තායි ලෙනක සිරවූ දරුවන්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ලංකාවෙ උනා නම් දවස් දෙකයි බලන්නෙ .ගුහාවත් වහල දාලා මේක තහනම් ප්‍රදේශයක් කරල හාමුදුරුවෝ වඩම්මලා පාංසකූලෙ දෙනවා.🙏🙏🙏 පහුවදා පත්තරෙ පොල්ගෙඩි අකුරෙන් යනවා " ගුහාවෙ සිරවූ 13 ම මරුට" කියලා.කෝච් ට පලු යන්න බැනල ඌ ව පට්ට පතුරු ගහනවා 😆
    ඊට පස්සෙ ලමයින්ගෙ දෙමව්පියෝ ගිහින් කෝචගෙ ගේ කුඩු කරල බඩු මුට්ටු පොලොවෙ ගහල හිත හදාගන්නව.කතාව නිමි
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    පෝරිසාදයා;23395073 said:
    මේකෙ ලංකාවෙ උනා නම් දවස් දෙකයි බලන්නෙ .ගුහාවත් වහල දාලා මේක තහනම් ප්‍රදේශයක් කරල හාමුදුරුවෝ වඩම්මලා පාංසකූලෙ දෙනවා.🙏🙏🙏
    :no::no:
    ලංකාවෙ මිනිස්සුන්ට ඊට වඩා හොඳ හදවතක් තියෙනවා මචං මනුස්සයෙක්ගෙ දුකකදි කරදරේකදි පිහිටවෙන මිනිස්සු ඕනතරම් ඉන්නවා පහත් කරලා කතා කරන්න එපා
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    :no::no:
    ලංකාවෙ මිනිස්සුන්ට ඊට වඩා හොඳ හදවතක් තියෙනවා මචං මනුස්සයෙක්ගෙ දුකකදි කරදරේකදි පිහිටවෙන මිනිස්සු ඕන ඕනතරම් ඉන්නවා පහත් කරලා කතා කරන්න එපා[/QUOTE ]
    මිනිස්සු ගැන නෙමෙ යකො කිව්වෙ නිසි බලධාරීන් ගන්න පියවර ගැන
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    :no::no:
    ලංකාවෙ මිනිස්සුන්ට ඊට වඩා හොඳ හදවතක් තියෙනවා මචං මනුස්සයෙක්ගෙ දුකකදි කරදරේකදි පිහිටවෙන මිනිස්සු ඕන ඕනතරම් ඉන්නවා පහත් කරලා කතා කරන්න එපා


    :yes::yes::yes::yes:
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    තායි ලෙනේ සිර වූ අවසන් 5 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අද

    තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කෙරෙනවා.

    වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මෙම ළමයින් පිරිස සිය පුහුණුකරු සමඟ මෙම ලෙනෙහි අතරමං වූයේ පසුගිය ජුනි 23 වන දායි.

    ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කෙරුණු මුදා ගැනීමේ මෙහෙයුමෙන් ළමයින් 8 දෙනෙකු ඉවත් කර ගැනීමට හැකි වුණා.

    පසුගිය දින දෙක තුළ සිදුකෙරුණු මෙම මෙහෙයුම අපේක්ෂා කළ මට්ටමට වඩා සාර්ථක වූ බවයි තායි බලධාරීන් ප්‍රකාශ කළේ.

    මුදා ගත් ළමයින් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන අතර, ඔවුන් සෞඛ්‍ය තත්ත්වය යහපත් බව සඳහන්.

    17 වන රැයත් ලෙනෙහි ගත කළ අවසන් ළමයින් 4 දෙනා සහ පුහුණුකරු ද කඩිනමින් මුදා ගැනීමට අද මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන්නේ ලෙන් ප්‍රදේශයට වැසි ඇද වැටීම නිසා ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් අනතුරුදායක විය හැකි වීම හේතුවෙන්.