ත්රිකෝටික පාරිශුද්ධ මාංසය
ත්රිකෝටික පාරිශුද්ධ මාංසය ගැන සොයුරෙක් සමග විද්යුත් තැපෑල ඔස්සේ ගෙන ගිය සංවාදයක දී ඔහු දැක්වූ අදහස් කීපයක්...
අලං දේවදත්ත, මයා දේවදත්ත අනුඤ්ඤාතං
තිකෝටිකං පාරිසුද්ධං මච්ඡු මංසං. අදිට්ඨං, අසුතං,
අපරිසංකිතන්ති.
”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර
පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, (තමා
උදෙසා මරණ ලද බව) නො දුටු, (තමා උදෙසා මරණ
ලද බව) නො ඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක
නො කළ මාළු මස් ය.”
(චුල්ලවග්ග පාළි - සංඝභේදක්ඛන්ධඛය)
මෙහි (තමා උදෙසා මරණ ලද බව) යන වරහන් තුල ඇති වගන්තිය අමතරව එක්කරන ලද්දකි. මෙය බුද්ධ ජයන්ති ත්රිපිටකය තුලද දක්නට නොමෑති නිසා යම් අයකු විසින් තම මතය සනාත කිරීමට එක් කරන ලද සේ සිතිය හෑක.(please refer following link;http://www.aathaapi.net/Thripitaka.html)
එනිසා මෙහි නිවැරදි පරිවර්තනය වරහන් නැතිව ලියූ විට මෙසේ වෙයි.

පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, නො දුටු, නො ඇසූ, සැක
නො කළ මාළු මස් ය.” යනුවෙන් නිවැරදි විය යුතු බවයි.
මෙහිදී ගැටළුව වන්නේ මෙවන් මාංශයක් තිබිය හැකිද යන්නයි. එය මේ ආකාරයෙන් විය යුතු බව මගේ හැඟීමයි. එනම් භික්ෂූන් වහන්සේලාට දකින ලද හෝ අසන ලද හෝ සැක සිතුන කිසිදු මාංශයක් අකැප බවයි.
භික්ෂූන් වහන්සේලා අනුභව කරන්නේ උන් වහන්සේලාට පිළිගන්වන දෙයයි. එනිසා පිළිගන්වන අවස්ථාවේ නොදුටුවහොත් එය අනුහවය කිරීම ගැටළුවක් නැති බවයි. එසේම තමන්වහන්සේ නොදුටුවත් යමෙකු මෙය මස් යැයි පැවසුවහොත් එය අසන්නට ලැබුනු නිසා එය කල්තියාම ප්රතික්ෂේප කළ යුතු බවයි. එසේම යමක් නොදුටුවත්, නොඇසුනත් යමක් මස් විය හැකියයි සැක සිතුනහොත් එය ප්රතික්ෂේප කළ යුතු බවයි.