මරණයට උදව් කිරීම

hpalpola

Well-known member
  • මරණයට උදව් කිරීම



    සමහරු සමහරක් වෙලාවට මිනිස්සුන්ට කියනවා ‘ඔහොම ඉන්නවට වඩා මැරෙන එක සැපයි’ කියලා. ඒ කියන්නෙ මරණයෙ ගුණ පෙන්වලා දෙනවා. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති - උපන් දෙය මැරෙන එක ලෝක ස්වභාවය අපිට නොතේරුනාට. හැබැයි මරණය කියන්නෙ නැවතුම නොවේ. බුද්ධ කාලයට පෙර ඉන්දියාවේ තිබුන එක මතයක් තමයි මරණයත් එක්ක ම අපි නැති වෙලා යනවා කියන එක. මේක බුද්ධ ධර්මය තුළ පිලිගන්නෙ නැහැ. පටිච්චසමුප්පාද ධර්මයට අනුව පටිච්චසමුප්පාද ධර්මයන් බිඳින තුරු ඉපැදීම නවතින්නෙ නැහැ. ඉතින් කෙනෙක් ඉපැදීම නැති නොකර මරණයට පත්වීම සියල්ලේ අවසානය නොවේ. අනෙක් අතට මිනිස් ජීවිතයේ වටිනාකම වචනවලින් වයන්න බැහැ. උපතින් අරන් එන ආයු කාලය ගත වෙලා ඉවර වෙනකන් ජීවත් වෙන්න හැම කෙනෙක් ට ම අයිතියක් තියෙනවා. ඒ අයිතියට බුදුරජාණන්වහන්සේ ගරු කලා. ඒ නිසා කාටවත් මැරෙන්න උගන්වපු ධර්මයක් උන්වහනසේ දේශනා කලේ නැහැ. මෙනිසා මරණය වර්ණනා කිරීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කලා.



    විනය පිටකයෙ තෘතිය පාරාජිකාවේ තියෙනවා ලස්සන සිද්ධියක්, මරණයට සම්බන්ධ. සවග මහණුන් කියන්නෙ විනය පිටකයෙ හුඟක් තැන්වල කතා වෙන චරිත කීපයක්. ඉතින් මේ සිද්ධියටත් ඒ අය සම්බන්ධයි. එක්තරා අසනීප වෙච්චි උපාසකයෙක් හිටියා හරි ලස්සන බිරිඳක් ඉන්න. සවග මහණුන් මේ බිරිඳට ඇහැ ගහන් හිටියෙ. ඒත් ඉතින් උපාසකයා ඉන්නකන් බිරිඳව ගන්න බැහැනෙ. මේ අය මොකද කලේ අර උපාසකයාට මැරෙන්න උනන්දු වෙන කතා කිව්වා. විනය පිටකයේ සඳහන් වෙන්නෙ ඒ ගැන මෙහෙම.



    “උපාසකය, තෝ කළ කලණදම් ඇත්තෙහි. කළ කුසල් ඇත්තෙහි. කළ බිය රැකුම් ඇත්තෙහි. නොකළපව් ඇත්තෙහි. නොකළ රුදුකම් ඇත්තෙහි. නොකළ සැහැසිකම් ඇත්තෙහි. තා විසින් යහපතක් ම කරණ ලදී. තා විසින් පව් නො කරණ ලදී. තට මේ ලාමක වූ ජීවිතයෙන් කිම? තාගේ ජීවත් වීමට වඩා මරණය උතුමි. තෝ මෙලොවින් කලුරිය කළේ කාබුන් මරණින් මතු සුගතිය වූ දෙව්ලොවට පැමිණෙන්නෙහි. එහි දී දිව පස්කම් ගුණයෙන් පිණාගියෙහි, එයින් යුතු වූයේ අභිරමණය කරන්නෙහි ය.”



    උපාසකයටත් මේක ඇහුවම හිතුනා මේ ඇත්තනෙ කියන්නෙ කියලා. මේ මනුස්සයා මොකද කලේ බේතක් හේතක් ගන්නෙ නැතුව, හොඳ කෑමක් නැතිව ඉඳලා ඉක්මනටම මැරිලා ගියා. උපාසකයා මලාට පස්සේ උන්දැගෙ බිරිඳ සවග මහණුන්ට බනින්න පටන් ගත්තා. ඒ ගැන සඳහන් වෙන්නෙ මෙහෙම.



    “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු නම් ‘ධර්‍මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහු ය, සච්චවාදීහු ය, සිල්වත්හු ය, කළණ දහම් ඇත්තාහුය’ යි පිළින කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද, මොවුන්ට බමුණු කමෙක් කොයින් ද, මොහු මහණ කමින් පහවූවෝ ය. මොහු බමුණු කමෙන් පහවූවෝ ය. මොහු මාගේ සැමියාට මරණයෙහි ගුණ වැණූහ. මොවුන් විසින් මාගේ සැමියා මරණ ලද්දේය”



    ගමේ මිනිස්සුත් බණින්න ගත්තා. මේ සිදුවීම ගැන බුදුරජාණන්වහන්සේට දැන ගන්න ලැබුනා. සවග මහණුන්ව කැඳවලා ඇත්ත නැත්ත විමසුවා. ඔවුන් පිළිගත්තා එහෙම කිව්වා කියලා. අන්න ඒ වෙලාවේ මෙන්න මේ විනය නීතිය පැනවූවා.



    “යම් මහණෙක් දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කෙරේද, දිවි හරණ අවියක් උහු වෙත එළවා තබන්නේ ද, මරණයෙහි ගුණ හෝ කියන්නේ ද, මරණය පිණිස උපාය උගන්වන්නේ ද, ‘එම්බා පුරුෂය, තාගේ ලාමක වූ මේ දුඃඛජීවිතයෙන් කිම? තාගේ ජීවත්වීමට වඩා මරණය උතුමි’ යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ වණා ද, මරණය පිණිස උපාය උගන්වා ද, මේ මහණ තෙමේ ද පැරදුනේ වෙයි, සංවාසයට නුසුදුසු වෙයි.”



    නිකමට හිතලා බලන්න. කලින් කිව්ව වගේ සමහර වෙලාවට සමහර මිනිස්සුත් මෙහෙම කරනවා. සමහරු රණ්ඩු වෙද්දි අතට අහුවෙන්න පොලු කෑලි, පිහිය ගෙනැල්ල තියනවා. තව උසි ගන්වනවා. මැරෙන්න දුක්විඳින කෙනෙක් හම්බවුනාම ඉක්මනට මැරිලා දුක නැති කරගන්න කියලා උපදෙස් දෙනවා. අද වෙනකොට mercy killing ගැන කතා කරනවානේ. ඒකත් මේ අනුව බුදු දහමට ගැලපෙන්නෙ නැහැ.



    ඉතින් මේ ගැන කතා කරන්න හිතුවෙ මරණය ගැන අවබෝධ කර ගනිද්දි මේ ගැනත් දැන කියා ගන්න එක යහපත් නිසා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,027
    56,139
    113
    Upan deyak marenawa kiyanna buduhamdruwo kenek oneda :oo: podi lamayekgen ahuwath kiyay.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,330
    741
    113
    එතකොට ඔය ස්විට්සලන්ඩ් වල තියෙන, ටර්මිනලි ඉල්, එනිසා ඇතිවන අධික වේදනාව, හෝ අධික මානසික පීඩනය නැතිකර ගැනීම උදෙසා නීතියෙන් සම්මත කර ඇති, විදේශිකයන්ට පවා දොර ඇර ඇති Assisted Suicide/ Dignitas/Assisted Euthanesia බුදු සමය තුල අනුමත නැහැ නේද?
    මම හිතුවේ බුදු සමය තුල ඒක සානුකම්පිත හේතූන් මත අනුමතයි කියලයි. දිවිනසා ගැනීම මහනුන්ට අකැපයි, ඒත් රහතුන්ට ඇකප නෑ නේද? එහෙම කතාවක් මම කලින් කියවා තිබේ. TFS



     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,822
    6,802
    113
    Back Bay-Beacon Hill, Boston
    එතකොට ඔය ස්විට්සලන්ඩ් වල තියෙන, ටර්මිනලි ඉල්, එනිසා ඇතිවන අධික වේදනාව, හෝ අධික මානසික පීඩනය නැතිකර ගැනීම උදෙසා නීතියෙන් සම්මත කර ඇති, විදේශිකයන්ට පවා දොර ඇර ඇති Assisted Suicide/ Dignitas/Assisted Euthanesia බුදු සමය තුල අනුමත නැහැ නේද?
    මම හිතුවේ බුදු සමය තුල ඒක සානුකම්පිත හේතූන් මත අනුමතයි කියලයි. දිවිනසා ගැනීම මහනුන්ට අකැපයි, ඒත් රහතුන්ට ඇකප නෑ නේද? එහෙම කතාවක් මම කලින් කියවා තිබේ. TFS




    කෝ මේ OP?? 😂

    ආනන්ද රහතන් වහන්සේ ගේ මරණය ගැන මේ කතාව අහල තිබ්බද? ඒකත් දිවිනසා ගැනීමක්ද?

    When Ānanda was crossing the river, he was followed by King Ajātasattu (Sanskrit: Ajātaśatrū), who wanted to witness his death and was interested in his remains as relics.[4][2] Ānanda had once promised Ajāsattu that he would let him know when he would die, and accordingly, Ānanda had informed him.[169] On the other side of the river, however, a group of Licchavis from Vesālī awaited him for the same reason. In the Pāli, there were also two parties interested, but the two parties were the Sākiyan and the Koliyan clans instead.[4][2] Ānanda realized that his death on either side of the river could anger one of the parties involved.[170] Through a supernatural accomplishment, he therefore surged into the air to levitate and meditate in mid-air, making his body go up in fire, with his relics landing on both banks of the river,[4][2] or in some versions of the account, splitting in four parts.[171] In this way, Ānanda had pleased all the parties involved.[4][2] In some other versions of the account, including the Mūlasarvāstivāda version, his death took place on a barge in the middle of the river, however, instead of in mid-air. The remains were divided in two, following the wishes of Ānanda.[20][4]

    Link

    ගෝදික සහ චන්න රහතන් වහන්සේලා දිවි නසා ගත් බව ඩිස්කස් කෙරෙනව මේ ත්‍රෙඩ් එකේ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed