තාත්තා / අප්පච්චි ගැන මතක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    මතු බුදු වෙනවා තාත්තේ
    නිවන් සුව ලැබේවා අප්පච්චි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    කළු ජූලිය කාලේ කිරි පිටි හිඟයක් තිබිලා.... ඉතින් මට කිරි හොයන්න හැම තැනම ගිහින්... ඒ කාලේ පොල්ගහවෙල ඉඳලා තියෙන්නේ.
    දෙමළ කඩේක බාගෙට ගිණි ගත්ත කිරි පිටි ටින් එකක් හම්බෙලා ගෙනල්ලා. අම්මා ඒක එපා කියලා, වීසි කරලා.

    ඈත තැනක ලේ දන් දුන්නොත් කිරි පිටි ටිකක් කවරෙකට දාලා දෙනවා කියලා දැනගෙන එතැනට ගිහින් ලේ දන් දීලා කිරි පිටි ගෙනල්ලා. ඔන්න දවස් කීපයකින් මම හොඳට නිදාගෙන අඬන එක නවත්වල.

    පස්සේ ඉතින් තාත්තා සහ මාව අතර ගැටුම් ඇතිවුනා.

    ගොඩක් ප්‍රශ්න ආවා. මම ඉගෙන ගත්ත නිසා ගෙදරින් ගියා. සහෝදරියගේ ඉගෙනුම කඩාකප්පල් වුණා.

    මම බේබදු වෙලා, තාත්තා එක්ක තිබ්බ අන්තිම සම්බන්දෙත් නැතිවුණා.

    බැඳලා, wife ට බබෙක් හම්බෙන්න ඉද්දී තාත්තා එක්ක සුළු සමාදනෙකට ඇවිත් හිටියා. ළමයා ලැබෙන්න කලින් තාත්තා මිය ගියා.
    පුතෙක් ලැබුණා, තාත්තා ගේ වටිනාකම් දැන් තේරෙන්නේ.
    FD කිහිපයක්, අලුත්ම bike එක්ක. පර්චස් 40ක්‌. ලොකු කුඹුරක් අරන් තිබ්බා. පහුගිය කන්නේ මට වී 600kg ලැබුණා.
    මේ අර්බුද ඔක්කොම අස්සේ, තාම පණ ගැටගහගෙන යන්න තාත්තා ගේ දේවල් ගොඩක් වටිනවා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    තාත්ත කියන්නෙ වෙනමම වයිබ් එකක ලෙජන්ඩ් එකක්.:love2:

    අදටත් ඉඳහිට තාත්තයි මමයි අතර සුලු සුලු වචන හුවමාරු වෙනව.ඒත් ඒක විනාඩි 5යි. එයාට මම නැතුව බෑ, මටත් එහෙමම තමයි.

    උපරිම හිත් අමනාප වෙලා ඉඳල තියෙන්නෙ අවුරුදු 17දි වගේ. හේතුව මතක නෑ. සතියක් විතර. මූණවත් බැලුවෙ නෑ එක ගෙදර ඉඳලත්.:lol:
     
    • Like
    Reactions: clumsyhulk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    මමයි තාත්තයි යාලුවෝ වගේ හිටියේ. මගේ හැමදේම මම තාත්තට කියනවා. තාත්තත් එහෙමයි. කොටින්ම කිව්වොත් මම අවුස්සනවත් එක්ක. කතාකරන්නේ උඹ බන් ලෙවල් එකෙන් (ඒ ආදෙරට...උඹ බන් කිව්වත් අපි කවදාවත් බැනගෙන නැහැ) මාරම වයිබ් එකක්. මගේ දකුනු අත වගේ හිටියේ.. අපි අතින් පයින් ගහගෙනත් තියනවා යකෝ. මාරම බැදිමක්. යාලුවෝ වගේ. අර ගුස්ති අල්ලනවා වගේ. වැලමිටෙන් බෙල්ල හිරකරගෙන ඉන්නවා. (රිදෙන්න නෙමේ. ආදරේට)

    පොඩිකාලේ මම තාත්තාව දැක්කේ යෝධයෙක් වගේ. වයසට ගියාම තාත්තා ගේ අත හයියෙන් ඇල්ලුවා දවසක්...මට රිදෙනවා බන් .ඉස්සර වගේ බෑ..ගුස්ති අල්ලන්න. මට ඒක තේරුනා...අනේ මගේ රත්තරන් තාත්තට අන්තිම කාලෙදී පිලිකාවක් හැදුනා කිව්වා. මුලු ඇගේම පැතිරිලාලු. එකත් එක්කම තාත්තා වයසට යන වේගේ වැඩි වුනා.. තාත්තගේ ඇග පරඩැලක් වගේ. ඉස්සර තිබ්බ හයිය හත්තිය ටික ටික නැති වෙලා ගියා. කෙට්ටුවුනා....

    තාත්තා මට හැමවවෙල්ම මට කිව්වේ . එයා මැරෙන එක විදවන්නැතුව මැරෙන්න ඕන කියලා. අන්තිමට එයාට ඒ විදියට හැමදේම ලැබුනා. අපේ සහෝදරයෝ හිටියා , හැමොම රට ගියා එයාලගේ හීන හොයාගෙන. මම නැවතුනේ තාත්තා ගාව. මැරෙනකන් සැලකුවා. මට සල්ලි වලට වැඩිය වටිනවා.. හොදම බෙහෙත් අරන් දුන්නා...ඉස්පිරිතාලේ නැවැත්තුවත් හොදට ලග ඉදගෙන සැලකුවා..

    එයා කන්න කැමැති ආහාරය තමයි. කජු . ලක්ෂ ගානක කජු ගෙනත් ඇති ... දෙලුම්..පලතුරු ....එහෙමත්..
    එක දවසක් එයා අහසට අත් උස්සලා..ප්‍රාර්ථනා කරා..මට කවදාවත් කිසිම දුර්ලභ ලෙඩක් දුකක් හැදෙන්න එපා කියලා. එතරමටම මම සැලකුවා.. එයා නැතිවුනාම මරණය වෙන්න ඕන විදියත් කිව්වා. චාම් විදියට ...දවසින් වගේ ඉවර කරන්න කිව්වා.

    එදා වෙසක් කාලේ.. තාත්තා පිලිකාව මුලු ඇගේම පැතිරුනා... හරියටම වෙසක් මාසේ තාත්තා අන්තරා වුනා...

    මම ගෙදර ඇවිත් තාත්තගේ ලාච්චුව ඇරියා..ඒකේ සල්ලි මිටියක් තිබ්බා. ඒකේ ලියලා තිබ්බා. මරණයට වියදම කියලා. මම ඇඩුව තරම් මමවත් දන්නෑ..

    අපේ තාත්තා මතු බුදු වෙන්න ඕන. (මේක මගේ හදවතේ කැකෑරෙන ඇත්තක්. ත්රෙඩ් එක දැකලා ලිව්වේ)
     
    Last edited: