ත්‍රීමා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපේ රටට , සමාජයට ආර්ථිකයට අවශ්‍ය ත්‍රීමා විතානලාද ? ධම්මික පෙරේරලාද ?

dammika.jpg

අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දී එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාණ , වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් බිලි බෝයිස්ලා කියා මම සිතමි. ඔවුන් කපටීන්ට රැවටුණු හිත හොඳ අවංක මෝඩයෝ වෙති.

ත්‍රීමා විතාණ සමග එකට කාමරේ සිටි ඔහුව ෆෝම් කොට වෘකයන්ට විසි කල පුද්ගලයා අද කන්සල්ටන්ට් දොස්තර කෙනෙකි , වෛද්‍ය මුදලාලි කෙනෙකි. ඔපරේෂන් වලට ගෙවිය යුත්තේ ලක්‍ෂ ගනනිනි. මේ සිසුන්ට පන්ති කොට ඔවුන්ව අරගලය වෙත තල්ලු කල විමල් වීරවංශගේ පුතා යන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. මේ සටන් වලදී ජවිපෙ පොලිට් බියුරෝවේ සිට සහාය දුන් සෝමවංශ අමරසිංහගේ පුතා ඉගෙන ගත්තේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. මේ සටන් වලට විසිල් ගැසූ එස් බී දිසානායක , වාසුදේව යනාදීන් ගේ ළමුන් ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලය​.

වරක් රාගම රෝහලේදී මිය ගිය කොල්ලූරේගේ ලඟම ඥාතී වෛද්‍යවරයෙක් මට හමු විය. කොල්ලූරේ ගියේ අනවශ්‍ය මුග්ධ ගමනක් බව ඔහු කීවේය.

මේ සිසුන් මිය ගිය දුක තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ ඥාතීන්ට පමණි. අනෙකුත් ඇත්තෝ මේ මළකඳන් තමන් ගේ සෝෂල් ප්‍රාග්ධනය බවට පත් කර ගත්හ​.​.

අපි යන්නේ කොයි පාරේ ත්‍රීමා වෙනුර ගිය පාරේ කියමින් පාරවල් වල කෑගසන මල්ලිලා වෙතටයි ; ඔය පාරවල් වල යාමට පෙර උඹලාව ෆෝම් කරන එවුන් ඉස්සෙල්ලා යවපල්ලා

[FONT=&quot]පහත දැක්වෙන්නේ [/FONT][FONT=&quot]රවීෂ තිලකවර්ධන විසින් ඔහුගේ මුහුණු පොතේ තබන ලද සටහනකි [/FONT]
[FONT=&quot]
[/FONT]

මේ කරන්න යන්නෙ ගොඩක් අයගෙ ආතල් කැඩෙන ඉවසන්න අමාරු වෙන සංසන්දනයක්. මේ පින්තූරෙ ඉන්නෙ බැලූ බැල්මට එකිනෙකාට සංසන්දනය කරන්න අමාරු ඒත් අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදි සංසන්දනය කරන්න සිද්ධ වෙන දෙන්නෙක්.

වම්පැත්තෙ ඉන්නෙ අසූ ගණං වල අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දීලා එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාන. දකුණු පැත්තෙ ඉන්නේ සාමාන්ය පවුලක ඉපදිලා එන්ඩීටී අධ්‍යාපනය ලබද්දී පටංගත්තු ජැක්පොට් ව්‍යාපාරයක් හරහා දියුණු වෙලා අද වෙද්දි ලංකාවෙ නිල හා නොනිල සියලුම වාර්ථා වලට අනුව මුල්ම ධනපතියා වෙච්චි දොන් ධම්මික පෙරේරා.

අසූ ගණං වල ත්‍රීමා විතානලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු සටන අවසන් වෙන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගැනීමේ උත්සාහය පරද්දලා. ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලබපු ඓතිහාසික ජයග්‍රහණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 2010 වෙනකන්ම මුදල් ගෙවා අධ්‍යාපනය හදාරා උපාධි ලබා ගත හැකි ආයතන ලංකාවෙන් බිහි වෙන්නෙ නෑ.

ඊ ළඟට ධම්මික පෙරේරා. ත්‍රීමා විතනලාගේ ජයග්‍රහණයත් එක්ක වැළලිලා ගිය පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ධම්මික ආපහු කරලියට ගේනවා. අධ්‍යාපන උසස් අධ්යාපන අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි කරන්න ඉඩ නොදෙන එම ආයතන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ සමාගම් ලෙස ලියාපදිංචි කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එහි සභාපති වරයාව හිටි ධම්මික පෙරේරා කටයුතු කරනවා. තව අවුරුදු විස්සකිං ලංකාවෙ ඉතිහාසෙ ලියන දවසකදි ඒක අමතක කරන්න බැරි ඓතිහාසික තීන්දුවක්.

