ඉන්ධන තොගයේ වටිනාකම ඇ.ඩො. මිලියන 52 යි.
නැව් ප්‍රමාද ගාස්තුව ඇ.ඩො. මිලියන 40 යි.
ගෙවිය යුතු මුළු මුදල ඇ.ඩො. මිලියන 92 යි.
ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක ප්‍රමාණයක් රැගෙන කොළඹ වරායට සේන්දු වූ නෞකාවකින්, අදාල ඩොලර් ගෙවීම් සිදු කර ඉන්ධන තොගය ගොඩ බෑමට නොහැකි වී දින 13 ක් තිස්සේ ප්‍රමාද වීම හේතුවෙන්, ප්‍රමාද ගාස්තු ලෙස අදාල නෞකාවට ඩොලර් මිලියන 40 ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.
නෞකාව විසින් රැගෙනවිත් ඇති ඉන්ධන තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 52 කි. ප්‍රමාද ගාස්තු ලෙස ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40 කි. ඒ අනුව, එම ඉන්ධන නෞකාව සදහා ගෙවා ඇති සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 92 කි.
රට උග්‍ර ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, රජයේ අකාර්යක්ෂමතාවය නිසා මෙසේ මුදල් නාස්ති කිරීම පිළිබදව ඛණිජතෙල් සංස්ථා සේවකයෝ දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කර සිටින බව වාර්තා වේ.
Code:
https://www.facebook.com/headlinenewslk/posts/975329856506061
රාජපක්ක පවුලට මේ වගේ ආතල් දාන්න තව ඩොලර් එවන්න හොඳේ

