තව ටික දවසක් ඉමු අපි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
තව ටික දවසක් ඉමු අපි

තව ටික දවසක් ඉමු අපි

කවදාවත් නොදුටු ඇය
හිත අද්දර සැඟව හිඳ
හමුවිය දවසක මට...

නොදැකම රුව මින් පෙර
යදිමින්ම සොඳුරු සඳ වත


දැනුණි මට විටෙක
මගේ උරුමක්කාරිය ලැබුණා සේ
හැඟිණ මට තව විටෙක
ඇයව තුරුළු කර ගන්නට සිත් සේ
ළංව උණුහුම රැඳී
මුවග සිපගනු රිසී


සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි
නිහඬ ගිම් පවස නිවා
සිත් අහස පිරිමැදූ බැව් මතකයි


හිඳින්න මා එන මග
තවත් මොහොතක් ඉදි කඩුලු නොබිඳ
මම එන්නම් දෝලාවෙන්
නුඹ රැගෙන යන්නට හනික
තුටු කඳුළු පිසලා
මා පිය ආශිර්වාද ලැබ
කැන්දන් යනු රිසිනා


එතෙක් නුඹ ඔතැනම
හිඳින්න නොසෙල්වී දැඩි හිතින
දේදුනුද මුකුලිතව තව
බලා ඉන්නා බැවින අප එන මග


සංකල්පනාව - මාලන් විදානපතිරණ