ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යමින් පවතින JN.1 කොවිඩ් අනුප්‍රභේදය දැනටමත් ශ්‍රී ලංකාවේ පවතින බවට සැකකෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය 'X' ගිණුමෙහි සටහනක් තබමින්.
පළමුවරට ලක්සම්බර්ග් රාජ්‍යයෙන් හඳුනාගත්, JN.1 කොවිඩ් අනුප්‍රභේදය මේ වන විට ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතිනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ලෙස සැලකෙන මෙම වෛසරයෙන් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2669ක්. කේරළ ප්‍රාන්තයේ පැතිර ගිය JN.1 අනු ප්‍රභේදය මේ වනවිට ගෝආ සහ මහරාෂ්ට්‍ර ප්‍රාන්ත දක්වා ද පැතිර ගොස් ඇති බව සඳහන්. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ද පළමු JN.1 ආසාදිතයා වාර්තා වූ අතර එම පුද්ගලයා ගෝවා හි සිට පැමිණි අයෙක්. වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ මහරාෂ්ට්‍ර ප්‍රන්තයෙන් JN.1 ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පූර්ව මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරෙන JN.1 කොරෝනා අනුප්‍රභේදය අවධානය යොමුකළ යුතු වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම කොවිඩ් අනු ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාවට ඇති අවදානම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ද සිය X ගිණුමෙහි සටහන් තබා තිබුණි. එහි දැක්වෙන්නේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කේන්ද්‍රකොට ගෙන මේ වනවිට පැතිරෙමින් පවතින JN.1 කොවිඩ් අනුප්‍රභේදය දැනටමත් මෙරට ජන සමාජය තුළ පවතින බවට සැක පළකළ හැකි බවයි.