ඊශ්‍රායල හමුදාව තමන් උතූරු ගාසා තීරයේ පිහිටි ගාසා නගරය ගොඩබිමින් වටකර ගැනීමට සමත් වූ බව ඊයේ නිවේදනය කලා. ඔවුන් සදහන් කලේ උතුරු කෙලවරේ මෙහෙයුම් ගාසා නගරයේ උතුරු කෙලවර දක්වාද, නගරයට දකුණින් නැගෙනහිර දෙසින් ඇතූළු වූ ඊශ්‍රායල් හමුදා කන්ඩායම් ගාසා තීරය හරහා මධ්‍යධරණී මුහුද දක්වා ද ගමන් කර ඇති බවයි.
විවිධ වාර්ථා අනුව පෙනෙන්නට ඇත්තේ ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලට තවමත් ඊශ්‍රායල හමුදා ඇතුළු වී නොමැති බවයි. ඔවුන් ගාසා නගරයට උතුරින් සහ දකුණින් ඇති ජන ඝනත්වයෙන් අඩු ප්‍රදේශ හරහා ගමන් කර ඇති නමුත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිදු වූ සුන්බුන් වලින් පිරුණු ගාසා නගරබද සටන් තවමත් ඇරඹී නැත. ඊශ්‍රායල හමුදාවට මුහුණදීමට නියමිත විශාලතම අභියෝගය මෙම නගරබද සටන්ය.
ඉතා සංකීර්ණ උමං පද්ධති ජාලාවකින් සමන්විත යැයි පැවසෙන ගාසා තීරය තුල පිහිටි ගාසා නගරය පොළොව මතුපිටින් වට කිරීමෙන් නගරය තුල රැදී සිටින හමාස් සමාජිකයන්ට විශාල බලපෑමක් කල හැකිද යන්න ගැටලුවකි.
ගාසා තීරයේ මෙහෙයුම් නතර කිරීම සදහා ඊශ්‍රායලයට තමන් සිකුරාදා (අද) සවස 3 වන තෙක් කාලය ලබා දෙන බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය නිවේදනය කලේ පසුගිය සඳුදා ය. එම කාලය ඉක්මයෑමට නියමිත අද සවස් යාමයේ හිස්බුල්ලා නායකයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත අතර එය ඇතැම් විට ඊශ්‍රායලයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීම විය හැකිය. මේ ප්‍රකාශය පිළිබදව මේ වන විට ලොව පුරා විශේෂ අවධානයක් යොමු වී ඇත.
එක්සත් ජනපද බුද්ධි තොරතුරු අනුව රුසියාවේ නිශ්පාදිත SA-22 ගුවන් ආරක්ෂණ පද්ධති හිස්බුල්ලා සංවිධානය වෙත ලබා දීමට සිරියාවේ ස්ථාන ගතව සිටින රුසියානු වැග්නර් කණ්ඩායම් සහ සිරියානු ජනාධිපති අසාද් මැදිහත් වී ඇතැයි Wall Street Journal සදහන් කර ඇත.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන්ට පහර දීම සඳහා හිස්බුල්ලා කණ්ඩායම් වලට සහය වීම පිණිස සිරියාවේ රැදී සිටි ඉරානයේ ඉමාම් හොසේන් මිලීෂියාවේ ප්‍රරහාරක කණ්ඩායම් දකුණු ලෙබනනයේ ස්ථාන ගතව සිටින බවයි.
ඊශ්‍රායලය ආසන්නයේ මධ්‍යධරණී මුහුදේ රැදී සිටින ඇමරිකානු ගුවන් යානා හාරක නෞකා දෙකක් කේන්ද්‍ර කර ගත් නාවික ප්‍රහාරක ඒකක දෙකට අමතරව තවත් ඇමරිකානු නාවික ප්‍රහාරක කණ්ඩායමක් රතු මුහුදේ සූවස් ඇළ ආසන්න ප්‍රදේශයේ ස්ථාන ගත කර ඇත. එසේම ඇමරිකානු සහ නේටෝ ඔත්තු බැලීමේ යානා යොදාගෙන කලාපයේ කෙරෙන ඔත්තු බැලීම් කිහිප ගුණයකින් ඉහළ දමා ඇත.
ඉතා කෙටිකාලයක් තුල ඉරාකයේ පිහිටි සියළුම ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට තමන්ට එරෙහි ඉස්ලාමීය ත්‍රස්ථවාදී කණ්ඩායම් සූදානම් වී සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ඇමරිකානු බුද්ධි සේවා තොරතුරු වාර්ථා කල බව සඳහන්.
බහරේනය එරටින් ඊශ්‍රායල තානාපතිවරයා නෙරපා හැර ඊශ්‍රායලය සමඟ ක්‍රියාත්මක ආර්ථික සහයෝගිතා වැඩසටහන්ද නවතා දමා ඇති බව කියයි. රුසියාව ඊයේ ගාසා වැසියන් සදහා වූ තවත් ටොන් 27ක මානුෂීය ආධාර තොගයක් ගුවන් යානා 3ක් මගින් ඊජීප්තුවට එවා ඇත. ඒ අතර ඇමරිකාව ඊශ්‍රායලට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 14කට වැඩි යුධ ආධාර ලබා දීම සදහා වූ කෙටුම්පතක් එරට කොංග්‍රසයේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබේ.
සමස්තයක් ලෙස දැන් මැදපෙරදිග කලාපය ඇත්තේ පුපුරා යෑමට ආසන්න ගිණි කන්දක් ලෙසය. ලෝකයටම අහිතකර ලෙස බලපෑ හැකි මහා විනාශකාරී සිදුවීම් පෙලක් සිදුවන්නට ඇතැම් විට අවශ්‍ය විය හැක්කේ ඉතා සුළු සිද්ධි දෙක තුනක් පමණි.

Last edited:
according to CNN/ NY Times Ukraine raided whole russian land year ago