තාත්තා නොහොත් dady-

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    තාත්තා නොහොත් dady-

    අපේ තාත්තා, මනෝරම හා බුකි කාරයෝ - My Dad, Manorama & Facebook




    - මනෝරම වීරසිංහ -

    අපේ තාත්තා අපූරු චරිතයකි.. නොදන්නා ඉලව්වක් නැත. ලෝකයේ මිනිහෙකුට ඇති සියලු උපාධි සමග දැනීම අත්දැකීම් ඇත...!!

    ඒ නිසා, ලෙඩක් වූ විට ගතයුතු බෙහෙත පවා තීරණය කරන්නේ ඔහු විසිනි.!

    මනෝරම ගේ හදන විට බාස්ලාට නොව, ගෘහ නිර්මාණ ශිල්පීන්ටත් උපදෙස් දෙයි. ටෙලිනාට්‍යයක් නරඹන විට අම්මා ඔහුව එළවා දමන්නේ, නාට්‍යයේ අඩුපාඩු අම්මාට පවසා, කතාව බලන්නට කිසිදු ඉඩක් ලබා නොදෙන නිසාය. ඒ පුරුද්ද අවාසනාවට මට ද බෝවී ඇත. අවසානයේ මල පනින අම්මා " අනුන්ට කියන්නෙ තමුසෙ එකක් හදනවකො සර්ව සම්පූර්ණ විදියට..." කියා කෑ ගසයි.

    පියා සමග වැඩ කිරීමේදී, සිය දහස්වරක් සිතිය යුතුව ඇත. මහ පාන්දර නැගිටින ඔහු, අහිංසක සත්තුන්ගේ නම් කියමින් අපිට ඇහැරවයි... ඒ නිසා කිසිදාක, අපි උදෑසන හත පහුවන තුරු නිදාගෙන නැත.. දේශපාලන හෝ ශාස්ත්‍රීය පොතක, සාකච්ඡාවක් තිබුණහොත්, එහි සම්පත්දායකයෙකුගෙන් ඔහු දන්නා දෙයක් වැරදියට කියවුණහොත් ඊට අදාල සියලුම පොත් සාලයට ගෙනවිත්, තනියම පැහැදිලි කරයි.. කිසිවෙකු ඊට ඇහුම්කන් දෙන්නේ නැත.!

    ඉතින් අපේ තාත්තාට මොනවා දැනගත්තත්, තනිවම තේ එකක් හදාගන්නට තබා ලේන්සුවක් සෝදා වේලා ඉස්තිරික්ක කරගන්නටවත් බැරිය. ඒ සියල්ල කළ යුත්තේ අම්මාය. වැරදිලා හෝ කුස්සියට පැමිණයහොත් සිදුවන්නේ මල ජංජාලයකි. තියෙන විවිධ දෑ... කොළ වර්ග කඩාගෙන විත් හොද්දට දමයි.. එක්කෝ තුනපහ ආදිය වැඩියෙන් දමා මහ විනාසයක් කොට, භාජන දෙකුතුනකුත් බිම අතඇරියාට පසු කුස්සියෙන් යයි. ඔහුට අවශ්‍ය තමා උයන්න දන්නාබව පෙන්වීමට මුත් සම්බෝලයක්වත් කොටා ගන්නට නොදන්නා බව මම ඉන්තේරුවෙන්ම දනිමි..

    අද වාහනයේ දුම්පරීක්ෂාවට යද්දී අම්මා කීවේ ඉදලක් රැගෙන එන ලෙසය. ඊට අවැසි රුපියල් සියය අම්මා දුන් අතර, ඔහු පැය දෙකකින් පමණ එන විට ඒරියලයක් මෙන් කොහුමිටක් වෑන් රථයේ ජනේලයෙන් ඉහළට ඔසවාගෙන එනු දුටු නිසා..,., මා, " අර මොන මගුලක්ද අර උස්සං එන්නෙ.." ඇහුවේ, තාත්තා ගේන බඩුවල හැටි මා දන්නා නිසාය..

