තාත්තගේ අබිනික්මණ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පෙබරවාරි 15, 2015
    Wadagath Dawasaka lasana mewa 1 liyala Thank you lassanaiii
    jaya wewa Akka ...

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාලගේ අදහස් වලින් සහ දිරි ගැන්වීම් වලින් තමයි අලුත් නිර්මාණ වෙනස් විදියට ලියවෙන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩක් ලස්සන නිර්මාණයක්...යුද්ධේ අන්තිම දවස්වල රූපවාහිනියේ වැඩ සටහනක් තිබ්බා මියගිය රණවිරුවන්ගේ පවුල් ගෙන්නලා කරපු...එක වැඩ සටහනකට ඇවිත් තිබ්බා රණවිරු බිරිඳකුයි පුතාලා දෙන්නෙකුයි...අද වගේ මතකයි එදා ඒ නිවේදිකාව ඒ ලොකු පුතාගෙන් එයාගේ ප්‍රාර්ථනාව ගැන ඇහැව්වම කිව්ව දේ...ඒ ළමයා කිව්වා මට මගේ තාත්තා නැති වුනා වගේ මේ ලෝකේ කිසිම කෙනෙක්ට ඒ දේ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා...ඒ කියද්දි ඒ ළමයගේ මූණේ මතු වෙච්ච වේදනාව දැකපු නිවේදිකාවටත් රූපවහිනියෙන් ඒ වැඩසටහන බලන් හිටිය මටත් ඇස් වලට කඳුලු පිරුණා...හරිම අර්ථවත් විදිහට මේ කවිය නිර්මාණය කරලා තියේ...කොහොමත් රාහුල කියන්නේ අපේ හිත්වල හැමදාම අහිංසකව වැජඹෙන සුරතලෙක්නේ...රාහුලත් ඉපදුනු දා ඉඳන්ම තමන්ගේ පියා නැතිව හැදුනු දරුවෙක්..ඒත් යුද්ධෙදි මියගිය රණවිරුවන්ගේ දරුවෝ පිය සෙනෙහස යම්තාක් දුරට හරි විඳලා තියෙන නිසා රාහුලටත් වඩා ඒ විරහව දැනෙනවා දෙකක් නෑ...
     
    • Like
    Reactions: Dewrangi

    ඒක ඇත්ත අශ්මි. තමන්ගේ තාත්ත නොදැකපු දරුවෝ කොයි තරම් ඇතිද? ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට..ඇත්තටම රාහුලට තමන්ගේ තාත්ත උන්න උරුමය ඉල්ලගෙන පස්සෙන් යන්න...අපේ රණ විරුවන්ගේ දරුවන්ට ඒ උරුමය පස්සෙන් ඉල්ලගෙන යන්න දෙයක් නෑ..ඒ අය ජීවිත වලින් වන්දි ගෙවල අපි හැමෝටම අපේ මහා පොළවේ උරුමය රැකලා දුන්න.
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama

    යාපනේ චාවකච්චේරියේ
    සාමයේ ඒ නයින් මාවතේ
    නුඹ තියපු අඩි සලකුණු දිගේ
    ඇවිදිනා මම රාහුල නොවේ...

    එදා සුදු පරවියන් අතර බිම වැටී
    මිදී කඳුලෙන් උපන් ලේ කැටී
    බදා උන් පොළව කාටත් නොදී
    අද නුඹට ඒ පොළව ණය ගැතී...

    අම්මාටත් කියා අබිනික්මන්
    හැර ගියත් අත් නොහැර රජ කම්
    ගැබ්බර උනු කුසට එපිටින්
    දනිමි නුඹ දුටු නිමිති කිමවන්...

    සුලැඟිල්ල කොහේදැයි සොයමින්
    ආ ගිය කතන්දර කියමින්
    නුඹ එක්ක මං ඉස්කෝලේ ගිහින්
    තව හීන නම් ඇති කොයි තරම්...

    කර පිටින් මහ සේනා එක්ක
    සුදු කොඩි වනා දිනා ආ යුද්ධ
    පැන් වැඩූ අම්මා තනියෙන්ම
    සක්විති නුඹයි නැති පරසිද්ධ...

    තවමත් ඉඳ හිටක ඇවිදින්
    නින්දෙන් මා හඬවන ගමන්
    රහසේම ළිප නිවන කඳුලින්
    පතිණි මවුණුත් බලා පලයන්...

    හැබැහින් කවදාවත් නොදුටු
    දැන් උස් කර දඬු වලට නතු
    හැමදාමත් නුඹට නිවණ පැතු
    රාහුල වගෙ නොවෙයි නුබෙ පුතු....

    පසු සටහන : එළකිරි එකේම මල්ලි කෙනෙක් මීට කාලෙකට ඉහතදී මගෙන් නිර්මාණයක් කරලා ඉල්ලුවා. එයාගේ තාත්තා රට වෙනුවෙන් ජිවිතේ පුජා කරපු වීර සොල්දාදුවෙක්. නමුත් මට ඒ දවස් වල හිතට දැනෙන තරමේ වචන ටිකක් නිර්මාණය උනේ නැහැ කොයි තරම් උත්සහ කලත්. ඒ වගේ ජීවිතෙත් සමු ගත්ත හැම සොල්දාදුවෙක් වෙනුවෙනුත් එයාලගේ ආදරය රැකවරණය නොලැබුණු දාහක් දුවරු පුතුන් වෙනුවෙන් මේ නිර්මාණය උපහාරයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. අපේ රට බේරා ගන්න ජීවිත පුජා කරපු සියලුම දෙනාට අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.

    දෙව්රංගි
    පෙබරවාරි 15, 2015

    කියන්න වචන නෑ අක්කේ... ගොඩක් පිං අක්කෙ ඒවාගේම ගොඩක් ස්තුතියි ඉල්ලීම ඉෂ්ටකලාට.
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනයි! :)

    ගොඩක් ස්තුතියි :)

    කියන්න වචන නෑ අක්කේ... ගොඩක් පිං අක්කෙ ඒවාගේම ගොඩක් ස්තුතියි ඉල්ලීම ඉෂ්ටකලාට.

    පිං එපා මල්ලි. ඔයාගේ හිතේ තියන දේවල් මේ වචන ටිකකින් කියන්න බැරි වග මම දන්නවා.

    ගොඩක් ස්තුතියි :)

    Thank you.

    ලස්සනයි

    ගොඩක් ස්තුතියි

    Thank you.