කොහොම හරි මේක මට වැදගත්ව් වෙන්නෙ මෙහෙමයි. අදක්ෂ කම සහ වෙනත් හේතු ගණනාවක් නිසා උසස් පෙළ අසමත් වෙන මට සල්ලි දීලාවත් උපාධියක් ගන්න උපාධි ක්ඩයක් 2007දි හොයා ගන්න වෙන්නෙ නෑ. ඉතිං මට සිද්ධ වෙනවා සිවිල් ඉංජිනේරු විද්‍යාවට අදාළ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. ඒක සාර්ථකව අවසාන කරලා ක්ෂේත්‍ර අත්දැකීම් වලින් පස්සෙ මම එම ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් වෙනවා.පහුගිය අවුරුදු හය ඇතුළෙ ලංකාවෙ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ විවිධ සුදුසුකම් ලබන දහසකට අධික පිරිසක් යම් මොහොතක මගේ ශිෂ්‍යයන් බවට පත්ව ඉඳලා තියෙනවා. ඔවුන් හැමෝම අද මේ රටේ ධනය උත්පාදනය කරන ශ්‍රම බලකායට අයත් වෙද්දී තව සියකට ආසන්න පිරිසක් මැද පෙරඩිග සහ බටහිර ඉඳන් එම ක්ෂේත්‍රයේ රැකියා වලිං රටට මුදල් එවනවා.

ඒත් නිකමට හරි එදා ත්‍රිමා විතානලා සටන පැරදිලා අසූ ගණං වල ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගත්තා නං මට මීට වඩා ප්‍රමිතියකින් යුතු ජාත්‍යාන්තරව පිළිගත් උසස් අධ්යාපන ආයතනයකින් ඉගෙන ගෙන වඩා වැඩි දෙයක් කරන්න තිබුණාය කියල හිතෙනවා. 2010 ඉඳලා අද වෙනකං විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලික උපාධි අරං රටට මුදල් උත්පාදනය කරන අයගේ ගාණ බැලුවාම අසූ ගණං වල ඉඳං එම අවස්ථාව වැහිලා යාම නිසා ඒ දේ කර ගන්න බැරිවුන අයට එම අවස්ථාව ලැබිලා රටේ දියුණුවට වඩා ඵලදායීව එකතු වෙන්න පුලුවං වුනා නං අද මේ රට කොයි තරං දියුණු වෙන්න ඉඩ තිබුණාද කියලත් හිතෙනවා.

කොහොම හරි මට වගේම අපේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක Manjula Samarasekara සොයුරා වගේ අයටත් කළමණා කරන ක්ෂේත්‍රයෙන් ලෝකය පිළිගත් විශ්ව විද්‍යාල වලිං මාස්ටර්ස් සුදුසුකම් ලබා ගන්න හේතු වෙන්නෙ ධම්මික පෙරේරා විසින් ගෙනෙන ලද ප්‍රතිසංස්කරණය. ඔහු ලබා දුන් ඉඩකඩ නිසා පස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වගේ ඒවාට පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් මැදිහත් නොවී ඉන්න බැරි වෙනවා.

සාරාංශය මෙහෙමයි. අදටත් මට සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් මිසක් බී එස් සී හෝ බී ටෙක් උපාධියක් නෑ. ඒ ත්‍රීමා විතානලා දැන හෝ නොදැන එදා කල තක්කඩි වැඩේ නිසා. ධම්මික පෙරේරා නිසා අද ඒක ලබා ගන්න මට අවස්ථාව තිබුණත් වයස, මානසිකත්වය සහ වෙනත් සාධක නිසා මට ඒක කරන්න දැං බෑ. ඒ වගේම ත්‍රීමා විතානලාගේ කාළකණ්නි වැඩේ නිසා උපාධියක් ගන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් අරගෙනත් පස්සෙ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් තවත් කාලය මුදල් වැය කරලා නැවතත් බීඑස්සී උපාධි හදාරපු යාලුවො බර ගානක් මට ඉන්නවා.

