ත්‍රීවීල් ටෝක් 1ක් 2ක් නෙවී 93ක්ම

dayya kolla

Active member
  • Oct 12, 2015
    128
    47
    28
    ත්‍රීවීල් ටෝක් 1ක් 2ක් නෙවී 93ක්ම

    attachment.php


    වෙලාවකට පිස්සු වගේ

    වලංකාරයා මාසෙන් හදන දේ පොලුකාරයා දවසින් කඩයි

    ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන්

    අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නන්වා

    දෙයියො දෙනකොට භූතයින්ට මළ

    රම්පෙට පොරි පොකුරු පොකුරු

    60ත් වයසක්ද

    හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස්

    වැරදුනා මිසක් පැරදුනේ නැත

    ජීවිතේ මල් මාව‍‍තේ ගල්

    කළාවැවේ නිල් දියවර අපෙ අම්මා

    අයියා පාතාලේ මං ඉස්කෝ‍ලේ

    සැප සිංගල් දුක ඩබල්

    ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ

    නීතිය නෑ ආතල් දන්නේ

    වයසට ගියත් මම හවසට ගෙදර

    ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද

    උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ

    ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං

    Frame එක දිරයි.. Name එක නොදිරයි

    උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ

    තරුණ කාලේ ආදරය ද , වැඩිහිටි කාලේ දියවැඩියාව ද , සාමානය්‍ය දෙයකි

    කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි

    මට හොඳ නම් තොට මොකෝ

    ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න

    මුදල් රජයන් විට සත්‍යය නිහඬවේ

    සීනි දිය වුනත් ගෝනි දියනවෙන්නෑ මල්ලි

    ප්‍රමාදය විනාශයට හේතුවේනම් ඉවසීමෙන් සැනසීම ලැබේ කියපු එකා කවුද

    ගල්ලා චන්ඩියා වෙන්නෙ බාල ලෑල්ලෙදි පමණි

    සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි

    මිණි මුතු අගෙයි හැම තැන නැති හින්දා - අපි කළු ගල්ද හැම තැන හමුවෙන හින්දා

    අපිට නැතත් ගස්වල තව මල් පිපියන්

    ගොළුවෙත් කථා කළා මට ඇති දාට... කථා කරපු අය ගොළුවුනා මට නැති දාට...

    මට මගේ නොවුනු මගේම "ත්‍රීවිල්" එකක් තිබුනා

    හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව

    නැන්දම්මේ........ දුව දෙනවද..?

    කොටියා නිදි ඇහැරවන්න එපා

    අලංකාර බොරු කීමෙන් බයංකාර තොප්පි වැටේ

    තිරිසන්නු වැනි මිනිසුන් අතරේ දෙවියන් වැනි මිනිසුන්ද ඇත

    පාන් කෑවොත් ඔහොම්මයි

    ඔබ වෙනුවෙන් නොනිඳන මිනිසා

    අපි පොල් ගහට නැග්ගත් දෙබලක්

    පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න

    හිමිවුනු ඔබ මට අහිමි වෙලා

    දියුණුවේ රහස උත්සහය මිස ඉර්ෂියාව නෙවේ

    ඔයා නම් කියයි අම්මා බනින්නෙ මට නේ

    රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත

    හොඳ ඇපල් කන්නෙම පනුවෝ

    අතන් පයක් වගේද මල්ලි කකුලක්

    තිත්තයි කියා කියා කරවිල කන්න එපා
    ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න් එපා
    මුතුඇට කියා කියා ගල් අහුලන්න එපා
    චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා

    ණය දීමෙන් මිතුරාත් මුදලත් බිරිඳත් නැතිවේ

    අනේ වැඩක් බලාගෙන යනව මනුස්‍සයො යන්න

    ඇයි අවුල්ද රත්තරං

    ඇද්ද මල්ලි

    ඵල නෙලුවට කමක්නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

    බොක්කෙන් මල් කඩපුවෙලේ කොක්කකින් පොල් කැඩුවනම් මාත් අද ලොක්කෙක්

    මගේ ලෝකෙ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ

    ලෙඩ්ඩු පිස්සු කෙලියට ඩොක්ට පිස්සු කෙලින්නෑ

    මට නුඹ විතරක් වැනිට නුඹට ඉන්නෙ මං විතරද

    යාළුවනේ....
    කමු බොමු ප්‍රීති වෙමු තනි තනිව බිල් ගෙවමු

    ඇස්වහ නෑ කටවහ නෑ

    කවි නෑ... වැකි නෑ... සීපද නෑ...
    සාක්කුවෙ බ්ලේඩ්තල නෑ...

    අම්මා රත්තරං ඇයි තාත්ත පිත්තලද...?

    දැවටෙන්නෑ පැටලෙන්නෑ ඇතිල්ලිලා අපි යන්නෑ

    අතහිත ලොකු අයියා දුන්නේ

    උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ලඟ ඉන්නා.

    පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද...?

    ඔබ පහුවුනා නොවේ මා ඔබ පහු කළා නේද....?

    සම්බුදු සරණයි එංජිම පරණයි

    සුද් කකුලයි කොට සායයි හරි අවදානම්

    බුදු මල්ලියේ ඈතින් වරෙන් - ලීස් එක ඉවර වුනාම රේස් යමං

    පුංචිකමට දඟ කලාට ගනන් ගන්න් එපා ඔන්න්...

    හයියෙන් එන්නෙ ඇරල යන්නද

    පිපිච්ච මල් උනත් පැහිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට

    වීල් එකේ ඉඩත් නෑ.. දාලා යන්න හිතෙන්නෙත් නෑ..

    ඉගිලෙන්න තහනම් නම් දුරක්, ඇයි දුන්නෙ මට ලයි..සොන් එකක්

    ලීටරේ 50 යි චාටරේ 20 යි

    හදවත හොඳයි., චුට්ටක් දඟයි.

    කෙල්ලෝ කපටියි. කොල්ලෝ ලපටියි.

    ඇතිදා වවුලෝ එල්ලිලා කතී. නැතිදා වවුලෝ ඉගිලිලා යතී.

    මිනිස්සු ගොඩයි. මනුස්සයෝ ටිකයි.

    රත්තරං අම්මා තාත්තාගේ බෝනික්කී

    සුදූ මොකද ඔබ ඔතරම් මලානික
    කාගේ කීමකට වැටිලද මුලාවක
    පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
    බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

    හිත හොද නම් කොහෙත් එකයි

    ඔයා යන්න මං එන්නම් මෙයත් එක්ක

    හිතන්න අමතක කරත් අමතක කරන්න හිතන්න එපා

    හමේ පාට වෙනස් උනත් කදුලේ පාට එකමයි

    අනේ මන්දා සුවද සබන් කොච්චර ගෑවත් සුදු නෑ

    මංකල වරදට ඇයි අම්මට බනින්නේ

    හදවත උණුවන පොලිස් මහත්තුරු සැමදා දෙවියන් රැක දේවා

    සල්ලි වගේද නංගි අපි

    සුනාමියට අහුවෙච්ච මට ගංවතුරත් කජ්ජක්ද?

    උප්පත්තියයි විපත්තියයි අතරේ ප්‍රතිපත්තිය නැතිනම් මහ නස්පැත්තියක්

    අනිත් යාලුවන්ටත් බලන්ඩ bump එකක්වත් දාන්ඩෝ
     

    Attachments

    • index.jpg
      index.jpg
      5.5 KB · Views: 603
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