තහනම් ආදරය ඇත්තේ කොහිද?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
තහනම් ආදරය ඇත්තේ කොහිද?

ඡායාරූප ශිල්පියකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රොබින් හැමන්ඩ් විසින් සමලිංගිකභාවය නීතිවිරෝධී වන රටවල්වල ජීවත් වන සමලිංගික යුවල් යොදාගනිමින් ඡායාරූප මාලාවක් සකස් කර තිබේ.

සමලිංගික ප්‍රජාව විවිධ ආකාරයේ හිංසා පීඩවලට ලක්වීම වැළැක්වීම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ඡායාරූප එකතුව ඔහු 'වෙයා ල්ව් ඊස් ඉල්ලීගල්' ( Where Love is Illegal) ලෙස නම් කර තිබේ.

උප සහරා අප්‍රිකානු ප්‍රදේශයන්හි මානම් හිමිකම් ගැටළු පිළිබඳ ඡායාරූප රැස් කරමින් සිටියදී ඔහුට සමලිංගික ප්‍රජාවට සිදුවන නොයෙකුත් වධ හිංසා වල වර්ධනයක් ඔහුට හඳුනා ගැනීමට හැකිවී ඇත. ඒ අනුව ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ දරුණු අත්දැකීම්ද එක්කොට ඔහු මෙම ඡායාරූප එකතුවන් සකස් කර තිබේ.

2F6FE35500000578-3364162-image-a-3_1450360255632.jpg

උගන්ඩාවේ වෙසෙන J සහ Q විවාහක සමලිංගික යුවලකි.කෙසේවෙතත් උගන්ඩාව ඔවුන්ගේ විවාහය පිළිනොගනියි. එරට කාන්තා සමලිංගිකත්වය සුව කළ යුතු රෝගයක් ලෙස සැළකෙන අතර සමාජය තුල පවත්නා එවැනි දැඩි මතයන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ සොයුරියන් ලෙස පෙනී සිටියි. ඔවුන්ව වාචිකව හිංසාවට ලක් කරන ඇතැම් පිරිමින් තවත් කන්තාවකට කැමති වීමේ මෝඩකම නැති කිරීමට ඔවුන්ව දූෂණය කළ යුතු යැයි පැවසූ අවස්ථාද තිබී ඇති බව ඔවුන් හෙළි කර තිබේ.


2F6FE01500000578-3364162-image-m-6_1450361126312.jpg
දකුණු අප්‍රිකාවේ ජීවත් වන ඔල්වෙටු සහ ටොම්බොසුකෝ එක්වී මේ වනවිට මාස 8ක් ගතවී ඇති අතර ඔවුන් විවාහ වීමට බලාපොරොත්තු වෙයි. ඔවුන්ගේ ලිංගිකත්වය හේතුවෙන් ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයදීම පහරකෑම් වලට ලක්ව තිබේ. පසුගිය වසරේ ඇයව මංකොල්ලකා ඇයට පිහියෙන් ඇන තුවාල සිදුකළ බව ඔල්වෙටු පවසා ඇති අතර ටොම්බොසුකෝද ඇගේ ලිංගිතවය හේතුවෙන් පිහි ඇනුමකට ගොදුරක් බවට පත්ව තිබේ.

2F6FE36E00000578-3364162-image-m-9_1450361972315.jpg

රුසියාවේ ශාන්ත පීටස්බර්ග් නගරයේ වෙසෙන O සහ D ජෑස් සංගීත සංදර්ශනයකට නිමවී ආපසු පැමිණෙමින් සිටියදී පහරදීමකට ලක්වී තිබේ. පහර දීම වළක්වා ගැනීමට O ඔවුන් සොයුරියන් බව පැවසීමට උත්සාහ කළද ඔවුන් දෙදෙනා සිප ගන්න අයුරු දුටු බව පැවසූ පිරිමින් දෙදෙනා ඔවුන්ට දිගින් දිගටම පහර දී තිබේ. එම සිදුවීම සිහිකරන O පවසන්නේ ඇය වඩාත්ම බියට පත්වූයේ ඇගේ ආරක්ෂාව පිළිබඳව නොව ඇය අාදරය කළ තැනැත්තියගේ අාරක්ෂාව පිළිබඳව බවයි.


2F6FE05A00000578-3364162-image-m-13_1450363002144.jpg
මැලේසියාවේ වෙසෙන මිච් යුස්මර් සංක්‍රාන්තික ලිංගික පුරුෂයෙක් වන අතර ඔහුගෙ බිරිඳ වන ලලිතා අබ්දුල්ලා සමඟ ඇති සම්බන්ධය නීතිමය වශයෙන් පිළිනොගැනේ. ඒ හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ගේ නීතිමය වශයෙන් පිළිගත් භාරකරු වන්නේ ලලිතායි. මිච් සිය දරුවන්ගෙන් ඇත්වීමට සිදුවෙතැයි හෝ ලලිතාට යමෙක් හිංසා කරතැයි සිතමින් නිරන්තරයෙන් බියෙන් පසුවෙයි.