ඒ අතරින් ත්‍රීමා විතානලාගේ වැඩේ නිසා බීඑස්සී එකක් කරන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් කරලා පස්සේ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් කාලය මුදල් වියදම් කරලා බීඑස්සී එකකුත් කරලා එම සුදුසුකම හරහා "කොළඹ විශ්ව විද්‍යාලයෙන්" ආචාර්‍ය උපාධි ප්‍රවේශයකුත් ලබා ගත්තු මිතුරෙක් මගේ මේ ෆේස්බුක් ගිණුමෙත් ඉන්නවා. නිකමට හිතන්න අසූ ගණං වල ත්‍රීමා විතානලා සටන දිනූ තැන ඉඳලා ධම්මික පෙරේරා මේ අවස්ථාව ලබා දෙනකං කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධි ගන්න පුලුවං කම තියෙද්දිත් නිරපරාදේ වැළලී ගිය තවත් ජීවිත කීයක් තියෙන්න ඇතිද?? මට වගේ මේ ටික වචන වලට පෙරල ගන්න බැරි සිය දහස් ගාණක් මේ පොළොවෙ ජීවත් වෙන බව මම දන්නවා. ඒ අය වෙනුවෙන් කවුරුත් උපවාස උද්ඝොෂන කරන්නෙ නෑ.

මේ ගැන මේ විදියට කතා කරද්දි ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන කඳවුර සලිත වෙනවා. හරියට මිනී ඇට කැබැල්ලක් හොලවලා වැහි වස්සන්නෙ කොහොමද කියලා අහන කොට සාම්ප්‍රදායික බෞද්ධයෝ සලිත වෙලා "අනේ අපොයි බුද්ධාගමට මෙහෙම අපහාස කරන් කාළකණ්ණියොත් ඉන්නවද දෙයියනේ" කියලා ඔලුවෙ අතගහ ගන්ඩ විදියටම, "කුරුසෙට ඇණ ගහද්දි දේවියන් වහන්සේගෙං චාන්ස් එකක් ගන්න බැරි වුන කෙනාගෙන්ද අපි දේවියන් වාන්සේගේ පිහිට ඉල්ලන්නෙ" කියල අහද්දි කතෝලිකයෝ සලිත වෙන විදියටම."අවුරුදු නමයක පොඩි ගෑනු දරුවොන්ට බාලාපරාධ කරපු එකෙකුගෙන්ද මිනිසාගේ විමුක්තිය ගැන අහන්නෙ" කියලා අහන කොට ඉස්ලාම් භක්තිකයො සලිත වෙන විදියටම මේවා දැක්කාම වාමාංචිකයෝ සලිත වෙනවා. "ත්‍රීමා විතාන වගේ ඓතිහාසික ශිෂ්‍ය වීරයෙකුට වඩා ධම්මික පෙරේරා හොඳයි කියලා කියන එවුනුත් මේලෝකෙ ඉන්නව නේද දෙයියනේ" කියලා අකම්පාල වෙන කමෙන්ට් කිහිපයක්ම මේ පෝස්ට් එකටත් වැටෙන්න නියමිතයි.

කොහොම හරි බොටම් ලයින් එක මේකයි. අවුරුදු විසි ගාණක් තිස්සෙ මනුස්සයකුට සල්ලි දීලා උපාධියක් අරං තමුංගෙ ජීවිතෙත් සාර්ථක කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන්න තියෙන ඉඩකඩ අහුරලා මිය ගිය ත්‍රීමා විතානගේ නම කියන කොට අපේ ඔලුවට එන්නෙ වීරයෙක්. හැබැයි දාස් ගාණකට අධ්‍යාපන අවස්ථා ලබා දීලා එම අධ්‍යාපනයෙං මිනිස්සුන්ට ජීවත් වෙන්න රට දියුණු කරන්න ඉඩ හදලා දීපු ධම්මික පෙරේරාගේ නම ඇහෙනකොට අපේ ඔලුවට එන්නෙ ද්‍රෝහියෙක්. වංචාකාරයෙක්.අවුරුදු හැත්තෑවකටත් වැඩි මූසල වාමාංශික දේශපාලනය අපේ ඔලු වල ඉතුරු කරපු ශේෂ පත්‍රය ඔන්න ඕකයි.

ප.ලි
විශ්වාස කල දේශපාලන දර්ශනය කොයිතරං නොමේරූ ගුණමකු නීෂේදනීය බලපෑම් රටට ගෙන ආ එකක් වූවත් පද්මසිරි ත්‍රීමා විතාන ඝාතනය යනු යළි යළිත් පිළිකුල් කල යුතු, හෙලා දැකිය යුතු අපරාධයකි.

[FONT=&quot]වෛද්‍ය රුවන් එම් ජයතුංග

[/FONT]

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ෂාහ් වටිනා පොස්ට් එකක්+++
ටෙක් එකක් නැත්තන් පෞද්ගලික අද්යාපනයක් නැත්තන් අදත් මම පොල් කඩනවා එක්කෝ කගේ හරි ගෙදරක වැඩ කරනවා
 
Joniya

Active member
  • Oct 10, 2015
    765
    142
    43
    50% aththa kathawak eth othana thawa nokiyauna godak dewal thiyenawa. nidahas adyapaneta pin sidda wenna ki denek hodata igena gena thamange jiwithe jaya aran innawada kiyana eka
     
    • Like
    Reactions: kasun137

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෂාහ් වටිනා පොස්ට් එකක්+++
    ටෙක් එකක් නැත්තන් පෞද්ගලික අද්යාපනයක් නැත්තන් අදත් මම පොල් කඩනවා එක්කෝ කගේ හරි ගෙදරක වැඩ කරනවා

    මාත් එහෙමයි බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ ඔය දාල තියෙන්නේ රවිස්හගේ පොස්ට් එක ෂෙය කරපු එකක් නී

    බුකියෙ ඉන්න කිරියේ ඉන්න වගේ අයට නොතේරෙන දේ තමා 48 ඉදලම රටකට කෙලවන්න ඕන හැම පැත්තකින්ම පාලකයො කෙලවලා ව්දොගන්න බැරිව දගලද්දී..ඒ වේදනාවෙන් කෙදිරි ගාද්දී ඒ පාලකයොම අධ්‍යාපන ක්ශේත්‍රයේ පුද්ගලීකරනය කලේ රටේ ඉන්න ගැටව් ටික ගොඩදාන්න කියන හිතලුව ඔලුවෙ තියන් ඉන්න එක මොන මට්ටමේ තක්කඩි කමක්ද කියන එක

    දැන් මචංලා ඔය උජාරුවෙන් පාරම්බන සැට් එක පුද්ගලීක අංසෙට දුන්න අනෙක් ඒවා ගොඩ ගීන්ද තීන්නෙ..ඒවාට ආන්ඩුව මැදිහත්වෙලා ප්‍රමිති හදලා දැන් ලස්සනට මිනිස් අවශ්‍යතා ඉශ්ට කරනවද...ආන්ඩුව හරියට වගකියනවද ..නියාමනය කරනවද...මහජනයට වගකියනවද දැන් ශෝක්ද ඒව...
    දැන් ගන්නකො ලංකාවෙ ප්‍රවාහනේ දුන්නා පුද්ගලික අංශෙට කොහොමද මචංලා ඒකෙ නියමනේ...අධ්‍යාපනේ අතෑරපංකො කොහොමද ප්‍රවාහනේ සනීපයිනෙහ්...

    ආරථිකයට අවශ්‍ය විදියට සමාජ උවමනාවක් වෙනුවෙන් අන්ඩුවට දෙන්න බැරි උනු සේවාවකට මොකො වෙලා තියෙන්නෙ

    ආන්ඩුවේ උන්ම කියන විදියට කොලබ නගර සීමාව තුල වේගය පැයට කි.මී 20 අඩුයි...මිනිහෙකුට බස් එකකට ගොඩවෙලා දහදෙනෙක් විතර කරේ තියාගෙන ගිහින් වෙල්ලමුල්ලි වෛක්කාල් මෙහෙයුමට ගිය සෙබලෙක් වගේ බස් එකෙන් බහින්න සිදුනොවෙන සේවාවක් දෙන්න පුලුවන් උනානම් තනි මිනිහෙක් පැය ගනන් මහපාරෙ රස්තියාදු වෙලා තමන්ගෙ පුද්ගලික වාහනෙන් රැකියාවට යයිද..ගෙදර ඉදන් ඇවිත් වාහන පාකින් එකේ වාහනය තියලා අගේට පොදු ප්‍රවාහනේ යයි...නමුත් සිදුවෙන්නෙ ඒකේ ප්‍රතිවිරෝධය..

    දැන් පුද්ගලික බස් දුවන්නෙ සමාජ පැවැත්ම ගැන හිතලද..රැ 7පස්සෙ බස් එකක් තියනවද..කෝ ආන්ඩුවෙ නියාමනය..දවල්ට තියන තරගෙ කොහොමද..ඉස්සරහ බස් හෝල්ට් එකේ ඉන්න රුපියල් හයේ කැලි දෙකකට අතර මග තරගෙට මිනිස්සු යටකරනවා එතකොට මිනිහෙක්ගෙ ජීවිතේ වටිනාකම රුපියල් 12 දැන් සනීපද...
    ආන්ඩුවා නියාමනය කරනවා එලටම මලගෙදරට කීයක් හරි දෙනවා මන්ත්‍රියෙක් ගීන් සෝකෙ ප්‍රකාසෙ කරනවා හරිනෙ