    " ආ.. ඉදල වෙන්නැති..පුදුමයි මතක් වෙලා.." කියා අම්මා කියූවත්, ඉදල දුටුවිට ගෙදර සිටි සියල්ලෝම බඩ අල්ලාගෙන සිනාසෙන්නට වූහ. කොළඹ නගරයේ ඇති මහල් නිවාස බැල්කනියක්, ගල් ඇල්ලු හෝ කොන්ක්‍රිට් කළ මිදුල් අතුගා හැකි ප්ලාස්ටික් ඉදලක් ඔහු ගෙනැවිත් ඇත.!

    එයින් අපේ අසමමිතික, අසමාන ගල්, මුල්, තණකොළ ගහන මිදුල කිසිසේත් අතුගෑවිය නොහැක.. පස් ගැලවී උඩ මතුවෙයි.. එය රේක්කයකට හොඳය! ඒකටත් පණ මදිය..


    දැන් අම්මා බැණ බැණ මිදුල අතුගාන්නේ පරණ ඉදලෙනි.. වැඩිහොඳට කියා රුපියල් 350/- ක්ම දී උස්සං ආ ඉදල නිසා පියා දැන් කරබාගෙන පොතක් කියවාගෙන ඔහුගේ පුස්තකාලයට වී සිටියි!

    විශේෂ -
    මනෝරම වීරසිංහ යනු මාතලන්ගේ ප්‍රියත්ම බුකි කරයෙකි. මාතලන් බුකිය පැත්තේ වැඩියේ නොයන්නේ, අපේ තාත්තා බුකියට රිංගීම, එයාගේ ආදරණීය නැන්දම්මා වූද, මාගේ ආදරණීය ආච්චි අම්මාට දිරවන්නේ නැති දෙයක් වූ බැවිනි. ආච්චි කිව්වේ, බුකියට යන එකා නැති භංගස්ථාන වන බවකි. ඒ බව සනාථ කරමින්, අගේට බොග දමා දමා උන් විශාල පිරිසක් බුකියට ඇබ්බැහිවීම නිසා නැති භංගස්ථාන වී ගියේය.
    එමෙන්ම එකතරා රටෙක රජෙකුට, තවත් වසර දෙකක් ආතල් එකේ හොරා කන්නට තිබු චෑන්ස් එකත් නැති කරගෙන ඉල්ලාගෙන කන්නට සිඳු වූයේද මේ කාළකන්නි බුකිකාරයෝ නිසාය.
    මෙය පල කලේ මනෝරමගේ කැමත්ත අකමැත්ත විමසීමකින් තොරවය. ඌ මාතලන්ට නඩු දමා හිරේ දැම්මද. මෙවන් ආතල් ලිපියකට පබ්ලිසිටි එකක් දී හිර බත් කන එක, මෙය නොදා සිටිනවාට වඩා දහස් වර ප්‍රීතිය ගෙන දෙන්නකි.

    ස්තූතියි මනෝරම...!!!

    මේ බුකි පෝස්ට් එකට මාතලන් දාපු කොමෙන්ට් එක -

    ඒ මනුස්සයට දොස් නොකියා මොඩන් ඉට්ටැයිල් එකට මිදුල ලෙවල් එකට හදා ගනිං බං....

    copy paste by http://maathalan.blogspot.com/2015/06/my-dad-manorama-facebook.html#more
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අමුතුම ලල් එකක් ඩෝ එල එල :cool:
    ඒ උනාට මුට හොදම ටික ලියන්න බැරි වෙලා. තාත්තා කියන දේවල් කවදාක හරි ඇත්ත කියල තේරෙනවා. අපිට හිතෙන්නේ අපි ඔක්කොම දන්නා උන් කියල.එත් එයාගේ අත්දැකීම් එක්ක බලද්දී අපි මොකුන්ද. අපිට වැරදුන දවසට තමි තාත්තා කිව්වා දේවල් ඇත්ත කියල තේරෙන්නේ