තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ?

    contactlens460.jpg


    ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.

    Cyborg-Vision-1.jpg


    වොෂින්ටන් සරසවියේ හා ෆින්ලන්තයේ අල්ටෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මේ විස්මයජනක සොයාගැනීම සිදුකර තිබෙනවා. ඇසේ පළඳින සිවි කාචයකට (contact lens) ඩිජිටල් ආකාරයෙන් අක්ෂර යැවෙන අතර කාචය පළඳින්නා හට ඔහුගේ සාමාන්‍ය දෘෂ්ඨියත් සමගම කාචය මත දිස්වෙන ඩිජිටල් අක්ෂර ද පෙනෙන්නට සැලැස්වීම මේ පර්යේෂණයේ අරමුණ වුනා.


    contact-lenses-v01.jpg


    තවමත් මෙම කාචය මගින් අක්ෂර දත්ත පෙන්වීමට තරම් ප්‍රගතියක් ලබා නොමැති නමුත් මූලික මට්ටමේ පර්යේෂණ සාර්ථක වී ඇති බවයි මෙහි පර්යේෂකයන් පවසන්නේ. මෙම කාචය මත පිහිටුවා ඇති ඉතා ක්ෂුද්‍ර ප්‍රමාණයේ ඇන්ටනාවක් මගින් බාහිර උපකරණයක් මගින් නිකුත් කරන විදුලිය රැහැන් රහිත ආකාරයට ලබාගෙන කාචය මත ඇති චිපයක් මත ගබඩා කරගන්නවා. මේ කාචය මත විනිවිද පෙනෙන අයුරින් සියළුම ඉලෙක්ට්‍රොනික කොටස් ඉතා කුඩා මයික්‍රොමීටර පරිමාණයට තනා තිබේ. ඉහත ආකාරයට ගබඩා කරගන්නා විදුලිය බලය මගින් කුඩා ප්‍රමාණයේ එක් LED ආලෝක ලක්ෂ්‍යයක් පමණක් දැනට දල්වා ලීමට පර්යේෂකයන් සමත්ව සිටිනවා.


    art-bionic-eyes1-420x0.jpg


    මෙය එක් පික්සලයක දර්ශනයක් වන අතර ඉදිරියේදී මෙය බහු-පික්සල ආකාරයට වැඩි දියුණු කර අක්ෂර හා වෙනත් තොරතුරු දැක්විය හැකි ආකාරයට දියුණූ කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. එවිට එමගින් කුඩා ප්‍රමාණයේ පණිවුඩ, සිහි කැඳවීම්, ඊ-මේල් හෝ SMS මෙන්ම අභ්‍යන්තර ජීව සංවේදක මගින් ලබා ගන්නා ජීව දත්ත තොරතුරු ද කාචය මත දැක්විය හැකියි. මෙය තවත් ඉදිරියට දියුණු කිරීමෙන් පරිගණක ක්‍රීඩා සඳහා පවා යොදා ගත හැකි ආකාරයට වැඩිදියුණු කළ හැකියි.


    මිනිස් ඇසට සාමාන්‍යයෙන් ඇසට වඩා සෙන්ටිමීටර් 2-3 ක් ඈතින් ඇති වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවක් නෑ. ඔබ ඔබේ නාසය මත ඇඟිල්ල තබා එය දෙස බැලීමට තැත් කල හොත් ඇඟිල්ල පැහැදිලිව දර්ශණය නොවන බව ඔබට පෙනේවි. මේ ආකාරයටම සිවි කාචයක දත්ත දැක්වූ විටත් එය කිසිසේත්ම පැහැදිලිව දර්ශණය කිරීමට නොහැකි ආකාරයේ ප්‍රායෝගික අපහසුතාවයක් තිබේ. නමුත් Fresnel කාච යොදා ගැනීමෙන් ඒ ගැටළුව විසඳා ගැනීමට පර්යේෂකයන් සමත්ව තිඛෙනවා. එමගින් එක් තනි පික්සලයක දත්තයක් පවා දෘෂ්ඨි විතානය මත පැහැදිලිව නාභිගත වන සේ දර්ශණය කරවිය හැකියි.


    art-bionic-eyes2-420x0.jpg


    ඉහත ආකාරයෙන් තැනූ තනි පික්සල සිවි කාචයක් හාවෙක්ගේ ඇසට සවිකර අත්හදා බැලු අතර එහිදී කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් වාර්තා වී නොතිබිණි. කෙසේ වුවත් පික්සල් ප්‍රමාණය වැඩි දියුණු කිරීමට අමතරව තවත් ප්‍රධාන බාධකයකට මුහුණ දීමට මේ පර්යේෂක කණ්ඩායමට සිදුවනු ඇති. එනම්, මේ කාචයට රැහැන් රහිතව යැවෙන විදුලිය ක්‍රියා කරන්නේ ඉතා සීමිත පරාසයක පමණක් වීමයි. මේ සියළු අඩුපාඩු මගහැර ඉදිරියේදී මේ සිවි කාචය වැඩිදියුණු කිරීමට වැඩි දුර පර්යේෂණ සිදුකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.


    -----------------------------------------------------
    උපුටාගැනීම
    http://www.chathucn.blogspot.com/
    __________________________________

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස් කොල්ලා..

    ela macho ++reps
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් නුවන් අයියා..

    තෑන්ක්ස් මචං..

    thiyena aha hodai mata :P
    නැතුව නැතුව බං.. අනික ඔයින් මෙව්වා දෙකක් ලේසියෙන් ගන්න බැරිවෙයි..

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    මොනිටර් වල අවසානයේ ආරම්භයද?:shocked::yes::D;):eek::nerd:
    ඒ වගේ.. :( තාක්ෂණය දවසින් දවස දියුණුවෙනවනෙ බං.. ඒ ස්පීඩ් එකට අපිට යන්න අමාරුයි.. :(

    You must spread some Reputation around before giving it to crazybuddy again. :sad:
    රෙප් අවුලක් නැහැ මචෝ..

    තෑන්ක්ස් මචං..

    pattane ban :D
    තෑන්ක්ස් මචං..

    patta bandayak
    අනිවා... පට්ට ගාණක් වෙයි ඉතිං.. භාන්ඩෙ පට්ට වගේම.. :D

    ela machan +++
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..