    ඔය කියන යොරෝපා ධනවාදෙ තුලත් පොදු ප්‍රවාහනේ මිනිහෙකුට දරාගන්න පුලුවන් මට්ටමකින් ඉහල සේවාවක් සපයනවා..පුද්ගලික අංශෙ හරහා උනත්...දැන් අපේ රටේ තක්කඩි පාලකයො රටේ හැමමිනිහෙකුට කෙදිරි ගාන්න ඇරලා හැම ක්ශෙත්‍රයක්ම කුඩුපට්ටම් කරලා තියෙද්දී ඒවර්ගයේ පාලකයො අධ්‍යාපනයට පුද්ගලික අංශෙ ගෙනාවේ ඉගෙන ගන්න උන් ගොඩ දාන්න කියන එක කියලා හිතන්න පුලුවන් නම් ඒක මොන වර්ගයේ තක්කඩි මානසිකත්වයක් තියෙන්න ඕනෙද.
    .
    රටකට ආදරය කරන ඒ රටේ මිනිසුන්නගෙ පැවැත්ම පිලිබද සංවේදී...., සමාජවාදී නෙවේ ධනවාදී උනත් පාලකයොඉන්න රටක් ඇතුලෙ ඔය යෝජනාව ආවනම් හිතහදාගන්න තිබ්බා..
    ෆුල්ෆේස් දගෙන චේන් කඩනවා කියලා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන ගමන් මහබැංකුව සුද්දකරන කාලකන්නි පාලකයින්ගෙන්නෙ මේ හාදයො ඉගෙන ගන්න ඉන්න උන් ගොඩදාන්න පුද්ගලික අද්‍යාපනේ ඉල්ලන්නෙ.....,..කොයි පැත්තෙන්ද බම් අපි හිනාවෙන්න ඕනෙ..ඒකත් කියපන්..😆😆

    ත්‍රිමාලාගෙ පරම්පරාවෙ උන් කරපු දෙ‍යින් අද්‍යාපනය ට ඇතුල්වෙන්න බධාවක් නොවීමෙන් ඉගෙන ගත්තු උන්ගෙන් සමාජයට ලැබුනු ප්‍රතිලාබෙ ගැන සොයාබැලීම්ක් නොකර තමන්ට ඩිග්‍රියක් ගන්න බැරිවිම නිසා සුළු ධනේශ්වර හීනමානෙන් පෙලෙන තමන්ට උඩට යන්න බැරි උනේ ත්‍රීමාලා කල දෙය නිසා කියලා හිතන උන්ට අනුකම්පා කරපල්ලා ...ඒක අපිට හිතාගන්න වෙන්නෙ රවීශලා වගේ පරපුරක් බිහිවීම හරහා අසාර්ථක පාලකයෝ විසින් ඔවුන්ගේ අසාර්ථක භාවයට එරෙහිව ඔවුන් ප්‍රශ්ණ කරනා වඩා හොඳ ක්‍රමයක් ඉල්ලා සිටිනා සමාජ ස්තරයක් නිර්මානය වෙන්න නොදී එය පාලකයා සහ ජනතාව අතර සාකච්ඡාවකට යන්න නොදී ජනතාව සහ ජනතාව අතර අර්බුදයක් ලෙස මතුකරගන්න සමත් හුදු පෞද්ගලික තනි ජයග්‍රහණ වෙනුවෙන් විලාප තියන ස්ථරයක් නිර්මාණය කරගන්නට සමත්වී ඇතැයි කියන එකද ?

    අසිත නිරෝෂණ ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෂාහ් වටිනා පොස්ට් එකක්+++
    ටෙක් එකක් නැත්තන් පෞද්ගලික අද්යාපනයක් නැත්තන් අදත් මම පොල් කඩනවා එක්කෝ කගේ හරි ගෙදරක වැඩ කරනවා

    ටෙක් එක රජයෙනේ බන්.... මොන උනත් උබ මුලික කරුණ අමතක කරලයි කතා කරන්නේ රටක අද්‍යාපනය කියන්නේ රටේ අනාගතය... එක රජයේ වගකීමක් නෙමයි කියල කියනවනම් රටේ අනාගතය... තීරණය කරන්නේ මුදල් මත පමණක්ම යැපෙන ආයතනද ?? මොකටද බන් එහෙනම් රජයක් කියල එකක් අපිට බැරිද පර්ලිමෙන්තුවව වත් පුද්ගලික අන්ස්හෙට හරවා ගන්න්න... ආණ්ඩුවත් දුන්නනම් එවරණේ පුද්ගලික අන්ශේටම???

    උබ හිතනවද ලංකාව වගේ රටක සේවා පුද්ගලිකරය කරාම පට්ට වෙයි කියල ප්‍රවාහනය හා සෞකය බලපන්කො...... පට්ටයි නේද??

    මෙතන ප්‍රශ්නය උබ සල්ලි දීලා කොස් එකක් කරලා ජොබ් එකක් ගත්ත එකට තියන ඉරිසියාවක් නෙමයි බන්, උබ රටේ මිනිහෙක් උබේ අම්ම තාත්ත සියා මිමුත්ත පවා කම්කරු ලිපිකරු දොස්තර කොන්දොස්තර වේවා ඒ කට්ටිය වැඩක් කරලා තියෙන්නේ මේ රට වෙනුවෙන්
    ඒ නිසා රජයට වගකීමක් තියනවා උබ ගැන. උබට අද්‍යාපනය දීලා උබෙන් වැඩක් අරන් ඒ වැඩේ රටේ දියුණුවට යොදවන්න එත් රජය ඒ වගකීම පහර හැරලා උබට පුද්ගලික ආයතනයකින් ඉගන ගන්න තැනට වැඩ සිද්ද කරලා තියනවා. ඔන්න ඕකයි මචං කතාව....

    , උබ පාවිච්චි කරන සබන් කැටය පැනඩෝල් පෙත්ත ඉදන් උබ ටකස් ගෙවනවා. ඒ මොකද ගෙවන්නේ ?? මේ පර්ලිමෙතුවෙයි සෙට් එකයි ජනාදිපති කාල බිල ඉන්න ඕනි නිසාද ?? ඒ නිසා නම් අව්ලක් නැහැ... ඔහොම හිතුවට....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ෂාහ් වටිනා පොස්ට් එකක්+++
    ටෙක් එකක් නැත්තන් පෞද්ගලික අද්යාපනයක් නැත්තන් අදත් මම පොල් කඩනවා එක්කෝ කගේ හරි ගෙදරක වැඩ කරනවා

    eth chaminda ada thoppi wikunanawa :lol::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටෙක් එක රජයෙනේ බන්.... මොන උනත් උබ මුලික කරුණ අමතක කරලයි කතා කරන්නේ රටක අද්‍යාපනය කියන්නේ රටේ අනාගතය... එක රජයේ වගකීමක් නෙමයි කියල කියනවනම් රටේ අනාගතය... තීරණය කරන්නේ මුදල් මත පමණක්ම යැපෙන ආයතනද ?? මොකටද බන් එහෙනම් රජයක් කියල එකක් අපිට බැරිද පර්ලිමෙන්තුවව වත් පුද්ගලික අන්ස්හෙට හරවා ගන්න්න... ආණ්ඩුවත් දුන්නනම් එවරණේ පුද්ගලික අන්ශේටම???

    උබ හිතනවද ලංකාව වගේ රටක සේවා පුද්ගලිකරය කරාම පට්ට වෙයි කියල ප්‍රවාහනය හා සෞකය බලපන්කො...... පට්ටයි නේද??

    මෙතන ප්‍රශ්නය උබ සල්ලි දීලා කොස් එකක් කරලා ජොබ් එකක් ගත්ත එකට තියන ඉරිසියාවක් නෙමයි බන්, උබ රටේ මිනිහෙක් උබේ අම්ම තාත්ත සියා මිමුත්ත පවා කම්කරු ලිපිකරු දොස්තර කොන්දොස්තර වේවා ඒ කට්ටිය වැඩක් කරලා තියෙන්නේ මේ රට වෙනුවෙන්
    ඒ නිසා රජයට වගකීමක් තියනවා උබ ගැන. උබට අද්‍යාපනය දීලා උබෙන් වැඩක් අරන් ඒ වැඩේ රටේ දියුණුවට යොදවන්න එත් රජය ඒ වගකීම පහර හැරලා උබට පුද්ගලික ආයතනයකින් ඉගන ගන්න තැනට වැඩ සිද්ද කරලා තියනවා. ඔන්න ඕකයි මචං කතාව....

    , උබ පාවිච්චි කරන සබන් කැටය පැනඩෝල් පෙත්ත ඉදන් උබ ටකස් ගෙවනවා. ඒ මොකද ගෙවන්නේ ?? මේ පර්ලිමෙතුවෙයි සෙට් එකයි ජනාදිපති කාල බිල ඉන්න ඕනි නිසාද ?? ඒ නිසා නම් අව්ලක් නැහැ... ඔහොම හිතුවට....

    රටේ අධ්‍යාපනය රජයේ වගකීමක් තමයි. හැබැයි, ඒක දෙන්න නොමිලෙම දෙන්න ඕනි කියල රජයට බල කරන්න බැහැ. රජයේ වගකීම හැම කෙනාටම සාධාරණයක් වෙන විදියට වැඩ කරන එක. හැම කෙනාටම අධයාපන අවස්තාව ලබල දෙන එක.

    ප්රහානයෙයි, රෝහලුයි ප්රයිවට් කරාට ප්රස්න තියෙනවා තමා ඒත් ඒක පුද්ගලික කරණයෙ ප්රස්නයක් නෙමෙයි. පරිපාලන ප්රස්න තමා තියෙන්නෙ. ඒවා හදාගන්නව මිසක පුද්ගලික කරණයට බැනල වැඩක් නෑ නේ.

