තායි පරිත්‍යාගය යළි රැගෙන යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    error




    මීට දශක දෙකකට පෙර තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට පැමිණීමට ජූලි 1 වැනිදා ශ්‍රී ලංකාවෙන් ගමන් ආරම්භ කරනු ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

    නිසියාකාරයෙන් රැක බලා නොගැනීම සහ රෝගාතුර වී සිටීම හේතුවෙන් ප්‍රතිකාර ලබා දීමට සක් සුරින් නැවතත් තායිලන්තයට රැගෙන ඒමට තායිලන්ත රජය තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දී තිබේ.

    තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය දීර්ඝ කාලයක සිට සොයා බලමින් සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.

    තායිලන්ත රජය කුලී පදනම මත ලබා ගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක නව කූඩුවක් ඉදිකිරීමෙන් පසු සහ සක් සුරින් රැගෙන පියාසර කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව එළඹෙන ජූලි 1 වැනිදා සක් සුරින් නැවතත් තායිලන්තය බලා රැගෙන එනු ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත.