තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,502
    47,636
    113
    නයිට් ටයිම් ඩේටා සදහා අවසර නැහැ

    මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්.

    මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි.

    දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන ⁣මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එම ආයතන මගින් සිදු කර ඇති වැරදි වෙළඳපොල සන්නිවේදන උපක්‍රම හෙයින් බවත් ඔහු සඳහන් කළේ ය.

    මෙතෙක් කල් එම සමාගම් මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා ලබාදී ඇති data ප්‍රමාණයට මුදල් අය කිරීමක් සිදු කර නොමැති බව ඔහු පැවසීය. එම ප්‍රමාණය පාරිභෝගිකයෙකු data පැකේජයක් ලබාගැනීම සඳහා ගෙවනු ලබන මුදලට නොමිලේ ලබාදුන් අතිරේක data ප්‍රමාණයක් බවත් ඔහු පැහැදිලි කළේ ය.
    ඔහු සඳහන් කළේ, දුරකතන සේවා සපයන ආයතන මගින් දහවල් කාලය සඳහා ලබාදෙන ඩේටා සහ රාත්‍රී කාලය සඳහා ලබාදෙන ඩේටා ලෙස වෙන් කොට දක්වා එම ප්‍රමාණ දෙක එකට එකතු වූ පසු ලැබෙන ඩේටා ප්‍රමාණය සඳහන් කර වැරදි ලෙස වෙළඳ ප්‍රචාරණ සිදු කිරීමෙන් පාරිභෝගිකයාට මෙම ගැටලුව මතුව ඇති බව ය.

    එබැවින් තවදුරටත් දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාදෙන මෙම night time data පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවන බවත් පෙර පැවති එම සංකල්පය මින් පසු ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසී ය. “Night ඩේටා දීලා තියෙන්නේ ඇත්තටම ඒගොල්ලොන්ට ඒකට charge එකක් එන්නෙ නෑ.

    නමුත් මට හිතෙන්නේ පාරිභෝගිකයෙක් විදියට ඇයි අපි ⁣ගෙවපු ගාණෙන් 20GBක් 30GBක් හිර කරලා තියෙන්නේ 12 ඉඳන් 8 වෙනකල් කියලා. මොකද ඒක සාධාරණ ප්‍රශ්නයක්නේ.

    මෙතනදී වැරැද්ද වෙලා තියෙන්නේ මම හිතන්නේ අනවශ්‍ය විදියට මේක මාකටින් කමිනිකේෂන් එකක් වෙලා තියෙනවා. ඒක හරියට ම කියන්න තිබුණා ඔබතුමාලට දෙන්නේ 20 GBයි, මේ 20 GB දෙන්නේ free of charge මෙන්න මේ ⁣වෙලාවට කියලා. නමුත් මේක දෙක ම එකතු කරලා 40 GBක් 100GB ක් කියලා ඊට පස්සෙ කියනවා මේක 12 ඉඳන් 8 වෙනකම් යනවා කියලා.ඉතින් ඒක වැරදියි.
    ඒ marketing communication එක සම්පූර්ණයෙන් ම වැරදියි සේවා සපයන්නන් කරලා තියෙන දේ. අද වෙනකොට ගිය අවුරුදු 2ට කිසිදු night time, day time package එකක් අපි approve කරලා නෑ. ඒ concept එක ඉවරයි.” තව ද මේ වන විට ඒ ඒ සේවා සපයන ආයතන මගින් දහවල් සහ රාත්‍රී ලෙස වෙන් නොකරන ලද වඩා ලාභදායී data පැකේජ ලබාදී ඇති බවත් එම ආයතනවල වෙබ් අඩවි වෙත ගොස් තමාට අවශ්‍ය නව පැකේජයකට මාරු වීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

    “දැන් වෙනකොට මේ අවුරුදු දෙකේ බැලුවොත් එහෙම daytime packages ඔක්කො ම තියෙනවා. දැන් ගිහින් බලන්න ඒ සේවා සපයන්නන්ගේ web අඩවිවලට තමන්ගේ තියෙන package වලින් මාරුවෙන්න පුළුවන්. තව තව හොඳ package තියෙනවා. මේ අවස්ථාව අරගෙන යන්න. Data packages ගොඩක් තියෙනවා.


    https://www.gossiplankanews.lk/නයිට්-ටයිම්-ඩේටා-සදහා-අවස/
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    dan ethakota kawuda waradi?

    connection gattu apida?
    මෙතන නම් කියන්නේ ISP ල එකතුව මාකට් කරපු එක වැරදි කියල

    උදා: SLT Web family plus 100GB කිව්වට ඇත්තට ම 40GB වලට 1490 ගන්නෙ, ඉතුරු 60 රෑ 12-8 දෙන Free data

    මෙතනදී වැරැද්ද වෙලා තියෙන්නේ මම හිතන්නේ අනවශ්‍ය විදියට මේක මාකටින් කමිනිකේෂන් එකක් වෙලා තියෙනවා. ඒක හරියට ම කියන්න තිබුණා ඔබතුමාලට දෙන්නේ 20 GBයි, මේ 20 GB දෙන්නේ free of charge මෙන්න මේ ⁣වෙලාවට කියලා. නමුත් මේක දෙක ම එකතු කරලා 40 GBක් 100GB ක් කියලා ඊට පස්සෙ කියනවා මේක 12 ඉඳන් 8 වෙනකම් යනවා කියලා.ඉතින් ඒක වැරදියි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.

    මටත් පේන හැටියට දැන් ISP ලා නිකන් දුන්න night ටිකටත් ගාන කපයි වගේ.. අහෝ ඛේදයකි ඉරකි තිතකි මල් වැලකි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මුන් ටික නයිට් ටයිම් නිකන් නෙමේ දුන්නෙ කියලා ඒකටත් ගානක් ගනීද බන්... හරියට ස්පීඩ් එකවත් නැති එකේ එහෙම වැඩක් කලොත්නම් dialog එකේ උන්ට ගූ ගහනවා ගිහින්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මුන් ටික නයිට් ටයිම් නිකන් නෙමේ දුන්නෙ කියලා ඒකටත් ගානක් ගනීද බන්...

    ඉස්සෙල්ලම වෙනස් කරන කෙනාට කෙළවෙනවනේ

    dn ethakota night time data tikata mkd wenne
    Ewage nama wenas karala "Free data" kiyala
    ------ Post added on Oct 16, 2021 at 5:40 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,827
    113
    ඔතන වෙන්නේ මෙච්චරයි. මෙච්චර දවසක් කරපු බොරු මාර්කටින් වැඩ නවතිනවා. SLT තමා ඕක ලොකුවට කලේ ඩයලොග් ඒකේ ගානට ඒ වගේ දෙතුන් ගුණයක් වැඩිපුර දෙනවා කියලා මාර්කටින් කලා. දැන් එහෙම කරන්න බැහැ.
    බොරුවට බව නොවී හිටපල්ලා. එක ඔතන තරඟයක් තියනවා. ගනන් වැඩි කරන එකා ඉවරයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,864
    113
    Colombo, Sri Lanka
    මුගේ මෙච්චර කල් තිබ්බ කෝමා එක හොද උනේ මොන දොස්තර මහත්තයාගේ බෙහෙත් අරන්ද දන්නේ නැහැ. ඔව්වට කලින් අනුමැතිය දුන්නේ ඉතින් බුද්ධ සාසන අමත්‍යන්සෙන්ද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.
    ඇත්තටම මෙතන නැති ප්‍ර්ශ්නයක් ගදලා night time data ටිකට කෙලින්න යන්නේ. ඔය කියන විදිහට මමනම් දැකලා නෑ බොරු කරලා විකුනනවා. පැහැදිලිව site වල දාලා තියනවනේ.

    මෝඩ බයියෝ ටිකක් ෆෝම් වෙලා ඕකට කෑගහ ගහ හිටියා fb එකේ. අන්තිමට නිකන් දුන්න එකත් නැති උනා.