පුංචි රෝස මලක් වගේ ඔයා ඉපදුණ දවසේ ඔයාගේ තාත්තා ඔයාව තුරුළු කරගන්නේ එයාගේ මුළු ජීවිතේම ඔයා නිසා.. ඔයා මූණ රතු කරන් අඬන කොට තාත්තගේ හිතත අඬනවා ඔයාව නලවගන්න බැරිව ඔයාට බඩගිණි වුනාම එයා එයාගේ වැඩ අමතක කරලා ඔයාගේ පුංචි බණ්ඩි ගෙඩිය පුරවන්න රෑ තිස්සේ කවදාවත් කරලා නැති වුනත් ඔයාගේ පුංචි කිරි බෝතලේ පිරෙන්න කිරි එකක් හදලා එයාගේ උණුසුමේ තියාගෙන පොවනවා.. ඔයාට මේ කිසිම දෙයක් මතක නෑ..ඒ ඔයා ගොඩක් පුංචි නිසා..
ඔයා පොඩ්ඩ ලොකු වෙනවා,ඔයා තාත්තගේ ඇඟිල්ලක එල්ලිලා මොන්ටිසෝරි යනවා.. ඔයා අත් පොඩි කරකව කරකව නටන හැටි බලලා ඔයාගේ අම්මයි මමයි හිනාවෙනවා ඔයා තමයි අපේ ලෝකය.
ඔයා යොවුන් දැරිවියක් දැන් ..ඒත් මගේ රැකවරණය ඔයා ඉපදුන දා වගේ මයි මගේ දුවේ..ඔයාගේ අම්ම ඇවිත් මගේ හිතට දෙන ආරංචිය මගේ මුළු ලෝකෙම දවා අළු කරනවා..ඔයා තවත් පිරිමි දරුවෙක්ට ආදරය කරනවා.ඔයා එයා නිසා අම්මා කෙනෙක් වෙන්න යනවා..මට පුලුවන්ද මගේ දුවේ රෝස මලක් වගේ උපන්දා ඉඳන් රැකගත්ත මගේ පුංචි දෝණිට අතක් උස්සන්න.. ඔයාව තවත් අපහසුවට පත් කරන්න..
මගේ පොරොන්දුව ඔයා ඉපදුන දවසේ ඔයාට දුන්න ..ඔයාට මතකද?
ඒක සදාකාලිකයි මගේ දුවේ
කොන්දේසි විරහිත ආදරය,රැකවණය මගේ ඒක සදාකාලිකයි
මම ඔයාටත් ඔයාගේ නූපන් පුතු පැටියටත් ආදරෙයි මගේ දුවේ.