පිහිටා[/FONT] [FONT=&quot]ඇත්තේ[/FONT] [FONT=&quot]තිසාවැවේ[/FONT] [FONT=&quot]ජල[/FONT] [FONT=&quot]මට්ටමේ[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]අඩි[/FONT] [FONT=&quot]තිහක[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]පහතිනි[/FONT]. [FONT=&quot]එනිසා[/FONT] [FONT=&quot]තිසාවැවට[/FONT] [FONT=&quot]යාබදව[/FONT] [FONT=&quot]පිහිටියද[/FONT], [FONT=&quot]ඍජුවම[/FONT] [FONT=&quot]විවෘත[/FONT] [FONT=&quot]ඇල[/FONT] [FONT=&quot]මාර්ගයක්[/FONT] [FONT=&quot]ඔස්සේ[/FONT] [FONT=&quot]ජලය[/FONT] [FONT=&quot]ලබාගැනීම[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]නොහැක්කකි[/FONT]. [FONT=&quot]මෙනිසා[/FONT] [FONT=&quot]තිසාවැවේ[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]දිවෙන[/FONT] [FONT=&quot]ජල[/FONT] [FONT=&quot]උමං[/FONT] [FONT=&quot]පද්ධතියක්[/FONT] [FONT=&quot]ඔස්සේ[/FONT] [FONT=&quot]ජලය[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගත්[/FONT] [FONT=&quot]බවට[/FONT] [FONT=&quot]සිතිය[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]උවත්[/FONT] [FONT=&quot]එවැන්නක්[/FONT] [FONT=&quot]මෙතෙක්[/FONT] [FONT=&quot]සොයාගෙන[/FONT] [FONT=&quot]නොමැත[/FONT]. [FONT=&quot]තවද[/FONT] [FONT=&quot]පොකුණු[/FONT], [FONT=&quot]වැව්[/FONT] [FONT=&quot]බැම්මට[/FONT] [FONT=&quot]පහතින්[/FONT] [FONT=&quot]පිහිටි[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]දැවැන්ත[/FONT] [FONT=&quot]පීඩන[/FONT] [FONT=&quot]වෙනසක්[/FONT] [FONT=&quot]වැව්[/FONT] [FONT=&quot]ජලයේ[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]පොකුණුවල[/FONT] [FONT=&quot]ජලයේ[/FONT] [FONT=&quot]ඇතිවේ[/FONT] ([FONT=&quot]දළ[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] 100 kPa [FONT=&quot]පමණ[/FONT]). [FONT=&quot]මෙකී[/FONT] [FONT=&quot]පීඩනය[/FONT] [FONT=&quot]යටතේ[/FONT] [FONT=&quot]ජලය[/FONT] [FONT=&quot]ගලා[/FONT] [FONT=&quot]ගියහොත්[/FONT], [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]ස්නානයට[/FONT] [FONT=&quot]සුදුසු[/FONT] [FONT=&quot]තත්වයක්[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]එනිසා[/FONT] [FONT=&quot]උමං[/FONT] [FONT=&quot]පද්දතිය[/FONT] [FONT=&quot]තුලදී[/FONT] [FONT=&quot]ජලයේ[/FONT] [FONT=&quot]පීඩනය[/FONT] [FONT=&quot]අඩු[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]උපක්‍ර[/FONT][FONT=&quot]ම[/FONT] [FONT=&quot]යොදා[/FONT] [FONT=&quot]තිබිය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]අතර[/FONT], [FONT=&quot]උමං[/FONT] [FONT=&quot]බිත්ති[/FONT] [FONT=&quot]අධික[/FONT] [FONT=&quot]පීඩනයට[/FONT] [FONT=&quot]ඔරොත්තු[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]පරිදි[/FONT] [FONT=&quot]නිමවා[/FONT] [FONT=&quot]තිබීමද[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුත්තකි[/FONT]. [FONT=&quot]රන්මසු[/FONT] [FONT=&quot]උයනේ[/FONT] [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]ජලය[/FONT] [FONT=&quot]සැපයූ[/FONT] [FONT=&quot]ආකාරය[/FONT], [FONT=&quot]පුරාණ[/FONT] [FONT=&quot]ඉංජිනේරු[/FONT] [FONT=&quot]තාක්ෂණයේ[/FONT] [FONT=&quot]මහිමය[/FONT] [FONT=&quot]කියාපාන්නක්[/FONT] [FONT=&quot]වන්නේ[/FONT] [FONT=&quot]එහෙයිනි[/FONT].


    [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]අගලකින්[/FONT] [FONT=&quot]වටවූ[/FONT] [FONT=&quot]ගොඩනැගිල්ල[/FONT] [FONT=&quot]ඇතැම්විට[/FONT] [FONT=&quot]රාජකීයන්ට[/FONT] [FONT=&quot]තාවකාලික[/FONT] [FONT=&quot]නවාතැන්[/FONT] [FONT=&quot]සැපයූ[/FONT] [FONT=&quot]ස්ථානයක්[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]හැක[/FONT]. [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]ධාන[/FONT] [FONT=&quot]ගොඩනැගිල්ලට[/FONT] [FONT=&quot]අමතරව[/FONT] [FONT=&quot]පරිවාර[/FONT] [FONT=&quot]ගොඩනගිලි[/FONT] [FONT=&quot]දෙකක[/FONT] [FONT=&quot]නටඹුන්[/FONT] [FONT=&quot]මෙහි[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]දැකිය[/FONT] [FONT=&quot]හැක[/FONT].






    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මීට[/FONT] [FONT=&quot]අමතරව[/FONT] [FONT=&quot]ගල්[/FONT] [FONT=&quot]පුවරු[/FONT] [FONT=&quot]අතුරා[/FONT] [FONT=&quot]ඒමත[/FONT] [FONT=&quot]ඉදිකල[/FONT] [FONT=&quot]ගොඩනැගිල්ලක[/FONT] [FONT=&quot]ශේෂයන්ද[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]දැකිය[/FONT] [FONT=&quot]හැක[/FONT].




    [FONT=&quot]පොකුණු[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]පිටතින්[/FONT], [FONT=&quot]වැවට[/FONT] [FONT=&quot]මුහුණලා[/FONT], [FONT=&quot]ගලෙහි[/FONT] [FONT=&quot]කොටන[/FONT] [FONT=&quot]ලද[/FONT] [FONT=&quot]යම්[/FONT] [FONT=&quot]සලකුණු[/FONT] [FONT=&quot]කිහිපයක්[/FONT] [FONT=&quot]දැකිය[/FONT] [FONT=&quot]හැක[/FONT]. [FONT=&quot]මසුන්[/FONT], [FONT=&quot]සක්[/FONT], [FONT=&quot]චක්‍ර[/FONT] [FONT=&quot]ආදියෙන්[/FONT] [FONT=&quot]සමන්විත[/FONT] [FONT=&quot]මෙය[/FONT] "[FONT=&quot]තරු[/FONT] [FONT=&quot]දොර[/FONT]‍[FONT=&quot]ටුවක්[/FONT] (star gate)" [FONT=&quot]/ "සක්වල චක්‍රයක්" ලෙස[/FONT] [FONT=&quot]හැදින්වුවද[/FONT], [FONT=&quot]මෙකී[/FONT] [FONT=&quot]සලකුණු[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ගම්‍ය[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]අදහස[/FONT] [FONT=&quot]මෙතෙක්[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]අනාවරණයවී[/FONT] [FONT=&quot]නැත[/FONT]. [FONT=&quot]ඇතමුන්ගේ[/FONT] [FONT=&quot]අදහස[/FONT] [FONT=&quot]මෙය,[/FONT] [FONT=&quot]මහායාන[/FONT] [FONT=&quot]භාවනා[/FONT] ක්‍ර[FONT=&quot]ම[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]උපයෝගී[/FONT] [FONT=&quot]කරගත්[/FONT] "[FONT=&quot]අරමුණක්[/FONT]" [FONT=&quot]බවය[/FONT]. [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]මෙවැනි[/FONT] [FONT=&quot]කාමභෝගී[/FONT] [FONT=&quot]උයනක,[/FONT] [FONT=&quot]එවැනි[/FONT] [FONT=&quot]බවුන්[/FONT] [FONT=&quot]වැඩීමක්[/FONT] [FONT=&quot]තර්කයට[/FONT] [FONT=&quot]ගෝචර[/FONT] [FONT=&quot]නොවන[/FONT] [FONT=&quot]හෙයින්[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]මතය[/FONT] [FONT=&quot]බැහැර[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]හැක[/FONT].


    "[FONT=&quot]තරු[/FONT] [FONT=&quot]දොර[/FONT]‍[FONT=&quot]ටුව[/FONT]"

    [FONT=&quot]තරු[/FONT] [FONT=&quot]දොර[/FONT]‍[FONT=&quot]ටුවෙහි[/FONT] [FONT=&quot]සමීප[/FONT] [FONT=&quot]දසුනක්


    [/FONT]මෙතන බොහොම අලංකාරවත් විදියට ගලින් කරවූ කුටි, පොකුණු, කැටයම්, දිය අගල් ආදී අංග රැසක් තියෙනව. ඒ අතර එක් පැත්තක ඇති කුඩා ගල් පර්වතයක මුහුණතේ තමයි මම මේ කියන තරු දොරටුව කැටයම් කරල තියෙන්නෙ.
    මේ තියෙන්නෙ රන්මසු උයනෙ තරු දොරටුව...මේක වෘත්තයක් ඇතුළෙ විවිධාකාර සංකේත කොටල තමයි නිර්මාණය කරල තියෙන්නෙ. සමහරු කියන විදියට එය විශ්වයේ සිතියමක්. එනම් ඈත කාලයේ සිට පිටසක්වළ යම් ජීවීන් කොට්ඨාසයක් අපේ මුතුන් මිත්තන් සමග ගනුදෙනු කළ බවට සාක්ෂියක්. නමුත් මේ ගැන විස්තරාත්මක පර්යේෂණයක් කෙරිල තියෙනවද කියන්න නම් මම දන්නෙ නැහැ. ඒත් ඒ වගේ දෙයක් කළොත් නම් අපි නොදන්න හරිම වැදගත් හා රසවත් තොරතුරු රාශියක් හෙළි වෙන්න ඉඩ තියෙනව කියලයි මට හිතෙන්නෙ.
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Ran Masu Uyana: Fact and fiction

    AMALSHAN GUNERATHNE

    z_p22-Ran-Masu-01.jpg

    The Sakvala Chakra at Ran Masu Uyana
    When factual or scientific analyses on certain phenomenon are not satisfactory, human mind often tend to let the imagination run wild in to the realms of fantasy. Human mind is such that when things are beyond comprehension, it envisions seemingly endless possibilities and theories which sometimes could turn out to be preposterous or absurd.
    As bizarre as it may sound, the ‘Stargate Theory’ regarding the inscriptions on Anuradhapura Ran Masu Uyana (Gold Fish Pond) suggests that those inscriptions were used as interfaces between humans and some intelligent species from outer space. The theory hypothesizes that the other so called ‘Stargates’ are in Egypt and Peru. In a sense, the theory tries to draw comparisons between Egyptian and Sri Lankan inscriptions.
    The map-like inscription in the Ran Masu Uyana is called ‘Sakwala Chakra’. Though the theory may sound absurd, it created a sense of fascination that induced further archaeological probing into Ran Masu Uyana. The theory was published on web and was even telecasted as a documentary programme in a television channel.
    However strongly rejecting the ‘Stargate Theory’, Post Graduate Institute of Archaeology Senior Lecturer Professor Raj Somadeva said in an interview with Daily News, “The theory is absurd and does not have any logical base.”
    z_p22-Ran-Masu-02.jpg

    Post Graduate Institute of Archaeology Senior Lecturer Professor Raj Somadeva
    z_p22-Ran-Masu-03.jpg

    Architect Shereen Amendra He explained that analogical reasoning involves the use of few variables. “If we want to compare Anuradhapura Gold Fish Ponds with Egyptian architecture, we have to take the geographical and chronological elements in to account.
    But we can’t see any analogical similarities between the two eras and it is not justifiable to make such comparisons.”
    Counter-arguing the ‘Star-gate Theory’, he further noted that such theories implicitly try to convey the fact that ours was also an offshoot of Egyptian civilization, undermining our national heritage.
    “If someone is bringing up such a theory, he is doing it to full fill neo-colonial goals.” He further explained that Europeans believe that their civilization evolved from Egypt. Therefore by comparing Sri Lankan civilization with that of the Egyptians, they are perhaps trying to implicitly convey the fact that we are also offshoots of Egyptian Civilization.
    Ours is an island civilization and we have our own identity and we do not need to yield to such theories,” he noted.
    Joining in with the discourse, Architect Shereen Amendra, a well known architect and a writer of many scholarly articles about architectural mechanism on Ran Masu Uyana and Sigiriya explained, “Archaeologists are absolutely pragmatic and factual, before they put forward a theory.
    But there can be more to it than what could be explained by science. Furthermore we should not stop asking ourselves whether we are the only intelligent life forms in the universe. We are just a tiny dot in the universe.
    There is lot we don’t know. Yet one has to be careful not to make wild statements which go on to the realm of fantasy. We should not portray fantasy as reality. That is where the academia is important; they know that they should not go on conjecturing.”
    z_p22-Ran-Masu-04.jpg

    A sketch of the chart
    However shedding light on the mysteries behind the inscriptions and cryptic theories about alien connections to the Ran Masu Uyana, Prof Raj Somadeva explained that the Sakvala Chakra could turn out to be one of the earliest world maps.
    “Most of the archaeologists agree with the theory presented by Prof Senaka Bandaranayaka. He assumed that Sakvala Chakra signifies one of the earliest world maps.
    It is a graphic expression of the way world used to be. It is believed that the inscriptions represent the way in which Tantric Buddhist monks perceived the world. It is believed that they used them for meditation purposes as well.
    Still the controversies regarding Sakvala Chakra are endless. Some even argue that it is an astronomical or Buddhist cosmographic chart.
    However Shereen Amendra looks at the Sakvala Chakra from the architect’s perspective. She believes that it could turn out to be an early conceptual plan drawn for other grand projects like ‘Sigiriya’.
    “I am not disagreeing with the fact that it is an astronomical or cosmographic chart. Even if it is a cosmographical chart, it could still generate architectural concepts. The architecture derives from different aspects. There is an even building which derives from Mandala graphics; architecture can be derive from different sources. Perhaps the charts have several possibilities, one being the early conceptual plans for Sigirya.”
    However, the Sakvala Chakra inscriptions are not the only fascinating feature about Gold Fish Ponds. Unlike in modern times where we level down slopes and barriers to fulfil our constructional purposes, the Gold-Fish Pond signifies the way in which our ancestors designed grand architectural structures without interfering with nature’s irregularity.
    The map-like inscription in the Ran Masu Uyana is called ‘Sakwala Chakra’. Though the theory may sound absurd, it created a sense of fascination that induced further archaeological probing into Ran Masu Uyana. Post Graduate Institute of Archaeology Senior Lecturer Professor Raj Somadeva said in an interview with Daily News, “The theory is absurd and does not have any logical base.”
    Explaining his archaeological expertise Prof Somadeva explained, “They built everything according to the way the land was shaped. We level our lands with Bull-Dozers, before we start building something, but they did not do that. They built everything according to the way land was shaped.”
    The fact that we possess such a great heritage is obvious. Therefore one could always wonder as to whether brining up such ambiguous theories would do any justice to the grandeur of our early ancestors.
    The technology and the architecture that they believed in were more advanced and superior than modern times. Yet, we pride ourselves for living in a modern high-tech world.
    “What do we call advanced technology? We are being very arrogant to think that we are in a stage of advanced technology. We do not know what has happened before; we can’t make comparisons believing on what we don’t know.
    We know about the Stone Age and early evolution about man and based on that we compare ourselves with those beings and call ourselves advanced.
    We still don’t know for sure how the Pyramids were built,” says Shereen Amendra.
    The controversies and theories will rage on. The history will always fascinate those who are interested.
    But no one should mutilate the grandeur of history by making wild hypothetical, fabled assumptions.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    STAR GATE - විශ්වයේ ගමන් කළ හැකි තරු දොරටු



    ඉතිහාසය යනු සදාකල් වසා දැමිය හැකි දෙයක් නොවේ. යම් යම් ජාතීන් හා ශිෂ්ටාචාරයන් පිළිබඳ ඉතිහාසය අලූත් නොවන්නේ නම් එය මළ ජාතියකි. මළ ඉතිහාසයකි. නමුත් හෙළ ජාතිය මෙන්ම භාෂාව හා ඉතිහාසයද දිනෙන් දින වෙනස් වෙමින් අලූත් වෙමින් තිබේ. එනම් එය සජීවී ජාතියක් බවය. එය සජීවී භාෂාවක් හා ජීවමාන ඉතිහාසයක් ඇත යන්නය. ඒ අර්ථයෙන් දිනෙන් දින වෙනස් වන ජාතියක ආරම්භය ලෙස ඉතා මෑත කඩඉමක් සලකුණු කර ඒ මතම ජීවත් වන්නේ නම් ජාතියේ නාමයෙන්ම එය අවාසනාවකි. මේ කතා කරන්නට යන්නේ කුමක් පිළිබඳ දැයි ඔබට සිතෙනු ඇත.

    හල්දුම්මුල්ල යනු ප‍්‍රධාන ඉතිහාස ධාරාවෙන් ඔබ්බෙහි වූ ඉතිහාසයේ එවන් වූ සංධිස්ථානයකි. හල්දුම්මුල්ල හා ලාංකේය ඉතිහාසය එකට බද්ධ වන තැනක් ඇත. එය නම් වසර පන්දහසකට පමණ පෙර කෘෂිකාර්මික යුගයේ ජීවත් වූ හෙළ මානවයා පිළිබඳ පැහැදිලි සාධක හල්දුම්මුල්ල වෑඑළිය ප‍්‍රදේශයේ හුණුතලාගල නම් ස්ථානයෙන් මතුකර ගත හැකි වීමය. මෙයට පෙරදී ප‍්‍රාග් ඓතිහාසික මානව යුගයට අයත් සාධක ලංකාවේ ප‍්‍රධාන තැන් තුනකින් මතු කර ගත හැකි විය. ඒ බලංගොඩ,පාහියන්ගල හා විල්පත්තුවේ රතුපස් බිම වැනි ස්ථානවලය. එහෙත් ප‍්‍රාග් ඓතිහාසික නැතහොත් වසර 35000කට එහා ගිය මිනිස් වාසයක් හෙළ පොළොවේ තිබූ බව පිළිගන්නට බටහිරවාදී පුරාවිද්‍යාව සූදානම් වූයේ නැත. එසේ වුවත් රාජ් සෝමදේව මහතා ප‍්‍රමුඛ පුරාවිද්‍යා පර්යේෂකයෝ මෙවර මතුකර ගනු ලැබුවේ බටහිර පුරාවිද්‍යාවට බිඳ හෙළිය නොහැකි සාධකයකි. ඒ දියුණු සමාජයක දැකගත හැකි ගර්භනින්ට යාතුකර්ම කළ බවට සාධක මෙම ගුහාවෙන් මතුකර ගත හැකි වූ නිසාය.
    එහෙත් අප කතා කරන්නට යන්නේ ඒ පිළිබඳ නොවේ. මේ සොයාගැනීම්වලට සමගාමීව හල්දුම්මුල්ල නිදන්ගොඩ කන්දේ පිහිටි ‘ගලපිටගල’ පිළිබඳ යළිත් සිතන්නට කාරණාවක් නිර්මාණය වී තිබීමය. ඇත්තටම මේ ගලපිටගල යනු කුමක්ද?


    පෙනුමින් එය කුඩා ගල් කුට්ටියක් මත තබා ඇති අඩි තිහක පමණ උස විශාල ගල් කුට්ටියකි. එහි ඉතා සරල විශේෂත්වයක් ඇත. එනම් එම ගල ඇඟිල්ලෙන් සෙලවීමේ හැකියාව ඇතත් අතින් තල්ලූ කළ නොහැකි වීමය. ඒ ගමේ මිනිසුන්ගේ අත්දැකීමයි. කෙසේ වෙතත් ගවේෂකයෝ මේ ගල මිනිස් අතින් කළ නිර්මාණයක් ලෙසින් තහවුරු කිරීමත් සමග ඒ පිළිබඳ වැඩි අවධානය යොමු වන්නට විය. ගවේෂකයන් සඳහන් කරන ආකාරයට එහි දැකගත හැකි වන්නේ ආදී මානව මුහුණකි. ඇස් තරමක් ඇතුළට ගිලී ගිය නාසය හා කට තරමක් විශාල මානව මුහුණකි. එහි යම් යම් කොටස් කාලය සමග ක්ෂය වී ගියද ඇස්, කට වෙනුවෙන් මිනිස් අතින් නිමවූ කැපුම් ඉතා පැහැදිලිව දැකගත හැකි වෙයි. මෙම මානව රූපය ඇස් යොමා ඉන්නේ උතුරු දිශාවටය. මෙම මානව රූපයේ නළල මැද විශාල කැපුමක් දැකගත හැකිය. එය පැහැදිලිවම යම් දෙයක් රඳවා තැබූ තැනක් විය යුතු බව ගවේෂකයන්ගේ අදහසයි. අදින් වසර පන්දහසකට පමණ පෙර මේ සා විශාල ගල් කුට්ටියක මුහුණක් කපා එය ගලක් මතුපිට රඳවා තැබුවේ කෙලෙසද යන්න අදටත් අභිරහසකි.

    එහෙත් ඒ අභිරහසට සමාන වූ තවත් අභිරහසක් ඇත. ඒ චිලී රාජ්‍යයට ආසන්න මුහුදේ පිහිටි ‘ඊස්ටර් අයිලන්ඞ්’ හී දූපත වටා ඇති මෙවැනිම මානව මුහුණු 887යි. මෙහි ප‍්‍රධාන මානව මුහුණු පෙළ සවි වී ඇති ස්ථානය හැඳින්වෙන්නේ ‘ආහු ෆ්ලැට් ෆෝම්’ නමිනි. ගිනිකඳු පිපුරුමක් සිදුවූ මෙම ¥පත තුළ අතිවිශාල මෙවන් මුහුණු කළුගලෙන් නිර්මාණය කරන්නට හේතු වූ කාරණය පිළිබඳ තවමත් කිසිදු නිශ්චිත හේතුවක් ඉදිරිපත් වී නැත.
    මෙම ගල් පිළිම පිළිබඳ විවිධාකාරයේ අදහස් පවතී. ආසන්නයේ පවතින දියුණු මිනිස් සැබැවින්ම පේරුහි ඇති තරු දොරටුවේ පෙනුමට සෑම අතින්ම සමාන වූ නිර්මාණයක් වන ලංකාවේ පිටවලපතනේ පහළින් පිහිටා ඇති මානිගල දෙස හල්දුම්මුල්ල මානව හිස දෙනෙත් යොමා සිටින බව එය නිරීක්ෂණය කරන ඕනෑම අයකුට දැකගත හැකිය. එනම් මෙම මානව හිස බලා සිටින්නේ උතුරු දිශාව දෙසය. මෙවැනිම තත්ත්වයක් පේරුහි ඇති තරු දොරටුව ආශ‍්‍රිතවද හ`දුනා ගත හැකි හෙයින් ගවේෂකයන් ඉහත කී නිගමයට එළැඹ ඇති බව පැහැදිලිය.
    ඒ අනුව මානිගල හා පේරුහි ඇති තරු දොරටු දෙකෙහි පිහිටීම් හා පෙනුම බොහෝ සෙයින් සමාන වන අතර මෙම ස්ථාන හා පිටසක්වළ කි‍්‍රයාකාරකම් සම්බන්ධව වරින් වර මාධ්‍ය හරහාද තොරතුරු හෙළිවී ඇත. නාසායතනය විසින් මෑතකාලීනව සිදුකළ පර්යේෂණ මත ලෝකයේ අඩුම ගුරුත්වය සහිත රට ලෙස ලංකාව නම් කිරීමත් සමගම ලෝක පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය අප රට දෙසට යොමුවෙමින් පවතී.
    එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් පිළිබදද ඇත්තේ තරු දොරටු සංකල්පයක්මය. එනම් වෙනත් ලෝක කරා යෑම සදහා භාවිත වූ ස්ථානයක් ලෙසින් මෙය සැලකීමයි. එසේම ස්ටෝන් හෙන්ජ්හි තිබෙනුයේ ඊස්ටර් අයිලන්ඞ්හි ඇති මානව මුහුණුවලින් සංකේතවත් කෙරෙන පෘථිවි මිනිසාගේ පාදය ඇගිලි බවද මේ පිිළිබද සොයා බලන ගවේෂකයන් තවදුරටත් උපකල්පනය කර තිබේ.
    මේ අනුව පැහැදිලි ලෙසම තරු දොරටු තුනක සම්බන්ධතාවක් මෙහි පවතින බව අපටද උපකල්පනය කළ හැකි වෙයි. යම් හේතුවක් මත මේවා කාලයේ වැලිතලාවෙන් වැසී ගියද මෑත යුගයේ මේ පිළිබ`ද යම් ආකාරයේ තොරතුරුජනාවාසයක් පිළිබඳ පිටසක්වළයන්ට ලබාදුන් සංකේතයක් විය හැකි බව පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ අදහස වී තිබේ. එයට බලපෑ තර්කයක්ද ඇත. එනම් තරු දොරටුවක් නැතහොත් පිටසක්වළයන් පෘථිවියට පැමිණීමට උපයෝගි කරගත් දොරටුවක් සේ පිළිගන්නා ගල් දොරටුවක් පේරු රාජ්‍යයේ පිහිටා තිබීමයි. පේරු පිහිටා ඇත්තේද මේ ආසන්නයේය.
    කෙසේ වෙතත් මෙම ගල්පිළිම පිළිබ`ද වෙනස් කතාවක්ද ගවේෂකයන් අතර සාකච්ඡුාවෙමින් පවතී. එයින් මෙම ගල් පිළිම පිහිටා ඇති ප‍්‍රධාන දූපත් තුනක සබඳතාවක් විස්තර වෙයි. ඉන් පළමු වැන්න එංගලන්තයේ සෝල්ස්බරි නගරයේ පිහිටි දැවැන්ත ගල් කුලූණුවලින් සමන්විත නිර්මාණය වන ස්ටෝන් හෙන්ජ්ය. අද භූමි පරිමාණය මත එංගලන්තය දූපතක් ලෙසින් නොසැලකුවද ඒ වටා ඇත්තේ මුහුදු තීරයකි. එහෙයින් එංගලන්තය දූපතක් ලෙස සැලකීමට ගවේෂකයන් තීරණය කර තිබේ. අනෙක් දූපත ලෙස ගවේෂකයන් පෙන්වා දෙන්නේ ඊස්ටර් අයිලන්ඞ් දූපතය. එකී දූපත් දෙක යා කර ත‍්‍රිකෝණය නිර්මාණය කරන අනෙක් දූපත නම් ශ‍්‍රී ලංකාවය. ගවේෂකයන් පෙන්වා දෙන්නේ විශ්වය පුරා එකල ඉදිවුණ පිරමීඩ හා පිරමීඩ කලාප බදු තවත් ශක්ති කලාපයක් (බර්මියුඩාහි යක්ෂයාගේ ති‍්‍රකෝණය වැනි* මෙම ගල් නිර්මාණ තුන අතර නිර්මාණය වී ඇති ආකාරයෙන් දැකගත හැකි බවය. එනම් හල්දුම්මුල්ල මිනිස් රුව, එංගලන්තයේ් ස්ටෝන්හෙන්ජ් හා ඊස්ටර් අයිලන්ඞ් අතර ශක්ති පිරමීඩයක් සොබාදහම විසින් නිර්මාණය කරනු ලැබ ඇති බවය.
    හෙළිවීමක් හා පරීක්ෂණ සිදුවීමක් දැක ගත හැකිවේ. වඩාත් සතුටුදායක තත්ත්වය නම් මෙම පර්යේෂණ හුදු කල්පිත ලෙස ඉවත දමා තිබූ කාරණා විද්‍යාත්මකව තහවුරු කරගන්නා ප‍්‍රවේශයක් ගෙන තිබීමය.
    මෙකී ප‍්‍රවේශයේ සිට හල්දුම්මුල්ල ගලපිටගල සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කරන ගවේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ තරු දොරටු සක‍්‍රිය කිරීම උදෙසා අවශ්‍ය යතුර රැු`දවිය යුත්තේ හල්දුම්මුල්ල මානව රූපයේ හිසේද කියා සිතන්නට කාලය උදාවී ඇති බවය. මෙය අපේ ලංකාවට විශ්වීය වටිනාකමක් ගෙනදීමට හේතුවන සොයාගැනීමක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
    එංගලන්තයේ් ස්ටෝන් හෙන්ජ් නිර්මාණයට සමාන වූ තවත් එවැනිම ගල් කුලූනුවලින් සමන්විත ‘ඩෲයිඞ් ටෙම්පල්’ ලෙස හඳුන්වන ස්ථානයක් එංගලන්තයේ යෝක්ෂර්* ප‍්‍රාන්තයේ පවතී. මේ පිළිබඳ තවමත් නිසි පර්යේෂණයක් සිදු වී නොමැති බැවින් එය ලෝක අවධානයට ලක් වී නොමැත.
    පිටසක්වළයන්ගේ කතා කුමක් වුවත් වසර පන්දහසකට පෙර මෙවන් වූ විශ්මිත කැටයමක් කරන්නට හැකි ජාතියක් අපේ පොළොව තුළ සිටිය බව පිළිගන්නට මෙන්ම අපේ ශිෂ්ටාචාරයේ ඇරඹුම පිළිබඳ යළිත් සිතන්නට මේසොයාගැනීම හේතුවනු ඇත.
    කාංචන ගීත මනමේන්ද්‍ර
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ස්ටාර් ගෙටි සංකල්පය මුලු ලොවම පාහේ කැළඹු විශ්ව තාක්ෂණයේ අති විශිෂ්ඨ නිමැවුමකි. අද වන විට සක්‍රිව පවතින්නා වු ස්ටාර් ගේටි හෙවත් තාරකා දොරටුවක් ලොව නැති මුත් අතිතයේ මෙවා ප්‍රයෝජනයට ගත් බව දැන් දැන් ලැඛෙන සාක්ෂි වලින් මනාවට තහවුරු වෙයි. විශ්වයේ පවත්නා අධික දුර ප්‍රමාණය අවම කරමින් ක්ෂණිකව ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට මෙම තාරකා දොරටු යොදා ගන්නා අතර එසේ විශ්වයේ ගමන් කිරීමට භාවිතා කළ බැවින් මෙය තාරකා දොරටු හෙවත් Star Gate යන නමින් හදුන්වන්නට ඇතැයි නාමය උපකල්පනය කරමින් අපට නිගමනයකට
    පැමිණිය හැකිය. කෙසේ වුවද මෙය සරල මාතෘකාවක් නමි නොවේ. එසේ නොවන්නේ මෙහි නිශ්පාදන හා ක්‍රියාකාරි තාක්ෂණය කිසිසෙත්ම අද අප ලබා ඇති විද්‍යාවෙන් නිපදවන්නට තබා සිතන්නටවත් නොහැකි නිසාය. එහෙයින් මෙය පැහැදිලි කර ගැනීමට වුවද විශ්ව තාක්ෂණය පිළිබදව දළ අදහසක් සමග අනුමාන කළ හැකි දත්තයන් නිතැතින්ම ඈදා ගන්නට අපට සිදුවේ. මන්ද අප අප ලබා ඇති විද්‍යා ඥාණය විශ්ව ඥාණයත් සමග සසදා බැලීමේදි මුහුදෙන් ලබා ගත් දිය දෝතක් තරමිවත් දියුණු නොවණ බැවින්ය. මෙ සියල්ල සමගින් අතීතයේ භාවිතා කළ අති දියුණුම තාක්ෂණයක් වු විශ්ව තරණ තාක්ෂණය මෙසේ සොයා යමු.

    විශ්ව තරණය යනු කුමක්ද ?
    අටුවාටිකා ගෙන ලොකුවට විස්තර නොකර සලරවම පවසන්නේනමි විශ්ව තරණය යනු අනන්තයක් දුර වු මේ ව්ශ්වයේ ඇතැමි ස්ථාන කරා ගමන් කිරීමයි. එනමි ග්‍රහලෝක , තාරකාවෙන් කාරකාවට , වක්‍රාවාටයෙන් වක්‍රාවාටයට ගමන් කිරීමයි. හැබැයි හොදින් විමසා බැලු විට අප සතු තාක්ෂණයෙන්ම නමි මෙය සිහිනයකින්වත් කළ හැකි නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද අපට ළගම තාරකාව වු ෆෙක්චිමා සෙන්චෝර් තාරකාවට පවා ගමන් කිරිමට අපට විශාල කාලයක් ගත වන බැවිනි. එය අප ග්‍රහමණ්ඩලයේ සිට ආලෝක වර්ශ 4.3 දුරින් පිහිටා ඇති අතර ආලෝක වර්ශයක් යනුවෙන් හදුන්වන්නේ ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුරයි. සාමානයෙන් ආලෝකයේ වේගය තත්පරයට කිලෝමිටර් 300000 ක් ලෙස ගනන් බලා තිබෙ. එබැවින් ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුර කොපමණද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇත. අනෙක් කරැණු අප සතු කිසිදු යානාවකට මෙම ආලෝකයේ වේගයටද ළගා විය නොහැකි වීමයි. එබැවින් මෙම තාරකාවට හෝ ගමන් කිරීම අප සතු තාක්ෂණයට සිහිනයක්ම පමණි.
    නමුත් විශ්වය යනු තවමත් අප සොයා නොගත් බොහේ කරැණු , තාක්ෂණයන් , සංසිද්ධින් සැගවි ඇති , අති විශාල පරාසයකි. පෘතිවි විද්‍යාඥයන් දිනෙන් දින අලුත් අලුත් කරැණා විශ්වය පිළිබදව සොයා ගන්නේද මෙ නිසාය. එසේනමි අප තව සොයා නොගත් දේ කොමණ ඇත්ද ? අප අද මේ ලිපියෙන් කථා කරන්නට යන්නේද එවන් ආකාරයේ විශ්මිත තාක්ෂණයක් සමිබන්ධයෙනි.
    විශ්ව තරණය පිළිබදව කථා කිරිමෙදි ක්වන්ටමි භෞතික විද්‍යාව අමතක කළ නොහැක්කේ එයින් මේ සමිබන්ධයෙන් ප්‍රායෝගික කළ හැකි න්‍යායන් කිහිපයක් පවසන හෙයිනි. එනමි Wormhole සංසිද්ධයයි. තවමත ප්‍රායෝගික කළ නොහැකි වුවද මෙය අතිශයින්ම වැදගත් සංක්පයක් වන්නේ ස්ටාර් ගේටි මගින් සිදුකරන්නා වු විශ්ව ගමනා ගමනයටද මෙය වැදගත් සාධයක් වන හෙයිනි. Wormhole යනු විශ්වය හරහා ගමන් කළ හැකි එක්තරා මාධ්‍යකි. මෙයන් විශ්වයේ ඇති අධික දුර අවකාශය නැවිමේ ක්‍රියාදාමයක් මත අඩු කර ගත හැකි අතර එමගින් යමි ස්ථාන දෙකක් අතර ඇති අධික දුර කෙටි කර ගත හැකිය. සාමානයෙන් මෙමගින් ඇති වෙන්නේ Wormhole මගින් ඇති කරන්නා වු අධි අවකාශයක් හෙවත් Hyperspace එකකි. මෙයනමි අවකාශය නැවිමේ ක්‍රියාදාමයයි. ක්වන්ටමි භෞතික විද්‍යාව මෙය පැහැදිලිව ප්‍රකාශ කරන අතර බොහෝ විට විශ්වය තුල ස්භාවිකවත් , සංකිර්ණ තාක්ෂණික මෙවලමි මගින් කෘතිමවත් මෙම තත්වය ඇති කළ හැකි බැවි ප්‍රකාශ කළ හැකිය. ස්භාවිකම ඇති වන්වා වු Hyperspace තත්වයන් විශ්වය තුල අනන්තවත් තිබෙන්නට පුලුවන. එසේනමි මේ ස්ටාර් ගේටි උපකරණය යනු මෙම Hyperspace තත්වය කෘතිමව ඇති කරන්නවා උපකරණයන් නොවන්නේද ? පහත දක්වා ඇති පින්තුර තුලින් ඔබට මෙම Hyperspace තත්වය ඇතිවන ආකාරය පෙන්වා ඇත.
    එසේම මෙයට අදාලව ක්වන්ටමි භෞතික විද්‍යාවේ ගණිත සමිකරණ පැහැදිලි කිරිම පහතින් දැක්වේ.
    ඉහත දැක්වෙන් රැපය අනුව මෙම Wormhole ක්‍රියාකාරිත්වයෙදි විශ්වයේ ඇති අවකාශය නැවිමේ ක්‍රියාදමක් සිදු කරන ආකාරය ඔබට පෙනෙනු ඇත. සරල උදාහරණයක් මගින් පැහැදිලි කරන්නේනමි සතර දෙනෙක් සතර පැත්තට දිග හැර ගෙන සිටින රෙද්දක මැද ඔබ බොලයක් තබා සිදු වෙන දෙය බලන්න. එවිට බෝලයේ බරට එම රෙදි කැබැල්ල හැකිලෙන ආකාරය ඔබට දැක ගත හැකි වනු ඇත. Wormhole ක්‍රියාකාරත්වයේදිද සිදුවන්නේ මෙයයි. මෙම සාමාන්‍ය අවකාශය මත අධික බලපැමික් එල්ල කිරිමෙන් අපගේ උදාහරණයේ ආකාරයටම Wormhole මගින් ඇති වන්නා වු අධි අවකාශයක් ඇති කර ගැනිම කළ හැකිය. මෙ කෙසේ වුවද අද දක්වා එවන් තාක්ෂණයක් නුතන විද්‍යාෙවන්නමි ලබා ගෙන නැති බව කිව යුතුය. නමුදු කෙදිනකහෝ අති දියුණු විද්‍යාඥාණයක් ලැබු දිනෙක් මෙය කළ හැකි තත්වයක් සේම විශ්ව ගමණා ගමනයට ඉක්මන් වනු ඇත. මන්ද මා එසේ ස්ථිරවම පවසන්නේ අද වන විටත් සක්වල ජිවින් කුමන හෝ ඉතා දුර විශ්වයන් තුල සිට පෘතුවියට පැමිණෙන බැවිනි. බැහැර හැරිය නොහැකි සාක්ෂි 1000 ගණනක් මෙවන් පැමිණිමි සහතික කිරීමට ඇති අතර එසේනමි ඔවුන් මෙම අති විශාල දුර ගෙවා දමන්නේ කෙසේද ? මන්ද අපි දන්නා තරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ජිවයකට අති දියුණු ජිවයකට සුදුසු ග්‍රහලෝවක් නොමැති හෙයිනි.
    කෙසේ වුවද Wormhole තත්වය තුලින් සිදුවන්නේ අවකාශයේ කාලය නැවීම තුලින් විශ්වයේ ස්ථාන දෙකක් අතර පවතින්නා වු දුර අවම කිරීම විනා අතීතයට හෝ වර්ථමානයට යා හැකි මාර්ගයක් තැනිම නොවේ. එනමි අවකාශ තරණයක් විනා කාලතරණයක් නොවේ. අවකාශ තරණය ප්‍රායෝගික සිද්ධාන්තයක් ලෙසින් පිළිගත හැකි වුවද කාලතරණය එසේ කළ නොහැකිය. බොහෝ පිරිසක් කාල තරණය සමිබන්ධයෙන් සිහින මැවිවද සැබැවින්ම භෞතිකව කාල තරණය කළ නොහැක්කකි. එසේ විම ප්‍රායෝගිකද නැත. ඔබ යමි අවස්ථාවක අතීතයට කාල තරණය කොට , ඔබගේ සියා කුඩා කලදීම මරා දැමුවහොත් ඔබ ඔබගේ පැවැත්ම ඔබ විස්තර කරන්නේ කෙසේද ? ඔබට පැවැත්මක් කොයින්ද ? ප්‍රශ්ණය එතනයි.
    STAR GATE යනු කුමක්ද ?
    මා ඔබට කලින් පැවසුවා මෙන් Wormhole තත්වයක් මගින් අධි අවකාශයක් කෘතිමව ඇති කළ හැකි උපකරණයකි. එසේ වු විට විශ්වයේ වෙනත් ස්ථාන කරා පහසුවෙන් ගමන් කළ හැකි බැවින් මෙය තරැ දොරටු ලෙසින් හදුන්වන්නට ඇත. නමුත් මෙය සැබැලෙසම තිබෙනවාද යන ගැටලුව ඔබ තුල දැන් පැන නැගෙනු ඇත. මේ සමිබන්ධයෙන් ඔබට හෙළි කරන්නට කරැණු කාරණා , සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇති නමුත් යමක් පිළිබදව මුලික අවබෝධයක් ලබා නොදි යමක් ප්‍රකාශ කිරීම මාගේ ශෛලිය නොවන නිසා එවා දැන ගැනීමට ප්‍රථම ඔබ මෙ Star Gate ක්‍රියාකාරිත්වය , එය කෙසේ වන්නට ඇත්ද යන්න පිළිබදව අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත් වෙ.
    මෙය කෘතිමව Wormhole තත්වයක් ඇති කරන උපකරණයක් නමි එය ඉතා ආරක්ෂාකාරි මෙන්ම ස්ථිර ගමනාන්තයක් ඇති දෙයක් විය යුතුය. එසේම අවශ්‍ය විටකදි ක්‍රියාත්මක කිරීමටත් , අනවශ්‍ය විටදි වසා දැමිමටත් හැකි විම අනිවාර්යෙන්ම තිබෙන්නට ඇත. මන්ද Wormhole ඇති කිරිමට තරමි එම තාක්ෂණය දියුණුනමි එය අවශ්‍ය ආකාරයට භාවිතා කිරීමේ තාක්ෂණය අනිවාර්යෙන්ම තිබිය යුතු හෙයිනි. ඔබ දුරකථනයක් භාවිතා කරන්නේනමි ඔබට ඔනෑම රටක , ඔනෑම පුද්ගලයෙකුට සෘජුවම ඇමතිය හැකිය. ඔබ ඔහුගේ රටේ කේත අංකය , දුරතකන අංකය දන්නේනමි ඔබ ඔහු අමතන විට ඔබගේ දුරකථන ඇමතුම වෙනත් අයෙකුට යොමු නොවේ. මෙම ස්ටාර් ගේටි හි සතු තාක්ෂණයද එසේ විය හැකි යැයි අනුමාන කළ හැක්කේ ඇතැමි ස්ථාන වලින් ලැබි ඇති ඡායාරෑප අධ්‍යනය කිරිමෙනි.
    බොහො ඉතිහාස විද්‍යාඥයන් විසින් මෙය ස්ටාර් ගේටි හා සමිබන්ධ Dial Device එකක පැහැදිලි කිරීමක් බව අනුමාන කරයි. 100% ඔප්පු කිරිමේ සාක්ෂි නැතත් එහි පෙනුම හා භාවිතා කර ඇති ආකාරය අනුව එය එසේ විය හැකි යැයි පැවසිය හැකිය. මෙහි වටේ රවුම තුලින් දැක්වෙන සංකේත භාවිතයෙන් යමි කිසි වෙනත් Star Gate එකක් හා සමිබන්ධ විමට අදාල සමිබන්ධ කිරිමේ කේතයන් වශයෙන් අනුමාන කළ හැකි අතර එසේම මෙහි මැද කෙටසේ ඇති මා පහතින් දක්වා ඇති රෑපයේ දැක්වෙන් කොටස අප පෘතෘවිය හදුනා ගැනිමේ සංකේතය විය හැකි යැයිදු බොහෝ දුරට අනුමාන කළ හැකි බව මට හැගේ.

    සාමාන්‍යෙයන් අප භාවිතා කරන දුරථනයට භාවිතා කළ හැකි යතුරැ පුවරැවක් තිබේ. එසේ තිබෙන්නේ අපට ඔනෑම අයෙකුට පහසුවෙන් ඇමතිම සදහාය. Star Gate උපකරණයන්ද එසේ සාමානව සිදුවන බව අනුමාණ කරන්නේනමි මෙයටද කුමන ආකාරයෙන් හෝ යතුරැ පුවරැවක් තිබිය යුතු නොවේද ? එසේ නොමැතිනමි අවශ්‍ය අවස්ථාවක , අවස්ථ ස්ථානයකට සමිබන්ධ විමේ වෙනත් කුමන හෝ ක්‍රමයක් හෝ තිබිය යුතුය. නමුත් මෙවන් අතිශය දියුණු තාක්ෂණයක් සහිත උපකරණයක් නිර්මාණය කළ පිරිස් පිළිබදව අපට 100% නිගමනය කළ නොහැකිවා සේම ඔවුන් භාවිතා කළ වෙනත් තාක්ෂණයන් මොනවාද යන්න පැහැදිලි කිරීමද අසිරැ කාර්යයකි. කෙසේ නමුදු යමි තරමකින් හෝ අපට වටහා ගත හැති තාක්ෂණයක් ඔවුන් භාවිතා කරන්නට ඇත.
    මෙහි දෙවන රවුම තුල ඇත්තේ පුරාණ මිසරයේ භාවිතා වු සංකේත අක්ෂර භාෂාවයි. මෙම සංකේතාත්මක අක්ෂර තුලින් ඔවුන් යමි වැදගත් වු අදහසක් පවසනවා යැයි සිතිය හැකි නමුත් එහි සැබැ අරැත කුමක්ද යන්න තවමත් කිසිවෙකුත් පැහැදිලි කර ගෙන නැත. කෙසේ වුවද මෙයත් Star Gate තාක්ෂණය මෙන් අපට නැති වි ගිය භාෂාවකි. නමුත් අප මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ Star Gate තාක්ෂණය එක් ශිෂ්ඨාචාරයකට පමණක් සිමා වුවක් නොවන බවයි. මෙහි මා ඔබට ඉදිරිපත් කරනු ලැබුයේ මේ වන විට පැහැදැලිවම සංකේතාත්මක වශයෙන් හමුවි ඇති මිසරයේ භාවිතා වුවා යැයි සැලකිය හැකි Star Gate සමිබන්ධ පැහැදිලි කිරීමයි. මීට අමතර මෙවැනි Star Gate සමිබන්ධ විවිධා කාර සාධයකන් ලංකාවේ , බොලිවියා , ඉරාකයේ , ග්‍රීන්ලන්ඩි , ඊශ්‍රායල් , මෙක්ෂිකෝ වැනි ප්‍රෙදේශ වලින්ම හමු වි තිබේ. එබැවින් Star Gate තාක්ෂණය විවිධාකාරයේ ශිෂ්ඨාචාරයන් තුල භාවිතා වු බවට මෙමගින් අපට නිගමනයකට පැමීණිමේ හැකියාව ඇත. පහතින් දක්වා ඇත්තේ පුරාණ මිසර අක්ෂරයන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කර ඇති අයුරැයි.
    කෙසේ වුවද තරැ දොරටුව භාවිතා කිරීමේදි එහි අනෙක් පස ඇති දොරටුව හා සමිබන්ධ විමට මෙහි අක්ෂරයන් 6 ක් සමිබන්ධ කළ යුතු බවට දැක්වේ. ඉහත රෑපයේ මැදින් දැක්වෙන්නේ පෘතිවියේ සංකේත වන අතර වටේ දැක්වෙන්නා වු සංකේත නිවැරදිව භාවිතා කර වෙනත් දොරටුවක් හා සමිබන්ධ විමට හැකියාව එසේනමි මෙයට තිබෙන්නට ඇත. එසේ වුවද Star Gate සමග Wormhole සමිබන්ධතාවය ගොඩ නැංවිමේදි ස්ථානයන් 7 ක් තිබිය යුතු යැයි මගේ හැගීමයි. එනමි සංකේත 7 ක් තිබිය යුතු යන්නයි. ප්‍රධාන සමිබන්ධ කිරිමේ සංකේත 6 සහ පොදු සංකේතයයි. ඔබ ඉහත පෘතුවියේ සංකේත විය හැකි යැයි මා අනුමාන කළ සංකේත 6 ට යටින් ඇති උඩින් කුඩා රවුමක් සහිත ත්‍රිකෝණාකාර සංකේතය පෙනෙන්නේද ? සමහර විට සමපාත කළ යුතු පොදු සංකේතය මෙය විය හැකිය. මේ කෙසේ වුවත් ප්‍රබලම ගැටලුව අද වනතෙක් එවැනි භෞතික සාධයක් පිළිබදව මහජනයා අතරට තොරැතුරැ පැමණ නොමැති වීමයි. මෙයින් අදහස් වන්නේ Star Gate පැවැතිය නොහැකි යන්න නොවන අතර මා පවසන්නේ තවමත් සාමාජයට තොරතුරැ විවර නොවි නැත යන්නයි. එයින් අදහස් කළදේ ඔබට වැටහෙනු ඇතැයි සිතමි.
    පුරාණ සාක්ෂි ඉහත ආකාරයෙන් හමුවීමත් සමගම මේ පෘතුවියේ කොහේ හෝ ස්ථානයක සැබැවින්ම තවමත් එවැන්නක් පැවැතිය යුතු බවට සිතිම ගැටලුවක් නොවේ. කෙසේ වුවද පෘතුවිය තුල විවිධ ශිෂ්ඨාචාරයන් තුලින් මෙම Star Gate සමිබන්ධ තොරතුරැ ලැබුනත් මාගේ විශ්වාසය අනුව සැබැවින්ම විශ්වය වෙත ගමන් කළ හැකි Star Gate පෘතුවිය හෝ වෙනත් ග්‍රහලෝවක තිබිය හැක්කේ 2 කි. එනමි ප්‍රධාන සක්‍රිය Star Gate උපකරණය හා එයට ආධාරයක් වශයෙනි(Backup Gate). ප්‍රධාන Star Gate එක ක්‍රියා විරහිත වුවහොත් භාවිතා කිරීමට තබා ඇති අනෙක් Star Gate යන දෙක පමණි. මෙයට හේතුව Wormhole ක්‍රියාකාරිත්වයි. එකක් ක්‍රියාත්මක වන විට එ සමගම තවත් Wormhole එකක් එම ග්‍රහලෝව තුලම ක්‍රියාත්මක වීම ප්‍රායෝගික නැත. එසේ විය නොහැකි ක්‍රියාවලියකි. ඔබ යමෙකුට දුරකතන ඇමතුමක් ගත් විට ඔහු හා කථා කරමින් සිටින්නේනමි වෙනත් අයෙක් ඇමතුමක් ගත් විට ඔහුට සමිබන්ධ විමේ හැකියාවක් නැත. Wormhole ක්‍රියාකාරිත්වය මෙයට සමිබන්ධ කරන්නේනමි පෘතුවිය හා සමිබන්ධ විමෙදි තිබිය හැක්කේ එක Wormhole සමිබන්ධතාවයකි. එය Wormhole සිද්ධාතන්තයයි. මෙසේ පැමිණෙන එක් Wormhole සමිබන්ධතාවයක් දෙකට බෙදි හෝ සමිබන්ධ විම Wormhole හි ක්‍රියාකාරිත්වය බිද වැටිමට හේතුවක් වනු ඇත. නමුත් ප්‍රධාන Star Gate උපකරණය ක්‍රියාත්මක නොවන්නේනමි අනෙක් Star Gate උපකරණයට මෙම Wormhole සමිබන්ධතාවය යොමු විම සිදු විය හැක.
