තාත්ත සහ ළමයා

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කාලය:-1997
    මාසය:- කියන්නේ නෑ

    දිනය :- කියන්නේ නෑ

    පලාත :- ලංකාවේ දුශ්කර පළාතක්

    ඔය දුශ්කර පළාතේ ළමයෙක් හිටියා. ඒ වෙනකොට ඒ ළමයා ඉගන ගත්තේ 3 වන වසරේ . 1997 ඔය කාල වකවානුව හැමෝටම මතක ඇති . මිනීමරු කොටි රටම ගිනි තිය තිය හිටපු කාලයක් .

    ඒ ළමයා ජීවත් උනේ කොටි තර්ජන වලින් තරමක් ඈත් උන පලාතක . ලස්සන ගෙදරක . ගෙදර හිටියේ ළමයයි , ළමයගේ මාස 3ක චූටි නංගියි, අම්මයි තාත්තයි විතරයි හැබැයි ඒ ගෙදරට වෙඩි සද්දෙත් ඉඳල හිටල නෑහුනාම නෙවේ. ළමයගේ තාත්තා ග්‍රාම නිලධාරී කෙනෙක් ළමයගේ තාත්තා වැඩකරපු වසම තිබුනේ ටිකක් දුර කිලෝ මීටර් 150 විතර දුරින් . වැඩට ගියේ බස් එකේ . ළමයාගේ පොඩිකාලේ වීරයා තමයි ළමයගේ තාත්තා හොඳම යාලුවත් තත්තා. ඒ දෙන්න. දෙන්න ඒකාලේ හැමතැනම රවුම් ගහනවා . මේ ළමයා හරිම ආසයි තාත්ත එක්ක ඇවිදින්න. පොඩි කාලෙනේ .!

    ළමයාගේ තාත්තා වැඩට ගියාම එන්නේ දවස් දෙක තුනකින් තමයි . ඉතින් මම මග බලාගෙන ඉන්නවා . තාත්තා එනකම් . ළමයගේ නංගිට නම් කිසිම ගානක් නෑ ඒ දවස් වල හිනාවෙන්න විතරයි පුලුවන් මාස 3යි නේ . ඉතිං ඔය පවුලේ අය හිනාවෙවී කාලයක් හිටියා….

    ඔන්න අඟහරුවාදා දවසක තාත්තා වැඩට යන්නයි සූදානම. උදේ තාත්තා එක්ක ඇවිදින්න අර ආසාවක් ළමයගේ හිතට ආවා .ළමයා මොකද කරේ . බොරු ලෙඩක් ඇඟට ගත්තා . ඉස්කෝලේ යන්න බැරිවෙන්න .හැබැයි ළමයගේ තාත්තා ඒතරම් ලේසියෙන් රවට්ටන්න බැරි බවත් ළමයා දැනං හිටියා . ඒක නිසා ළමයා අමුතු වැඩක් කරා . උදේ තේ එක බීලා . කාටත් හොරෙන් ඇඟිල කටේ ගහලා ඇඳ ලඟ වමනේ කරා .මට හොඳටම අමාරුයි ඔලුව හොඳටම රිදෙනවා. එහෙම කියලා අඬන්න ගත්තා . ගෙදර අය රැවටුනා . තාත්තා ඉක්මනට ලෑස්ති උනා එහෙන්ම් අපි බෙහෙත් ටිකක් ගමු කියලා ඩිස්පැන්සරියට යන්න සූදානම් උනා. ඉතිං ළමයා ඩිංස් පැන්සරි ගියා බොරුවට බෙහෙත් ගත්තා . මගදී තාත්තා ලමයට සෙල්ලම් බඩුවකුත් අරංදුන්නා පැය 3 විතර ඇවිදලා . දෙන්නම ගෙදර ආවා දැන් ලමයට හරිම සතුටුයි . ඒත් ළමයාගේ තාත්තාට එදා වැඩට යන්න බැරි උනා .

    අනිත් පහුවදා බදාදා උදේ උනා . ළමයාගේ තාත්තා ඉක්මනට වැඩට යන්න සූදානම් උනා .

    “අද නොගියොත් වැඩ ගොඩ ගැහෙනවා ඔක්කොම හිර වෙනවා” කියන ගමං

    ඉතිං ළමයාගේ තාත්තා උදෙන්ම නැගිටලා කෑමත් උයලා .ලමයට බත් කැවුවා, ළමයගේ නංගිටත් පුංචි බත් ඇටයක් කැවුවා . ළමයගේ අම්මා ළමයගේ තාත්තට ඉක්මනට බත් එකක් බෙදලා දුන්නා. ඒත් ! එක බත් කටක්වත් කන්න කලින් .. ඒ වීදුරු බත් පිගාන තාත්තගේ අත උඩම දෙකට මැදින් පැලුනා . කෑම වල රස්නෙට තමයි . ඒත් තාත්තට හිතුනේ නෑ මේ මොකක්ද උදේ පාන්දර උන අසුබ ලකුන කියලා. එයා වෙන පිඟානකින් කෑම කාලා . ළමයවත් ඉස්කෝලේට ගිහිං දාලා වැඩට ගියා .

    දවල් උනා ඉස්කෝලේ ඇරිලා ලමය ගෙදර ආවා . ඒත් එදා . මහ නරකම නරක දවසක් . ළමයාගේ තාත්තා වැඩට ගිය පාරේ වාහන වලට කොටි දිගටම වෙඩි තියනවලු . බස් සේරම ආපහු හරවලා එවනවා . ළමයාගේ තාත්තා ගිය බස් එක ආපහු ආවා . ඒත් ළමයාගේ තාත්තා ඒකේ නෑ . ළමයගේ අම්මා බස් එකෙන් ඇහුවා මහත්තයා කෝ ? කියලා . ඩ්‍රයිවර් කිවුවා .එයා වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා වැඩට ගියා අපි නම් බස් හරවගෙන ආවා කියලා . ළමයයි ගෙදර අයයි නෑදෑයොයි තොරතුරක් එනකම් බලං හිටියා ….

    එකපාරටම නිල්පාට ලොරියක් ඇවිල්ල ඒ අයගේ ගේ ඉස්සරහා නැවැත්තුවා. එකේ හිටියේ තුවක්කු ගත්ත හමුදාවේ කට්ටියක් බව ළමයා දැක්කා . එයාලා ලොරියෙන් බැහැලා ආවා. ඇවිල්ලල . ළමයගේ අම්මගෙන් මෙහෙම ඇහුවා. අදට අවුරුදු 14 කලින් උනත් ලමයට ඒ වචනටික මතකයි.

    මහත්තයා ගෙදර ආවද ?
    නෑ !

    මේ .. මේ... මහත්තයාට පොඩි කරදරයක් වෙලා !

    ඒක අහපු ගමං ළමයගේ අම්මා අඬපු හැටි ළමයට තාම මතකයි . අමතක වෙන්නේ නෑ කවදාවත්
    ළමයට නම් හිතුනේ පොඩි තුවාලයක් වෙන්න ඇති පොඩි කරදරයක් නේ කියලා .

    ටික ටික ළමයගේ ගෙදරට කට්ටිය පිරුනා කට්ටියක් ගෙදර කැලන්ඩර් අනික් පැත්ත හරවනවා , තව කට්ටියක් . උඩු වියන් බඳිනවා. ළමයා ඇත්තටම හිතුවේ මෙන්න මේවගේ දෙයක්.

    පිරිතක් කියන්න යනවා ඇති තාත්තිට සනීප වෙන්න! කියලා !

    ටිකකින් කට්ටියක් වාහනයකින් ලොකු පෙට්ටියක් අරං එනවා ළමයා දැක්කා . ඔවු ඒක මිනී පෙට්ටියක් ! මම ඒක අඳුරගත්තා ගෙදර සාලේ මැද ඒක තියලා කිහිපදෙනෙක් ඒක ඇරියා. ළමයගේ තාත්තා ඒකේ නිදාගෙන හිටියා. තාත්තගේ ඔලුව සම්පූර්නයෙන්ම වෙලුම්පටි වලින් ඔතලයි තිබ්බේ.කකුලත් අතත් ඒවගේ .

    කෙනෙක් ළමයට කීවා පුතේ මේ ඉන්නේ තාත්තා. කොටි එයාට 4 පොලකට වෙඩි තියලා . …..බලන්න තාත්තා බස් හරවලා යවද්දීත් වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා නේ . ඊයේ නිවාඩු දාපු නිසා අද කොහොම හරි යන්න ඕන කීවලු.ලොරියට ආමි එකේ කට්ටියකුත් නැගලා ඉඳලා . කොටි ඒ සේරමලව මරලා …

    ………..ළමය ඒක ඇහුනම තේරුම් ගත්තා තමන් බොරු ලෙඩක් ගත් නිසා නේද මේක උනේ කියලා. ඒත් දැන් පරක්කුයි . ආයේ තාත්තා එන්නේ නෑ. ළමයා අම්ම දිහා බැලුවා අම්මට සිහිය නැතිවෙලා ඇඳක නිදිකරවලයි හිටියේ .!

    1997 ඉඳලා අද වෙනකම් ළමයා තමන් ගත්තේ බොරු ලෙඩක් කියන එක කාටවත් කියලා නෑ !

    ළමයා පොඩිකාලේ කාත් එක්කවත් කතානොකර ඉන්න උත්සහා කලා. වයස 18 විතර වෙනකොට මේ හිතේ හිරවෙච්ච රහස බර වැඩි නිසා බොන්න ගත්තා

    . අදවෙනකම් ඒ ළමයා . …..ඒ විදිහයි.

    ටිකක් ඉගන ගත්තා , ගොඩක් බිවුවා යාලුවොත් හදාගත්තා ජොබක් හොයාගත්තා . ඒත් එයාගේ ජීවිතේ හිස් !

    ………තාත්තා නැතිවෙලා අවු 14 වෙන දවස ලඟම එනවා .

    තාත්තගේ අවු 14 දානයට සහභාගී වෙනකොට වෙනදා වගේ නැතුව මේක කාට හරි කියලා .හිත නිදහස් කරගෙන ඉන්න ඕන කියලා ලමයට හිතෙන්න ඇති..මොනව උනත් ඒ තමන් කලේ සමාව දෙන්න බැරි වරදක් බව ළමයා නොදන්නවා නෙවේ !

    ඔයාලට හිතෙන්නේ තාත්තගේ මරනෙට ළමයා වග කියන්න ඕන කියලද ?


    Source :http://hisahasa.blogspot.com/2010/11/blog-post.html
     
    • Like
    Reactions: ~Archer~
    ළමයා කොහෙත්ම් වගකියන්න ඕන නෑ යාලුවා,
    තාත්තට තියෙන දැඩි ආදරයට එහෙම කරලා ළමයා තාත්තා එක්ක හිටියේ.
    මොනා කරන්නද වෙලාව තමා:(
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ගල්පාත මහත්තයා;11383594 said:
    ළමයා කොහෙත්ම් වගකියන්න ඕන නෑ යාලුවා,
    තාත්තට තියෙන දැඩි ආදරයට එහෙම කරලා ළමයා තාත්තා එක්ක හිටියේ.
    මොනා කරන්නද වෙලාව තමා:(

    patta duka hithena kathawak neda? :(
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    :sorry::sorry: පොඩි එක්කෙනා මොනවත් දැනගෙන කරපු දෙයක් නෙවෙය් නේ.. ඒ නිසා එය වැරදි නැහැ...:no::no: :(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ohoma dewal me rate godak una... samahara ammala thaththala eka bus eke wedata giye ne.. wena wenama giye.. nethi unoth ekkenek hari ithuru wei kiyala. ehema athethayak tibuna me rate dan itin ehema ne. dan itin ape ratre onema thenkata yanna puluwani bayak sekak nethuwa
     

    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    ohoma dewal me rate godak una... samahara ammala thaththala eka bus eke wedata giye ne.. wena wenama giye.. nethi unoth ekkenek hari ithuru wei kiyala. ehema athethayak tibuna me rate dan itin ehema ne. dan itin ape ratre onema thenkata yanna puluwani bayak sekak nethuwa


    sahathika aththa!!
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තමන්ගේ 1 ක දවසක සතුට වෙනුවෙන් අවුරුදු 14 ක් හිතින් දුක් විදින්න වෙනවා කියල හිනයකින් හරි දැනුනා නම්.... අපි කාටවත් එහෙම දෙයක් දැනෙන්නේ නැති හින්ද තමයි සමහර වෙලාවට අපි කරන චුටි දේවල් වලින් ජිවිතේ අපි නොහිතන දේවල් අපිට සිද්ද වෙන්නේ.... ඒ දේ නිසා තමන්ට දොස් පවර ගන්න එක සාධාරණ දෙයක් නෙමෙයි කියල මම හිතන්නේ.... එහෙම දේවල් අපිට දැනෙනවා නම් අපි හැමෝම perfect මිනිස්සු....
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    oyage father dannawanam oya ohomai kiyala... eya kawadawath oyagen oyawage deyak balaporoththu wenne naha eka nisa eya balaporoththu una lamaya wenna balanna
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දුක හිතෙන කතාවක් බන්...
    මම කියන්නේ මේකට ළමයා වගකියන්න ඔනේ නෑ......
    එදා එහෙම දෙයක් වෙන බව කලින් දැනගෙන හිටියනම් ළමයා කවදාවත් එදා බොරු ලෙඩක් ගන්නේ නෑ...........