තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් &#3461

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් &#3461

    Jamathe-Islam.gif


    පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් ගතවී ඇත. ඊට වග කිවයුතු තෝරු මෝරු කිහිපදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට පත්වී ඇත.
    කෙසේ නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර සිදුවිය හැකි සංවිධාන ගණනාවක්, තමන්ට රිසි සේ තම අන්තවාදය වැපිරීමේ කාර්යයේ තවමත් නියලමින් සිටියි. Colombo Today ගවේශනාත්මකව එවැනි සංවිධාන පිළිබඳව සිදුකරන හෙළිදරව් කිරීම් පෙළක් “ජමාතේ ඉස්ලාම්” සංවිධානය පිළිබඳව ලියැවෙන මෙම ලිපිය සමගින් ඇරඹේ.
    අප මෙම හෙළිදරව් කිරීම් තුලින් හුදෙක්ම බලාපොරොත්තු වන්නේ අනාගතයේ ඇතිවිය හැකි තත්වයන් වලක්වා ගැනීමට බලධාරීන් යොමු කිරීම සහ ඒ පිළිබඳව ජනතාවට අවබෝදයක් ලබා දීමයි. මෙම ලිපි සමස්ත මුස්ලිම් ජනතාවට එරෙහිව ලියන ලද්දක් නොවන බව පළමුව ප්‍රකාශ කල යුතුව ඇත. මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානවලට එරෙහිව මෙහි ලියැවෙන බොහෝ කරුණු අප වෙත ලබා දෙන්නේ ද සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විසින්ය. ඔවුන්ට Colombo Today ස්තුතිය පල කර සිටිමු.
    තොරතුරු ලබා ගැනීමේදී සහය දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සහ බොදු බල සේනා ආගමික ඉගැන්වීම් පිලිබඳ පර්යේෂණ අංශය ට Colombo Today විශේෂ ස්තූතිය.
    ජමාතේ ඉස්ලාම්
    ජමාතේ ඉස්ලාමි සංවිධානය පකිස්ථානය මුලික කොටගෙන ඇතිවූ සංවිධානයකි. එහි නිර්මාතෘ ලෙස සැලකෙන්නේ මවුලානා මව්දුදි නැමති පුද්ගලයායි. ජමාතේ ඉස්ලාමි සංවිධානය සමග සමගාමීව කටයුතු කරන තවත් සංවිධානයක් ඇත. එය ඊජිප්තුව මූලික කරගෙන ඉමාම් හසනුල් බන්නා විසින් ආරම්භ කල ඉහ්වාන් මුස්ලිම් සංවිධානයයි. මොවුන්ගේ ප්‍රධාන ආගමික ජමාත් සංවිධානය ජමාතුස් සලාමා වන අතර චින්තන දේශපාලන සංවිධාන ලෙස තමන්ව හඳුන්වා ගන්නා මෙම සංවිධාන දෙක එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වේ.
    image.jpeg

    පුර්ව ඉසාමිය සංවිධානයේ රිස්වින් ඉස්මත් ඉස්ලාමය අතහැර දැමීමට පෙර ජමාතේ ඉස්ලාම් සාමාජිකයෙක් බව කියැවේ. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ශිෂ්‍ය සංවිධානය “ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය” හෙවත් තලබා (sri lanka islamic students movement) ලෙස හැඳින් වේ. මාවනැල්ලේ බුදු පිළිම කඩා විනාශ කරනු ලබන්නේ මෙම ශිෂ්‍ය සංවිධනයේ ක්‍රියාකාරිව සිටි පිරිසකි. ඒ පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දුන් තස්ලීම් නැමති හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ ලේකම්ට වෙඩි තබන්නේ ද ඔවුන් විසිනි. තස්ලීම් ද කලක් මෙම සංවිධානයේ ක්‍රියාකාරීකයෙකු ලෙස සිට ඉන් ඉවත් වූ පුද්ගලයෙක් බව කියැවේ. ජමාතේ ඉස්ලාම් බලකොටුව ලෙස සැලකෙන්නේ මාවනැල්ල ප්‍රදේශයයි.
    image.png