    Star Gate සත්‍යක් විය හැකිද ?
    මාගේ මතයනමි ඔවි යන්නයි. මා එසේ පැවසීමට හෙතු කාරණා සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබේ. එසේම පැහැදිලි කළ හැකි පෙන්වා දිය හැකි තොරතුරැ විශාල සමුදායක් මේ සාක්ෂි තුල ඇත. නමුත් බොහෝ දෙනෙක් තුල Star Gate පිළිබද හෝ වේවා, සක්වල ජිවින් පිළීබදව හෝ වේවා එවන් ආකාරයේ සිදුවිමි පිළිබදව පිළිගත හැකි රෑපයක් නොඇදිම සාමාන්‍යෙයන් සිදුවන සිදුවීමකි. Star Gate පිළිබදව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීමට ප්‍රථම සැබැවින්ම ඒ පිළිබදවද යමක් ප්‍රකාශ කිරීම අවශ්‍ය බව මට හැගේ. මාගේ පිළිගැනීම අනුව මෙම දුර්මතය සදහා මුලික වශයෙන් වගකිව යුත්තේ හොලිවුඩි සිනමාවයි. ඔවුන්ගේ සිනමාවේ දියුණුවත් සමග ඔනෑම සිද්ධාන්තයක් හෝ මායාවක් තාත්තවිකව මවා පෙන්වන්නට ඔවුනට හැකිය. අනෙක් ආයතන වන්නේ ඇමෙරිකා FBI , CIA ආයතනයි. මෙම ආයතන තුල ඔවුන් නොපැවසුවාට හදුනා නොගත් පියාසර වස්තු හෝ ඒ ආශ්‍රිත තොරතුරැ වසන් කිරිමේ ක්‍රමවේදයක් තිබේ. මෙවාට සහය සපයන්නේ හොලිවුඩි සිනමාවයි. පුරාතනයන්ගේ විශ්මය ජනක ශිෂ්ඨාචාරයන් හෝ තාක්ෂණයන් පිළිබදව එක් දිනකදි හෝ අඩුම තරමින් අවුරැද්ධකිදිවත් පහසුවෙන් අධ්‍යනය කළ නොහැකි අතර ඒ සදහා විශාල කාලයක් ගතවේ. නමුත් සිනමාවට එය මායාවක් ලෙස පෙන්වන්නට ගත වන්නේ සුලු කාලයකි. යම් තොරතුරක් සොයා ගන්නා විට එය සිනමාවෙන් එළිදක්වා අවසානය. අවසානයේ සිනමාවේ තාත්වික බව නිසා මිනිසුන්ගේ සිතේ ඇදි ඇති රෑපය අවුරැදු ගණනක වෙහෙසකින් සොයා ගන්නා සත්‍ය තොරතුරක් හෝ සොයා ගැනිමක් වුවද ප්‍රකිත්ෂේප කිරීමට යොමු විම සාමාන්‍ය සිදුවිමකි. නමුත් ඇමෙරිකා Area 51 ප්‍රෙද්ශය ඉන්පසුව ඒ සමිබන්ව පර්යේෂණ පවත්වන්නේ මුලු ලෝකයටම හොරෙනි. මීට අවුරැදු 60 පමණ කාලයක් තිස්සේ ලොවෙන් සැගවි , අතිශය රහසිගතව ඔවුන් පර්යේෂණ පවත් වන්නේ කුමන හේතුවක් නිසාද ? කෙසේ වුවද ඇමෙරිකාවේ තුල ඇති තොරතුරැ දැන ගැනීමේ අයිතිය යටතේ හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව පර්යේෂණ කරන්නා වු සංවිධාන NASA , FBI ආයතන වලින් විශාල රහසිගත තොරතුරැ ප්‍රමාණයක් මේ වන විට මුදා ගෙන අවසානය. එවාහි බොහෝ ලිපි මකා දමා ඇති වුවත් හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව ප්‍රබල සාක්ෂි , එවා වසන් කිරිමට අණ දිමි සමිබන්ධ යැවු ලිපි මේ වන විටත් හදුනා ගෙන අවසානය. ඒවා අප වෙනත් ලිපියකින් සාකාචිඡා කිරිමි සුදුසු අතර මෙහිදි මට අවශ්‍ය වුයේ මෙ ක්‍රියාදාමය ඔබට පැහැදිලි කිරිමයි. මන්ද සිනමාව හෝ වේවා , නවකථා හෝ ආදියෙන් වේවා බොහෝ පිරිසක් අතිතයේ භාවිතා වු තාක්ෂණයන් පිළිබදව කථා කරන විට හුදු මනක්කල්පිත මානසිකත්වයෙන් ඒ දෙස බලනා නිසාය.
    Star Gate සමිබන්ධව හමුවි ඇති බැහැර හැරිය නොහැකි විශ්මය ජනක සාක්ෂි හා තොරතුරැ සමිබන්ධයෙන් Star Gate - 2 කොටසින් කථා කරන්නට ඉඩ තබා මෙම ලිපිය මෙතින්න අවසන් කරනු ලැබේ. රැදි සිටින්න.
    උපුටා ගන්නා ලදී
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අන් රටවලටත් වඩා අපට සමීප බවක් ඇත. එයට ප‍්‍රධානම හේතුව වන්නේ සන්නිවේදනය උදෙසා චන්ද්‍රිකා උපයෝගී කර ගැනීම පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් මහතා ලංකාවේ සම්මානනීය පුරවැසි භාවය ලද්දෙකු වීමයි. එහෙත් ඒ සබඳතාවට එහා ගිය අභිමානයක් පිළිබඳ අදහසක් 2012 වසර අවසාන කාලයේදී අපි ඉදිරිපත් කළෙමු. ‘රාවණ වේරම්භ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?’ යනුවෙන් මතු කරලූ ඒ කතිකාවතට පදනම වූයේ රාමායණයේ සටහන්ව ඇති කරුණකි. රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. ඉදින් අපි එදා යුද්ධයක ප‍්‍රධාන අවිය තොරතුරු නම්, ආතර් සී. ක්ලාක් මහතාගේ චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ නියමයන් මතින් රාවණගේ බලගතුම ආයුධ තුන චන්ද්‍රිකා විය හැකි යැයි අනුමාන කළෙමු. එයට පදනම් වූ වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ටී‍්‍රම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණ හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි.

