ත්‍රස්තවාදයේ මිතුරා - තුර්කිය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ත්‍රස්තවාදයේ මිතුරා - තුර්කිය

    kdHKzES.jpg

    සිරියාව සහ ඉරාකය තුල ඇතුලු බටහිර සහාය ලබන ත්‍රස්තවාදීන්ට එරෙහිව පාබල සටන් සිදුකරන්නේ කුර්දි ජාතිකයන් සහ සිරියානු ජනපතිට පක්ෂපාතී හමුදා පමණි.පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සිරියානු ජනපතිගේ ආරාධනයෙන් රුසියාව ISIS,නිදහස් සිරියානු හමුදාව ආදී ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කෙරිණි.රුසියානු ප්‍රහාර නිසා ත්‍රස්තවාදීන් පසුබැස යද්දී සිරියානු හමුදාව ත්‍රස්තවාදීන්ගෙන් සිරියානු භූමිය ක්‍රමයෙන් මුදාගනිමින් සිටියි.

    සිරියාවේ සහ ඉරාකයේ ISIS ඉලක්ක වෙත තමන් ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකාව කියා සිටියත් ඔවුන් මෙතෙක් එල්ල කල ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන්ට සැලකිය යුතු හානියක් සිදුනොවීය.ඔවුන්ගේ එම ගුවන් මෙහෙයුම්වලට ප්‍රංශයේ සහ තුර්කියේද සහාය ලැබුණි.

    නමුත් සැබවින්ම ඇමෙරිකාව සහ තුර්කිය ISIS ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරනවාද?ISIS ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම යනු තුර්කිය තම න්‍යාය පත්‍රයට විරුද්ධව යාමකි.සත්‍යය නම් ISIS ත්‍රස්තවාදීන්ගේ ළඟම මිතුරා තුර්කිය බවයි.මෙය කාලයක් තිස්සේ ලෝකයම දැන සිටි ප්‍රසිද්ධ රහසකි.තමන් පහර දෙන්නේ ISIS ත්‍රස්තවාදීන්ට නොව ඔවුන්ගේ සතුරන් වන කුර්දි හමුදාවලට බව තුර්කිය සනාථ කර තිබෙන්නේ පසුගිය සමයේ කුර්දි හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.සිරියාවේ සහ ඉරාකයේ උතුරු දිග ප්‍රදේශවල බලය ISIS ත්‍රස්තවාදීන්ට සම්පුර්ණයෙන්ම තහවුරු කරගන්නට නොහැකිව තිබෙන්නේ කුර්දි ජාතික සටන්කාමීන්ගේ ධෛර්ය සම්පන්නබාවය හේතුවෙනි.තුර්කිය සුන්නි මුස්ලිම් රාජ්‍යයකි.ISIS යනු සුන්නි අන්තවාදීන්ගෙන් සැදුම්ලත් ත්‍රස්ත සංවිධානයකි.තුර්කියේ කුර්දි සම්භවයක් සහිත ජනයා තුර්කිය තුල ස්වයංපාලනය සහිත ප්‍රදේශයක් වෙනුවෙන් අරඟලයක නිරතව සිටියි.කලින් කලට තුර්කිය මෙම කුර්දි අරගලය මැඩලීමට හමුදා බලය පාවිච්චි කරන ලදි.සිරියාව සහ ඉරාකය තුල කුර්දි ජාතිකයන් ISIS සංවිධානයට තිබෙන බාධාවකි.


    සිරියාව සහ ඉරාකය තුල ISIS ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශවල බොර තෙල් නිෂ්පාදනය සිදුවේ.එම තෙල් නිධිවල අයිතිය තිබෙන්නේ ISIS ත්‍රස්තවාදීන් සතුවයි.තෙල් විකිණීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි.නමුත් ISIS ත්‍රස්තවාදීන් සමග වෙළඳ ගනුදෙනු කරන්නේ කුමන රාජ්‍යයද?ඒ තුර්කිය බව ප්‍රසිද්ධ කරුණකි.


    තුර්කිය ත්‍රස්තවාදයට විරුද්ධව කොන්දේසි විරහිත සටනක නිරත වන්නේ නම් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන රුසියාවේ ගුවන් යානයක් ගුවන් සීමා උල්ලංඝනය කලේ යැයි කියමින් විනාශ කර දැමුවේ ඇයි? ඔවුන්ගේ කෝපයට හේතුව ගුවන් සීමා උල්ලංඝනය කිරීමද?

    ඇමෙරිකාව ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කල ගුවන් ප්‍රහාර මාලාවට තුර්කිය එක්වන්නේ පසුගිය ජූලි මාසයේදීය.නමුත් තුර්කිය තම ප්‍රහාරවලින් 80%කට වඩා එල්ල කලේ උතුරුදිග සිරියාව සහ වයඹදිග ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන කුර්දි සටන්කාමීන්ට එරෙහිවයි.සැබවින්ම තම මිතුරාවන ISIS සංවිධානයට පහරදීම තුර්කියේ න්‍යාය පත්‍රයට විරුද්ධව යෑමකි.


    7wxp27i.jpg

    මිසයිල ප්‍රහාරයට ලක්වූ රුසියානු Su-24M යානය කඩා වැටුණු පසු


    රුසියානු ප්‍රහාරක යානය බිම දැමීම ඔස්සේ තුර්කිය බලාපොරොත්තුවන්නේ කුමක්ද?රුසියාව තුර්කියේ මිතුරා වන ISIS සංවිධානයට වැරෙන් පහරදීම ඇමෙරිකාව මෙන්ම තුර්කියද අනුමත නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.රුසියාවේ ප්‍රහාර හමුවේ සිරියානු විරෝධී ත්‍රස්ත කණ්ඩායම්වලට ප්‍රබල හානි සිදුවිය.පසුගිය මස රුසියානු මගී ගුවන් යානය බිම හෙළීම ඔස්සේ ISIS ත්‍රස්තවාදීන් රුසියාව තවත් කෝප ගන්වා තිබේ.එහි ප්‍රථිපලය වයඹදිග ඉරාකයේ ISIS සංවිධානයේ තෙල් ගබඩාවලට රුසියානු ප්‍රහාර එල්ල වීමයි.මේ නිසා ISIS සංවිධානයේ තෙල් ගැනුම්කරුවා කලබලයට පත්වන්නට ඇති.දැන් තුර්කිය රුසියාවට එරෙහිව ISIS සංවිධානයේ ගුවන් ආරක්ෂකයා බවට පත්ව තිබෙන බවක් පෙනෙන්නට තිබේ.


    VMQFd0k.jpg

    සිරියාවේ බෂාර් අල් අෂාඩ් රජයට එරෙහිව සටන්වදින තුර්කි ජාතිකයන්ගෙන් සැදුම්ලත් ත්‍රස්ත කණ්ඩායමක් ගුවන් යානා නාශක තුවක්කුවක් සමග


    නේටෝ සාමාජිකයෙන් වන තුර්කිය මෙම ප්‍රහාරය ඔස්සේ රුසියාවේ ප්‍රතිචාරය කුමක්දැයි පරීක්ෂාවට ලක් කරන්නට ඇති.ඒ ඔස්සේ යමින් රුසියාවට එරෙහිව අනෙකුත් නේටෝ සාමාජිකයින් රුසියාවට එරෙහි ඉරියව්වකට ගෙන ඒම තුලින් ISIS ත්‍රස්තවාදීන්ට එරෙහි රුසියානු ගුවන් මෙහෙයුම් කඩාකප්පල් කිරීම තුර්කියේ අභිප්‍රාය වන්නට පුලුවනි.





    තුර්කිය සමග සියලුම හමුදාමය සම්බන්ධතා නවතා දමන්නට රුසියාව තීරණය කරයි​

    රුසියානු Su-24M ප්‍රහාරක ගුවන් යානය බිම හෙළීමත් සමග තුර්කියට එහි ප්‍රතිවිපාක වලට මුහුණදෙන්නට සිදුවේවි යැයි ඊයේ(24) දිනයේ විලැඩ්මීර් පුටීන් විසින් ප්‍රකාශ කර තිබිණි.ඒ අනුව මේවන විට රුසියාව තුර්කිය සමග තිබෙන සියලුම හමුදාමය සම්බන්ධකම් අත්හිටුවා තිබෙන බව වාර්තාවේ.තවද සිරියාවේ Latakiaහි තිබෙන රුසියානු ගුවන් කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක ක්‍රියාමාර්ගද ගෙන තිබෙන බව කියවේ.ගුවන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිරියාවේ Khmeimim ගුවන් තොටුපොල ආසන්න මුහුදට ගුවන් යානා නාශක මිසයිල වලින් සන්නද්ධ Moskva නම් යාත්‍රාව කැඳවන්නට රුසියාව පියවර ගෙන තිබේ.


    dErNPAe.jpg
    රුසියානු Moskva නෞකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කරන අයුරු​




    රුසියාවෙන් ලැබෙන ආරංචි වලට අනුව ප්‍රහාරයට පෙර තුර්කි F-16 යානය රුසියානු Su-24M යානයට කිසිදු අනතුරු ඇඟවීමක් සිදු කර නොමැත.අඩුම තරමින් යානා දෙක අතර කිසිදු සන්නිවේදනයක්ද සිදුව නොමැත.නමුත් ප්‍රහාරයට පෙර තම යානය 10 වරක් රුසියානු ගුවන් යානයට අනතුරු හැඟවූ බව තුර්කිය කියා සිටින අතර එම ප්‍රකාශය නේටෝවේ ඇමෙරිකානු බලධාරීන් පවා පිළිගෙන තිබේ.නමුත් රුසියාව කියා සිටින්නේ තම යානය සිරියානු ගුවන් සීමා වේ තිබුණු බවත් තුර්කි යානය සිරියානු ගුවන් සීමාව ඉක්මවා විත් ප්‍රහාරය එල්ල කර තිබෙන බවත්ය.කෙසේනමුත් ප්‍රහාරයට ලක්වූ රුසියානු Su-24M යානය කඩා වැටෙන්නේ සිරියානු භූමියට වන අතර එහි සිටි එක් ගුවන් නියමුවෙක් සිරියාවේ තුර්කි ජාතික ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ඝාතනය කරන ලදි.

    කලු මුහුදේ රුසියානු නාවික බල ඇණියට අයත් මොස්ක්වා නම් මිසයිල ප්‍රහාරක නෞකාව මේවන විට සිරියාව අසල මුහුදට කැඳවා තිබේ.මෙය ගුවන් යානා නාශක මිසයිලවලින් සන්නද්ධය.



    tUNV3eI.jpg
    ප්‍රහාරයෙන් විනාශ වී ගිය රුසියානු Mi-8 හෙලිකොප්ටරය​




    ඒ අතරතුර නිදහස් සිරියානු හමුදාවේ ත්‍රස්තවාදීන් විසින් රුසියානු Su-24M ප්‍රහාරක යානයෙන් පැනගත් අනෙක් නියමුවා සොයා මෙහෙයුම යෙදුණු රුසියානු Mi-8/17 යානයක් යුද ටැංකි නාශක මිසයිල යොදාගෙන විනාශ කර තිබෙන බව වාර්තාවේ.ඊට අදාල වීඩියෝව නිදහස් සිරියානු හමුදාවේ 1වන වෙරළාශ්‍රිත සේනාංකය විසින් පවත්වාගෙන යන Youtube Channel යේ පළකර තිබේ.ප්‍රහාරය සඳහා ඇමෙරිකාවේ නිෂ්පාදිත BGM-71 TOW යුද ටැංකි නාශක අවියක් යොදාගෙන තිබේ.මෙහෙයුමක නිරතවන රුසියානු හෙලිකොප්ටර් 2ක් එම වීඩියෝවේ දැක්වෙන අතර එකක් කැලෑබද ප්‍රදේශයකට ගොඩ බෑ පසු ත්‍රස්තවාදීන් විසින් පහසුවෙන්ම ඊට මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කරයි.1970 වසරේ පටන් ලොව පුරා භාවිතා කරන මෙම ඇමෙරිකානු යුද ටැංකි නාශක අවියට කි.මී. 4.2ක් දුරට ප්‍රහාර එල්ල කල හැකිය.ඊට මි.මී. 600-800 ඝනකම් සන්නාහයක් බිදගෙන යාහැකිය.රුසියානු ආරංචි මාර්ගවලට අනුව මෙම හෙලිකොප්ටර් යානා 2ක් අතුරුදහන්වූ ගුවන් නියමුවා(විනාශ වූ Su-24M යානයේ) සොයා මෙහෙයුම නිරතව සිට තිබේ.ප්‍රහාරයෙන් එක් රුසියන් සෙබලෙක් මිය ගොස් තිබේ.ඉතිරි පිරිස ගුවනින් Khmeimim ගුවන් කඳවුරට ගෙන ගොස් තිබේ.





    ඇමෙරිකානු ප්‍රතිචාරය

    රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට තුර්කියට සහ සටන්කාමීන්ට අයිතියක් තිබෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයා වාර්තාකරුවන්ට කියා තිබේ.

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක මාර්ක් ටොනර්ගේ ප්‍රකාශය

    "එකිනෙකට පරස්පර විරෝධී වාර්තා අපි දැක්කා.එක් නියමුවෙක් තවමත් මරා දමා නැත,මේ තුර්කි සටන්කාමීන්ට රුසියාව ප්‍රහාර එල්ල කර ඇත්නම් ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්නට අයිතියක් තිබේ."


    iJFaof5.jpg
    ඇමෙරිකානු BGM-71 TOW අවියත් සමග සිටින නිදහස් සිරියානු හමුදාවේ ත්‍රස්තවාදියෙක්​


    ඇමෙරිකානු රජය FSA ත්‍රස්තවාදීන්ට(එක්සත් ජනපදයට අනුව සටන්කාමීන්) BGM-71 TOW වර්ගයේ යුද ටැංකි නාශක අවි ලබා දී තිබෙන බව මේ මාධ්‍ය ප්‍රකාශනයේදී තහවුරු කරන ලදි.එසේම නේටෝ සාමාජිකයෙක් වන තුර්කිය සමග ඇමෙරිකාව සිටින බවත් තමන්ගේ ගුවන් සීමාව රැකගැනීමට තුර්කියට අයිතියක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.



    Source:rt.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    මේකට නම් ලොකු වලියක් යනවා. ලෝක යුද්දයක පෙර නිමිතේ පේනවා
     
    • Like
    Reactions: HarshaLulzSec