ත්‍රස්‌තවාදය පිළිබඳ ප්‍රංශයේ දෙබිඩි පිල&
ප්‍රංශය අයිසිස් ත්‍රස්‌තවාදයට ගොදුරුවී ඇත. මෑතකදී ප්‍රංශ පොලිස් නිලධාරියකු හා බිරියද ඝාතනය විය.
එහෙත් ප්‍රංශ දේශපාලකයෝ දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරති.
පසුගියදා පැරිසියේ 95 කොට්‌ඨාසය හෙවත් වැල්ඩොසිහි විශාල උද්‍යානයකදී ප්‍රංශ කොටි ජාලය විසින් පැලයක් රෝපණය කර සමරු ඵලකයක් ඉදිකර තිබුණි.
මෙම සමරු ඵලකය විවෘත කළේ වැල්ඩොයිස් නගරාධිපති ජෝර්ඡ් මොර්තන්ය.
මෙම සමරු ඵලකයේ මෙසේ සඳහන්විය.
'ශ්‍රී ලංකාවේ 70-80000 ක ද්‍රවිඩ ජනතාවක් ඝාතනය වුණා. තවත් 150000 ක් අතුරුදන් විය.
මෙම සමරුඵලකය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කළේ පොන්නු සිවා සහ ගෝඩිලිංගම් නැමැති දෙදෙනායි.
ප්‍රංශ කොඩිය සහ කොටි ධජයද එහිදී ප්‍රදර්ශනය විය. එහෙත් පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ ගැන ප්‍රංශ බලධාරීන්ට විරෝධය පා නැතැයි ශ්‍රී ලාංකිකයෝ පැවසූහ.
මෙයට පෙර හිටපු කොටියකුවූ තිලියන්ගේ ප්‍රතිමාවක්‌ද මෙ උද්‍යානයේද විවෘත විය.
කොටි සංවිධානය තහනම් සංවිධානයක් බවට යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබියදී ප්‍රංශ රජය කොටි ත්‍රස්‌තවාදයට නීත්‍යානුකූල බවත් ලබාදී ඇත.
මේ පසුබිම මැද එකී ප්‍රසිද්ධ උද්‍යානයට පැමිණෙන ජනතාව සිතන්නේ ශ්‍රී ලංකාවේ රජය 80000 කට අධික ද්‍රවිඩ ජනතාවක් මරා 150000 ක් අතුරුදන් කළබවයි.
එහෙත් මේ සාවද්‍ය ප්‍රචාරයට එරෙහි අපේ තානාපති කාර්යාලය ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද?
මෙයට වසර කීපයකට පෙර ප්‍රංශයේ තවත් ස්‌ථානයකදී කොටි දේශපාලන නායක තමිල් සෙල්වන්ගේ ප්‍රතිමාවක් විවෘත වූ අතර එවකට සිටි තානාපති කාර්යාල බලධාරීහු ඊට විරෝධය දැක්‌වූහ.
මෙවර වැල්ඩොයිස් නගර සභාව එකි කොටි ස්‌මාරකය ඉදිකිරීම සඳහා පූර්ණ අනුග්‍රහය දක්‌වා ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයද නිහඩවී ඇත.
මේ අන්දමට ඇමරිකානු ප්‍රහාරවලින් අයිසිස් ත්‍රස්‌තයන් විශාල පිරිසක් මියගිය බවට දැක්‌වෙන ස්‌මාරකයන් එම උද්‍යානයේ ස්‌ථානගත කිරීමට ප්‍රංශ රජය ඉඩදෙනු ඇතැයි සිතිය හැකිද?
අයිසිස් ත්‍රස්‌තයන් සම්බන්ධව එක් පිළිවෙතකුත් කොටි සංවිධානය සම්බන්ධයෙන් තවත් පිළිවෙතකුත් අනුගමනය කිරීමට ප්‍රංශ රජය ක්‍රියාකිරීම ත්‍රස්aතවාදය අනුමත කිරීමක් නොවේද?
ප්‍රංශය මෑතකදී කොටි හමුදා බලකායන්හි සේවය කළ නවදෙනකුටද දේශපාලන රැකවරණ දී ඇත.
මින් තහවුරු වන්නේ ප්‍රංශ රජයට ත්‍රස්‌තවාදය සම්බන්ධව නිසි පිළිවෙතක් නැති බවයි. ප්‍රංශයද ටියුනිසියාවේ අරාබි වසන්තය වැඩපිලිවෙලට උදව්විය. එහි ප්‍රතිඵලය වූයේ අයිසිස් ත්‍රස්‌ත සංවිධානය බිහිවීමයි.
එම අයිසිස් ත්‍රස්‌තවාදය ඉතා බිහිසුණු ලෙස ප්‍රංශයට ව්‍යාප්ත වී ඇත.
බැට්‌කාලන් රඟහලේ සිට ගුවන් තොටුපල දක්‌වා එල්ල වූ අයිසිස් ප්‍රහාරයෙන් එය සනාථ විය.
එහෙත් මානව හිමිකම්වලට මුවාවූ ත්‍රස්‌තවාදීහු ප්‍රංශය අරක්‌ගෙන ඇත.
ප්‍රංශ දේශපාලනඥයන් පැරිසිය තුළ කොටි ත්‍රස්‌තවාදයට නීත්‍යානුකූල බවක් ලබාදීමට උත්සාහ කර ඇත්තේ මෙවන් පසුබිමක් මැදය.
එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වාටින් ෂුහු ප්‍රංශය ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාමාර්ගයට සහය දක්‌වන බව පවසා ඇත. එහෙත් වැල්වොයිස් උද්‍යානයේ ඉදිකළ කොටි සමරුඵලකය ගැන ඔහු කියන්නේ කුමක්‌ද?
විදේශ ඇමැති මංගල සමරවීර මහතා මෑතකදී ප්‍රංශයට පැමිණි අවස්‌ථාවේ ශ්‍රී ලාංකිකයෙක් එම සිද්ධිය දැනුම්දී ඇත.
ප්‍රංශ විදේශ ඇමැති ජින්මාර්ක් වෙත වාල්බොයිස් උද්‍යානයේ ඇති සමරු ඵලකය ගැන අවධානය යොමුකළ යුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදුවූයේද?
ප්‍රංශ පොලිස් යුවල ඝාතනයෙන් පසු ප්‍රංශ රජය පැවසුවේ ප්‍රංශය තුළ යුද්ධයක් ආරම්භ වී ඇති බවයි. ඒ ත්‍රස්‌තවාදයයි. එහෙත් කොටි ත්‍රස්‌තයෝ ප්‍රංශය තුල පිනුම් ගසන බව පැහැදිලිය.
කීර්ති වර්ණකුලසූරිය
* පැරිසියේ වැල්ඩොසි උද්‍යානයේ කොටි සමරු ඵලකයක්
* සමරු ඵලකය විවෘත කිරීමට නගරාධිපති පැමිණෙයි
* කොටි කොඩිය සහ ප්‍රංශ කොඩියද එකට ලෙලදෙයි