තාත්තයි_පුතයි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif


    eoe720x300trainstaff02.jpg


    වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක්) එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ.

    ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා
    ,

    "තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.."

    තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
    අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

    ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා

    "තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

    තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
    "තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්දු මගේ අතටත් වැටෙනවා.."

    දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
    "ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

    තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

    "ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"

    ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා.
    ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක


    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

     
    • Like
    Reactions: diazkolla

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උපරිමයෙන්ම රීපෝස්ට් මචන්. මම ඊයේ ඕක මගේ අතින්ම ටයිප් කරලා දැම්මේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1185037

    colorchangearrowdown.gif
    colorchangearrowdown.gif
    colorchangearrowdown.gif
    colorchangearrowdown.gif
    colorchangearrowdown.gif
    colorchangearrowdown.gif
    colorchangearrowdown.gif
    colorchangearrowdown.gif


    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉතින් හරි බන් මම එක දැක්කේ නැහැ, දැක්කනම් දාන්නෙ නැහැනෙ බන්,
    හරි උබට පෙන්නුවහමත් අර කෝට් රෙද්දක් පෙන්නපු නිසා මම ආයෙත් කමෙන්ට් කලේ.
    ඕන තැනක බලපන් ඕක තියෙනවද කියලා. මගේ අතින්මයි ටයිප් කරලා දැම්මේ.
    අද දාපු ත්‍රෙඩ් එක පොඩ්ඩක්වත් වෙනසක් නැතුව හෙට වෙන එකෙක් දාපුවහම කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    එල එල අවුලක් නෑ. :)