    අප එදා කළ අනුමානය අද යථාර්ථයක් බවට පත්වී ඇත. රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන් පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක් පැරැණි සකි‍්‍රය චන්ද්‍රිකාවක් පිළිබඳ නාසා ආයතනයේ ඡුායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද්‍රිකාවේ සමීප ඡුායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැසක් කරළියට පිවිසියේය.

    ඔවුන් එය නම් කරන ලද්දේ black knight satellite . (බ්ලැක් නයිට් සැටලයිට්) ලෙසිනි. වසර 13000 ක් තිස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද්‍රිකාවක් ලෙසින් වරනැගීම ප‍්‍රායෝගික නොවන්නක් යැයි තර්ක කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් කි‍්‍රයාත්මක කෙරුණු අද්භූත කළු වස්තුව ග‍්‍රහණය කර ගැනීමේ 'Dark fence' මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත. අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග‍්‍රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය. නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත. මේ අතර 70 දශකයේ අග භාගයේදී භසනදක් Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග‍්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමයි. එහිදී ඔහුද ග‍්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන් විදුලි තරංග ආයාමයන්ටය.


    මෙසේ ලැබුණු ගුවන්විදුලි සංඛ්‍යාත පණිවුඩය විස්තාරණය කිරීම හරහා එය පණිවුඩයක් බවට පත් කෙරුණි.

    ' Start Here

    Our Home Is Epsilon Bootis

    Which Is a Double Star

    Welive On The 6th Planet Of 7 - Check That,

    6th of 7 Counting Outwards From the Sun

    Which Is the Larger Of the two.

    Our 6th Planet has one Moon,

    Our 4th Planet has three.

    Our First and Third Planets Each haven One.

    Our Probe is in the Orbit Of Tour Moon

    This Updates the Position Of Arcturus Shown On our maps'

    මෙය සරලව පවසතොත් පිටසක්වළයන්ගෙන් ලැබුණු පණිවුඩයකට සමාන වූවකි.

    අපගේ නිවහන Epsilon Bootis නම් තාරකාවයි.( Bootis තරු පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාව Epsilon , එනම් ග‍්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilon Bootis ලෙස නම් කර ඇත) එය ද්ත්ව තාරකාවයි අප ජිවත් වෙන්නේ ග‍්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය එය ද්ත්ව තාරකාවලින් විශාලම තාරකාවයි එනම් ප‍්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග‍්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි.

    මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග‍්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය.


    70 දශකයේදී ගුවන්විදුලි පණිවුඩය පරිවර්තනයකට ලක්වුවද අභිරහස් චන්ද්‍රකාවක් පිළිබඳ මුල්ම තොරතුර කරළියට එන්නේ සෝවියට් දේශය විසින් 1957දී කක්ෂගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් » (Sputnik I) විසින් එවන ලද ඡායාරූප කිහිපයක් හේතුකොටගෙනය. ඒ 1960දීය. ස්පුට්නික් චන්ද්‍රිකාව පසුපසද අපූර්ව කතාවක් ඇත. ඒ සෝවියට් දේශය නිර්මාණය කර උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවට සමාන වස්තුවක් ළඟ තබාගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ පැරැණි සිතුවමක් දැකගත හැකි වීමයි. ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මේ සිතුවම තුළ ඇත්තේ දෙවියන්ගේ ප‍්‍රධානියා වූ සියුස් යැයිද විශ්වාසයක් පවතී.


    1452 දී උපත ලබා 1519 දක්වා ජීවත්වූවෙකු 1957දී කක්ෂගත කෙරුණු චන්ද්‍රිකාවක රූපයක් ඇඳීමද විශ්මිත වූවකි. වසර 400කට පෙර වත්මන් ස්පුට්නික් චන්ද්‍රිකාවේ ඒ හා සමාන රූපයක් ඇඳීම මෙන්ම වර්තමානය වන විට ලියනාඩෝ ඩාවින්චිගේ බොහෝ සිතුවම් තුළින් බොහෝ සැඟවුණු අර්ථයන් මතුකර ගැනීමටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවී ඇත.


    ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් එවන ලද ඡායාරූප එතෙක් හඳුනානොගත් හා එවකට බලවතුන් ලෙසින් සිටි ඇමෙරිකාවට හෝ රුසියාවට අයත් නොවූ කළු පැහැති යානාවක් දැකගත හැකිවිය. එය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී එය පෘථිවිය වටා කක්ෂගත කර ඇති යම් වස්තුවක් බව පර්යේෂකයන්ට අවබෝධ විය. මෙම හඳුනාගැනීමත් සමගම ලෝක මට්ටමින් ආකාශ නිරීක්ෂණය කරනු ලබන ආයතනවල වැඩි අවධානය මෙම වස්තුව දෙසට යොමුවන්නට විය.

    දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම කි‍්‍රයාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡායාරූප ගත කරනු ලැබීය. ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡායාරූපයට නගන්නට විය. මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ටේ‍්‍රලියාවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා .22 '22 Orbit Mission' . නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම කි‍්‍රයාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මඟ තුළ භ‍්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ‍්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග‍්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප‍්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප‍්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය.

    මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග‍්‍රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි. මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද්‍රිකාවේ අයිතිය Bootes නම් ග‍්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් 'Dark Fence' නමින් විශේෂිත මෙහෙයුමක් කි‍්‍රයාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය. එහිදී එක් දිනක කපිතාන් W.E. Berg යටතේ කි‍්‍රයාත්මක වූ විශේෂිත ඒකකයට අද්භූත චන්ද්‍රිකාව ග‍්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින් කි‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත‍්‍ර රටවල සියලූ චන්ද්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග‍්‍රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය.


    අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද්‍රිකා භ‍්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ‍්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක‍්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක‍්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක‍්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි.


    බහුතර මතයට අනුව නාසා ආයතනය විශ්වීය රහස් කිසිවක් ඒ සිදුවීමට සමගාමීව හෙළි කරන්නේ නැත. 50 දශකයේ සිට සිදුකෙරෙන පර්යේෂණයන්වල සම්පූර්ණ විස්තරයක් තවමත් හෙළිදරව් කරන්නට ඔවුන් සූදානම් නැත. එහෙත් 2013 වසරේ මැද භාගයේදී Black Knight Satellite හි නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කෙරුණි. මේ නිකුතුවත් සමගින් විවිධ පර්යේෂකයන් සතුව තිබූ පර්යේෂණ වාර්තා රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇත.


    මෙම චන්ද්‍රිකාව අපට ද ඉතා වැදගත් වෙයි. එයට බලපාන මූලිකම සාධකය රාමායණයේ සඳහන් වේරම්භ වාතයේ සැඟවූ රාවණගේ බලගතුම ආයුධ පිළිබඳ කතාවට පුරෝකතනයක් බවට මෙය පත්වීමයි. වසර 13000 කට පෙර චන්ද්‍රිකා පැවතියේ නම් වසර 5250කට ආසන්න හෙළ යුගය තුළ චන්ද්‍රිකා නොතිබිය නොහැකිය යන තර්කය මෙහිදී නිතැතින්ම නැගෙන්නක් බවට පත්වනු ඇත.


    ඒ සියල්ලටම වඩා මෙම චන්ද්‍රිකාවේ සොයා ගැනීමත් සමගම අනුරාධපුරයේ මනුසත් උයනේ වූ තරු දොරටුවට අලූත් අර්ථකථනයක් දෙන්නටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවිය. අනුරාධපුරේ තරු දොරටුව නැතහොත් සක්වළ චක‍්‍රය මධ්‍යයටද මෙම රේඩියෝ තරංග ග‍්‍රහණය වන බවට ඇති විශ්වාසයන් හරහා ඒ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතී.


    මෙහිදී ඉරණමඩුහි පිහිටු වූ ඇමෙරිකන් හඬ තරංග විකාශන මධ්‍යස්ථානය පසුපස ඇති යථාර්ථය අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍යතාවක් නැත.

