තිත් යා කිරීම

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    "තිත් යා කිරීම" ඇත්තටම මේ දෙය ගැන මට මුලින්ම දැනගන්න ලැබුනෙ, ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්වව්ද්‍යාලයේ කල කතාව ඇතුලත් වීඩියෝව බැලුවට පස්සෙ.



    ඉන් පසු මමත් මගේ ජීවිතයේ සිදුවුන සිදුවීම් ගැන ආපසු හැරී බලද්දී, මට වැටහුන දෙයක් තමයි, හැම සිදුවීමක්ම එකකට එකක් සම්බන්ධ වීම හා හැම සිදුවීමකම අවසානය තවත් අළුත් සිදුවීමක ආරම්භය බවට පත් වීම.
    ඉතින් මගේ ජීවිතයේත් ගොඩක්, අනපේක්ෂිත සිදුවීම්, කළකිරීම්, කඩා වැටීම් වගේ දේවල් තිබුන. හැබැයි දැන් ආපසු හැරිල බලද්දි ඒ හැම දෙයක්ම අපේ හොඳට සිද්ද වෙච්ච දේවල් කියල දැන් හිතෙනව.
    ඉතින් මම කැමතියි ඔයාලගෙ ජීවිතයෙත් ඒ වගේ ආපසු හැරිල බලද්දි, එදා තමන්ව බොහොම අපහසුතාවයට පත්කළ ඒ දෙය අද තමුන්ගෙ යහපත සඳහා හේතු වෙලා තියෙන්නෙ කොහොමද කියන එක අපේ අනිත් අයත් එක්ක බෙදා ගන්නව නම්, මේක ගොඩක් අයට පිටුවහලක් වෙයි තමුන්ගෙ ජීවිතය ගැන සුභවාදීව බලන්ඩ සහ තමුන්ගේ ජීවිතයේ තියෙන පසුතැවීම්, කළකිරීම් වලින් මිදෙන්න....

    ජය වේවා...!!!