තැපෑලටත් කොරෝනා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කුරුණෑගල තැපැල් සේවකයින් 14කට කොවිඩ් - දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතී

    කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යාල සාමාජිකයින් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

    ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදීම් රාජකාරී සඳහා අනෙකුත් තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත ගොස් ඇති බැවින් සෞඛ්‍ය උපදෙස් මත දිස්ත්‍රික්කයේ සියලූම තැපැල් හා උපතැපැල් කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.

    ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූම තැපැල් සේවා කටයුතු අත්හිටුවා ඇත.

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදීම් කටයුතු ද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන අතර ඒ සඳහා විකල්ප වැඩපිළිවෙලක් වයඹ පළාත් ප්‍රධාන ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද තැපැල්පතිවරයා සඳහන් කරයි.

    දෙරණ
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,365
    113
    අපේ ගේ එහා පැත්තේ අන්කල් අද අරන් ගියා
    පොරට පොසිටිව්. තැපැල් කියන්නේ හැම තැනම යනවනේ?
    පොරට අද තමයි පොසිටිව් කියල රිපොර්ට් ඇවිදින් තියෙන්නෙ එතකන් පොර හැම තැනම ගිහින් කියහන්කෝ :shocked:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ලියුමක් ලැබෙන්න තියෙනවා. දැන් මාස දෙකක් වෙනවා.
    එහෙනං අත ඇරල දාපං ඒක ලැබෙන ලියුමක් නෙමේ...
     

    Similar threads