තානායම් පල්ලාගේ සටහන...

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    තානායම් පල්ලාගේ සටහන...


    කිටිකිටියේ ඇගට හිර බ්ලව්සය සමග ඇය ඇද සිටිනා ටයිට්‌ ස්‌කර්ටය , ඉතා පටු, ඉතා කෙටි, ඉතා හිර බැවින් පොඩ්ඩ එහෙ මෙහෙ වුවහොත් වැසිය යුතු තැන් නිරාවරණය වන සුළු අදින 'කඩයක්‌' වූ නිසා ය.

    එහෙත් ඇගේ වැඩුනු දේහය සැබවින්ම සුන්දරය.





    මේක මම නම් පොඩි කාලේ ඉඳලාම නොනවත්වා කියවන තීරු ලිපියක්.
    හරිම සරළ භාෂාවෙන්, අපි එදිනෙදා අත්විඳින සිදුවීම් අපූරුවට කියනවා.
    ඉතින් ඔබටත් ආරාධනා කරනවා මේක කියවන්න..


    thanayam.jpg



    ...කළු උනාට කාරි මන්ද?...




    කන් බිහිරි කරවන ගොරහැඩි හඩින් යුතු, නිකල් පැහැයේ ඩබල් සයිලන්සර යුගලයකින් හා සමාන්තරාශ්‍ර හැඩයේ පැති කණ්‌ණාඩි යුගලයකින් යුතු කුණු ලේ පැහැති ටේ්‍ර්‍රලර් වර්ගයේ යතුරුපැදිය, තානායම් පෝටිකෝව පසුකොට කෙලින්ම ඇදීගොස්‌ නතර වන්නේ ඉන් ඔබ්බෙහි වූ කොට්‌ටම්බා ගස්‌ සෙවණේය.

    එල්.ඊ.ඩී. රසදිය පැහැයේ තියුණු හයිබීම් විදුලි පහන් එළි දල්වා නද දීගෙන පැමිණි එම යතුරු පැදියේ සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටිමීටර දෙසිය පනහක්‌ බව එහි වැඩිදුරටත් සදහන්ය.

    යතුරුපැදියෙන් බිමට බටුයේ ඉංග්‍රීසි අකුරු වගයක්‌ සදහන් සුදුපැහැති ටී ෂර්ටයකින් හා ඩෙනිම් කලිසමකින් සැරසී ඩෙක්‌ සපත්තු යුගලයක්‌ පැළදි යතුරු පැදියේ පෞරුෂයට ගැලපෙන කඩවසම් තරුණයෙකි.

    ඔහු සමග යතුරු පැදියේ පැමිණි පෙම්වතිය පළමුව පා ආධාරක මත කෙලින් සිටගෙන දනහිස ළගින් හෙමිහිට පය නමා සීරුවෙන් බිමට බසින්නේ බයිසිකලය සද්දන්ත නිසාම නොවේ.

    කිටිකිටියේ ඇගට හිර බ්ලව්සය සමග ඇය ඇද සිටිනා ටයිට්‌ ස්‌කර්ටය , ඉතා පටු, ඉතා කෙටි, ඉතා හිර බැවින් පොඩ්ඩ එහෙ මෙහෙ වුවහොත් වැසිය යුතු තැන් නිරාවරණය වන සුළු අදින 'කඩයක්‌' වූ නිසා ය.

    එහෙත් ඇගේ වැඩුනු දේහය සැබවින්ම සුන්දරය.

    යතුරුපැදියෙන් ඈත්වූ යුවල, දෙදෙනාම පැළදි අව් කණ්‌ණ්‌ඩි එකවර ගලවන්නේ ටෙලි නාටක දර්ශන තලයකදී මෙනි. අනතුරුව ඔවුන් හාත්පස සිසාරා වටපිට බලන්නේ මංකොල්ලයකට පැමිණි, සොරුන් යුවලක සී.සී.ටී.වී. කැමරා විමසන පරිද්දෙනි.

    වේටර් වීරසිංහ ආලින්දයේ පඩිපෙළ අසලට ම පැමිණ යුවළ පිළිගත්තේය.

    "...රූම් එක රෙඩි නේද?..."

    තරුණයා ගේ පැනයට රත්නසිරි තක්‌කු මුක්‌කු වී වටපට බලන්නේ එය ඔහු අනපේක්‍ෂිත නිසාය.

    එම වික්‍ෂිප්ත බැල්ම අමුත්තා එසැන හදුනා ගත්තේය.

    "...ඇයි... ඔයා නෙමේද, ෆොaන් එකට ආන්සර් කළේ..? . හෙඩ් ඔෆිස්‌ එකෙන් දීපු රූම් රිසවේෂන් නම්බර් එක උදේ කෝල් කරලා කීවාම ඕ.කේ. කීවානේ?..."

    "...හරි හරි සර්...එන්න...රූම් එක රෙඩි..."

    වේටර් වීරසිංහ එසැනින් පිළිතුරු පෑවේය.

    වේටර් වීරසිංහ කාමර කොරිඩෝව අසල බිත්තියේ සවිකළ අංක පුවරු විදුලි සීනුව දෙස හිස ඔසවා බැලූවේය. එම යුවළට ෆේ‍ර‍රෂ් ලයිම් එකක්‌ සීතල බීර බෝතලයක්‌ චීස්‌ කැබලි ද සමග ගෙන ගොස්‌ මේ දැන් කාමරයේ තබා ආවා පමණය. එම කාමරයේ විදුලි සීනුව හඩවන්නේ කුමකටද?

    "... අවුලක්‌ නෑ... මල්ලි... එන්න ඇතුළට..."

    උඩුකය නිරුවත් වූ විට එම තරුණයා තවත් කඩවසම්ය. වේටර් වීරසිංහගේ අමුත්තාගේ පැහැපත් පුළුල් වමත් උරහිස්‌ බාහුවේ කොටා ඇති පච්චය දෙස ඕනෑකමින් බලා සිටියේය.

    "... ටැටූස්‌වලට මාර ආසයි වගේ නේ?... මේක මම ඉන්දුනීසියන් ටුවර් එකකදි දාගත්ත එකක්‌...දැනට අවුරුදු දෙකයි.. තාම ගින්දර වගෙයි..."

    තරුණයා වේටර් වීරසිංහ අමතන්නේ මිතුරකු ගාණටය. එහෙත් වීරසිංහ දෑස කරකවා කාමරය සිසාරන්නේ තරුණයා සමග පැමිණි තරුණිය කොහිද කියාය. එසැන නාන කාමර වතුර මලෙන් ජලය විහිදුවන හෝ හඩ රැව් දෙන්නට පටන් ගත්තේය.

    කාමරවලට පැමිණෙන බොහෝ මහත්වරුන් , බය සැකකින් තොරව වේටර්වරුන් කාමර තුළට කැදවන්නේ තම නෝනා මහත්වරුන් නාන කාමරයේ සිටිනා වේලාවට බව පළපුරුද්දෙන් දන්නා වේටර් වීරසිංහ වතුර මලෙන් විහිදෙන හෝ හඩත්, ඇය වතුර මල යටට වී සිහින් හඩින් මුමුණන ගීතයේ හඩත්, තරුණ මහත්මයාගේ කටහඩත් එකවර සමබරව ශ්‍රවණය කළේය.

    "...නුඹ කළු උනාට කාරි මන්ද?... මට මනාප නේද සුන්දරී..."

    "...මේකයි මල්ලි කෙරෙන්න ඕනෑ... අරයා බාත් රූම් එකෙන් එළියට එන්න කලියෙන් ස්‌ටෝරිය කියලා ඉවර වන්නත් එපායෑ... ඒ නිසා දීර්ඝ විස්‌තරේකට යන්න බෑ... මල්ලි මැරීඩ් නේද?..."

    "...ඔව්...ඔව්... සර්..."

    වීරසිංහ ගේ පිළිතුර ඔව් වූයේ අමුත්තා ඉල්ලන්නේ ඔව් පිළිතුර නිසාය. තානායම් හෝටල් ස්‌ථාපිතව තිබෙන්නේ අමුත්තාගේa ඉල්ලීමට ඔව් කීමට නොවේ නම් කුමන කෙංගෙඩියකටද?

    "...එහෙනම් සිරාවටම තේරුම් ගන්න ලේසියි මල්ලී... මම නැවකයි වැඩ කරන්නේ.. මම මේ ගර්ල්වයි මැරි කරන්න ඉන්නේ... ඉතින් මේ සැරේ ලංකාවේ බැහැලා මාස හයක්‌ වෙනවා.. ලබන මාසෙයි මට ආපහු නැවට නගින්න තියෙන්නේ..."

    "...හරි හරි ඉතින්..."

    වීරසිංහටද අනවශ්‍ය ටීකා ටිප්පනි වැඩක්‌ නැත.

