.....ත්‍රීවීල්_රථ_රියදුරන්_සඳහා_විශේෂ_මාර්ග_න&

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    .....ත්‍රීවීල්_රථ_රියදුරන්_සඳහා_විශේෂ_මාර්ග_න&

    .....ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත.....
    (මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න)


    මතක තබාගන්න...
    මේ පාර ඔබේය... එය ඔබේමය... ඔබේ විතරමය...




    1. ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
    2. පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත.
    3. අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
    4. මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
    5. මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් (මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස) ගමන් කරන්න.
    6. විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
    7. රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත. එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ද ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
    8. කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි. නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ.
    9. ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය.
    10. රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී, මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න
    11. දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත.
    12. මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මංතීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි.
    13. එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මංතීරුවෙන් පැමිණ හැරවිය යුතුයි.
    14. හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන යාහැක.
    15. ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කිරීම පාර මැදදීම කරගෙන යා හැක. එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි.
    16. පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක.
    17. ලතින් භාෂාවෙන් වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නයි. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
    18. ඔබගේ ත්‍රීවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙන් මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න.


    නැවතත් හොදින් මතක තබාගන්න... මේ පාර ඔබේය... ඔබේම නිවස වැනිය... එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක...


    උපුටා ගැනීමකි

    Source
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මේ පාර ඔබේය... ඔබේම නිවස වැනිය... එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක... ‍:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමත් උන් යන්නෙ පාර උන්ගෙ කියලා හිතන් තමා බං.. ආයෙ කියන්න දෙයක් නෑ..:rofl:
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    එසේම, වරක් signal light දැල්වූවිට එය නිවා දැමීමට අවශ්‍ය නැත, මක් නිසාද යත්, එය කෙදිනක හෝ නැවත දැල්වීමට සිදුවන බැවිනි. :yes:
     
    Last edited:

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    me kiyana widihata giyoth 3wheel karayek ta satha 5k wath hamba karagana wenne na, migamu pare ehema wamen palayan, sapa kane, moda boru baila danna epa ban
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කුණු ට්‍රැක්ටරේ වැඩෙන් අයින් වෙලා
    කොලා ත්‍රීවීල් එකක් අරන්ලු
     
    පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක.

    rep5+
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    මේ පාර ඔබේය... ඔබේම නිවස වැනිය... එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..:rofl::rofl:

    sira kathawa.:yes:
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    ත්‍රී වීල් කාරයෝ විතරක් නෙමෙයි පාරේ යන හැමෝම ඔහොමයි. අහිංසක මිනිස්සුන්ට බනින්න කලින් ඔය ලොකු කියන වහාන වල යන උන් නියම විදිහට යනවද කියන්න? ලංකවෙ නම් 3 වීල් එකෙයි බෙන්ස් එකෙයි යන දෙන්නෙක්ගේ වෙනස තියෙන්නේ වත්කම් වල විතරයි. නීති පිළිපැදීම අතින් දෙන්නම ගොඩයෝ තමයි.