තාඹුගලගෙන් කප්පම් ඉල්ලූ මැති ඇමති ලයිස්තුව මෙන්න…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් තාඔුගල මහතා තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය.


    සමහර දේශපාලඥයින් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඔඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේදී පැවසු විරන්ජිත් තාඔුගල මහතා මේවා සිහියට නැඟෙන විට සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවත් පැවසීය.


    පොලිසියය බාරව සිටි අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ ඉල්ලීමකට අනුව සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා මට අයත් අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මඟින් සවි කර දීමට කැමති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් ඔහුගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස් මහතාගේ කීමට මා එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසියය මා සමඟ අමනාප වුයේ යැයිද කීය.


    නීති විරෝධී ආකරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරික්ණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඔුගල මහතා එසේ පැවසීය.


    නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වාඩිදුරටත් ප්‍රකාශය කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඔුගල මහතා මෙසේද පැවසීය.


    ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන මහත්වරු දෙන්නා දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බව මට කිව්වා.


    ‘එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි කියලත්’ එයාලා මට කිව්වා මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහල නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.


    වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.


    පසුව මා ඔවුන් සමඟ කතා කර රුපියල් කෝටි තිහේ කප්පම් මුදල රුපියල් කෝටි දොලහ දක්වා අඩු කර ගත්තා. තවදුරටත් කත කර කෝටි දොලහේ කප්පම් මුදල කෝටි පහ දක්වා අඩු කර ගෙන එම රුපියල් කෝටි පහක මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා. මා පොරොන්දු වූ කෝටි පහේ මුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් මා ඔවුන්ට දුන්නා. ඊට අමතරව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණටත් තවත් රුපියල් කෝටි දෙකහාමාරක මුදලක් මා දුන්නා. මේ මුදල් දුන් බව තහවරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්සි රැසක් මා ලඟ තියෙනවා.


    විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා. එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ. මා ලග දැනට තියෙන මූල්‍යමය වත්කම් වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිම කරන්න මට පුලූවන්. මේ වත්කම් සියල්ල මා විදෙස් රට වලින් නීත්‍යානූකූලව උපයා ගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා. මෙම මුදල් මා මෙරටදී උපයා ගත් මුදල් නෙමේ. ඒ සියල්ල විදේශ රට වලින් උපයා ගත් ඒවා. දැනටත් විදෙස් රට වලින් මා නිත්‍යානුකූලව මුදල් උපයා ගනිමින් සිටිනවා.


    මා සතුව ඇති නිත්‍යානූකූල මෙම වත්කම්වලට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා. මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා. කිසිඳු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේශ සහගතව කරන කෙනෙහිලිකම්, බලපෑම් මෙනම හිරිහැර සිහියට නැගෙන විට සිය දිවි නසා ගැනීමට මට සිතෙන වාර අනන්තයි. මහජන අරක්ෂාව බාර අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් මහතා ඇමතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කලා ලංකාවේ පොලිස්ථාන අලූත්වැඩියා කර දෙන්න කියලා. ඊට එකඟ වු මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලූවා. ඊට අමතරව සෑම පොලි්ස්ථානයකටම සීසීටීවී කැමරා එක ගානේ සවි කර දෙන්න මා පොරොන්දු වුණා. මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්’ මගින් කර දෙන්නම් කියා මා අමාත්‍ය ටිරාන් අලස් මහතාට කිව්වා. ඒත් ඔහු ඒකට අකමැති වුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.


    එතැන් සිටි ටිරාන් අලස් මහතා මා ගැන වෛරයෙන් කටයුතු කලා. රහස් පොලිසියේ නීති විරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ඨසයේ නිලධාරීන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල් වලින් කොටසක් ඔවුන් ලබා ගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියළු සාක්සි මා සතුව තිබෙනවා.


    රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගෙන් කප්පම් ඉල්ලීමත් කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්සි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහනාම මහතාගේ සහය මා ලබාගත්තා. එලෙස සහය ලබා ගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහනාම මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පළි ගන්න උත්සහ කරනවා.
     
    • Haha
    Reactions: dananjaya696

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,280
    113
    මේ පොර ආයිත් චමුදිත එක්ක inreview එකක් කරා නම් ආතල් කතා ටිකක් බලන්න පුළුවන් :baffled:
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    ගු හතයි නේද රකිත. තාත්ත ගේ busuness ටික බලාගෙන පොඩියට practice කරගෙන ඉන්නෙ නැතුව මොනවද බන් මෙහ්

    අනුන් ගේ video අරගෙන සිංහලෙන් dub කරලා තමන්ගේ ෆොටෝ එක එක්ක fb දාන එරන්ද. එක්කෝ youth එක කරගෙන shape එකේ ඉන්න ඕන

    හැබැයි ඉතින් සාදරනව හම්බකරපුව නම් බය වෙන්න ඕන නැ නෙහ්. එක එකා ට සල්ලි දෙන්න යන්න ඕන නැ නෙහ්