    ලෝක පිහිටීම තුළ වැදගත්ම රට ලෙසින් අප රට නම් කරන්නටත් අඩුම ගුරුත්වය සහිත රට ලෙසින් නම් කරන්නටත් බටහිරට අප රට පිටසක්වළයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වැදගත් තැනක්ව ඇතිබව නම් සැඟවිය නොහැකි රහසකි. අප පෙර වසරේ සඳහන් කළ ලෙස මෙය චන්ද්‍රිකා තුනකින් කි‍්‍රයාත්මක වන්නක් නම් ඉදිරියේදී තවත් චන්ද්‍රිකා දෙකක් පර්යේෂකයන් විසින් සොයාගනු ඇත. එසේම නාසා ආයතනය ප‍්‍රමුඛ පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ වැඩි අවධානය ලංකාව දෙසට යොමුවනු ඇත. පසුගිය කාලය තුළ ලංකාවේ වැදගත්කම පිළිබඳ හැඳින්වීම් ඉදිරිපත් වූයේ එහි මුලපිරීමක් ලෙසිනි. මේ මැදිහත් වීමට බලපානු ලබන ප‍්‍රධානම කාරණය වනුයේ පසුගිය කාලය තුළ බිඳ වැටුණු අද්භූත චන්ද්‍රිකාවේ සන්නිවේදන පද්ධතිය ලංකා පොළොව ආශ‍්‍රිතව කි‍්‍රයාත්මක වීමයි.


    2012 අවසානයේදී පිටසක්වළ යානා අප රටට පැමිණීම පිළිබඳ අප පැවසූ අනාවැකි හා එහිදී ඉදිරිපත් කල යම් යම් කරුණු හා මෙම චන්ද්‍රිකා මේ සබඳතාවක් පවතී. එහි පළමු කාරණය වනුයේ චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමට පිහිටවූ ගඩොල්වලින් නිර්මාණය කරන ලද අතිවිශාල කළුණක් පිළිබඳ අප තොරතුරු හෙළිකිරීමයි. දෙවැනි කාරණය වනුයේ පිටසක්වළ යානාවල හදිසි පැමිණීමට හේතු වූ කාරණාව වූයේ බාමියන් බුදු පිළිම පද්ධතිය මුල් කරගනිමින් කි‍්‍රයාත්මක වූ ප‍්‍රධාන සාංඛ්‍යා පද්ධතිය බිඳ වැටීමයි. එනම් බාමියන් බුදුපිළිමය බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමේ රිසිවරයක් ලෙසින් කි‍්‍රයාකළ බවය. 2001 වසරේදී තාලේබාන්වරු විසින් එය පුපුරුවා හැරීමත් සමගම පෘථිවිය හා පිටසක්වළයන් අතර තොරතුරු හුවමාරුව බිඳ වැටුණි.

    එසේනම් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය නැතහොත් කන්දනාර ප‍්‍රදේශයට එන්නේ තලේබාන් හා අල්කයිඩාවරු විනාශ කරන්නට නොව මේ පද්ධතිය පිළිබඳ ප‍්‍රශ්නයක් මුල් කරගෙනය.


    පිටසක්වළයන්ගේ පැමිණීම අපට වැදගත් වන්නේ මේ සිදුවීමෙන් පසුවය. එනම් බිඳ වැටුණු සංඥා පද්ධතිය වෙනුවට බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරුකර ගනු ලබන නව සංඥා පද්ධතිය බිහිකිරීම උදෙසා පිටසක්වළයන් තොරාගන්නේ ලංකාවේ සමනල ගිර අවට ගිනිකොණ දිග බෑවුමයි. එනම් සමනල ගිර ස්වභාවික රිසිවරයක් ලෙසින් භාවිත කිරීමේ ක‍්‍රමවේදයන් ඔහුන් සතුවීමයි. එනම් ලංකාවේ අඩු ගුරුත්වය යනු නිර්මාණය කරන ලද්දක් මිස ස්වභාවික තත්ත්වයක් නොවන බවය.


    ඉතා වැදගත් තවත් එක් කරුණක් ඇත. ඔරායන් තරු පංතියේ හා බ‍්‍රටීස් තරු පංතියේ ඇත්තේ එකිනෙකට සමාන වූ තරු පිහිටීමකි. සංකේතයන් ලෙසින් බැලූව ද දඩයක්කරුවන් දෙදෙනෙකි. එයට ඇත්තේද සමාන වූ ග‍්‍රීක පුරාවෘතයන්ය. මේ පිළිබඳ සිතා බැලිය යුතුව ඇත.

    වෛදික ජ්‍යෙතිෂවේදී
    කාංචන ගීත් මනමේන්ද්‍ර

    http://wishmithawishwaya.blogspot.com/2015/08/blog-post_55.html
     
    • Like
    Reactions: Amila llll

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නමුත් බොහෝ විද්වතුන් අදහස් දක්වා ඇත්තේ මෙම කලාපය තුල විවිධ පාරිසරික වෙනස්කම් සිදුවන බවය. මෙහි ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් පවතින නිසා සියලු සන්නිවේදන අංගයන් දුර්වල වෙමින් ඇති වන කුණාටු තත්වයන් මැද යානා විනාශ වන බවට මතයක් පවතී. Into the Bermuda Triangle නම් කෘතියේ නව මුද්‍රණයේ දී අදාල කතුවරයා වූ Gian Quasar විසින් පවසන කරුණු අතර මීතේන් හයිඩ්‍රේට් වල බලපෑම ප්‍රධානය.
    මීතේන් හයිඩ්‍රේට් යනු කූඩුවක් ආකාර, දැලිසක් සාදන මීතේන් අණු අඩංගු රසායනික සංයෝගයකි. මේවා ස්වාභාවික අයිස් (ඝණ) ආකාරයෙන් පවතී. මීතේන් සාමාන්‍ය උශ්ණත්වයේදී වායුවක් වුවත් එය ජලය මිදෙන සාමාන්‍යය උශ්ණත්වයට වඩා ඉහළ උශ්ණත්වවලදී මිදේ. දැනට හඳුනාගෙන ඇති පරිදි මේ මීතේන් හයිඩ්‍රේට් සංයෝගය මුළු ලෝකය පුරාම ව්‍යාප්තව පවතින සංයෝගයකි. පොළවට සහ මුහුදට යටින් මුහුදු මට්ටමේ සිට යාර1000 කට වඩා පහළින් මේවා අයිස් ආකාරයෙන් තැන්පත්ව ඇත. ගණනය කර ඇති පරිදි මුළු ලෝකයේම ඇති මේ මීතේන් හයිඩ්‍රේට් ප්‍රමාණය ඝණ අඩි ට්‍රිලියන මිලියන 400 ක් වේ. දැනට ලෝකය පුරා මුදාහරින මීතේන් වායුව ඝන අඩි ට්‍රිලියන 5000 කි. 1998 සැප්තැම්බර් 21 වන දින වේල්ස් හි පැවති පාරිසරික විද්‍යා කමිටුවක දී එංගලන්තයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ දොස්තර බෙන් ක්ලෙනල් මෙම මීතේන් හයිඩ්‍රේට් අනාගතයේ ඉන්දනය වන බව පවසා සිටියේය.
    බර්මියුඩා ත්‍රිකෝණයට මේ මීතේන් හයිඩ්‍රේට් වල බලපෑම කෙසේ දැයි බලමු. පෘථිවිය සම්භවයේ දී ඇතිවූ පෘථිවි පෘෂ්ඨයේ පැලීම් ගැන ඔබ දන්නවා ඇත. බර්මියුඩා ත්‍රිකෝණය අයත් ප්‍රදේශයේ ද මෙම පැලීම් පවතී. ඉහත කතා කල මීතේන් හයිඩ්‍රේට් මෙවැනි පැලුම් හරහා පෘථිවි පෘෂ්ඨය මතට පැමිණේ. මේ විශාල මීතේන් ප්‍රතිශතය නිසා ජලයේ ඝණත්වය වෙනස් වේ. මේ අනුව සාගරයේ ගමන් කරන නැව් අනතුරු වලට මුහුණ දේ. නමුත් මේ මතයට විරුද්ධව විවිධ විද්‍යාඥයන් අදහස් දක්වා ඇත. ලෝකයේ මීතේන් බහුලව හමුවන ස්ථාන පැවතියද බර්මියුඩා ත්‍රිකෝණය එවැනි ස්ථානයක් නොවේ. එසේම අනතුරු බහුලවම වාර්ථා වී ඇත්තේ පෘෂ්ඨීය පැලීම් දක්නට ලැබෙන ප්‍රදේශයේ නොවේ. මීතේන් හයිඩ්‍රේට් නිසා ජලයේ ඝණත්වය අඩුවේ නම් අනතුරට ලක් වූ නැව් සියල්ලම ගිලී යා යුතුය. එසේ ගිලී යා යුත්තේ ඉතා සෙමිනි. නමුත් බොහෝ අනතුරු වලදී පාලක මධ්‍යස්ථාන වලට අනතුරු සංඥා හැඟවීමටත් ප්‍රථම නැව් ක්ෂණිකවම අතුරුදහන් වී තිබේ.එසේම ගුවන් යානා සඳහා මේ සාධකය එතරම් හොඳින් නොගැළපේ. භූ විද්‍යාඥයන් පවසන පරිදි මෙවැනි මීතේන් හයිඩ්‍රේට් එකතුවීම නිසා පාථිවි පෘෂ්ඨය හරහා සිදුවන කාන්දු වීම් සහ පැලීම් බහුල නොවේ. ඔවුන් පවසන පරිදි මෙවැනි සිදුවීම් විය හැක්කේ වසර 400 කට වතාවකි.