තාර එතනෝල් කරන මාර සෙල්ලම මෙන්න

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තාර එතනෝල් කරන මාර සෙල්ලම මෙන්න

    තාර එතනෝල් කරන මාර සෙල්ලම මෙන්න



    මතට තිතය...... එහෙත් රට වටෙන් කුඩු තොග ගණනින්, කන්ටේනර් ගණනින් අසුවන්නේය. එතනෝල් ස්‌ප්‍රීතු කන්ටේනර ගණනින් අසුවන්නේය. කුඩු "ගී්‍රස්‌ ටින්" බවට හැරෙන අතරේම, එතනෝල් "තාර" බවට පෙරළෙන්නේය. තිනර් බවට හැරෙන්නේය. ඒ සියල්ලම රකින්නට ඉදිරිපත් වන්නේ ද රටේ නමගිය දේශපාලනඥයන් ය.

    පසුගිය කාල වකවානුවේ මහත් ආන්දොaලනයක්‌ ඇති කළ සිද්ධීන් අතර එතනෝල් ((Ethanol)) අධි සැර මද්‍යසාර ස්‌ප්‍රීතු සහිත "කන්ටේනරයේ" කතාව විශේෂිතය. එය ඒ තරමට විශේෂිත වන්නේ එම ස්‌ප්‍රීතු තොග සහිත කන්ටේනරය ගෙන්වූයේ කවර හේතුවක්‌ නිසාද යන්න සොයා බැලූ විටය. එහෙයින් අප නැවත සිහි කැඳවීමක්‌ කරනු පිණිස කතාවේ මුලට යා යුතුය.

    එතනෝල් අනාවරණය

    ගෙවී යමින් තිබෙන 2013 වසරේ මාර්තු 18 වැනිදා මාධ්‍යය ද රැගෙන ගොස්‌ කළ මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද එතනෝල් ස්‌ප්‍රීතු කන්ටේනර් දෙකක්‌ අත්අඩංගුවට ගැනීම ප්‍රකාශයට පත් කරන ලද්දේ සුරාබදු දෙපාර්තමේන්තුවය. සුරාබදු විශේෂඥයන්ම පෙන්වා දෙන ආකාරයට එදින අත්අඩංගුවට ගත්තේ 96% ක (සියයට අනූහයක) අධිසැර මද්‍යසාර ස්‌ප්‍රීතු තොගයකි. ඒ අනුව කන්ටේනර දෙකෙහි අසුරන ලද ලීටර් 210 බැරල් 315 ක්‌ දක්‌නට ලැබිණි. ඒවායෙහි එතනෝල් ස්‌ප්‍රීතු ලීටර 65100 ක්‌ අඩංගුව තිබිණි.

    විශේෂයෙන් කිව යුත්තේ මෙය අහම්බයක්‌ නොවන බවය. වාර්තාවල සඳහන් වන ආකාරයට 2005 වසරේ සිටම මෙරටට එතනෝල් ආනයනය කිරීම "උපද්‍රවයකින්" තොරව සිදු කර තිබිණි. ඒ වසරකට ලීටර් මිලියන 20 ක්‌ බැගිනි. එහෙත් "සැබෑ හිමිකරුවකු" නොවුණු මේ එතනෝල් තොගයේ කතාව එහාටත් මෙහාටත් දොaලනය වෙමින් මේ වසරේ අග භාගය දක්‌වාම පැමිණියේය.

    තහනම් කර මාසයකට පසු එතනෝල් ගෙන්වීම

    වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙම එතනෝල් තොගය සහ පසුගිය දෙසැම්බර් 04 වැනි දින ඔරුගොඩවත්තේදීම අත්අඩංගුවට ගත් "තාර" බවට පත්වී තිබුණු එතනෝල් කන්ටේනරය ද පසුගියදා (27 වැනිදා) ලීටර් 16,000 ක්‌ අඩංගු එතනෝල් බැරල් 80 ක්‌ මැලේසියාවේ සිට ආනයනය කර තිබියදී ඔරුගොඩවත්තේදී රේගුව විසින් අත්අඩංගුවට ගන්නා අතරතුර මෙරටට ආනයනය කර තිබුණේ, ඒවා ගෙන්වීම තහනම් කර තිබියදී වීමය.

    "ආනයන හා අපනයන පාලකවරයා විසින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ එතනෝල් ස්‌ප්‍රීතු මෙරටට ගෙන්වීම තහනම් කරනු ලැබුවේ 2013 පෙබරවාරි 28 වැනිදාය. 80% ක්‌ හෝ ඊට වැඩිවන්නාවූ මද්‍යසාර ප්‍රමාණයක්‌ ඇති, ස්‌වභාවය "වෙනස්‌ නොකළ" ඊතයිල් මද්‍යසාරය කවර හෝ ප්‍රමාණයන්ගේ ස්‌වභාවය "වෙනස්‌ කළ" ඊතයිල් මද්‍යසාරය හා අනෙකුත් ස්‌ප්‍රීතු වර්ග සහ සුරාබදු ආඥ පනත යටතේ පනවන ලද නීතිරීතිවලට අනුව ස්‌වභාවය වෙනස්‌ කළ ස්‌ප්‍රීතු ආනයනය මෙසේ තහනම් කර තිබිණි.

    පෙර අප සඳහන් කරන ලද ස්‌ප්‍රීතු තොග අත්අඩංගුවට ගන්නේ ඉන්පසුවය. මෙම එතනෝල් තොග මෙරටට ගෙන්වන්නේද වංචනික පසුබිමකය. මුල් කන්ටේනර දෙක "තිනර්" ලෙසත්, දෙවැනි කන්ටේනරය "තාර" ලෙසත්, අසුවන තෙක්‌ හැඳින්වෙන්නේ එහෙයිනි.

    2011 වර්ෂය වන විට එතනෝල් ස්‌ප්‍රීතු ශ්‍රී ලංකාවට නීති විරෝධීව ආනයනය කිරීම හේතුවෙන් රේගු=ව රුපියල් මිලියන 1200 ක දඩ මුදලක්‌ අය කරගෙන ඇති බවට වාර්තා වේ.

    ආසන්නතම සිදුවීම් වන "තාර" සහ "තිනර්" ලෙස හඳුන්වා එතනෝල් ආනයනය කරනවා සේම සුවඳ විලවුන් නිෂ්පාදනය හා කර්මාන්ත කටයුතු සඳහා යෑයි කියමින් එතනෝල් ආනයනය කරනවා සුවඳ විලවුන් නිෂ්පාදනය සහ කර්මාන්ත කටයුතු සඳහා යෑයි කියමින් එතනෝල් ස්‌ප්‍රීතු ගෙන්වීමය. මේ සියලු ක්‍රියාදාමයන් නීති විරෝධීය.

    එහෙත් මෙරටට ගෙන්වන එතනෝල් ස්‌ප්‍රීතු තනිකරම යොදා ගැනෙන්නේ අරක්‌කු නිෂ්පාදනය සඳහාය. හයිය ඇති දේශපාලන බලය යෙදිය හැකි පුද්ගලයන් රැසක්‌ ගෙන්වන ලද මෙවැනි ස්‌ප්‍රීතු තොග සම්බන්ධයෙන් පරීක්‍ෂණවල නිරත වූ බොහෝ අයට මරණ තර්ජන පවා එල්ල වී තිබුණු අතර, බොහෝ දෙනකු රැකියාව අතහැර දමන තැනට පත් වෙන්නට ද එය හේතුවී තිබිණි තීන්ත සෑදීම, විලවුන් සෑදීම, පවිත්‍රකාරක රසායන ද්‍රව්‍ය සෑදීම ආදී කර්මාන්තශාලා ගණනාවක්‌ නමින් හඳුන්වා ආනයනය කළ ද, ඒ කිසිවෙකුත් සතුව එවැනි ව්‍යාපාරික ආයතන නොමැති බව ද, පෙනෙන්නට තිබිණි.

    බද්දෙන් හැංගෙන්න ගහන ගේම්

    සියලු කරුණු කාරණා සලකා බැලූවිට එතනෝල් ස්‌ප්‍රීතු, නියත වශයෙන්ම ගෙන්වන්නේ අරක්‌කු නිෂ්පාදනය සඳහාම පමණකි. රටේ අරක්‌කු නිෂ්පාදනය කරන සමාගම් ගණනාවක්‌ වර්ෂය පුරාම එතනෝල් ස්‌ප්‍රීතු ආනයනය කරයි. වත්මන වනවිට ස්‌ප්‍රීතු ලීටරයකට රේගු ගාස්‌තුව රුපියල් 250 කි. ජාත්‍යන්තර වශයෙන් ස්‌ප්‍රීතු ලීටරයක මිල ඩොලර් ශත 90 -150 ක්‌ අතරය. ඒවා උක්‌ හෝ ධාන්‍ය වලින් ලබාගන්නා ස්‌වාභාවික ස්‌ප්‍රීතු වර්ගය. එහෙත් ඉන්දියාව වැනි රටවලින් ගෙන්වන කෘත්‍රිමව නිෂ්පාදනය කරනු ලබන ස්‌ප්‍රීතු ලීටරයක මිල ඩොලර් ශත 60 -70 ත් අතර අඩු අගයක්‌ ගනී. එසේ ගත් කල වෙනත් කර්මාන්ත සඳහා එතනෝල් ස්‌ප්‍රීතු සඳහා ලීටරයකට රුපියල් 250 ක බද්දක්‌ අය වේ. ඒ එතනෝල් ස්‌ප්‍රීතු අරක්‌කු නිෂ්පාදනය සඳහා ගෙන්වා තිබේ නම් අරක්‌කු නිෂ්පාදනයේදී එක්‌ බෝතලයක්‌ සඳහා රුපියල් 400 ක පමණ සුරා බද්දකට යටත් වීමට ද සිදු වේ.

    කාරණය දැන් පැහැදිලිය. වැට්‌ බද්දක්‌ නොගෙවා එතනෝල් ස්‌ප්‍රීතු ගෙන්වා අරක්‌කු නිෂ්පාදනයෙන් ලාභ ලැබීම අංක එකය. මතට තිත තැබිය හැක්‌කේ එවිටය. ආශ්චර්යය කරා රට ගෙන යා හැක්‌කේ එවිටය.

    එතනෝල් ගෙන්වන අය අතර දේශපාලකයන් පෙරමුණේ

    කෙසේ හෝ මේ එතනෝල් ගෙන්වීමේ ජාවාරම පිටුපස "හාල්මැස්‌සන්" සිටියේ නැති බව පැහැදිලිය. "තෝරු මෝරුන්ගේ" තරම නිසාම පරීක්‍ෂණ ද දිගින් දිගටම ඇදෙන්නේය. වයඹ දේශපාලන කප්පිත්තෙක්‌ පරසක්‌වල ගසා නැතැයි කීවද, ඔහුට අයත් අරක්‌කු සමාගම් තුනටම එතනෝල් අවශ්‍ය බව නොරහසකි. මාතලේ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයකු සතුවද අරක්‌කු සමාගමක්‌ ඇත. ඒ කිසිවෙකුත් නියමිත බදු තබා එතනෝල් ආනයනය කරනවා යෑයි කීවේද නැත. මේ ක්‍රියාවලියේදී ඒ සියලු ගනුදෙනු හා ව්‍යාපාරික කටයුතුවල නියෑළෙන්නේ වෙනත් පිරිසකි.

    පසුගියදා 04.11.2013 වැනි දින ශ්‍රී ලංකා රේගුව මගින් එළිදක්‌වන ලද වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයට ඒ ගැන වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වේ. පසුගිය මාර්තු 13 වැනි දින ඉඟුරු කඩේදී අත්අඩංගුවට ගත් එතනෝල් කන්ටේනර දෙකෙහි සවිස්‌තර වාර්තාව ඊට ඇතුළත්ව ඇත.

    වාර්තාව අනුව එම කන්ටේනර දෙක මෙරටට ගෙන්වා ඇත්තේ "මුත්තයියා සසිදරන්" හා "ජයලත් පීරිස්‌" නමැත්තෙකි. මුත්තයියා සසිදරන් යනු, ක්‍රිකට්‌ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරෙකි. එතනෝල් කන්ටේනර් මෙරටට ගෙන්වීමට සහ ඒවා වරායෙන් නිදහස්‌ කර ගැනීමට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහයෝගය ලබාදී ඇත. එම එතනෝල් කන්ටේනර් ගෙන්වා ඇත්තේ අවින්ද ලොජිස්‌ටික්‌ (Avinda Logistic (Pvt) LTD) ආයතනය හරහාය. එම ආයතනයේ හිමිකරු ලෙස දැක්‌වෙන්නේ කාමිල් විෙ-නායක නමැත්තෙකි. 2010 වර්ෂයේදී කාමිල් හා සසිදරන් අතර හඳුන්වාදීම සිදු කරන්නේ ද අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. එවක්‌ පටන් එතනෝල් ජාවාරමෙහි "සසිදරන්" යනු සක්‍රීය චරිතයක්‌ බව අංක CIB /INV/14/2013/CCR/1384 දරන රේගු පරීක්‍ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

    ''In 2010 on a Request of Hon. M. Mr. Arundika Fernando he has
    incorporated The company Avinda
    Logistics (Pvt) LTD, under the name of
    Mr. Kamil Wijenayake who was
    Introduced to him by M.P. Mr. Arundika
    Fernando"

    වසර 2010 දී පා. ම. අරුන්දික ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට අනුව ජයලත් ක්‍රිෂාන් පීරිස්‌ විසින් කාමිල් විඡේනායක යන නම යටතේ අවින්ද ලොජිස්‌ටික්‌ නමැති සමාගම පිහිටුවන ලදී. කාමිල් විඡේනායක ක්‍රිෂාන් පීරිස්‌ හඳුන්වාදී තිබුණේ පා. ම. අරුන්දික ප්‍රනාන්දුය.

    ඒ එම වාර්තාවේ දැක්‌වෙන උපුටනයයි. වයඹ දේශපාලනය කවරක්‌ සඳහන් කළද, එම වාර්තාවේ හත්වැනි පිටුවේ එම දේශපාලනඥයන්ගේ නම් සඳහන් කරමින් එතනෝල් ජාවාරමට ඔවුන්aගේ ඇති සම්බන්ධය පෙන්වා දෙයි.

    මේ සිදුවීම් අහම්බයක්‌ නොවේ

    තීන්ත හෝ පිරිසිදු කාරක ආදී රසායනික ද්‍රව්‍ය නිපදවන ආයතනවලට ඇත්තටම අවශ්‍ය වන්නේ එතනෝල් නොවේ. ඔවුන් ඒ සඳහා ආනයනය කරන්නේ "මෙතනෝල් ස්‌ප්‍රීතු" ය. "මෙතනෝල්" සඳහා රේගු බද්ද එම මිලෙන් 2.5% ක්‌ පමණය. අඩු මුදලකට "මෙතනෝල්" නොගෙන්වා, හොර පාරේම හෝ වැඩි රේගු බද්දක්‌ ගෙවමින් "එතනෝල්" ගෙන්වන්නේ ඇයි දැයි යන්න, රේගුව හෝ සුරාබදු දෙපාර්තමේන්තුව නොදන්නවා යෑයි කීම අමු බොරුවකි.

    එතනෝල් ස්‌ප්‍රීතු ආනයනය කිරීම සඳහා ප්‍රමුඛතම අවසරය ලබා දෙන්නේ මුදල් අමාත්‍යාංශයයි. එම අවසරය අනතුරුව යොමු කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවටය. අවසානයේ එය ආනයන අපනයන පාලකවරයා වෙත යොමු වේ. "මතට තිත" යෑයි කියන මොහොතක මුදල් අමාත්‍යාංශය 2012 වර්ෂයේ සමාගම් 39 ක්‌ සඳහා එතනෝල් ගෙන්වීමට බලපත්‍ර 150 ක්‌ ලබාදී තිබේ.

    මේ නීති විරෝධී ජාවාරම් මෙතැනින් නැවතේ යයි සිතිය නොහැක. ඒ, රේගුවට, සුරාබදු දෙපාර්තමේන්තුවට පමණක්‌ නොව තවත් බොහෝ තැන්වලට "තදින් බලපෑමක්‌" කළ හැකි මට්‌ටමේ පුද්ගලයන් රැසක්‌ මේ ජාවාරම් පිටුපස සිටින බැවිනි.

    පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගත් එතනෝල් කන්ටේනරය සම්බන්ධ සිද්ධිය ගැන කඩිනමින් පරීක්‍ෂණ පවත්වා අහවර කිරීමේ හැකියාව තිබියදීත් එය තවදුරටත් ඇදෙමින් තිබෙන්නේද එහෙයිනි. "වැඩේ ගොඩින් බේරා ගැනීමේ" මෙහෙයුම් මේ වන විටද දියත්ව ඇතිවා වෙන්නට පුළුවන.

    මේ එතනෝල් ජාවාරමට සම්බන්ධ යෑයි නම් කියෑවෙන මුත්තයියා සසිදරන්ට සහ ජයලත් පීරිස්‌ට අත්අඩංගුවට ගත් එතනෝල් තොගය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 150 බැගින් දඩ ගෙවීමට නියමිතව තිබේ.

    ජයලත් පීරිස්‌ මේ වන විට එය ගෙවා දමා ඇති බව සඳහන්ය. එහෙත් "සසිදරන්" තවමත් එය ගෙවීමට ඉදිරිපත් වී නැත.

    රාජ්‍ය ආදායමෙන් 9% ක පමණ ප්‍රමාණයක්‌ ආණ්‌ඩුව උපයන්නේ සුරා බදුවලිනි. අරක්‌කු සමාගම් නීත්‍යනුකූලව එතනෝල් ලබා ගන්නේ බැරල් 40 ක පමණ ප්‍රමාණයකි. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලේඛනගත වන ප්‍රමාණයයි. එහෙත් දත්ත අනුව මෙම සමාගම් මසකට අරක්‌කු ලීටර 8000 ක්‌ වත් නිපදවන්නේය. ඉතිං කාරණය පැහැදිලිය. අනෙක්‌ සියලු එතනෝල් බැරල් ගෙන්වන්නේ හොර පාරේය. පිටරටින් ගෙන්වන එතනෝල් "මතට තිත" තබන්නට සැරසෙන රටකට රිසිසේ පොම්ප කරන්නට සියුම් ක්‍රියාවලියක්‌ මෙකී මෙම ජාවාරම්කාර පිරිසට (දේශපාලනඥයන්ට) තිබෙන බව පැහැදිලිය. එහෙත් කිසි විටෙකත් මේ ලෝක බදු හොරුන්ට හෝ අරක්‌කු ජාවාරම්කාරයන්ට කිසිදු ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වන බවක්‌ 2005 වර්ෂයේ සිට වර්තමානය තෙක්‌ම අපි අත්දුටුවේ නැත. ඉතිං අපි බලා හිඳිමු..!

    උදේශ සංජීව ගමගේ


    ]http://www.divaina.com/2013/12/29/feature08.html
     
    • Like
    Reactions: ryandok