තාරකා විද්‍යාවේ අතීතාරම්භය

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    තාරකා විද්‍යාවේ අතීතාරම්භය

    chapter%20one_zpsrsljacxc.jpg

    මානව ශිෂ්ඨාචාරයේ මුල් යුගයේ සිටම අහස හා ආකාශවස්තු මිනිස් වර්ගයාගේ විමසිල්ලට ලක් වීය.:)මේ ආකාශවස්තු පිලිබඳ වූ විද්‍යාව තාරකා විද්‍යාව බවට නොදන්නෝ නොවෙති.තාරකා විද්‍යාව යනු ලොව ඉපැරණිතම විද්‍යාවයි.;):yes:නමුත් මෙතරම් පෞරානික වූ තාරකා විද්‍යාව පිලිබඳ ඇල්මක් ඇති අප මොහොතක්වත් මෙය ආරම්භවූයේ කෙසේ දැයි සොයා බැලුවාද?:eek::eek: එසේනම් අපි තාරකා විද්‍යාව ප්‍රවර්ධනය හා එහි ඉතිහාසයට යමු.:yes::yes:

    තාරකා නිරීක්ෂණ පිලිබඳ නිරීක්ෂණ වාර්තා ලිඛිතව එනම් මැටි ඵලකතුල සටහන් කරමින් ක්‍රී.පූ1500 දී පමණ :shocked: කාලයේ සිට බැබිලෝනියාවෙන් තාරකා විද්‍යාව ආරම්භවී ඇතැයි සැලකේ.:yes: බැබිලෝනියානු ශිෂ්ඨාචාරය විසින් බටහිර ලෝකය වෙත කරන ලද මහත්ම බල පැමක් ලෙස තාරකා විද්‍යාව සැලකිය හැකිය.කාලය මනින පැය,දින,සති,මාස ක්‍රමය අප අතරට ලැබුනේ බැබිලොනියාවෙනි.:cool: ග්‍රහලෝකවල නමින් දිනයන් නම් කිරීම බැබිලෝනියාවේ තාරකා විද්‍යා දැනුම පිලිබඳ හොඳම නිදසුනයි.බැබිලෝනියානුවෝ චන්ද්‍රයාට මුල් තැනක් දුන්හ.ඔවුන්ගේ වර්ෂය දින තිහක චන්ද්‍ර මාස දොළහකින් යුත් දින 360 කින් සමන්විත විය.මෙහිදී ඇතිවූ ගැටලුවලට පිළියම් වශයෙන් හැම හයවැනි වර්ෂයකටම වැඩිපුර චන්ද්‍ර මාසයක් එක් කළහ.:)

    බැබිලෝනියානු තාරකා විද්‍යාව ජෝතිශ්යමය ස්වරූපයක් ගත්තකි.:confused: ක්‍රි.පූ 668-625 දී :shocked: පමණ ඇසිරියාවේ විසූ අසුර්ඛනිපාල් රජු විසින් රචනාකරන ලද තාරකා විද්‍යා පුවරු විශාල සංඛ්‍යාවක් තැන්පත් කර තිබූබව වාර්තාවේ.:) තවද මෙසේ තැන්පත් කර තිබූ තවත් ලේඛනයක් ක්‍රී.පූ 3800 :shocked: විසූ පළවන සාර්ගෝන් රජුගේ කාලයට අයත් බව වාර්තාවේ.මේ අයුරින් ඇසිරියානුවෝ දිනපතා ග්‍රහලෝකයන්හි හැසිරීම් රටාව නිරීක්ෂණයකර ඒවා ගණනය කොට ඒවායේ වාර්තාවන් සාදා ඇතිබවට වාර්තාවේ.මෙම වාර්තාවන් අසුර්ඛනිපාල් රජු විසින් අනෙකුත් නගර වලට බෙදාදී ඇතිබවත් පසු කලෙක මෙම මෙම වාර්තාමගින් අනාවැකි පලකලබවත් එම අනාවැකි පලකිරීමේ කාර්යය පූජකවරුන්ගේ කාරයක් බවට පත්වුන බවත් ඉතිහාසයේ සඳහන්වේ.පූජ්‍යස්ථානවල විශාල ගල් කුලුණු ඉදිකොට ගෙන සරල උපකරණ මගින් අහස නිරීක්ෂණය කර අනාවැකි පළකලහ.:) බැබිලෝනියාවේ බාබල්ගේ කුලුණ මෙයට ශාක්ෂි දරයි.එවකට හඳුනාගෙන තිබූනේ ග්‍රහලෝක පහක් පමණි.මෙම ග්‍රහලෝක පහ සහ හිරු ,සඳු පිළිබඳ ඔවුන්ගේ විමසිල්ලට ලක්විය.තවද මෙම යුගයෙහි ඔවුන් සතුව කාලය මනින ඔරලෝසුවක් වැනි යමක් තිබී ඇති බව පුරාවිද්‍යා ග්‍රන්ථවල සඳහන්ව ඇත. නමුත් විශ්වය පිළිබඳ ඔවුන්තුල වූයේ නොපැහැදිලි සංකල්පයකි.:confused:මන්දයත්,ඔවුන් පෘථිවිය කවාකාර භූමියක් බවද ඒවටා විශාල ගඟක් ගලායන බවද ගඟ මහසයුරට ඔබ්බෙන් පිහිටා ඇති බවද අහස රැදී ඇත්තේ උස් කදු මුදුන්වල බවද විශ්වාසය විය.:D:D

    Babylonian_tablet_recording_Halleys_comet_zpskbpvkhol.jpg




    බැබිලෝනියානුවන් සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහන පිළිබඳ විශේෂ ලෙස අවධානයක් යොමුකර ඇත.:shocked: සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහන පිළිබඳ වාර්තා තැබීම බැබිලෝනියානුවන්ගෙන් තාරකා විද්‍යාවට සිදුවූ අමිල සේවයකි.පසු කලෙක මෙම වාර්තා ක්ලෝඩියස් ටොලමි විසින් නිරීක්ශණයට යොදාගෙන ඇත.;);)
    මේ භාගයේදීම ඊජීප්තුව තරකා විද්‍යාව අතින් දියුණුවක් ලබාසිටියහ.මේ බව පැරණි ඊජීප්තු පිරමීඩ වලින් හමුවූ චිත්‍ර හා අක්ෂර වලින් පැහැදිලිවේ. මෙවන් දැවැන්ත පිරිමීඩ සෑදිමට හා විශාල ඇළ වේලි ඉදිකිරීමට ඔවුන් තාරකා උපයෝගීකර ගත්හ.:shocked: ඔවුන්ගේ වසරක් දින 360 කට සීමාවිය.එහෙත් පසුව එම ගණනයන් අවුල් සහගත නිසා වසරකට දින 5ක මාසයක් එක කළහ.:shocked: තවද දින 1/4ක් එකතුකර එය අධික වර්ෂයක් ලෙස නම් කොට ඇත,මෙලෙස අදික වසරක හදුන්වා දීඇත්තේ ටොලමිගේ යුගයේ ඇලෙක්සැන්ඩ්‍රියානු නක්ෂත්‍ර විද්‍යාඥයන්වූ ග්‍රීකයන් විසිනි.:cool: ඊජිප්තුවරුන් විසින් දවසක් කොටස් දෙකකට වෙන්කර ඇත. එනම් දහවල පැය 12 හා රාත්‍රීය පැය 12 ක් වන ලෙසයි.:shocked::shocked: ඔවුන් කාලය මැන ගැනීමට හිරු තැටිය හා ජල ඔරලෝසුව භාවිතාකර ඇතිබව සඳන්වේ.:yes::yes:
    sundial_zpsv11k9vhf.jpg


