තව එකක් රිවස් වෙන්න වගේ යන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මෙරට මහා පරිමාණයෙන් භාවිත කරන සැෂේ ඇසුරුම් පිළිබඳ රජයේ අවධානය යොමු වූයේ දැනට මාස තුනකට පමණ පෙර සිටිය. ඒ අනුව ෂැම්පු, හිසේ ගල්වන ජෙල් ආදි සැෂේ ඇසුරුම් අද (01 වැනිදා) සිට තහනම් කිරීමට තීරණයක් ගෙන තිබුණි. නමුත් එම තීරණය වැනෙන සුලු තත්ත්වයට පත්ව ඇත්තේ කවර කාරණයක් නිසා දැයි සැකයක් මේ වනවිට මතුව තිබේ. මෙම ඇසුරුම් තහනමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බව පසුගිය දිනවලදී පරිසර අමාත්‍යාංශය කියා සිටියේය. නමුත්, එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි තහනම ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ පෞද්ගලික සමාගම්ව ඉල්ලීම මත ඊට මාස තුනක පමණ සහන කාලයක් ලබාදීමට අවධානය යොමු කිරීම නිසාවෙනි.
    මෙරට වසරකට රුපියල් කෝටි 96 ෂැම්පු හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි සැෂේ පැකට් භාවිතා කරන බව අනාවරණයවී ඇතැයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. මෙලෙස භාවිත කරනු ලබන ෂැම්පු ආදී ඇසුරුම් ඇළ, දොළ, ගංගා ආශ්‍රිතව පමණක් නොව නිවාස ආශ්‍රිත ළිං ආසන්නවද තැන තැන දමා ඇති අයුරු බහුලව දැකගත හැකි දසුනකි. වසරක කාලයකදී මෙරට පරිසර පද්ධතියට එකතුවන සැෂේ ඇසුරුම් ප්‍රමාණය මිලියන ගණනකි. ඉන් සිදුවන පරිසර හානිය සුළු කොට තැකිය නොහැකි අතර, ඒවා දිරාපත් වන කාල සීමාවක්ද ගණනය කළ නොහැකි බව පරිසරවේදීන් කියා සිටිති. ගංගා ඔස්සේ ගලා යන මෙම සැෂේ ඇසුරුම් අවසානයේදී තැන්පත් වන්නේ මෙරට සාගර කලාපයේය. ඒවා මුහුදු ශාක වර්ධනයට බාධාවන් සේම, මුහුදු ජීවීන්ගේ විනාශයටද බලපාන්නේය. මේ අනුව රුපියල් අටකට,දහයකට අප මිලදී ගන්නා ෂැම්පු ඇසුරුමකින් සිදුවන පරිසර විනාශය අතිමහත්ය.
    ෂැම්පු සැෂේ ඇසුරුම්, හෙයාර් ජෙල් සහ හෙයාර් ඩයි සැෂේ ඇසුරුම්වලින් සිදුවන මෙම පරිසර විනාශය අවම කිරීම සඳහා පරිසර ඇමැති මහින්ද අමරවීර විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. 20/1457/321/002 දරන එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ මේ වසරේ සැප්තැම්බර් මස 15 වැනිදාය. එම කැබිනට් පත්‍රිකාවේ මාතෘකාව වූයේ “වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම”යනුවෙනි. මෙම තහනම මේ වසරේ (2021) ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාව නිකුත් කරනු ලැබූ අතර, ඊට කැබිනට් අනුමැතියද හිමිවිය.
    මෙම කැබිනට් පත්‍රිකාවට අදාළව මුදල් ඇමැතිවරයා විසින් නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කරනු ලැබීය. ඉන් එක් නිරීක්ෂණයක් වූයේ “කර්මාන්තයේ යැපෙන්නන්ට වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් වෙනුවට නැවත භාවිත කළහැකි විකල්පයන් සඳහා යොමුවීමට සහන සහ නිශ්චිත කාල පරාසයක් ලබාදෙමින් සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම”යන්නයි. ආහාර සහ ඖෂධ නොවන සියලු සැෂේ ඇසුරුම් නිෂ්පාදන තහනම් කරන බවට පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය විසින් දැනට මාස තුනකට වැඩි කාලයක සිටම කියා සිටියේය. නමුත්, සැෂේ ඇසුරුම් කර බෙදාහරින සමාගම් තවමත් සැෂේ ඇසුරුම් ආනයනය කරති.
    මෙරට එක්තරා සමාගමක් විසින් මේ වනවිට ෂැම්පු, හෙයාර් ඩයි මෙන්ම හෙයාර් ජෙල් ඇසුරුම් බිලියන 05ක් ගෙන්වා ඇතැයි එම සමාගම පසුගිය දිනක පරිසර ඇමැතිවරයාට දැනුම් දී තිබේ. සමාගම්වලට අවශ්‍යවී ඇත්තේ පරිසර හිතකාමී දෑ තුළ බහා සිය නිෂ්පාදන අලෙවි කිරීමට වඩා අධික ලාභයක් ඉපැයීමටය. එක් පෞද්ගලික සමාගමක් විසින් වරෙක පරිසර ඇමැතිවරයාට දැනුම් දුන්නේ අදාළ තහනම සඳහා සහන කාලයක් ලබා දෙන්නේ නම් ඇමැතිවරයාගේ හෝ පරිසර අමාත්‍යාංශයේ කටයුත්තකට රුපියල් මිලියන 25 ක් ලබාදීමට සූදානම් බවය. සමාගම්වලට අවශ්‍යවී ඇත්තේ පරිසරය වනසා හෝ සිය ලාභය උපයා ගැනීමටය.
    පරිසර ඇමැති මහින්ද අමරවීර හා මධ්‍යම පරිසර අධිකාරියේ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි. තහනමට අදාළව ගැසට් නිවේදනය කඩිනමින් මුද්‍රණය කිරීමට කටයුතු කරන ලෙස පරිසර ඇමැතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය. නමුත්, පෞද්ගලික සමාගම්වලට මාස තුනක පමණ සහන කාලයක් ලබාදීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත. පෞද්ගලික සමාගම් ඉහළ දේශපාලන අතු අල්ලාගෙන දැන් වාසිය තමා අතට පත්කරගෙන ඇති බව මින් තහවුරු වේ.
    මයික්‍රෝන 20 ට වඩා අඩු ලන්ච් ෂීට්,ෂොපින් බෑග් භාවිතය,විකිණීම,නිෂ්පාදනය තහනම් කරනු ලැබුවේ ඉකුත් 2017 වසරේ සැප්තැම්බර් මස පළමුවැනිදා සිටය.ගැසට් නිවේදනය නිකුත් කරන ලද මුල් කාලයේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් මයික්‍රෝන 20 ට වඩා අඩු ලන්ච් ෂීට්,ෂොපින් බෑග් අලෙවි කරන ස්ථාන වැටලීම් කරනු ලැබූවත්, අද වෙද්දී එම වැටලීම් සිදු නොකෙරේ. මයික්‍රෝන 20 නීතිය ලත් තැනම ලොප්වී ඇති අතර, මයික්‍රෝන 20 ට අඩු පොලිතින් නිෂ්පාදන බහුලව අලෙවි කිරීම සිදු කෙරේ.
    මයික්‍රෝන 20 ට වඩා අඩු ෂොපින් බෑග් නිෂ්පාදනවලට සිදු වූ දෙයම ෂැම්පු සැෂේ ඇසුරුම්වලටත් සිදුවේදැයි සැකයක් පවතී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සී.අමරසිංහ කියා සිටින්නේ මෙම නීතිය ක්‍රියාත්මකවීමෙන් පසුව කිසිසේත්ම සැෂේ ඇසුරුම්වල තිබෙන ජෙල්, ෂැම්පු ආදිය අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවය. සමාගම් ගෙන්වා තිබෙන සැෂේ ඇසුරුම් තොග අවසන් කිරීම සඳහා මෙම සහන කාලය ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. නමුත්, සැෂේ ඇසුරුම් මිලියන ගණනක් මෙරට වෙළෙදසල් තුළ ගබඩා කර පවතී. නීති පැනවූවද, සැෂේ අලෙවිය නතරවේ යැයි සිතිය නොහැකිය. නීති ක්‍රියාත්මක කරන්නේ නම්, එය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට පරිසර බලධාරීන් කටයුතු කළයුතුය. පෞද්ගලික සමාගම්වල දොල පිදේනිවලට යට නොවී නීති ක්‍රියාත්මක කිරීමට පරිසර බලධාරීන් සිය අවධානය යොමුකළ යුතුව ඇත. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් තහනම මෙන් සැෂේ ඇසුරුම් තහනමද ලත්තැනම ලොප් වීමය. මන්ද යත්,දොළ පිදේනි දී යක්කු නම්මා ගැනීමට සමාගම් බලධාරීන්ට මනා පුරුද්දක් තිබෙන නිසාවෙනි.
    සැෂේ ඇසුරුම් තහනම් කිරීමේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට නම් මධ්‍යම පරිසර අධිකාරියේ වැටලීම් කණ්ඩායම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද පවතී.

    Aluth wada(අළුත් දේවල්)

     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෙතන ඉන්න නාකි එළකිරි කුකුලන්ට මතක ඇති සමහර විට. ඒ කාලේ සැෂෙ පැකට් කියලා දෙයක් තිබ්බේ නැහැ. කිරිපිටි උනත් දඩ ටින්වල ආවේ. සිගරට් වගේ එව්වත් එහෙමයි. 2,000 න් පස්සේ වගේ තමයි පොඩි පොඩි පැකට් වල ආවේ හැම දේම. එක්කෝ මිනිස්සු හිගන බව සමාගම් දැන ගත්තේ ඊට පස්සේ වෙන්න ඇති.

    මට මතකයි ඒ කාලේ ඇන්කර් කිරි පිටි එහෙම ආපු ලොකු ටින්. පැකට් තිබ්බේ නැහැ. ඇදිහස කාපු උන් නැද්ද මේකේ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මෙතන ඉන්න නාකි එළකිරි කුකුලන්ට මතක ඇති සමහර විට. ඒ කාලේ සැෂෙ පැකට් කියලා දෙයක් තිබ්බේ නැහැ. කිරිපිටි උනත් දඩ ටින්වල ආවේ. සිගරට් වගේ එව්වත් එහෙමයි. 2,000 න් පස්සේ වගේ තමයි පොඩි පොඩි පැකට් වල ආවේ හැම දේම. එක්කෝ මිනිස්සු හිගන බව සමාගම් දැන ගත්තේ ඊට පස්සේ වෙන්න ඇති.

    මට මතකයි ඒ කාලේ ඇන්කර් කිරි පිටි එහෙම ආපු ලොකු ටින්. පැකට් තිබ්බේ නැහැ. ඇදිහස කාපු උන් නැද්ද මේකේ?
    ඇන්කර් කිරි පිටි එහෙම ආපු ලොකු ටින්. :yes: :yes:
    ඉස්සර නම් බිව්වා
    පිටි බොන එක නතර කරලා තියෙන්නේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    2020 - 12 - 06 අරුණ e-paper බලන්න.

    aruna.jpg


    aruna2.jpg
     
    • Sad
    Reactions: jayanathek

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මෙතන ඉන්න නාකි එළකිරි කුකුලන්ට මතක ඇති සමහර විට. ඒ කාලේ සැෂෙ පැකට් කියලා දෙයක් තිබ්බේ නැහැ. කිරිපිටි උනත් දඩ ටින්වල ආවේ. සිගරට් වගේ එව්වත් එහෙමයි. 2,000 න් පස්සේ වගේ තමයි පොඩි පොඩි පැකට් වල ආවේ හැම දේම. එක්කෝ මිනිස්සු හිගන බව සමාගම් දැන ගත්තේ ඊට පස්සේ වෙන්න ඇති.

    මට මතකයි ඒ කාලේ ඇන්කර් කිරි පිටි එහෙම ආපු ලොකු ටින්. පැකට් තිබ්බේ නැහැ. ඇදිහස කාපු උන් නැද්ද මේකේ?
    උබ කියන එක හරි මචන්,
    ඔය සැෂෙ පැකට් මිනිස්සු ගන් නැත්තම් කාලයත් එක්ක ඕවා හදන එක නවතිනවා, එහෙම නවතින් නැ කියන්නේ මිනිස්සු ගන්නවා.
    රටේ ආර්ථිකේ පිරිහෙද්දී මිනිස්සුන්ට එක වැර ලොකු ගානක් දීලා ලොකු ටින් ගන්ඩ අමාරු වෙනවා. එකයි ඔවා මිනිස්සු අතරට ඉකමනට යන්නේ.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සිරාවටම ඕවානම් සාපයක්. ලස්සන ගඟක්, ඇලක් දොළක් වැවක් තිබ්බොත් හතර වටේට ඇවිත් නාලා ගිය උන් සැශේ පැකට් දාලා. පුලුවන්නම් beer can, බෝතල් පවා අයින් කරලා. වෙන හොඳ solution එකකට යන්න ඕනේ. මොන හුට්ට කරන්නත් හරිහමන් පරිසර ඇමතියෙක් ඉන්න ඕනෙනේ.