තාත්තයි මමයි යන්නෙම නෑ?

Revollusion

Member
May 28, 2013
240
14
0
තාත්තයි මමයි යන්නෙම නෑ?

‘තාත්තයි මමයි යන්නෙම නෑ‘
2014 දෙසැම්බර් මස 22 17:11:40 | . , එම් ඩී පී ගුණවර්ධන, බුද්ධික කුමාරසිරි

‘වික්‍රමනායකලා වචන දෙකේ මිනිසුන් නොවෙයි. එදා කිව්වා වගේම තත්තයි මමයි අදත් කියන්නේ අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී සිටින බව‘ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘මේ දිනවල මිනිසුන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ පැණිලි මිස රටේ ප්‍රධාන ප්‍රශ්න නොවෙයි. මෙය එක්තරා ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයේ පසුබෑමක්.
අපේ තාත්තා (රත්නසිරි වික්‍රමනායක) රනිල් හා චන්ද්‍රිකා සමඟ සාකච්ඡා කළ බව එක්තරා වෙබ් පිටුවක පළ කර තිබුණා. මේවා අමූලික බොරු. මාධ්‍ය අපෙන් අහනවා. අපට හරියට කරදර කරනවා. මෙවර ජනාධිපතිවරණයෙන් හොරණ ආසනය ඉතා ඉහළින් සංධානය දිනවන්නට අපි ජනතාව පෙළගස්වනවා.‘

:(