ත්‍රිපිඨක සූචිය

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    ත්‍රිපිඨක සූචිය

    ත්‍රිපිඨක සූචිය

    ඉතින් මම අවස්ථා කීපයකදීම සඳහන් කලා වගේ මෙම කොටස තුල ත්‍රිපිඨක ග්‍රන්ථ තුල අඩංගු ධර්ම කොටස් ඇසුරු කිරීමේ පහසුව පිණිස ත්‍රිපිඨක සූචියක් ගැබ්කරනවා. එය ආකාරාදී පිළිවෙලට තමයි ගොනු කරලා තියෙන්නේ. ඔබට තියෙන්නේ සූත්‍රයක නමක් දන්නවා නම් ඒ සූත්‍ර දේශනාවේ නමේ මුල අකුරට අදාලව පිවිසෙන්නට පමණයි.
    උදාහරණයක් වශයෙන් ඔබට අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න ඕන නම් ඔබට පුළුවන් මුලු නමම හෝ "අ" අකුර පමණක් මෙම සෙවීම තුලට ඇතුල් කරන්න. එවිට ඔබට අදාල සූත්‍රය පහසුවෙන් සොයාගන්නට හැකිවේවි. අවශ්‍ය නම් බාගත කරගන්නට හැකියි. එසේත් නැතිනම් ඒ අදාල සූත්‍රයට සම්බන්ධ විස්තර ඔබට ඒ අදාල පිටුව තුලින් ලබාගන්නට හැකියාවක් තියෙනවා.
    එමෙන්ම අදාල සූත්‍රය සමඟ එම සූත්‍රයේ සාරයද සාරාංශයක් ලෙසින් ගැබ් කොට දක්වන්නට කටයුතු කරන්නේ ඔබේ පහසුව පිණිසමයි. සමහර වෙලාවට නම දැනගත්තත් සූත්‍ර දේශනාවක තියෙන්නේ තමන් හොයන දේමද කියලා අදහසක් නැති නිසා නිකරුණේ නැවත නැවත එකම දේ බාගත කරගන්නට සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවානේ. අන්න ඒ නිසාම තමයි අදාල සූත්‍රයට අදාල සාරාංශයක් දෙන්නේ. එවිට ඔබට දළ අදහසක් තියෙනවනේ ඒ තමන් හොයන සූත්‍ර දේශනාවමද කියලා.
    ඉතින් දැනට මේ සෙවීම තුලින් ඔබට සූත්‍ර පිඨකයට සම්බන්ධ ධර්ම කොටස් පමණයි ලැබෙන්නේ. ඒත් ඉදිරියේදී කාලය ලැබෙන පරිදි අභිධර්ම පිඨකය සහ විනය පිඨකයට අදාල ධර්ම කොටස් මේ සෙවීම තුලින් ලබාගැනීමේ පහසුව සලසා දෙන්නම්.
    ඉතින් සෙවීමට අමතරව සිංහල ආකාරාදියේ ලැයිස්තුවකුත් ඔබට ඔබේ දකුණු පස මෙන්ම පහත දිස්වෙනවා ඇති. අවශ්‍යතාවයක් ඇතිවුණොත් ඔබට ඒ අක්ෂර තුලින් පවා ඒ ඒ ධර්ම කොටස් වලට එකතු වීමේ පහසුව සලසා තිබෙනවා. සියලු කොටස් ගෞරවයෙන් යුක්තව ඇසුරු කොට ඔබගේ යහපත උදාකරගන්නට බුද්ධිමත්ව කටයුතු කිරීම ඔබට භාරයි!


    1. අ / a
    2. ආ / ā
    3. බ / b
    4. භ / bh
    5. ච / c
    6. ඡ / ch
    7. ද / d
    8. ධ /dh
    9. එ / e
    10. ග / g
    11. ඝ / gh
    12. හ / h
    13. ඉ / i
    14. ජ / j
    15. ක / k
    16. ඛ / kh
    17. ල / l
    18. ම / m
    19. න / n
    20. ඔ / o
    21. ප / p
    22. ඵ / ph
    23. ර / r
    24. ස / s
    25. ත / ta
    26. ඨ / ṭha
    27. ථ /th
    28. උ / u
    29. ව / v
    30. ඣ / jh
    31. ඤ / ña
    32. ය / y
    ~ නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි විසින් රචිත "සූත්‍ර ධර්ම නාමාවලිය", පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්ථිවරයන් විසින් සම්පාදිත "ත්‍රිපිටක සූචිය" සහ ආනන්ද එන්. තිලකරත්න මහතා විසින් රචිත නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පල කරන ලද "සූත්‍ර පිඨක සාරය" යන ග්‍රන්ථවලින් පූර්ණ සහාය ලබන ලදී ~









     
    Last edited:

    Similar threads