    "...ඉතින් මල්ලි සීන් එක මේකයි... පහුගිය මාස දෙක තුනේම පිට පිට මෙයාට පීරියඩ්ස්‌ හැදුනේ නෑ... ඒ නිසා අපි පත්තරේ ඇඩ් එකක තිබිච්ච මේ පළාතේ දොස්‌තර කෙනෙක්‌ ව මුණ ගැහෙන්නයි තකහනියක්‌ මේ ආවේ..."

    තරුණයා වේගයෙන් කියාගෙන ගිය නිසාම වීරසිංහට පත්තර ඇඩ් කතාව තේරුණේ නැත.

    "...නෑ... නෑ... මල්ලී... ඔය පත්තර ඇඩ් තියෙන්නේ කල්ගිය ඔසප් නැවත ඇතිකරවා දීම එහෙම කියලා... අන්න එයින් දොස්‌තර මහත්තයෙක්‌ ගැන ලොකු ඇඩ් එකක්‌ තියෙනවා පත්තරේ... එයාගේ ඩිස්‌පැන්සරිය තියෙන්නේ මේ අල්ලපු ටවුමේ කෙලින් වීදියේලූ..."

    කඩවසම් තරුණයා කනස්‌සලු හඬින් කියා දැම්මේය.

    වීරසිංහ තවත් මොකක්‌දෝ පණ්‌ඩිත ප්‍රශ්නයක්‌ අසා කාමර තරුණයාගේ ඔලුව නන්නත්තාර කළේය.

    "...ඔව් මල්ලී මට හිතෙන්නේම මේ සැරේ නම් වැඩේ ගැස්‌සිලා වගෙයි..."

    තරුණයා එසේ සිතින් වැළපෙද්දී තරුණිය නානා කාමරයේ සිට කළු උනාට කාරි මන්දැයි පිරිමි ගායකයකුගේ ගීතයක්‌ ගායනා කරන තරමට හිත හදාගෙන සිටීම ඇත්තටම පුදුම සහගත නොවේද?.. වේටර් වීරසිංහ දසත කල්පනා කළේය.

    "...මොනා කියනවද?... ඔව් මල්ලී... යුරින් සාම්පල් එක පොසිටිව් නිසානේ දැන්ම මොනවා හරි කරලා දාන්ඩ හදන්නේ..."

    තරුණයාගේ ප්‍රකාශයෙන් තමා විවාහකයකු යෑයි බොරු කියා තිබෙනා වේටර් වීරසිංහ නොදැනීම සිය නළලත රැළි ගැන්වුණේaය.

    "... වයිෆ්ලාට උදේට උදේට හිස බර ගතියක්‌... කැරකිල්ලක්‌ එක්‌ක වමනේ ගතියක්‌ එන්නේ... ප්‍රෙග්නන්ට්‌ සීන්වලදි නේද?මල්ලී..."

    වීරසිංහ තිගැස්‌සුණේය. ඊට හේතුව ඔහු මේ විමසන්නේ උතුම් මාතෘත්වය පිළිබද වැදගත්ම පැනයක්‌ නොවේදැයි කල්පනා වූ නිසාය.

    "...ඔව්..ඔව්.. ඒකනම් එහෙම තමයි... නමුත්..." වේටර් වීරසිංහ නිකට කැසුවේය.

    එසැනින් සටස්‌ ගා නාන කාමරයේ දොර විවර විණි. කාමරය පුරා ෆේස්‌ වොෂ් කොලොන් සුවද විහිදුවා කෙටි තුවායකින් වත සරසා ගෙන තරුණිය කාමරයට පිවිසුනාය.

    ".. හරි හරි සර්.. මිස්‌ ආවා... මම ඇතුලේ ඉන්න එක හරි නෑ... එහෙම දොස්‌තර මහත්තයෙක්‌ ටවුමේ ඉන්නවද කියලා මම ටක්‌ ගාලා සොයාගෙන ඇවිත් කියන්නම්..."

    වේටර් වීරසිංහ කාමරයෙන් පිටතට ආවේය.

    ".. එසැනින් ඔහුට ඇස ගැසෙන්නේ කාමර කොරිඩෝව ඔස්‌සේ පිය මනිමින් තමා ඉදිරියට එන සිය ආයතන ප්‍රධානියාගේ රුවය.

    "...මොනවද වීරසිංහ ගෙස්‌ට්‌ලාගේ කාමරවලට වෙලා පැය ගණන් කයිය ගහන්නේ... ඒ මිනිසුන්ට ආපු කාරණේ වත් කරගන්න ඉඩදෙන්නේ නැද්aද?..."

    තානායම් පල්ලා කෝපයත් උපහාසයත් මුසු හඬින් විමසුවේය.


    රන්ජන් ගාමිණි ජයවර්ධන
     
    Last edited: