ත්‍රීකුණාමලය වරාය ඇමරිකාවට බිලි ?

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ත්‍රීකුණාමලය වරාය ඇමරිකාවට බිලි ?

    59701819_2028029860641426_4851889400260329472_n.png



    මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ අක්කර 70000ක ආරක්ෂිත කලාපය - (NATO) කඳවුරක් ද?

    ත්‍රස්ත ප්‍රහාර සිදුකල සැකකරුවන් හදුනාගත හැකි වුවත්, ප්‍රහාරයේ අග මුලට ආරක්ෂක අංශයන් විමර්ශනය කලත් මෙහි අරමුණ තවමත් පැහැදිලි නැත, අවම වශයෙන් ඉතා සුළුතර කණ්ඩායමක් සමස්ත පාලනයක් අත්පත් කරගත නොහැකි පසුබිමක මෙවැනි දැ මගින් ක්‍රියාවට නැගෙන්නේ බිය ගැන්වීම හෝ ඒ තුළින් වෙනත් යටි ප්‍රතිලාභයන් අපේක්ෂාවෙන් විය හැක. ඉස්ලාම් අන්තවාදයේ ගින්නෙන් ඇති වූ ගිනි දැල් නිවීයාමටත් මත්තේ පසුගිය දා මංගල සමරවීර අමත්‍යවරයා කියා සිටියේ අමරිකාවෙන් විශාල මුදලක් ලැබෙන බවට වූ ඉගියයි.

    යහපාලන රජය පළමුව හම්බන්තොට වරාය ඇතුළු සම්පත් කිහිපයක් විකිණිම සිදු කල අතර දෙවැනුව විකිණිමට තක්සේරු කල සියගණනක් ජාතික සම්පත් මහජන බල ඝනත්වයෙන් අවතක්සේරු විය. තෙවැනුව එහි ප්‍රතිරෝධය ආණ්ඩු මාරුවක් දක්වා වර්ධනය විය. විජාතික රාජ්‍ය මැදිහත්වීමක් මතින් නැවත බලයට පැමිණි යහපාලනයේ සිව්වැනුව පදනම් වී ඇත්තේ කළු ජුලිය මෙන් ජාතිවාදි කලකොහල මැදින් ත්‍රස්ත ගින්නෙන් හටගෙන ඇති රටෙහි අස්ථාවරත්වයේ ආරක්ෂාව මදකමක් උපකල්පනයෙහි තබා උපකාරයෙහි තැබූ විජාතික බලවේග දිනවීමටය.

    එම නිසා, ත්‍රස්ත ගින්නෙන් ආරම්භ වූ ජාතික සම්පත් වෙළදාමේ වැදගත් කාල පරාසයක් වන ගිම්හානයේ සටන් කිරීමට එළැඹ ඇත. ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට විරුවන්, සමාජජාල සහ මාධ්‍ය හරහා පැතිරුණු වේගවත් සැලකිල්ල අනියමින් ගනිමින් රටෙහි ශුද්ධ වූ ස්වාධිනත්වය ලෝක බලපොරයට අනාගතය බරපතල අනතුරුක හෙළා ඇත.

    සමාජයක් වශයෙන් වඩාත් බාධාකාරී සාධකය දහනය කිරීමට වැඩි පරිශ්‍රමයක් ගනී. දැනෙන පෙනන ස්වාභවයේ එවැනි අර්බුද පසුපස ලුහුබදිද්දි පාලකයන් මෙවැනි උගුලක රට සිරකරනු වග නිකමටවත් සිතන්නේ නැත.

    පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ඉස්ලාම් අන්තගාමි ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාවට නේටෝ සංවිධානයේ ( NATO) ආරක්ෂක මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා වූ ඇමරිකානු උපක්‍රමයක් බව පීටර් කොයිනිග් නැමැති ජාත්‍යන්තර විචාරකයා පෙන්නුම් කරයි.

    පීටර් කොයිනිග් ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සේවය කර වසර 30ක අත්දැකීම් සහිත පීටර් කොයින්ග් ආර්ථික විශ්ලේශකයෙක් මෙන්ම ලෝක දේශපාලනය පිළිබඳ නිරීක්ෂකයෙකි.

    ශ්‍රී ලංකාවේ (The North Atlantic Treaty Organization) කඳවුරක් පිහිටුවීමට අවශ්‍ය වී ඇත්තේ ලෝකයේ බලවතා බවට පත් වෙමින් සිටින චීනයේ සේද මාවත හැස් කිරීමටය. එහි මාවතේ ආසියාවේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඇති බැවින් එකි ලෝක බලවතුන්ගේ බල පොරයට මේවන විටත් අප ක්‍රේන්ද්‍ර ගතව ඇත. මෙහිදී ඔවුන් යොදාගන්නා උපක්‍රමය වන්නේ යම් රටක් අනාරක්ෂිත තත්ත්වයට පත් කර එම රටේ ආරක්ෂාවට සහය වීම යැයි පවසමින් තම කඳවුරු බැඳගැනීම බව පීටර් කොයිනිග් පවසයි.

    ඒ අනුව ඇමරිකාවට ශ්‍රී ලංකාවේ සිය බල කඳවුරක් ඇති කර ගත හැකි වුවහොත් නිරිතදිග ආසියාවේ සිදු වන කටයුතු පිළිබඳ තොරතුරු ලබාගත හැක. ඒ සඳහා නිදසුනක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ඇමරිකාව සෞදි අරාබිය පාලනය කිරීම සඳහා ISIS ත්‍රස්තවාදීන් යොදාගෙන ප්‍රහාර එල්ල කර එම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා සහය වීමට නේටෝ සංවිධානයේ කාර්යාල සෞදි අරාබියේ පිහිටවූ බවය. එනම් සෞදි අරාබිය තුළ නොටෝ සංවිධානයේ කඳවුරු ස්ථාපිත කර ඇත්තේ IS ත්‍රස්තවාදීන්ගේ රුකුලෙනි.

    ප්‍රජාතන්තවාදය, මානව හිමිකම් සහ ලෝක සාමය ගැන කතා කරන ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් ආසියාවේ නැඟීසිටීම හමුවේ සිටින්නේ දැඩි බියකි. චීනයේ සේද මාවත ඔස්සේ ආසියානු රටවල් අතර මිත්‍රත්වය, ප්‍රහාවනය, වෙළදාම, සංස්කෘතික සබඳතා, පර්යේෂණ ආදී කටයුතු වැඩිදියුණු වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළද ( NATO) කදවුරක් පිහිටුවීම තිළින් චීනය ප්‍රමුඛ ආසියාවේ නැඟීසිටීම නිරීක්ෂණය කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

    පීටර් කොයිනිග් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ චීන ජනාධිපති සී ජින් පින් ජාතීන් 120ක් සමඟ අත්සන් කළ සේද මාවත සඳහා වූ අවබෝධතා ගිවිසුම ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවලට බලවත් තර්ජනයක් බවයි.

    මිලේනියම් චැලේන්ජ් ගිවිසුම මඟින් ආයෝජනයක් සිදුවන මුවාවෙන් ඇමරිකාවට ඉඩම් අත්පත් කරදීමත් සහ අභ්‍යන්තරව චීනය වළකාලීමේ බල පොරය ක්‍රියාත්මක වේ. ත්‍රිකුණාමලයේ පමණක් අක්කර 70000ක් ඇමරිකානු අධි ආරක්ෂිත කලාපයක් බිහිවේ. අවම වශයෙන් ගොඩ බිම ක්‍රේන්ද්‍රගතව අක්කර හය ලක්ෂ අසු දහසක පමණක් ප්‍රමාණයක් මෙම ගිවිසුම මගින් අහිමි වීමට නියමිතය.

    ප්‍රියන්ත පතිරණ
    නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී
    ත්‍රීකුණාමලය


     
    Last edited:
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    දියාගෝ ගාර්සියා කියනේ ලංකාවට වඩා හොද ස්ට්‍රැජටික් පොයින්ට් එකක් විදිහටයි කිය්න්නේ....ඒක තියෙන කොට ලංකාව අස්සට ආයේ එයි කියන එක ඉතිං ශුවර් කරන්න බෑ.අනික ඉතිං 1948දී ලංකාවයි දියාගෝ ගර්ශියායි අතරින් එයාලාම තමා දියාගේ ගාර්සියා තෝරගෙන බේස් එකක් ගහලා තියෙනෙ.....ඒ උනාට කියන්න බෑ ඉතිං ඕකුන්ට මොනාද ඇත්තටම ඕනි කිය්ලා