ත්‍රිකුණාමලයේ මාධ්‍යවේදියාට පහර දීම ගැන
සිය වෘත්තියට අදාල වාර්තා කිරීමක නිරතව සිටි ත්‍රිකුණාමලය ප‍්‍රදේශයේ හිරු රූපවාහිනී වාර්තාකරු මොහමඩ් ගීත් මාධ්‍යවේදියාට නොවැම්බර් මස 15 වැනි දින, පිරිසක් විසින් පහර දීම හා තර්ජනය කිරීම දැඩි සේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම පසුපස ඇති දේශපාලන බලවේග ගැන පරීක්‍ෂණයක් කොට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කරගෙන යෑමට නොහැකි ලෙස තම දේශපාලන බලපුලුවන්කාරකම් පෙන්වමින් ඔවුන් නිහඬ කිරීමට කටයුතු කරන දේශපාලන බලවතුන් පිළිබඳව සොයා බලා එවැනි සිදුවීම් යළි යළිත් නොවන්නට අදාල පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුලු රජයට ද අවධාරණය කර සිටී.
මොහමඩ් ගීත් මහතා 15 වැනි දින දහවල් ප‍්‍රහාරයකටද, එදින රාත්‍රියේ තර්ජනය කිරීමකටද ලක්වී ඇත්තේ, සෞඛ්‍යාරක්‍ෂිත නොවන ආකාරයෙන් පවත්වා ගෙන ගිය ආපන ශාලාවක් අසල රූපගත කිරීමක නිරත වූ නිසා බව වාර්තා වේ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල ආපන ශාලාව පරීක්‍ෂාවකට ලක්කොට නුසුදුසු ආකාරයෙන් ගබඩා කර තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් ඉවත් කොට තිබූ අතර මොහමඩ් ගීත් මාධ්‍යවේදියා එහි පැමිණ එම සිදුවීම රූපගත කොට ඇත.
ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් ප‍්‍රකාශ කරන ආකාරයට එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි දේශපාලනඥයකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස හඳුන්වා දුන් පුද්ගලයෙන් මාධ්‍යවේදියාට තර්ජනය කර ඇති අතර ආපන ශාලාවේ සේවකයින් එක් වී පහර දී ඇත. අවට සිටි අයගේ සහායෙන් ඉවතට ගිය මාධ්‍යවේදියා බිය නිසා නිවසට වී සිටි අතර, රාත්‍රියේ ඔහුගේ දෙමාපියන්ගේ නිවසට ගිය පිරිසක් ගේට්ටුවට ගසමින් ඔහුට තර්ජනය කොට ඇත. සහෝදර මාධ්‍යවේදීන් දැනුවත් කොට ඔවුන් සමඟ 16 වැනි දින පොලීසියට ගොස් සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කොට ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත වී ඇත.

Last edited: