තිත්ත වුනත් ඇත්තයි මම ඇණ වුනා, උඹ ගොඩ ගියා

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    තිත්ත වුනත් ඇත්තයි මම ඇණ වුනා, උඹ ගොඩ ගියා

    තිත්ත වුනත් ඇත්තයි! මා ඇණ වුනා, පහත සරණ ගිය ඔබ ගොඩගියා.

    බුදු පිළිම සරණං ගච්චාමි!
    ධම්ම පොත සරණං ගච්චාමි!
    සිංහ හමක් පෙරෝ ගත් නරියා සරණං ගච්චාමි!

    හෙට ඉඳන් මාත් ඉහත සරණ ගිහින් වෙනස පොඩ්ඩක් බලන්න ඕනි.


    බොහෝ අය නිවන් දකින්න කැමතියි. එහෙත් ඒ කැමැත්ත ආශාවක් පමණි. ඒ ආශාව පෙරටු කරගෙන එන්නේ නිවන් දකින්න නොව, රහතුන් ගැන සොයන්නටයි. එබැවින් ඔහුන් රහතුන් උඩින් යනවාද, අනුන්ගේ සිත් කියවන්න පුළුවන්ද කියා සොයනවා මිසක් රහතුන්ගෙන් බණ අසා නිවන් දකින්නට නොවේ. ඒ අයට රහතුන් ගැන සොයා ගත නොහැකි වේ. ඉන්පසු රහතුන්ට නිගා කරමින් නීචයන් වී, නොමඟ ගොස් අපාගත වෙති.

    එදා බුදුන් දම් දෙසුයේ මාගධ භාෂාවෙනි. ඒ එදා සාමාන්‍ය ජනයා කථා කල සම්මුති භාෂාවයි. එහෙත් පාලිය යනු බුදුරදුන්ගේ මාර්ගය සහ ඵලයයි. ඉදින් මාර්ගයත් ඵලයත් ගැන, විචක්ෂන, විශාරද භාවයට පත්වන, ආර්ය ශ්‍රාවකයෝම වෙසෙසින්ම පාළියෙහි හසළයෝය.

    ඉදින් රහත්වන්නේ, පාරමී පිරි ඇති, පෘථක්ජන ප්‍රභූන්ගේ හිතයි. කය නොවේ. කය සම්පූර්ණයෙන් අත් හැරීමෙන් නිදහස් වන ප්‍රභාෂ්වර හිතයි. එබැවින් එදා බුදුන් බණ කීවේ සිතට මිස කයට නොවේ. අද ඇසෙන බණ සිතට නොව කයට වීම සංවේගයටද කරුණකි.

     
    Last edited:

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    මේ යකා නම් නොම්මර එකේ පිස්සෙක්... මට මේක PM කරලා...

    මේ මනුස්සයා හිතාගෙන ඇති මේව කියවල හොර රහත් වෙස් ගත්ත එවුන් සරණ යන්න තරම් අපිට පිස්සු කියලා...

    මේක තමයි හොඳම එක---
    From Previous Thread---

    ආරණ්‍යක රහතන් වහන්සේ තම අග්‍ර ශ්‍රාවක Mhdsuranga අරභයා දේශනා කළ mhdsuranga ජාතකය -

    පින්වතුනි, අද දින මාගේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ මෙම
    Mhdsuranga උපාසක මහතා අද මතු නොව මින් පෙරද සුරංග නම් මානවකයෙකුව ඉපදී, "රහතන් වහන්සේ සරණ යම්හ" කියා එක්තරා නිඝන්ඨයෙකු සරණ ගොස්, "ධර්මය දේශනා කරම්හ" කියා බොහෝ කොට බයිලා දේශනා කරන්නේ, බොහෝ දෙනා හට ආතල් දී, මරණින් මතු අපාගත විය. :lol:

    පින්වතුනි, එකල්හි සුරංග මානවක තෙමේ අද දින
    Mhdsuranga මහතාමය....

    එම මානවකයා පහදාගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට කඩේ යවා, බොහෝ දෙනා අපායගාමී කොට පියා, මහත් වූ වික්‍රම කළා වූ එම නිඝන්ඨයා නම් අද දින අඳබාලයන් රැසක් පිරිවරා ආරණ්‍යවාසීව වැඩහිඳ සද්ධර්මය රැප් කරන මම ම නොවේද....


    :lol:

    නියමෙට කියල තියනව...

    Rep +
     
    Last edited: