ත්‍රස්තවාදය අවසන්ද?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ත්‍රස්තවාදය අවසන්ද?

___________________________________________________________________________________________________


ත්‍රස්තවාදය අවසන් නම් හදිසි නිතිය මොකටද? - ලක්ෂ්මන් සෙනෙවිරත්න දේශීය 2010 පෙබරවාරි 05 වෙනි සිකුරාදා, 10:57
laksman_senaviratna.jpg
ලංකාවේ ත්‍රස්තවාදය අවසන් වී ඇති මේ අවස්ථාවේදී තවදුරටත් රටටම බලපාන පරිදි හදිසි නීතිය දීර්ඝ කිරීම ගැටළූ සහගත බවත්, එය මේ වන විට රටේ මාධ්‍ය ඇතුළු විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනයට යොදවා ඇති බවත්, ඒ වෙනුවෙන් තමන් විරෝධය දක්වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී හදිසි නීති විවාදයට සම්බන්ධ වෙමිනි. එහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසීය.


"මේ රටේ ත්‍රස්තවාදය අවසන් වෙලා තියෙන්තෙ. පසුගියදා ආරක්ෂක ලේකම්තුමා බී.බී.සී. ලෝක සේවයට වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. ආපසු ත්‍රස්තවාදී උවද්රක් ලංකාවේ ඇති වෙන්නේ නහැ කියල. ඉතින් රටේ තත්ත්වය මෙහෙම නම් මොකටද හදිසි නීතිය. බිම් ‍බෝම්බ ඉත් කිරීමේ, නැවත පදිංචි කිරීමේ ගැටළු ගණනාවක් උතුරේ ති‍බෙන බව අග්‍රාමාත්‍යතුමා පැවසුවා. එහෙමනම් අපි කියන්නේ මේ හදිසි නීතිය උතුරට පමණක් බලපාන ලෙස යොදවන්න. මොකටද ඒක මුළු රටටම යොදන්නේ?

මීට පෙර හදිසි නීතිය ඉදිරිපත් කිරීමේදී අග්‍රාමාත්‍යතුමා වාර්තාවක් ඉදිරිපත් කරනව. නමුත් මේ පාර එහෙම ඉදිරිපත් කළේ නැහැ. එදා දවස පත්තරේ වැහුවට පස්සේ දශක ගණනාවකට පසු පත්තරයක් සීල් තිබ්බ මේ හදිසි නීතිය පාවිච්චි කරල. තාමත් ප්‍රගීත් එක්නැලිගොඩ ගැන තොරතුරක් නැහැ. ගැටළුවක්තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සුදුසු පරීක්ෂණ කරන්න. ඒ ගැන අපේ විරෝධයක් නැහැ. නමුත් මේ වගේ හදිසි නීතිය ප්‍රයෝජනයට අරන් වෙතන් උවමනාවන් ඉටු කර ගැනීමට අපි විරෙද්ධයි.

අද හදිසි නීතිය පාවිච්චි කරන්නේ මාධ්‍ය මර්ධනයට. අද මාධ්‍ය අත්‍ය තොරතුරු රටට හෙළි කරන්න බයයි. මේකටද හදිසි නීතිය පාවිච්චි කරන්නේ. පසුගිය කාලයේදී මැතිවරණයට පෙර විරුද්ධ පාර්ශවයේ ක්‍රියාකාරීකයින් ගණනාවකට තර්ජනය කරල. ආණ්ඩුවේ ඇමැතිවරු ඉන්නව චෝදනා එල්ල වෙච්චි. තවමත් කිසිම කෙනෙක් අත්අඩංගුවට අරන් නැහැ. හදිසි නීතිය මේ අයට බලපාන්නේ නැහැ. රටේ හැම තැනම මේ විදියට තමයි සිද්ධ වෙන්නේ. "

 

Similar threads