    වැදගත් වෙන්නෙ මචෝ ඉගෙන ගන්නෙ පුද්ගලිකවද, රජයෙන්ද කියල නෙමේ. රජය අවස්තාවක් දීලා තියෙවන මිනිස්සුන්ට සල්ලි ගෙවල හරි ඉගෙන අරන් රටට වැඩක් කරන්න. ඒක නේද වෙන්න ඕනි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඔය දාල තියෙන්නේ රවිස්හගේ පොස්ට් එක ෂෙය කරපු එකක් නී

    බුකියෙ ඉන්න කිරියේ ඉන්න වගේ අයට නොතේරෙන දේ තමා 48 ඉදලම රටකට කෙලවන්න ඕන හැම පැත්තකින්ම පාලකයො කෙලවලා ව්දොගන්න බැරිව දගලද්දී..ඒ වේදනාවෙන් කෙදිරි ගාද්දී ඒ පාලකයොම අධ්‍යාපන ක්ශේත්‍රයේ පුද්ගලීකරනය කලේ රටේ ඉන්න ගැටව් ටික ගොඩදාන්න කියන හිතලුව ඔලුවෙ තියන් ඉන්න එක මොන මට්ටමේ තක්කඩි කමක්ද කියන එක

    දැන් මචංලා ඔය උජාරුවෙන් පාරම්බන සැට් එක පුද්ගලීක අංසෙට දුන්න අනෙක් ඒවා ගොඩ ගීන්ද තීන්නෙ..ඒවාට ආන්ඩුව මැදිහත්වෙලා ප්‍රමිති හදලා දැන් ලස්සනට මිනිස් අවශ්‍යතා ඉශ්ට කරනවද...ආන්ඩුව හරියට වගකියනවද ..නියාමනය කරනවද...මහජනයට වගකියනවද දැන් ශෝක්ද ඒව...
    දැන් ගන්නකො ලංකාවෙ ප්‍රවාහනේ දුන්නා පුද්ගලික අංශෙට කොහොමද මචංලා ඒකෙ නියමනේ...අධ්‍යාපනේ අතෑරපංකො කොහොමද ප්‍රවාහනේ සනීපයිනෙහ්...

    ආරථිකයට අවශ්‍ය විදියට සමාජ උවමනාවක් වෙනුවෙන් අන්ඩුවට දෙන්න බැරි උනු සේවාවකට මොකො වෙලා තියෙන්නෙ

    ආන්ඩුවේ උන්ම කියන විදියට කොලබ නගර සීමාව තුල වේගය පැයට කි.මී 20 අඩුයි...මිනිහෙකුට බස් එකකට ගොඩවෙලා දහදෙනෙක් විතර කරේ තියාගෙන ගිහින් වෙල්ලමුල්ලි වෛක්කාල් මෙහෙයුමට ගිය සෙබලෙක් වගේ බස් එකෙන් බහින්න සිදුනොවෙන සේවාවක් දෙන්න පුලුවන් උනානම් තනි මිනිහෙක් පැය ගනන් මහපාරෙ රස්තියාදු වෙලා තමන්ගෙ පුද්ගලික වාහනෙන් රැකියාවට යයිද..ගෙදර ඉදන් ඇවිත් වාහන පාකින් එකේ වාහනය තියලා අගේට පොදු ප්‍රවාහනේ යයි...නමුත් සිදුවෙන්නෙ ඒකේ ප්‍රතිවිරෝධය..

    දැන් පුද්ගලික බස් දුවන්නෙ සමාජ පැවැත්ම ගැන හිතලද..රැ 7පස්සෙ බස් එකක් තියනවද..කෝ ආන්ඩුවෙ නියාමනය..දවල්ට තියන තරගෙ කොහොමද..ඉස්සරහ බස් හෝල්ට් එකේ ඉන්න රුපියල් හයේ කැලි දෙකකට අතර මග තරගෙට මිනිස්සු යටකරනවා එතකොට මිනිහෙක්ගෙ ජීවිතේ වටිනාකම රුපියල් 12 දැන් සනීපද...
    ආන්ඩුවා නියාමනය කරනවා එලටම මලගෙදරට කීයක් හරි දෙනවා මන්ත්‍රියෙක් ගීන් සෝකෙ ප්‍රකාසෙ කරනවා හරිනෙ

    ඔය කියන යොරෝපා ධනවාදෙ තුලත් පොදු ප්‍රවාහනේ මිනිහෙකුට දරාගන්න පුලුවන් මට්ටමකින් ඉහල සේවාවක් සපයනවා..පුද්ගලික අංශෙ හරහා උනත්...දැන් අපේ රටේ තක්කඩි පාලකයො රටේ හැමමිනිහෙකුට කෙදිරි ගාන්න ඇරලා හැම ක්ශෙත්‍රයක්ම කුඩුපට්ටම් කරලා තියෙද්දී ඒවර්ගයේ පාලකයො අධ්‍යාපනයට පුද්ගලික අංශෙ ගෙනාවේ ඉගෙන ගන්න උන් ගොඩ දාන්න කියන එක කියලා හිතන්න පුලුවන් නම් ඒක මොන වර්ගයේ තක්කඩි මානසිකත්වයක් තියෙන්න ඕනෙද.
    .
    රටකට ආදරය කරන ඒ රටේ මිනිසුන්නගෙ පැවැත්ම පිලිබද සංවේදී...., සමාජවාදී නෙවේ ධනවාදී උනත් පාලකයොඉන්න රටක් ඇතුලෙ ඔය යෝජනාව ආවනම් හිතහදාගන්න තිබ්බා..
    ෆුල්ෆේස් දගෙන චේන් කඩනවා කියලා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන ගමන් මහබැංකුව සුද්දකරන කාලකන්නි පාලකයින්ගෙන්නෙ මේ හාදයො ඉගෙන ගන්න ඉන්න උන් ගොඩදාන්න පුද්ගලික අද්‍යාපනේ ඉල්ලන්නෙ.....,..කොයි පැත්තෙන්ද බම් අපි හිනාවෙන්න ඕනෙ..ඒකත් කියපන්..😆😆

    ත්‍රිමාලාගෙ පරම්පරාවෙ උන් කරපු දෙ‍යින් අද්‍යාපනය ට ඇතුල්වෙන්න බධාවක් නොවීමෙන් ඉගෙන ගත්තු උන්ගෙන් සමාජයට ලැබුනු ප්‍රතිලාබෙ ගැන සොයාබැලීම්ක් නොකර තමන්ට ඩිග්‍රියක් ගන්න බැරිවිම නිසා සුළු ධනේශ්වර හීනමානෙන් පෙලෙන තමන්ට උඩට යන්න බැරි උනේ ත්‍රීමාලා කල දෙය නිසා කියලා හිතන උන්ට අනුකම්පා කරපල්ලා ...ඒක අපිට හිතාගන්න වෙන්නෙ රවීශලා වගේ පරපුරක් බිහිවීම හරහා අසාර්ථක පාලකයෝ විසින් ඔවුන්ගේ අසාර්ථක භාවයට එරෙහිව ඔවුන් ප්‍රශ්ණ කරනා වඩා හොඳ ක්‍රමයක් ඉල්ලා සිටිනා සමාජ ස්තරයක් නිර්මානය වෙන්න නොදී එය පාලකයා සහ ජනතාව අතර සාකච්ඡාවකට යන්න නොදී ජනතාව සහ ජනතාව අතර අර්බුදයක් ලෙස මතුකරගන්න සමත් හුදු පෞද්ගලික තනි ජයග්‍රහණ වෙනුවෙන් විලාප තියන ස්ථරයක් නිර්මාණය කරගන්නට සමත්වී ඇතැයි කියන එකද ?

    අසිත නිරෝෂණ ...

    ත්රීමලා නිසා කීපදෙනෙකුට අවස්තාවක් හම්බ වෙන්න ඇති. හැබැයි උන් නිසා අවස්තාව මගඇරැනු ප්රමාණය ඊට වැඩී. ඒ නිසා ත්රීමලා කරපු වැඩේ නිසා රටට අවැඩක් තමයි වෙලා තියෙන්නෙ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අධ්‍යාපනය නොමිලේ දෙන්න ඕන නෑ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය. නිකන් දෙන එකේ අගයක් නැති නිසා තමා පකුන්ලා කැම්පස් එකේ ඉඳන් ඉගෙනගන්නෙ නැතුව ආණ්ඩු පෙරලන්න යන්නෙත්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අධ්‍යාපනය නොමිලේ දෙන්න ඕන නෑ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය. නිකන් දෙන එකේ අගයක් නැති නිසා තමා පකුන්ලා කැම්පස් එකේ ඉඳන් ඉගෙනගන්නෙ නැතුව ආණ්ඩු පෙරලන්න යන්නෙත්.

    අධ්‍යාපනය නොමිලයේ ලබා නොදුන්නොත් ලංකාවේ අනාගතයේ මෝඩයෝ ටිකක් බිහි වෙනවා. අද අපේ ලංකාව ගොඩක් ඉහල තැනක තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා . නිදහස් අධ්‍යාපනය ගොඩක් වැදගත්.

    නමුත් ලංකාවේ රජයෙන් ලබා දෙන නිදහස් අධ්‍යාපනයේ වටිනා කම නිදන්න මෝඩ රැලක් තමයි විශ්ව විද්‍යාලවල ඉන්නේ. මම කියන්නේ ඔකොම නොවෙයි. නමුත් බහුතරය.