තායිලන්තයේත් කොවිඩ් උග්‍ර අතට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    තායිලන්තයේ මේ වන විට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ දරුණුම අවධියට මුහුණපා සිටී.

    දෛනික මරණ 200කට ආසන්න වෙමින් ඇති එරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට මුහුණපා සිටින බරපතළ ම අර්බුදය වන්නේ රෝහල් තුළ මෘතදේහ ගොඩගැසීමය.

    බැංකොක් අගනුවරට නුදුරු රෝහලක 2004 වසරේ දී තායිලන්තය මුහුණදුන් දරුණු සුනාමි ඛේදවාචකය එම මෘත දේහ දැකීමේ දී සිහිගැන්වෙනවේ.

    දිනපතා එක්රැස් වන කොවිඩ් මෘතදේහ අධිශීතකරණ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

    මියයෑමට නිශ්චිත හේතුවක් දක්වා නැති මෘතදේහවලින් සියයට 20ක් පමණ පසුව සිදුකරන පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හඳුනාගන්නා බව රෝහල් වාර්තා පවසයි.

    මේ අතර, ඉන්දියාවේ වසංගත ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇති දකුණුදිග කේරළ ප්‍රාන්තයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව සිව්වන දිනටත් විසිදහස ඉක්මවා ගියේය.ඊයේ (31) එම ප්‍රාන්තයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 20,772කි.

    එය ඊයේ සමස්ත ඉන්දියාවෙන්ම හඳුනාගත් ආසාදිතයන්ගෙන් අඩක් පමණ වේ.

    ඉන්දියාවේ මේ වන විට වැඩිම සක්‍රීය ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේද කේරළ ප්‍රාන්තයෙනි.කේරළ ප්‍රාන්තයේ, කොවිඩ් ආසාදිත එක් පුද්ගලයෙකුගෙන් වෛරසය බෝවිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව මැන බලන ආර් අගය දැක්වෙන්නේ 1.11ක් ලෙසිනි.

    ඒ අනුව එක් ආසාදිතයෙකුගෙන් එක්අයෙකුට වඩා වැඩි පිරිසකට වෛරසය බෝවීමේ අවදානමක් පවතී.

    පවතින තත්ත්වය හමුවේ කේරළයට සති අන්තයේදී ලොක්ඩවුන් සීමා පැනවීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළේය.

    මේ අතර කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ යමින් ඇති උත්තර් ප්‍රාන්තයටත් සති අන්තයේ ලොක්ඩවුන් සීමා පනවා තිබේ.

    Screenshot_2021-08-01-16-30-33_copy_432x518.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මියයෑමට නිශ්චිත හේතුවක් දක්වා නැති මෘතදේහවලින් සියයට 20ක් පමණ පසුව සිදුකරන පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හඳුනාගන්නා බව රෝහල් වාර්තා පවසයි.

    ඕක නම් ලන්කාවේ කරන විදිහට කලා නම් විසදගන්න තිබ්බා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මියයෑමට නිශ්චිත හේතුවක් දක්වා නැති මෘතදේහවලින් සියයට 20ක් පමණ පසුව සිදුකරන පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හඳුනාගන්නා බව රෝහල් වාර්තා පවසයි.

    ඕක නම් ලන්කාවේ කරන විදිහට කලා නම් විසදගන්න තිබ්බා
    අන්න ඒකනේ
    හේතුවක් දන්නේ නැති ඒවාට කොරෝනා පරීක්ශණ කරන්න ගිහින් නේ නාගෙන තියෙන්නේ
    එහෙම කළා නම් දවසට උපරිම 60ක් වෙයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    ලංකාවෙ ටසිරි වෙන්න බේත් විදිනව.ඕම වෙන්නෙ නෑ.ගූ ඇන් පී ගොන් බඩු බිල්ලො මවනව :angry:
     

    gama22

    Well-known member
  • mehema gyth apitath lagadima oka thama wenne
    වෙනවා නෙවයි බඩු සුවර් ඇයි යකො ආරථික ඔස්තාර් තුමා මෙ කොරෝන එනවද කියල ටෙස්ට් කරන පරීක්ෂණයක් බොල මේ කෑ නොගා හිටු.
     
    • Haha
    Reactions: hodakolla