මලකුනු ආමාශගත කරනවිට කෙළෙස්මාරයා ඒ පසුපස හඹාවිත්
ශරිරයතුල ලැගුම් ගනී.එවිට ඔබ ලබන නිවන කුමක්ද?එය සත්‍ය
වශයෙන්ම නිවීමක්ද සිතන්න කාලයයි.පෘතග්ජනයෙනි. මම
මෛත්‍රිය සම්බන්දයෙන් ආධුනිකද ජෙෂට ද කියලා හරියටම
මට කියන්ඩ බැ හැබයි මම කරණිය මෙත්ත සුත්‍රය,මෙත්තානිසංස සුත්‍රය
ධම්ම පදයේ 405,131 ගාථාවන් කියවලා තිබෙනවා-එවාගෙම ප්‍රතම සිල්පදය ගැඹුරින් සිතලා බැලුවොත් පානතිපාත වෙරමනි සික්කාපදම් සමාදියමි යන්නෙහි නියම අරුත (නොමරමි,නොමරවමි,අනුබලද නොදෙමි යනුයි)
මෙයයි සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම
කොටස් දෙකකි
ලෞකික සම්මා දිට්ඨිය
1. දන්දීමේ විපාක ඇත.
2. පූජාවන්ගේ විපාක ඇත.
3. වැඩිහිටියන්ට උපස්ථාන කිරීමේ සැලකීමේ විපාක ඇත.
4. කර්ම,කර්මඵල ගැන විශ්වාසයක් ඇත.
5. මෙලොව පරලොව විශ්වාසකරයි.
6. මව කියා විශේෂ කෙනෙක් ඇතිබව පිලිගනී.
7. පියා කියා විශේෂ කෙනෙක් ඇතිබව පිලිගනී.
8. ඔපපාතික උපතක් විශ්වාස කරයි.
9. මේ ලොව උතුම් අවබෝධයක් ලබාගත්(සිත දියුණු කල) ශ්රමණබ්රාහ්මණයින් සිටින බව විශ්වාස කරයි.
10. නිර්වාණය සහ සසරෙන් එතෙරවීම විශ්වාස කරයි
ලෝකෝත්තර සම්මා දිට්ඨිය
1. චතුරාර්ය සත්‍යය ගැන සත්‍යය ඤණයට පත්වීම
· දුක කියා දෙයක් (දුක්ඛ ආර්ය සත්‍යයක්) පවතින බවපිළිගැනීම
· දුකට හේතුව තෘෂ්ණාව(දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක්) බව දැනගැනීම
· තෘෂ්ණාව නැතිකීරීම (දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය) මගින් දුක නැතිකිරීමට හැකිබව දැන ගැනීම
· දුක නැතිකිරීමේ මාර්ගය(දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය) ආර්යාෂ්ඨාංගික මාර්ගය බව දැන ගැනීම
නගරූපම සූත්‍රය
නගරයේ ආරක්ෂාවට තර්ජන එල්ලවන සතුරන්
· කෙලෙස්
· ආශ්‍රව
· උපකෙලෙස්
ආරක්ෂිත අංග 7
· ශක්තිමත් උස කුලුණ -කල්වේලා ඇතිව සූදානමත් ඒමොහොතේ සටනටත්(අනතුරින් බේරීමටත්) උස කුළුන වැදගත්වේ. උසකුළුණ යනු ශ්‍රාවකයාගේ ශ්රද්ධාවයි.
· නගරය වටේට තාප්පය මත ඇති පාර- සතුරාට පහසුවෙන් ඉලක්කය ලබා පහර දීමය හැකිවේ. නගරය වටේට තාප්පය මත ඇති පාර යනු පවට ඇති ලැජ්ජාව යි
· දිය අගල- මෙහි දරුණුසතුන් ඇති නිසා සතුරන්ට නහරයට ඇතුළුවීමට නොහැකිවේ. දිය අගල යනු විපාකට ඇති බිය යි
· නගරයේ ආයුධ ගබඩාව- ඉහතා බාදක මැඩගෙන නගරයට ඇතුල්වීමට උත්සාහදරන සතුරන්ට පහරදී නැවැත්වීමට ආයුධ උවමනාවේ. මෙය පුද්ගලයා තුල පවතින දහම් දැනුමට සමාන වේ.ශ්‍රද්ධාව,ලැජ්ජාව,බිය මැඩගෙන පැමිනෙන අකුසල් වලට ධර්මස්රතය මගින් වැලැක්විය හැක.( ධර්මය දරා රැස්කර ගන්න)
· පුහුණු සෙබල පිරිස(ඇත්,අස්,රිය,පාබල)- පුහුණු යුද්ධයේ දක්ෂන් චතුරාංගනී සේනාව යනු සතර සම්යක්ප්රදාන වීර්යයයි.
· තීක්ෂණ බුද්ධියකින් හෙබි දොරටුපාල - තීක්ෂණ නුවණක් සහිත,ශක්තිමත්,සතුරා මිතූරා හදුනා ගැනීමට හැකි අයෙක් විය යුතුයි. දොරටුපාලයා යනු සතිපට්ඨානයයි.ඔහු නිතරම සතුරා මිතුරා හදුනාගැනීමට ස්ථාන හතරක් පරීක්ෂාකරයි.
ü කය පිලිබදව සිහිය -අනාපානසතිය,අසුභය,ධාතුමනසිකාරය,සති- සම්පජෛන්්යය්
ü විදීම් ගැන සිහිය -
ü සිත අරමුණු පිලිබද සිහිය -
ü ධර්මය ප්‍රතිපදාව ගැන සිහිය -
· සිදුරු නැති තාප්පය- සිදුරු නැති තාප්පය ප්‍රඥාවට සමාන වේ.කිසිම වැරදි අවබෝදයකින් තොරවූ ආර්ය වු දැකීමයි.
අභයන්තර ආහාර 4
o තණකොල සහ ජලය - පලමු ධාන්‍යය විතක්ක විචාර ප්රිති සුඛ ඒකාග්‍රතා සහිත
o යව ඇතුලු සත්ව ආහාර - දෙවන ධාන්‍යය - විචාර ප්රිති සුඛ ඒකාග්‍රතා සහිත
o මිනිස් ආහාර - තෙවන ධානයය් - සුඛ සහිත
o ඖෂධ - හතරවනි ධානයය් - උපේක්ෂා සහිත