    ජ්මාතේ ඉස්ලාම් සංවිධානය අනෙකුත් ආගමිකයන් ඉස්ලාම් ආගමට හැරවීම සඳහා හිරා පදනම (HIRA Foundation) නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යයි. විවාහ මගින් සහ දුප්පත් පවුල්වලට මුදල් ලබා දී මොවුන් ආගම මාරු කිරීමට අන්‍යජාතින් පොළඹවමින් කටයුතු කරයි. මුස්ලිම් තරුණයෙකුට වෙනත් ජාතියක තරුණියක් විවාහ කරගන්නේනම් විවාහයට අවශ්‍ය මුදල්, විවාහයෙන් පසුව විවාහ කරගත් කාන්තාව ඉස්ලාම් කර නම පවා වෙනස් කිරීමට මෙම සංවිධානය හරහා ජමාතේ ඉස්ලාම් සංවිධානය මුදල් ලබා දීම සිදුකරනු ලබයි.
    තම කටයුතු කරගෙන යාම සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට Serendib නැමති රාජ්‍ය නොවන සංවිධානය ජමාතේ ඉස්ලාම් විසින් භාවිතා කරනු ලබයි. ආරාබි රටවලින් Serendib සංවිධානයට මුදල් ලැබෙන අතර ඒ හරහා එම මුදල් ජමාතේ ඉස්ලාම් සංවිධානය අතට පත්වේ.
    DD8QGduUQAAdHWs.jpg

    ජමාතේ ඉස්ලාම් සංවිධානයේ විශේෂත්වය වන්නේ ඔවුන් ක්‍රියාකාරී දේශපාලනය සිදුකිරීමයි. PMJD නැමති අකුරණ ප්‍රදේශය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වු දේශපාලන සංවිධානය, FJP නැමති ත්‍රිකුණාමලයේ කින්නියා මජ්ලිස් ශුරා සභාව හා එක්ව ජමාතේ ඉස්ලාමි නජා මොහොමඩ් විසින් ක්‍රියාත්මක කල දේශපාලන සංවිධානය, PMGG නැමති කාත්තාන්කුඩි මුලික කරගනිමින් “බිකාස් කැම්පස්” ආයතනයේ හිමිකරු වන අබ්දුර් රහුමාන් විසින්ක්‍රියාත්මක කල සංවිධානය යන සංවිධාන තුන එක්වී පිලිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ (National Front for Good Governance – NFGG) ලියාපදිංචි කරන ලදි. (මොවුන්ට පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණ කොමිසමේ පිළිගැනීම සදහා එහි සිටි නලීමි රාජ්‍ය සේවකයෙකුගේ අනියම් උදව්වක් ලැබී ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග වලින් අනාවරණය විය.) දැනට ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලද “ජාතික ජන බලවේගය” දේශපාලන ව්‍යාපාරයේ සන්ධනගතවූ පාර්ශවයන් දෙකක් ලෙස ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාමි සංවිධාන දෙක සිටියි. ජනතා විමුක්ති පෙරමුණ හා ඉස්ලාම් ත්‍රස්තවාදය සන්ධාන ගතවූ අවස්ථා මීට ඉහතදී ද ඇත. පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපිට දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහිම් නැමති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේන් 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වූ පුද්ගලයෙකි. ඔහුගේ පුතනුවන් දෙදෙනා හෝටල් දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුවන්ය. ඔහුගේ දෙමටගොඩ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ෆාතිමා ජෙෆ්රි නමැති එක් පුත්‍රයෙකුගේ බිරිඳක් බෝම්බයක් පුපුරුවා ගන්නා ලදි
    ජමාතේ ඉස්ලාම් සංවිධානය තම අන්තවාදයේ අනාගතය බිහිකිරීම සඳහා ප්‍රසිද්ධ අරාබි සහ වෘතිය පාසල් පවත්වාගෙන යයි. එලෙස පවත්වාගෙන යන අපට වාර්තා වූ පාසල් කිහිපයක් ඇත. ඉස්ලාහියා පිරිමි විද්‍යාලය – මාදම්පේ, ඉස්ලාහියා ගැහැණු – පුත්තලම, ආයිෂා සිද්ධිකා විද්‍යාලය – මාවනැල්ල, ෆාතිහ්ඉ න්ස්ටියුට් – තිහාරිය, තන්වීර් ඇකඩමි – තිහාරිය, දාරුල් හසනාත් ඇකඩමිය – වරකාපොල, ඉන්සයිට් ඉන්ස්ටියුට් – දෙහිවල, අබ්රාර් ඉන්ස්ටියුට් – ලොන්නාව
    නලීමියා – බේරුවල.

    දැනට ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රභාලයන් ලෙස අප හඳුනාගත් කිහිප දෙනෙකු සිටියි. එහි ප්‍රධාන චරිතයක් ලෙස ඉනාමුල්ලා මෂිහුදීන් හැඳින්විය හැකියි. ශුරා සභාවේ ප්‍රබලක්‍රියාකාරිකයෙකු ද වන මොහු මිනී මැරීමට ෆත්වා නිකුත්කළ ඊජිප්තුවේ යුසුෆ් අල් කර්දාවීගේ ලංකා නියෝජිතයා ද වේ. අගාර් මොහොමඩ් නමින් තවත් පුද්ගලයෙකු සිටියි. ඉස්ලාම් ශිෂ්‍යයන්ට ලබා දෙන රාජයේ පෙළපොත්වලට අන්තවාදී කරුණු ඇතුලත් කෙරූ කතෘ මණ්ඩලයේ මුලිකයෙකු වන මොහු බේරුවල නලිමියා විදුහලේ ප්‍රධාන කථිකාචාර්ය කෙනෙකු ද වේ. තවද මොහු උලමා සභාවේ ප්‍රබල ක්‍රිකාකාරිකයෙකි.
    ආන්දෝලාත්මක රාජයේ පෙළපොත් සෑදු කතෘ මණ්ඩලයේ මුලිකයෙකු වන මොහොමඩ් සුක්රි තවත් පුද්ගලයෙකි. මොහු බේරුවල නලිමියා විදුහලේ ප්‍රධාන කථිකාචාර්ය කෙනෙකු ද වන අතර උලමා සභාවේ ප්‍රබල ක්‍රිකාකාරිකයෙකු ද වේ.

    අල් හසනාත් සඟරාව ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රකාශනයකි. එම සඟරාවේ 1971 සිට මරාගෙන මැරෙන ක්‍රියාව සම්බන්ධව පක්ෂපාතීව අදහස් පල කර ඇත. මෙම සඟරාවේ විවිධ කලාප නිරීක්ෂණය කිරීමේදී ජමාතේ ඉස්ලාම් මතවාදය කෙතරම් භයානක ද යන්න මැනවින් ප්‍රත්‍යක්ෂ වේ.
    හජ්ජුල් අක්බර්
    අවුරුදු 25 ක් ජමාතේ ඉස්ලාමී නායකවරයාව සිටි හජ්ජුල් අක්බර් 2018 වසරේදී ඔහු දැරූ තනතුරෙන් ඉවත්වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුව ඇත. සමහර විට බුද්ධි අංශ නොමග යැවීමට එය සිදුකලා විය හැක. සත්‍ය ලෙසම සහරාන්ට පෙර ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර ආරම්භ කලේ ජමාතේ ඉස්ලාම් අනුගාමිකයින්ය. ඒ මාවනැල්ල බුදු පිළිමවලට එල්ල කල ප්‍රහාරයෙන්ය.
    c6e27f04f68086f0dd737c627420fb50_400x400.jpeg
    හජ්ජුල් අක්බර්
    හජ්ජුල් අක්බර්ගේ සහෝදරයා වන ඊබ්‍රහීම් මවුලවි ISIS මතධාරියෙකු විය. ඔහු මුස්ලිම් ශාන්තුවරුගේ සොහොන් කඩන්න යැයි පවසමින් දේශනා තබා ඇත. මාවනැල්ල බුදු පිළිම කඩා විනාශ කරන ලද්දේ ඔහුගේ (ඉබ්‍රහිම්ගේ) පුතුන් දෙපල විසිනි. පුතුන් දෙදෙනා ජමාතේ ඉස්ලාමේ ශිෂ්‍යය සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් වේ. එමෙන්ම දෙහිවල බොම්බකරුත් මෙම සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිටි අයෙකු වේ. මොවුන් අවසානයේ JMI එනම් ජමාත් මිල්ලතු ඊබ්‍රාහිමියා ලෙස ත්‍රස්ථ සංවිධානයක් වශයෙන් පාස්කු ප්‍රහාරයේ දී ඉස්මතු විය. නමුත් සැබෑ ලෙසම ඔවුන්ගේ මුදුන් මුල් ඇත්තේ ජමාතේ ඉස්ලාමී සන්විධානයේ ය.
    බංගලාදේශයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලියාපදිංචිය තහනම් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2013 වසරේදී නියෝග කර ඇත. හින්දු ජනතාව සමූල ඝාතනය කිරීමට වැරදිකරු වූ එම සංවිධානයේ නායක නසාමි නැමැත්තා 2016 මැයි 11 දින ඩකා බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.
    ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය 2019 වසරේ මාර්තු මස තහනම් කරණ ලද අතර ඉන්දියන් රුපියල් කෝටි 52ක් පමණ වටිනාකමකින් යුත් මද්‍රසා පාසල්, නිශ්චල සහ චංචල දේපල රාජසන්තක කරන ලදි. 200කට අධික ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට පත්විය.
    ලංකාවේ එය සිදුවන්නේ කවදාද ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කොරෝනා හින්ද තමයි පරක්කු වෙනවා ඇත්තේ සතියෙන් වැඩේ වෙයි

    ඉස්සරණේ නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිකම් කලේ

    පොඩ්ඩක් හිටපං
    ero වැඩේ කරයි
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොරෝනා හින්ද තමයි පරක්කු වෙනවා ඇත්තේ සතියෙන් වැඩේ වෙයි
     
    • Like
    Reactions: saturn

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    වැදගත් thread එකකට rep දෙන්න නැතුව මේ facebook එක වගේ ලබ්බේ likes වැඩක් නැහැ බම්.:( :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Rahula Kasun

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කොරෝනා හින්ද තමයි පරක්කු වෙනවා ඇත්තේ සතියෙන් වැඩේ වෙයි

    ඉස්සරණේ නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිකම් කලේ

    පොඩ්ඩක් හිටපං
    ero වැඩේ කරයි

    රෝසන් කොලුවා තාම මේක දැක්කේ නෑ...

    තව ටිකකින් ඇවිත් කියයි උඹලට ඕන ඕන විදිහට වැඩ කරන්න බැහැ.
    හු ඇන් පි බ්ලා බ්ලා බ්ලාලා........
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති උනාම ඔහොම තමයි
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මුස්ලිම්,ක්‍රිස්තියානි රටවල් තමයි මේ ලෝකෙ ධනවත්ම රටවල්. අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නෙත් මිඩ්ල් ඊස්ට් ජොබ්ස් ටිකෙනුයි, ඇමරිකාවටයි යුරෝපෙටයි ගාමන්ට් එක්ස්පෝට් කරලයි.

    අපි ලෝකෙ හොදම බෞද්ධ රට වෙලා, ශක්‍ර දෙවියො, සතර වරම් දෙවිවරු, සුමන සමන් දෙවියො වගේ බෞද්ධ දෙවිවරු ලන්කාවට උදව් නොකරන්නෙ ඇයි? (ලන්කාව මේ විදියට ආර්තිකව වැටුනොත් හාමුදුරුවන්ට දානයක් දෙන්න මිනිහෙක් නැතිවෙනව, දුප්පත් සින්හල/දෙමළ මිනිස්සු සල්ලි/වරප්‍රසාද වලට ආගම මාරු කරල බෞද්දයො සුලුතරය වෙනව. )
     
    Last edited:
    • Like
    Reactions: mmrizmy