කොටියි, ඉස්ලාම් අන්තවාදයයි කියන්නෙ දෙකක්. කොටින්ට වඩා හාත්පසින්ම වෙනස් ගේම් එකක් තමයි ඉස්ලාම් අන්තවාදයෙ තියෙන්නෙ. මේ අන්තවාදයට මුහුණ දෙන්න දියුණු රටවල් වලටත් බැරි වෙලා තියෙනවා. හේතුව තමයි උන්ගෙ සංවිධානාත්මක හැකියාව. 21 වෙනිදා බෝම්බ පුපුරවන එක නම් නවත්තගන්න තිබ්බ එකක්. ඒත් ඒක නවත්ත ගත්තත් අන්තවාදී ඉස්ලාම් ත්රස්තවාදියොන්ව අනාගතයෙදි නවත්තන්න තරම් දැනුමක් සූදානමක් අපේ ආරක්ශක අංශ වලට තිබ්බෙ නෑ. තාමත් නැතුව ඇති කියලා මට හිතෙනවා. ආගමක් මුල්කරගෙන පවතින ත්රස්තවාදයක් නිසා දේශපාළුවොත් තීන්දු තීරණ ගන්න උනන්දුවක් නෑ.