තව දවසක් හමු වී ඉමු Keerthi Pasquel

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ

    මදපවනේ මුසු කෙරුවේ
    යළි නොඑනා මතක අපේ
    නිදි පැදුරේ ගෙවන පැයේ
    සිහි කෙරුවා සුවඳ ඔබේ
    ජිවිතේ පාළුයි මගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

    තරු දෙවැටේ පිපෙන සඳේ
    දුක වැඩලා ලොවට අපේ
    කිරි සයුරේ මුතු පතුලේ
    සැඟව ගියා මැණික මගේ
    ආදරේ ගීයක් වගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