කාලය:-1997
මාසය:- කියන්නේ නෑ
දිනය :- කියන්නේ නෑ
පලාත :- ලංකාවේ දුශ්කර පළාතක්
ඔය දුශ්කර පළාතේ ළමයෙක් හිටියා. ඒ වෙනකොට ඒ ළමයා ඉගන ගත්තේ 3 වන වසරේ . 1997 ඔය කාල වකවානුව හැමෝටම මතක ඇති . මිනීමරු කොටි රටම ගිනි තිය තිය හිටපු කාලයක් .
ඒ ළමයා ජීවත් උනේ කොටි තර්ජන වලින් තරමක් ඈත් උන පලාතක . ලස්සන ගෙදරක . ගෙදර හිටියේ ළමයයි , ළමයගේ මාස 3ක චූටි නංගියි, අම්මයි තාත්තයි විතරයි හැබැයි ඒ ගෙදරට වෙඩි සද්දෙත් ඉඳල හිටල නෑහුනාම නෙවේ. ළමයගේ තාත්තා ග්රාම නිලධාරී කෙනෙක් ළමයගේ තාත්තා වැඩකරපු වසම තිබුනේ ටිකක් දුර කිලෝ මීටර් 150 විතර දුරින් . වැඩට ගියේ බස් එකේ . ළමයාගේ පොඩිකාලේ වීරයා තමයි ළමයගේ තාත්තා හොඳම යාලුවත් තත්තා. ඒ දෙන්න. දෙන්න ඒකාලේ හැමතැනම රවුම් ගහනවා . මේ ළමයා හරිම ආසයි තාත්ත එක්ක ඇවිදින්න. පොඩි කාලෙනේ .!
ළමයාගේ තාත්තා වැඩට ගියාම එන්නේ දවස් දෙක තුනකින් තමයි . ඉතින් මම මග බලාගෙන ඉන්නවා . තාත්තා එනකම් . ළමයගේ නංගිට නම් කිසිම ගානක් නෑ ඒ දවස් වල හිනාවෙන්න විතරයි පුලුවන් මාස 3යි නේ . ඉතිං ඔය පවුලේ අය හිනාවෙවී කාලයක් හිටියා….
ඔන්න අඟහරුවාදා දවසක තාත්තා වැඩට යන්නයි සූදානම. උදේ තාත්තා එක්ක ඇවිදින්න අර ආසාවක් ළමයගේ හිතට ආවා .ළමයා මොකද කරේ . බොරු ලෙඩක් ඇඟට ගත්තා . ඉස්කෝලේ යන්න බැරිවෙන්න .හැබැයි ළමයගේ තාත්තා ඒතරම් ලේසියෙන් රවට්ටන්න බැරි බවත් ළමයා දැනං හිටියා . ඒක නිසා ළමයා අමුතු වැඩක් කරා . උදේ තේ එක බීලා . කාටත් හොරෙන් ඇඟිල කටේ ගහලා ඇඳ ලඟ වමනේ කරා .මට හොඳටම අමාරුයි ඔලුව හොඳටම රිදෙනවා. එහෙම කියලා අඬන්න ගත්තා . ගෙදර අය රැවටුනා . තාත්තා ඉක්මනට ලෑස්ති උනා එහෙන්ම් අපි බෙහෙත් ටිකක් ගමු කියලා ඩිස්පැන්සරියට යන්න සූදානම් උනා. ඉතිං ළමයා ඩිංස් පැන්සරි ගියා බොරුවට බෙහෙත් ගත්තා . මගදී තාත්තා ලමයට සෙල්ලම් බඩුවකුත් අරංදුන්නා පැය 3 විතර ඇවිදලා . දෙන්නම ගෙදර ආවා දැන් ලමයට හරිම සතුටුයි . ඒත් ළමයාගේ තාත්තාට එදා වැඩට යන්න බැරි උනා .
අනිත් පහුවදා බදාදා උදේ උනා . ළමයාගේ තාත්තා ඉක්මනට වැඩට යන්න සූදානම් උනා .
“අද නොගියොත් වැඩ ගොඩ ගැහෙනවා ඔක්කොම හිර වෙනවා” කියන ගමං
ඉතිං ළමයාගේ තාත්තා උදෙන්ම නැගිටලා කෑමත් උයලා .ලමයට බත් කැවුවා, ළමයගේ නංගිටත් පුංචි බත් ඇටයක් කැවුවා . ළමයගේ අම්මා ළමයගේ තාත්තට ඉක්මනට බත් එකක් බෙදලා දුන්නා. ඒත් ! එක බත් කටක්වත් කන්න කලින් .. ඒ වීදුරු බත් පිගාන තාත්තගේ අත උඩම දෙකට මැදින් පැලුනා . කෑම වල රස්නෙට තමයි . ඒත් තාත්තට හිතුනේ නෑ මේ මොකක්ද උදේ පාන්දර උන අසුබ ලකුන කියලා. එයා වෙන පිඟානකින් කෑම කාලා . ළමයවත් ඉස්කෝලේට ගිහිං දාලා වැඩට ගියා .
දවල් උනා ඉස්කෝලේ ඇරිලා ලමය ගෙදර ආවා . ඒත් එදා . මහ නරකම නරක දවසක් . ළමයාගේ තාත්තා වැඩට ගිය පාරේ වාහන වලට කොටි දිගටම වෙඩි තියනවලු . බස් සේරම ආපහු හරවලා එවනවා . ළමයාගේ තාත්තා ගිය බස් එක ආපහු ආවා . ඒත් ළමයාගේ තාත්තා ඒකේ නෑ . ළමයගේ අම්මා බස් එකෙන් ඇහුවා මහත්තයා කෝ ? කියලා . ඩ්රයිවර් කිවුවා .එයා වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා වැඩට ගියා අපි නම් බස් හරවගෙන ආවා කියලා . ළමයයි ගෙදර අයයි නෑදෑයොයි තොරතුරක් එනකම් බලං හිටියා ….
එකපාරටම නිල්පාට ලොරියක් ඇවිල්ල ඒ අයගේ ගේ ඉස්සරහා නැවැත්තුවා. එකේ හිටියේ තුවක්කු ගත්ත හමුදාවේ කට්ටියක් බව ළමයා දැක්කා . එයාලා ලොරියෙන් බැහැලා ආවා. ඇවිල්ලල . ළමයගේ අම්මගෙන් මෙහෙම ඇහුවා. අදට අවුරුදු 14 කලින් උනත් ලමයට ඒ වචනටික මතකයි.
මහත්තයා ගෙදර ආවද ?
නෑ !
මේ .. මේ... මහත්තයාට පොඩි කරදරයක් වෙලා !
ඒක අහපු ගමං ළමයගේ අම්මා අඬපු හැටි ළමයට තාම මතකයි . අමතක වෙන්නේ නෑ කවදාවත්
ළමයට නම් හිතුනේ පොඩි තුවාලයක් වෙන්න ඇති පොඩි කරදරයක් නේ කියලා .
ටික ටික ළමයගේ ගෙදරට කට්ටිය පිරුනා කට්ටියක් ගෙදර කැලන්ඩර් අනික් පැත්ත හරවනවා , තව කට්ටියක් . උඩු වියන් බඳිනවා. ළමයා ඇත්තටම හිතුවේ මෙන්න මේවගේ දෙයක්.
පිරිතක් කියන්න යනවා ඇති තාත්තිට සනීප වෙන්න! කියලා !
ටිකකින් කට්ටියක් වාහනයකින් ලොකු පෙට්ටියක් අරං එනවා ළමයා දැක්කා . ඔවු ඒක මිනී පෙට්ටියක් ! මම ඒක අඳුරගත්තා ගෙදර සාලේ මැද ඒක තියලා කිහිපදෙනෙක් ඒක ඇරියා. ළමයගේ තාත්තා ඒකේ නිදාගෙන හිටියා. තාත්තගේ ඔලුව සම්පූර්නයෙන්ම වෙලුම්පටි වලින් ඔතලයි තිබ්බේ.කකුලත් අතත් ඒවගේ .
කෙනෙක් ළමයට කීවා පුතේ මේ ඉන්නේ තාත්තා. කොටි එයාට 4 පොලකට වෙඩි තියලා . …..බලන්න තාත්තා බස් හරවලා යවද්දීත් වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා නේ . ඊයේ නිවාඩු දාපු නිසා අද කොහොම හරි යන්න ඕන කීවලු.ලොරියට ආමි එකේ කට්ටියකුත් නැගලා ඉඳලා . කොටි ඒ සේරමලව මරලා …
………..ළමය ඒක ඇහුනම තේරුම් ගත්තා තමන් බොරු ලෙඩක් ගත් නිසා නේද මේක උනේ කියලා. ඒත් දැන් පරක්කුයි . ආයේ තාත්තා එන්නේ නෑ. ළමයා අම්ම දිහා බැලුවා අම්මට සිහිය නැතිවෙලා ඇඳක නිදිකරවලයි හිටියේ .!
1997 ඉඳලා අද වෙනකම් ළමයා තමන් ගත්තේ බොරු ලෙඩක් කියන එක කාටවත් කියලා නෑ !
ළමයා පොඩිකාලේ කාත් එක්කවත් කතානොකර ඉන්න උත්සහා කලා. වයස 18 විතර වෙනකොට මේ හිතේ හිරවෙච්ච රහස බර වැඩි නිසා බොන්න ගත්තා
. අදවෙනකම් ඒ ළමයා . …..ඒ විදිහයි.
ටිකක් ඉගන ගත්තා , ගොඩක් බිවුවා යාලුවොත් හදාගත්තා ජොබක් හොයාගත්තා . ඒත් එයාගේ ජීවිතේ හිස් !
………තාත්තා නැතිවෙලා අවු 14 වෙන දවස ලඟම එනවා .
තාත්තගේ අවු 14 දානයට සහභාගී වෙනකොට වෙනදා වගේ නැතුව මේක කාට හරි කියලා .හිත නිදහස් කරගෙන ඉන්න ඕන කියලා ලමයට හිතෙන්න ඇති..මොනව උනත් ඒ තමන් කලේ සමාව දෙන්න බැරි වරදක් බව ළමයා නොදන්නවා නෙවේ !
ඔයාලට හිතෙන්නේ තාත්තගේ මරනෙට ළමයා වග කියන්න ඕන කියලද ?
Source :http://hisahasa.blogspot.com/2010/11/blog-post.html