2F6FE04500000578-3364162-image-m-16_1450363412650.jpg

සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් වන නයෝමි සහ ඩොලරස් දිනපතාම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පහර දෙයි. ඔවුන් මාස 18ක් සිරගෙයක සිට ඇති අතර එරට නීතිය යටතේ ඔවුන් වසර 5ක සිරදඬුවමකට යටත්ව සිටියදී මානව හිමිකම් නීතිඥයෙකු වන ඇලිස් කොම් විසින් ඔවුන්ව නිදහස් කරගැනීමට සමත්ව තිබේ.


2F6FE34100000578-3364162-image-m-19_1450364253475.jpg
රිහානා සහ කිම් උගන්ඩාවේ වෙසෙන සමලිංගික යුවලකි. වසර 2014 ජනවාරි මාසයේදී ඔවුන්ගේ ගෙහිමියා ඔවුන්ව නිවසින් ඉවත් කර ඇති අතර ඉන්පසු ඔවුන්ගේ අසල්වැසියන් ඔවුන්ට පහර දී තිබේ.පසුව අත් අඩංගුවට පත්වූ ඔවුන් දෙදෙනා දඬුවම් පමුණුවන තුරු පොලිස් නිලධාරීන්ගේ විවිධ වධ හිංසා වලට ගොදුරු වී තිබේ.සිරගෙය තුලදී ද ඔවුන්ව දිනපතා පහර කෑමට ලක්වී ඇති අතර දැඩි අත්වැඩ වලට නිරත වීමටද ඔවුන්ව බලහත්කාරයෙන් යොදවා ඇත.

2F6FE38900000578-3364162-image-m-22_1450365409845.jpg

පිරිමි සහ ගැහැණු දෙවර්ගයම ලෙස හඳුනාගන්නා ලිංගික අනන්‍යතාවයෙන් යුත් රුසියානු ජාතික දාර්යා සිය නිවස කරා පැමිණෙමින් සිටියදී මුහුණ ආවරණය කරගත් පිරිසක් විසින් ඇයට බෙස්බෝල් පිත්තකින් පහර දී පිහියකින් ඇන තිබේ. සමලිංගික අයිතීන් වෙනුවෙන් සටන් වදිමින් සිටි ඇය මේ ප්‍රහාරයන් මරණාසන්න වී ඇති අතර පසුව කලක් සැඟවී ජීවත්ව තිබේ.


2F6FE36100000578-3364162-image-m-25_1450365853498.jpg
තවත් පිරිමි ළමයෙකි සමඟ ඇසුරක් පැවැත්වීම හේතුවෙන් පාසලින් ඉවත් කරන ලද උගන්ඩාවේ කමාරා ඇපලෝ සිය පවුලෙන්ද ඉවත් කරන ලදුව ලිංගික ශ්‍රමිකයෙකු සහ සමලිංගික පුරුෂයින්ගෙ අයිතින් වෙනුවෙන් සටන් වදින්නෙකු ලෙස මේ වනවිට ක්‍රියාකරයි. ඔහු සමලිංගිකයින්ට බියක් දක්වන පුද්ගලයින් අතින් වධහිංසාවට ලක්වී ඇති අතර පොලිස් නිලධාරින් ඔහුගේ අත් පා බැඳ දමා විවිධ ආකරයෙ හිංසා පීඩා සිදු කර තිබේ.

2F6FDFFD00000578-3364162-image-m-28_1450366370909.jpg

දකුණු අප්‍රිකාවේ වෙසෙන බොනිව් සියතින් දරා සිටින්නේ ඇයගේ දියණියගේ ඡායාරූපයයි. ඇයව පහරදී, දූෂණය කොට මරා දමා ඇත්තේ ඇය සමලිංගික කාන්තාවක් වීම හේතුවෙනි.

2F6FDFE500000578-3364162-image-m-31_1450367010081.jpg

නසේ ෆ්ලැවියර් බුරුන්ඩි රාජ්‍යයේ සිට දකුණු අප්‍රිකාවට ගමන් කළේ සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් ලෙස ඇයට එරටදීවත් පිළිගැනීමක් ලැබේවී යන අරමුණෙනි. එහෙත් දූෂණයට ලක්වූ ඇයට නිවසක් පවා අහිමි අතර ඇය කුඩා කාලයේදී පවා ගුරුතුමා ඇය ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යැයි විමසූවිට ඇය නිරුත්තර වූ බව නසේ පවසයි.


giphy.gif
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Tfs:)oka kawadawth iwara karanna puluwun problem ekak nimei:nerd:
    Thama rep denna belu:(
     
    Last edited: