තහනම් කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය &quo
තහනම් කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිගහැරේ; ස්ත්‍රී දූෂකයා හඳුනාගන්න
“උසාවිය නිහඬයි” නිර්මාණය තුළ ප්‍රතිනිර්මාණය කර තිබෙන මෙම කතාව සිනමා ශිල්පී ප්‍රසන්න විතානගේ මහතා ගෙන ඇත්තේ රාවය කතෘවරයාවන ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ලියූ “නොනිමි අරගලය” කෘතියෙන්.
චිත්‍රපටය තහනම් කිරීමත් සමග මෙම අතීත කතාව පිළිබඳව නැවත පුළුල් කතාබහක් ඇති වී තිබෙන්නේ නිරායාසයෙන්.
“උසාවිය නිහඬයි” උණුසුම අතරතුරම මෙම සිනමා නිර්මාණයට පාදක වූ සත්‍ය කතා පුවතෙහි සත්‍ය හෙළිදරව්කරු වූ වික්ටර් අයිවන් මහතා ආන්දෝලනාත්මක ලිපියක් ලියා ඇත්තේ මේ සම්බන්ධ බොහෝ කරුණු හෙළි කරමින්.
මතභේදාත්මක සංවාදයකට තුඩුදිය හැකි කරුණු බොහොමයක් මෙම ලිපියෙහි අන්තර්ගතවන අතර එම සම්පූර්ණ ලිපිය පහතින් කියවිය හැකියි.
ශ්‍රී ලංකාවේ ආයතන ක‍්‍රමය සමග එම ආයතන ක‍්‍රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම මා ඉගෙන ගත්තේ සරත් නන්ද සිල්වා ආශ‍්‍රයෙනි. නාමධාරී හොඳ පාසල් හැමවිටම හොඳම මිනිසුන් බිහි නොකරන බව හා සමහරවිට ඉතාමත් නරක මිනිසුන් බිහිකරන බව සනාථ කිරීම සඳහා එස්.එල්. ගුණසේකර සිය මරණයට පෙර ලියා පළ කරන ලද සිය මතක සටහන් ඇතුළත් පොතේ නිදර්ශනයට ගෙන ඇත්තේද සරත් නන්ද සිල්වාය. මට මෙම පුද්ගලයා ගැන කරුණු සොයා බලන තැනකට යන්නට සිදුවූයේ මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක නිසාය.
අසූචිවලින් ගැසීම
මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක තමන් ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරුවන් වී සිටි අඹුසැමි යුවළකගෙන් ස්වාමිපුරුෂයාට දිගින් දිගට ඇප නොදෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ආධාරයෙන් එම විත්තිකරුගේ බිරිඳ රවටා ඇය මහේස්ත‍්‍රාත්වරයාගේ නිල රියෙන් ගම්පොළ තානායමට ගෙන ගොස් දූෂණය කළේය. අත් අඩංගුවේ සිටි ස්වාමිපුරුෂයා මහේස්ත‍්‍රාත්වරයාගේ එම ක‍්‍රියා කලාපය කෙසේ හෝ බිරිඳගෙන් අසා දැනගත්තේය. ඔහු මහේස්ත‍්‍රාත්වරයාගෙන් පළිගත්තේ ඊළඟ නඩු දිනයේදී මහේස්ත‍්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි ප‍්‍රහාරයකිනි. ඔහු බෝගම්බර රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන විට පොලිතින්වල ඔතන ලද අසූචි බෑග් දෙකක්ද රැුගෙන ආවේය. උසාවියේ කටයුතු සිදුවෙමින් තිබියදී විත්ති කූඩුවෙන් බිමට බැස මහේස්ත‍්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි බෑගය විදුලි පංකාවේ වැදී එය අසූචි විදින යන්ත‍්‍රයක් බවට පත්වී උසාවියේ සිටි බොහෝ දෙනෙකු අසූචිවලින් නැහැවෙන තත්ත්වයක් ඇතිවී තිබේ. රිමාන්ඞ් සිරකරුවා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන ඊළඟ අසූචි බෑගයෙන් මහේස්ත‍්‍රාත්වරයාගේ ඔළුවට ගැසුවේය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ රිමාන්ඞ් සිරකරුවා බිහිසුණු පහරදීමකට ලක්වීමය.
සිරුකරුවාගේ අතපය කැඩෙන තෙක් පොලූ මුගුරුවලින් උසාවි බිමේදී කරන ලද තිරිසන් පහරදීමට අසූචි සෝදාගෙන වෙනත් ඇඳුමක්ද ඇඳගෙන පැමිණි මහේස්ත‍්‍රාත්වරයාද ක‍්‍රියාකාරී ලෙස සහභාගි වී තිබුණි. තුවාලකරුවා භාරගැනීමට මහනුවර බන්ධනාගාරය කැමති නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට ඔහු මහනුවර රෝහල් ගතකිරීමට සිදුවිය. රිමාන්ඞ් සිරකරුවා තමන්ගේ සම්පූර්ණ කතාව තමන්ට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයාට කීවේය. ඔහු එම කතාව අසා පුදුමයට පත්වන්නට ඇති බවට සැකයක් නැත. වෛද්‍යවරයා මෙම අනුවේදනීය සිද්ධිය එකල තිබූ මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප‍්‍රධානියාට දැනුම් දුන්නේය. ඔහු රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඞ් සිරකරුගෙන් කටඋත්තරයක් ගෙන පරීක්ෂණයක් ආරම්භ කළේය. ගම්පොළ තානායමට ගොස් මේ කියන දිනයේ තානායමට මෙම මහේස්ත‍්‍රාත්වරයා පැමිණ තිබුණේ දැයි සොයා බැලූවේය. තානායමේ වාහන පොත පරීක්ෂා කිරීමේදී මහේස්ත‍්‍රාත්වරයාගේ නිල රථය එහි පැමිණ තිබෙන බව සොයා ගත්තේය. ඉන්පසු ඔහු පහර කෑ බිරිඳගෙන්ද කටඋත්තරයක් ගත්තේය. ඒ සමග නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම වෙත ඇය යවා මහේස්ත‍්‍රාත්වරයාට එරෙහිව අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට විධිමත් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
මා වෙත මෙම කාන්තාව එවා තිබුණේ එකල මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළ පහරකෑමට ලක්වූ රිමාන්ඞ් සිරකරුවාගේ පරීක්ෂණය භාරව ක‍්‍රියා කළ නිලධාරියාය. මෙම නිලධාරියා හා මා අතර කිසිදු දැනහැඳුනුම්කමක් නොතිබුණි. සමහරවිට ඔහු රාවයේ පාඨකයෙකු විය හැකිය. මේ සිද්ධියෙන් ඔහු කම්පාවට පත්ව සිටියාද විය යුතුය. මා මෙම සිද්ධියට අත ගැසුවහොත් ඇයට ඉක්මනින් යුක්තිය ඉටුකරවා ගැනීමට හැකිවනු ඇතැ’යි ඔහු විශ්වාස කළ බව පෙනේ. තමන් කරන පරීක්ෂණවලට බොහෝ කාලයක් ගතවිය හැකි බැවින් මා හමුවී ඇගේ කතාව මට කියන ලෙස ඇයට උපදෙස් දී තිබුණේ ඔහුය.
ඇය කියන ලද කතාව ඇසීමෙන් මා තුළද කම්පනයක් ඇතිවිය. මා පුවත්පතේ පළකරන මුල් පුවතක් ලෙස ඇගේ කතාව කරළියට ගෙනාවේ මෙම දූෂිත විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ බලධාරීන් කරුණු සොයා බලා ඔහු අතින් බරපතළ වරදක් සිදුවී ඇත්නම් ඔහුට දඬුවම් කරන අතරම මෙම කාන්තාවට හා ඇගේ ස්වාමිපුරුෂයාට යුක්තිය ඉටුකරනු ඇතැ’යි කියන අහිංසක චේතනාවෙන් යුතුවය.
එසේ කිරීමෙන් මා අපේක්ෂා කළ දේ සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ අවසානයක් නොපෙනෙන බිහිසුණු හා දිග්ගැස්සුණු අරගලයකට මා තල්ලූවීමය. ලංකාවේ ජනමාධ්‍ය කොතරම් දූෂිතද යන්න මා තේරුම් ගත්තේද එම අරගලයේ කටුක අත්දැකීම් ආශ‍්‍රයෙනි. මා මෙම පුවත පළ කළ දිනයේ සිටම පුවත්පත් දෙකක් මෙම ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාට ලොකු චරිත සහතික දෙමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඉන්පසු ඒ පෙරහැරට රූපවාහිනී නාලිකා ගණනාවක්ද එකතු විය.
නීතියේ කන්‍යාවිය ඉදිරියේ දුෂණයට ලක්වුවෝ