    බැබිලෝනියානුවන් මෙන්ම ඊජීප්තුවරුන්ද විශ්වය පිළිබඳ විශේෂ මතයක් දැරූහ.ඔවුන්ගේ මතය වුයේ අහස යනු පොලව වසා සිටින වහලයක් බවත් :D:D චතුරස්‍රකාර පෙට්ටියක් බඳුවූ කොන් හතරකින් ඉහලට නැගුණ කණු සතරකට අහස සවිවී ඇති බවත් :lol::lol: පොළෝ තලය මදක් වක්‍රවූ අතර ඒ මැද නයිල් ගංඟාව වූ අතර හිරු දෙවියෝ දින පතා යෝධ අහසේ සිට ඇද හැලෙන ගංඟාවකින් ඔරුවක නැගී පැමිණ :lol::lol: සිය දෛනික චාරිකාවේ යෙදෙන අතර ගංඟාවේ පළල නිසා හිරු දෙවියන් එක් එක් සෘතු වලදී පොළොවෙන් ඈතින් වූ ඟං ඉවුරට ළංව ගමන් කිරීමත් සිදුකරන බවය.:lol: සෘතු බිහිවූයේ මේ ආකාරයටය.:growl: ඔවුන්ද සූර්යය හා චන්ද්‍රයා පිලිබඳ අනාවැකි පලකර ඇතිබවට සාක්ෂි හමුවී ඇත.;)

    rathriye%20devagana_zpsxij9dvxb.jpg


    මෙසපොතේමියානු රාත්‍රියේ දෙවගන


    අහසේ ඇති නොයෙක් වස්තූන් පිළිබඳ බැබිලෝනියානුවන් දේවත්වයෙහිලා සැලකුවද ග්‍රීකයෝ ඒවා සොබාදාමේ දායාදයන් ලෙස සැලකූහ.:yes::yes: බැබිලෝනියානුවන් මෙන් නොව මොවුන් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ විශ්වය හා ග්‍රහවස්තු වෙත බව පෙනේ. :eek: ග්‍රීකයන්ද ග්‍රහවස්තු පිළිබඳ විවිධ මත දරා ඇත.ඇනෙක්ෂිමැන්ඩර් ගේ මතය වූයේ පෘථිවිය යනු අහසෙහි පාවෙමින් ඇති තැටියක් බවත්,:D සූර්යයා හා චන්ද්‍රයා ඇතුලු ග්‍රහවස්තූන් විනිවිද පෙනෙන ගෝලයක් තුල පිහිටා ඇති බවත්ය.:D පෘථිවිය මේ ගෝලයේ කෙන්ද්‍රය බව ඔහුගේ මතය වීය.:nerd: තේල්ස් පවසා ඇත්තේ පෘථිවිය සමතලයක් මත පාවෙමින් ඇති තැටියක් බවයි.:no: මේ අවදි කීපය සමඟ තාරකා විද්‍යාව විශාල ලෙස වර්ධනය විය....

    skylk සහ wikipidia ඇසුරිනි



    මම පොඩි කාලෙ ඉදන්ම තාරකා විද්‍යාවට ගොඩක් ආස කරපු කෙනෙක්.. :yes: ඒත් මට ඉස්කෝලෙන්වත් වෙන කොහෙන්වත් ඒ ගැන විධිමත්ව ඉගෙන ගන්න හම්බුනේ නෑ.. :( ඒත් මං ආතර් සී. ක්ලාක් ආයතනයේ පුස්තකාලෙ වගේ ගොඩක් තැන්වලට ගිහින්..පොත් එහෙම හොය හොය ඉගෙන ගත්ත.. ;)
    මට ඕනේ උනා මං වගේ මේ subject 1ට ආස ඒත් හරියට ඒ ගැන ඉගෙන ගන්න බැරි උන අයට බලන්නත් එක්ක පොතක් ලියන්න.. :) ඒක පටන් ගත්තට වැඩත් එක්ක කරගෙන යන්න බැරි උනා.. :no:එළකිරියේ අපේ සෙට් 1 මේ subject 1ට කැමති අය ඉන්නවනන් මං මේ විදිහට Astronomy,Cosmology වගේ subject ගැන thread දාන්නං.. :D BUMP 1ක් දීල support 1ක් දෙන්න... :yes:




     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැවැන්ත පිරිමීඩ සෑදිමට හා විශාල ඇළ වේලි ඉදිකිරීමට ඔවුන් තාරකා උපයෝගීකර ගත්හ


    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.:rolleyes:

    උඹ දිගටම මේ ගැන ලිපි දානවද?
     
    • Like
    Reactions: Stimulus mind

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    BUMP dapu Rep dipu hamotama thanks..
    mn hithuwe na mechcharawath comment watei kiyala me thread 1ta..
    dan elakiriye inna eun asahana thread hoya hoyane yanne wadipurama
     
    • Like
    Reactions: Stimulus mind