තාත්තා ට

Amandaa

Member
Oct 2, 2011
148
18
0
matara
සඳවත ද දිලී තරැකැටද දිලී
ගණ අඳුර ඉරා හිනැහෙයි අහසේ
..
මඳ පවන ඇදී තුරැ පෙතද සැලී
වත කමල සිඹී කොඳුරයි රහසේ
..
කොඳ කුමුදු පිපී විල් දියට එබී
මුව මඬල බලයි වෙනදා වාගේ
..
සිත් අහස අමාවක අහස මෙනී
නුඹෙ සෙවන දුරයි මගෙ අප්පචිචී
..

සඳ රුසත් නුඹත් කෝපයෙන් ගැටී
පිණි කඳුලු සලයි ලා දළු සබඳේ..
හෙට උදා ඉරක් විත් මකයි කඳුලු
හස කැළුමී සලන තුරැ පෙරදා සේ..
නුඹෙ නෙතින් ගැලූ උණු කඳුලු වැටී
මුදු කොපුල් තලත් රිදවයි රහසේ..
නුඹෙ කඳුළු මකා සිනහවක් ැවේ නම්
සතුට එයයි මගෙ අප්පචිචී
..

වෙර නොමැති ගතත් සවි සිඳුණ සිතත්
සෝ බර වු මුවත් සතපා යහනේ..
පෙර දනෙක සිනා කෙළි කවට වදන්
නුඹෙ මුවග තුළින් සැගවිණි රහසේ..
නුඹෙ සුවය සොයා මුළු හදම පුදා
අද දිනත් හෙටත් සිටිනෙමි නිබඳේ..
හසරුල්ල නුඹයි සඳවතද නුඹයි
ගනඳුරෙන් වෙලුනු මගෙ හිත් අහසේ
..:(:(
 
  • Like
Reactions: cspmaxx and Nishz

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි. සිංදුවකට කියාපු පදවැල් ටික.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ලස්සනයි සහෝදරී..............
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ගොඩාක් හිතට වැදුනා...
    ඒ වගේම දරාගන්න බැරි දුකකුත් දැනෙනවා..
    ගොඩාක් ලස්සනයි පදවැල් ටික
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට.
    රෙප්++ දුන්නා

     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    WOW.... Maarai.... mekata thanuwak damma nammaarama sinduwak wenawa..
    maara creative ayane ek eke inne...
    lassanai... e wagema godaak sanwedi.....
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    ගොඩාක් හිතට වැදුනා...
    ඒ වගේම දරාගන්න බැරි දුකකුත් දැනෙනවා..
    ගොඩාක් ලස්සනයි පදවැල් ටික
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට.
    රෙප්++ දුන්නා

    බොහොම ස්තූතියි යාළුවෝ හැමදේකටම..:D:D
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    WOW.... Maarai.... mekata thanuwak damma nammaarama sinduwak wenawa..
    maara creative ayane ek eke inne...
    lassanai... e wagema godaak sanwedi.....

    this is my first creation for ek.. i never hope such good answers from u friends.. thanks a lot for the courage..:yes:
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    හරිම ලස්සනයි හැඟුම්බරයි :)

    ගොඩක් සතුටු හිතුනා යාලු.:yes: බොහොම ස්තුති හැම දේකටම. ඔයාගේ කවිත් මම හුඟක් ආසාවෙන් කියවනවා:D thanks for ++ too