කළු ජූලිය කාලේ කිරි පිටි හිඟයක් තිබිලා.... ඉතින් මට කිරි හොයන්න හැම තැනම ගිහින්... ඒ කාලේ පොල්ගහවෙල ඉඳලා තියෙන්නේ.
දෙමළ කඩේක බාගෙට ගිණි ගත්ත කිරි පිටි ටින් එකක් හම්බෙලා ගෙනල්ලා. අම්මා ඒක එපා කියලා, වීසි කරලා.
ඈත තැනක ලේ දන් දුන්නොත් කිරි පිටි ටිකක් කවරෙකට දාලා දෙනවා කියලා දැනගෙන එතැනට ගිහින් ලේ දන් දීලා කිරි පිටි ගෙනල්ලා. ඔන්න දවස් කීපයකින් මම හොඳට නිදාගෙන අඬන එක නවත්වල.
පස්සේ ඉතින් තාත්තා සහ මාව අතර ගැටුම් ඇතිවුනා.
ගොඩක් ප්‍රශ්න ආවා. මම ඉගෙන ගත්ත නිසා ගෙදරින් ගියා. සහෝදරියගේ ඉගෙනුම කඩාකප්පල් වුණා.
මම බේබදු වෙලා, තාත්තා එක්ක තිබ්බ අන්තිම සම්බන්දෙත් නැතිවුණා.
බැඳලා, wife ට බබෙක් හම්බෙන්න ඉද්දී තාත්තා එක්ක සුළු සමාදනෙකට ඇවිත් හිටියා. ළමයා ලැබෙන්න කලින් තාත්තා මිය ගියා.
පුතෙක් ලැබුණා, තාත්තා ගේ වටිනාකම් දැන් තේරෙන්නේ.
FD කිහිපයක්, අලුත්ම bike එක්ක. පර්චස් 40ක්. ලොකු කුඹුරක් අරන් තිබ්බා. පහුගිය කන්නේ මට වී 600kg ලැබුණා.
මේ අර්බුද ඔක්කොම අස්සේ, තාම පණ ගැටගහගෙන යන්න තාත්තා ගේ දේවල් ගොඩක් වටිනවා.